ආමාශයික ප්‍රධාන සෛල

ආමාශයික ප්‍රධාන සෛල (හෙවත් පෙප්ටික් සෛල, හෙවත් ආමාශයික සයිමෝජනික සෛල) යනුවෙන් හැඳින්වෙන්නේ පෙප්සිනෝජන් සහ ආමාශයික ලයිපේස් මුදාහරින ආමාශයේ පිහිටි සෛල විශේෂයකි. මෙය රෝමාන්ථයන්ගේ කයිමොසින් ස්‍රාවය සිදුකරන සෛල වර්ගය ද වේ.[1] මෙම සෛලවල සෛල ප්ලාස්මයේ විශාල වශයෙන් පැතිරී ඇති රළු අන්තඃප්ලාස්මීය ජාලිකා නිසා H&E වර්ණකය සමබ භස්මකාමී අයුරින් වර්ණගැන්වේ. ආමාශයික ප්‍රධාන සෛල සාමාන්‍යයෙන් පිහිටියේ ආමාශ ආස්තරණයේ ශ්ලේෂ්මලක ස්තරයේ ගැඹුරිනි.

ප්‍රධාන සෛල
මානව ප්‍රධාන සෛල, කළු පැහැ ඊතලයේ තුඩ අසල
තොරතුරු
ලතින්exocrinocytus principalis
කොටසක්ආමාශය
පද්ධතියජීරණ පද්ධතිය
හඳුන්වනයන්
THH3.04.02.1.00031
FMA62902
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Kitamura N, Tanimoto A, Hondo E, Andrén A, Cottrell DF, Sasaki M, Yamada J (2001). "Immunohistochemical study of the ontogeny of prochymosin--and pepsinogen-producing cells in the abomasum of sheep". Anatomia, Histologia, Embryologia. 30 (4): 231–235. doi:10.1046/j.1439-0264.2001.00326.x. PMID 11534329.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ආමාශයික_ප්‍රධාන_සෛල&oldid=431897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි