ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා

(ක්ලියෝපැට්රා III වෙතින් යළි-යොමු කරන ලදි)

ක්ලියෝපැට්රා III (ග්‍රීක:Κλεοπάτρα; ක්‍රි.පූ. 161 - 101) යනු ක්‍රි.පූ. 142 – 101 දක්වා ඊජිප්තුව පාලනය කළ ඊජිප්තු රැජිනකි.

ක්ලියෝපැට්රා III
ඊජිප්තුවේ රැජින
Cleopatra-III-at-Kom-Ombo.jpg
උපතක්‍රි.පූ. 160 – 155 පමණ
මරණයක්‍රි.පූ. 101
වල්ලභයාඊජිප්තුවේ VIIIවන ටොලමි (මාමණ්ඩිය සහ සුළු-පියා)
දරුවන්ටොලමි IX
ටොලමි X
ක්ලියෝපැට්රා IV
ක්ලියෝපැට්රා සෙලීන් I
ට්‍රිෆේනා
රාජවංශයටොලමියානු
පියාඊජිප්තුවේ VIවන ටොලමි
මවඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා

IIIවන ක්ලියෝපැට්රා, ඇගේ සැමියා වූ VIIIවන ටොලමි හෝ ඇ‍ගේ පුත් Xවන ටොලමි සමග සම්බන්ධ කොට දැක්වීමේ දී, ක්ලියෝපැට්රා යුවර්ජිටිස් ලෙස ද හඳුන්වයි. ඇය සිය වැඩිමහල් පුත්‍රයා වූ IXවන ටොලමි සමග සම්බන්ධ කොට දැක්වීමේ දී, ක්ලියෝපැට්රා ෆිලොමීටර් සොටෙයිරා ලෙස හඳුන්වා ඇත. ස්ට්‍රාබෝ අනුව, ඇයව ඇතැම් අවස්ථාවල ඇගේ පුත් Xවන ටොලමි සමග සම්බන්ධ කොට දැක්වීමේ දී, ක්ලියෝපැට්රා කොකේ ලෙස ද හඳුන්වා ඇත.[1]

මුල් වර්ෂසංස්කරණය

IIIවන ක්ලියෝපැට්රාගේ මාමා වූ ඊජිප්තුවේ VIIIවන ටොලමි ඇගේ දෙමව්පියන් සමග හවුලේ ක්‍රි.පූ. 170 සිට ක්‍රි.පූ. 164 දක්වා රාජ්‍ය පාලනය සිදුකොට ඇත. ක්‍රි.පූ. 164දී ඇගේ දෙමව්පියන් වූ IIවන ක්ලියෝපැට්රා සහ ඊජිප්තුවේ VIවන ටොලමිව ඇගේ මාමා විසින් ‍පිටුවහල් කොට ඇත. නමුත් ඔහුට මඳ කලකින්ම සිහසුන අත්හැරීමට සිදු විය.[2] අනතුරුව IIIවන ක්ලියෝපැට්රාගේ දෙමව්පියන් නැවත සිහසුන ලබා ගෙන ක්‍රි.පූ. 145 දක්වා විසි වසක් පමණ රාජ්‍යය මෙහෙයවන ලදී. IIIවන ක්ලියෝපැට්රා උපත ලැබූයේ මේ කාලයේ යැයි සැලකේ. (ඇතැම්විට ක්‍රි.පූ. 160 සහ 155 අතර) ඇය ටොලමි යුපේටර්, ක්ලියෝපැට්රා තියා සහ ඇතැම්විට බෙරෙනිස් යන අයගේ නැගණිය විය.[3][4]

ඇලෙක්සැන්ඩර් බැලස්ට එරෙහිව සිදු කළ ඔයිනොපැරාස් සටනේ දී අසු පිටින් ඇදවැටීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් ඇගේ පියා වූ VIවන ටොලමි මියයාමත් සමග, IIIවන ක්ලියෝපැට්රාගේ මාමණ්ඩිය වූ VIIIවන ටොලමි නැවත ඊජිප්තුවේ රජු බවට පත් විය.[3]

ඇගේ මව සහ සැමියා සමග ගෙනගිය හවුල් පාලනයසංස්කරණය

VIIIවන ටොලමි පළමුව ක්‍රි.පූ. 145දී IIIවන ක්ලියෝපැට්රාගේ මව වූ IIවන ක්ලියෝපැට්රා සමගත්, අනතුරුව ක්‍රි.පූ. 139දී IIIවන ක්ලියෝපැට්රා සමගත් විවාහ විය. ක්‍රි.පූ‍ 132දී IIවන ක්ලියෝපැට්රා VIIIවන ටොලමිට එරෙහිව කැරැලි ගැසූ හෙයින්, IIIවන ක්ලියෝපැට්රා සිය සැමියා සමග සයිප්‍රසය වෙත පලාගියා ය. නමුත් ක්‍රි.පූ. 127දී නැවත ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණීමට හැකි විය.[2]

IIIවන ක්ලියෝපැට්රා සහ VIIIවන ටොලමිට දරුවන් පස්දෙනකු විය:[1][4]

 
හොරස් දෙවිඳුන් ඉදිරිපස සිටින IIIවන ක්ලියෝපැට්රා, IIවන ක්ලියෝපැට්රා සහ VIIIවන ටොලමි නිරූපිත බිතු කැටයමක්

ක්‍රි.පූ. 124දී IIIවන ක්ලියෝපැට්රා සහ ඇගේ සැමියා නැවත ඇගේ මව වූ IIවන ක්ලියෝපැට්රා සමග එක් වී හවුල් පාලනයක් ගෙනගියෝ ය.

ඇගේ පුතුන් සමග ගෙනගිය හවුල් පාලනයසංස්කරණය

ක්‍රි.පූ. 116දී සිදු වූ VIIIවන ටොලමිගේ මරණින් පසු, IIIවන ක්ලියෝපැට්රා, ඇගේ මව වූ IIවන ක්ලියෝපැට්රා සහ ඇගේ පුත් IXවන ටොලමි සමග හවුල් පාලනයක් ගෙනගොස් ඇත.[2]

ක්‍රි.පූ. 107දී IIIවන ක්ලියෝපැට්රා විසින් IXවන ටොලමිව ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් නෙරපා දැමුවා ය. අනතුරුව ඇය ඇගේ දෙවන පුත් Xවන ටොලමි සමග හවුල් පාලනයක් ගෙනගියා ය. 6 වසරක හවුල් පාලනයකින් පසු, ක්‍රි.පූ. 101දී Xවන ටොලමි විසින් ඔහුගේ මව වූ IIIවන ක්ලියෝපැට්රාව මරාදමන ලදී.[1]

මූලාශ්‍රසංස්කරණය

  1. 1.0 1.1 1.2 ක්ලියෝපැට්රා III ක්‍රිස් බෙනට් විසිනි
  2. 2.0 2.1 2.2 ටොලමි VIII ක්‍රිස් බෙනට් විසිනි
  3. 3.0 3.1 ටොලමි VI ක්‍රිස් බෙනට් විසිනි
  4. 4.0 4.1 ඒඩන් ඩොඩ්න්, ඩියෑන් හිල්ටන්, ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, 2004
ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා
උපත: ක්‍රි.පූ. 160 – 155 මරණය: ක්‍රි.පූ. 101
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ටොලමි VIII සහ ක්ලියෝපැට්රා II
ඊජිප්තුවේ රැජින
ක්‍රි.පූ. 142 - 131
ටොලමි VIII සහ ක්ලියෝපැට්රා II සමග
අනුප්‍රාප්තික
ක්ලියෝපැට්රා II
පූර්වප්‍රාප්තිකයා
ක්ලියෝපැට්රා II
ඊජිප්තුවේ රැජින
ක්‍රි.පූ. 127 - 101
ටොලමි VIII, ක්ලියෝපැට්රා II, ටොලමි IX සහ ටොලමි X සමග
අනුප්‍රාප්තික
ටොලමි X සහ බෙරෙනිස් III

ප්‍රභවසංස්කරණය

Roth, Lea. (2007). ක්ලි‍යෝපැට්රා°. එන්සයික්ලොපීඩියා ජුදයිකා. සංස්. මයිකල් බෙරෙන්බෝම් සහ ෆ්‍රෙඩ් ස්කොල්නික්. ඩිට්‍රොයිට්: මැක්මිලන් රිෆරන්ස් USA. p. 754.