අල්-නූරි ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය (මෝසල්)
මෙමලිපිය ලේඛනගත කරනුයේ වත්මන් සිදුවීමකි. සිද්ධිය ඉදිරියට යත්ම තොරතුරු සීඝ්රයෙන් වෙනස් විය හැක. (ජූනි 2017) |
අල්-නූරි ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය (جامع النوري) යනු, ඉරාකයෙහි මෝසල් නගරයෙහි පිහිටා තිබුණු මුස්ලිම් දේවස්ථානයකි. එහි ඇලවුණු මිනරෙටය නිසා එය ප්‍රසිද්ධයට පත්ව තිබුණු අතර, එම නිසාම නගරයට අපනාමයක් ලෙසින් "කුදා" (الحدباء al-Ḥadbāˈ) යන්න යෙදිණි. පසුකාලීන වර්ෂයන් තුල බොහෝ අළුත්වැඩියාවන්ට එය ලක් වුවද, සාම්ප්‍රදායික දැනුමෙහි ආකාරයට මෙම මුස්ලිම් දේවස්ථානය පළමුව තැනුණේ 12වන සියවසෙහි අග භාගයෙහිදීය. වසර 850 ක එහි ඉතිහාසය තුලදී බොහෝ සතුරු ආක්‍රමණකාරී බලකායන් හමුවේ එය විනාශයට පත් නොවී පැවතුනද, අවසන 2017 ජූනි 21 දිනදී ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්අයිඑල්) වෙතින්, මෝසල් සටන අතරතුරදී එය විනාශයට පත් විය.
නූරි මුස්ලිම් දේවස්ථානය | |
---|---|
![]() 2013 වසරෙහිදී අල්-නූරි මුස්ලිම් දේවස්ථානයෙහි උස් කොත දිස්වුනු අයුරු | |
මූලික තොරතුරු | |
පිහිටීම | මෝසල් |
භූගෝලීය ඛණ්ඩාංක | 36°20′35″N 43°07′37″E / 36.343193°N 43.126872°E |
අනුබැඳියාව | සුන්නි ඉස්ලාම් ආගම |
පළාත | නිනෙව ආණ්ඩුකාර පාලන ප්‍රදේශය |
පුද කළ වර්ෂය | 1172–1173 |
ගෘහනිර්මාණ ශෛලිය | ඉස්ලාමීය |
විනාශ වීම | 2017 |
මිනාරට උස | 45 මීටර් (148 අඩි) |
අමුද්‍රව්‍ය | ගඩොල්, පාෂාණ, හසර්බාෆ් |
ඉරාක හමුදා පවසා සිටියේ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයෙහි විනාශයට අයිඑස්අයිඑස් වගකිය යුතු බවත්, [1] ඔවුන්ගේ ග්‍රහණයෙන් එය මිදීම ඉවසා ගත නොහැකිව එය විනාශ කිරීම ම්ලේච්ඡ ක්‍රියාවක් බවත්ය. අයිඑස්අයිඑස් සංවිධානය සහ එහි නායක අබු බකර් අල්-බැග්ඩාඩි සඳහා මෙම දේවස්ථානය සංකේතාත්මක වැදගත්කමක් ගෙන දුන්නේ ඔවුන්ගේ "කලීෆ් රාජ්‍යය” ස්වයං-ප්‍රකාශයට පත් කරනු සඳහා 2014 වසරෙහි සිට සටන්කාමීන් විසින් එය භාවිතා කෙරුණු නිසාය. 2014 ජූනි මස සිට අයිඑස්අයිඑස් සංවිධානයෙහි කාල වර්ණ ධජය මීටර්-45 උසැති මිනරෙටය මත ළෙළදෙමින් පැවතුණු අතර, ඉරාකය සහ සිරියාව වෙත කඩාවැදුණු සටන්කාමීන් මහත් බලප්‍රදේශ අත්පත් කර ගනිමින් පොරොන්දු දුන්නේ කිසි දිනෙක මෙම කොත වෙතින් ධජය පහත හෙලීමට ඉඩ නොදෙන බවයි. අයිඑස්අයිඑස් සංවිධානය පවසා සිටින්නේ එක්සත් ජනපදය විසින් මෙම දේවස්ථානය විනාශ කල බවයි.
ඉරාක අග්‍රාමාත්‍යවර හයිඩර් අල්-ඇබෑඩි පැවසුවේ, අයිඑස්අයිඑස් කණ්ඩායම විසින් මුස්ලිම් දේවස්ථානය විනාශ කිරීම වනාහී "පරාජය ප්‍රකාශයට පත් කිරීමක්" බවත්,[2] " අල්-හඩ්බා මිනරෙටය සහ අල්-නූරි මුස්ලිම් දේවස්ථානය පුපුරවා දැමීම වෙතින් හැඟෙන්නේ [අයිඑස්අයිඑස් විසින්] පරාජය නිල ලෙසින් පිළිගන්නා බවයි."[3]
- ↑ සීඑන්එන්, හම්ඩි අල්ක්ෂාලි, බාබ්රා ස්ටාර් ඇන්ඩ් ෆිල් ගාස්ට්. "යූඑස්, ඉරාක් සේ අයිඑස්අයිඑස් බ්ලූ අප් ෆේමස් මෝසල් මොස්ක්". සීඑන්එන්. Retrieved 2017-06-22.
- ↑ "බැට්ල් ෆො මෝසල්: ඩිස්ට්‍රක්ෂන් ඔෆ් අල්-නූරි මොස්ක් 'සෝෂ් අයිඑස් ඩිෆීටඩ්'". BBC. 22 ජූනි 2017. Retrieved 22 ජූනි 2017.
- ↑ http://www.news.com.au/world/middle-east/anger-after-800yearold-mosque-is-demolished-by-islamic-state/news-story/d6a71812344255455a7b6bb6132bc135