1992 ක්‍රිකට් ලෝක කුසලානය අවසාන මහා තරගය

1992 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී, 1992 මාර්තු 25[1] දා පැවති අතර ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේ පාකිස්තානය මෙම තරගය ජය ගත්තේ එංගලන්තය ලකුණු 22 කින් පරාජය කරමිනි. මෙය ඔවුන්ගේ පළමු ලෝක කුසලාන ජයග්‍රහණයයි. මෙය එංගලන්තයෙන් පිටතදී පැවැත්වූ දෙවන ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය වන අතර ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ. අවසන් තරගය නැරඹීමට ප්‍රේක්ෂකයින් 87,182 ක් පැමිණියහ.[2]

1992 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය
MCG stadium.jpg
අවසන් තරගය සඳහා ප්‍රේක්ෂකයන් 87,182 ක් සහභාගී විය
අවස්ථාව1992 ක්‍රිකට් ලෝක කුසලානය
පාකිස්තානය එංගලන්තය
පකිස්ථානය එංගලන්තය
249/6 227
ඕවර 50 ඕවර 49.2
දිනය1992 මාර්තු 25
ස්ථානයමෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්
විනිසුරුවන්නවසීලන්තය බ්‍රයන් ඇල්ඩ්‍රිජ් සහ බටහිර ඉන්දීය කොදෙව් ස්ටීව් බක්නර්
Attendance87,182
Event broadcastersනයින් නෙට්වර්ක්
1987
1996

විස්තරය සංස්කරණය

ලීග් වටයේදී එංගලන්තය සහ පාකිස්තානය එකිනෙකා සමඟ ක්‍රීඩා කළ අතර පාකිස්තානය ලකුණු 74 කට දැවී ගියද පරාජයෙන් ගැලවී තරගය විසදුමක් නොමැතිව අවසන් කිරීමට පාකිස්තානයට වාසනාව තිබුණි. අවසාන තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය නවසීලන්තයට එරෙහි අවසන් පූර්ව තරඟයේ ක්‍රීඩා කල කණ්ඩායමෙන් එකම වෙනස ලෙස ඉජාස් අහමඩ් පන්දුවට පහර දීමට තෝරා ගත් අතර එංගලන්තය ද ග්ලෙඩ්ස්ටන් ස්මාල් වෙනුවට ඩෙරෙක් ප්‍රින්ගල් සමඟ එක් වෙනසක් සිදු කළේය. පාකිස්තාන ආරම්භක පිතිකරුවන් වන රමීස් රාජා සහ අමර් සොහෙයිල් විසින් පන්දු යැවූ ප්‍රින්ගල් සහ ක්‍රිස් ලුවිස්ට ඉක්මනින්ම දැවී ගියහ. ඉම්රාන් ඛාන් හා ජාවෙඩ් මියාන්ඩාඩ් සමඟ එක්ව ලකුණු පුවරුව වැඩි කිරීමට දායක විය. ග්‍රැහැම් ගූච්ට ලබා දුන් උඩ පන්දුව අත්හැරීම නිසා ඉම්රාන් තව දුරටත් වාසනාවන්ත විය. ඩෙරෙක් ප්‍රින්ගල් ගේ පන්දු යැවීම නිසා ඉම්රාන් ඛාන් සහ ජාවෙඩ් මියන්ඩාඩ්ට නිදහස් ලකුණු රැස් කිරීමට අසීරු වූ අතර පාකිස්තානය ලකුණු 100 සීමාව කරා ළඟා වූයේ 31 වැනි ඕවරයේදීය. අවසානයේදී එංගලන්තය විසින් ලකුණු 139 ක හවුල්කාරිත්වය බිඳ දැමූ අතර ජාවෙඩ් මියන්ඩාඩ්ව රිචඩ් ඉලින්ග්වර්ත් විසින් ලකුණු 58 කට දවා ගනු ලැබීය ඉම්රාන් ඛාන් ලකුණු 72 කට දැවී ගියේය. පාකිස්තානය අවසන් ඕවර 15 න් ලකුණු 124 ක් රැස් කළ අතර, නියමිත ඕවර 50 තුළ ලකුණු 249/5 ක් ලබා ගත්තේය.

සිය මංගල ලෝක කුසලානය දිනා ගැනීම සඳහා 250 ක ඉලක්කය හඹා ගිය එංගලන්තයේ ජනප්‍රියම ක්‍රීඩකයා වන තුන් ඉරියව් ක්‍රීඩක ඉයන් බොතම්ව වසීම් අක්‍රම් විසින් කිසිදු ලකුණක් ලබා නොදී දවා ගත්තේය. ඇලෙක් ස්ටුවර්ට් ද ආකීබ් ජාවෙඩ්ගේ පන්දුවකට දැවී ගිය අතර එංගලන්තය 21/2 ක් ලෙස ලකුණු පුවරුවේ දිස් විය. ග්‍රීම් හික් සහ ග්‍රැහැම් ගූච් සෙමෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කල නමුත් ගූග්ලි පන්දු යවන ක්‍රීඩක මුෂ්තාක් අහමඩ්ගේ පන්දු හමුවේ ලකුණු පුවරුව 69/4 බවට පත් විය. නීල් ෆෙයාර්බ්‍රදර් සහ ඇලන් ලැම්බ් ලකුණු 72 ක හවුල්කාරිත්වයකින් එංගලන්ත ඉනිම ගලවා ගැනීමේ ක්‍රියාවකට උත්සාහ කළ අතර දෙවන පන්දු යැවීමේ වාරයට පැමිණි වසීම් අක්‍රම් එංගලන්තයේ පිතිකරු ප්‍රතිරෝධය බිඳ දැමුවේ ඇලන් ලැම්බ් සහ ක්‍රිස් ලුවිස් දවා ගනිමිනි. ලකුණු පුවරුව 141/6 ක් ලෙස විය. අර්ධකාලීන පන්දු යවන්නා වන අමීර් සොහෙයිල් සිය පන්දුවාර 10 ක කෝටාව සම්පූර්ණ කළ අතර එංගලන්තය සොහයිල්ගේ පන්දු යැවීමේදී නීල් ෆෙයාර්බ්‍රදර් සහ ඩර්මොට් රීව්ට විශාල ලකුණු රැස් කිරීමට නොහැකි විය. අවසන් ඕවර 9 සඳහා එංගලන්තයට ලකුණු 84 ක් අවශ්‍ය විය. ඉක්බිතිව ෆෙයාර්බ්‍රදර් පන්දු 70 කදී ලකුණු 62 කට දැවී ගියේ ඇක්විබ් විසින් එංගලන්තයේ ඉරණම මුද්‍රා කරමිනි. අවසන් පන්දු 12 න් ලකුණු 34 ක් අවශ්‍ය වූ අතර, එය ඔවුන්ට දුෂ්කර කාර්යයක් වූ අතර, ඉම්රාන් ඛාන් විසින් රිචඩ් ඉලින්ග්වර්ත් දවා ගැනීම, එය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ඔහුගේ අවසන් පන්දුව බවට පත්විය. පාකිස්තානය වෙනුවෙන් ආකිබ් ජාවෙඩ් සහ මුෂ්තාක් අහමඩ් පිළිවෙලින් කඩුලු 2 ක් සහ 3 ක් ලබා ගත්හ. වසීම් අක්‍රම් තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ඔහු තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමින් ලකුණු 3/49 ක් සහ ලකුණු 18 ක් ලබා ගනිමිනි.[3]

1992 මාර්තු 25
ලකුණු පුවරුව
පකිස්තානය  
249/6 (ඕවර 50)
එරෙහි
  එංගලන්තය
227 (ඕවර 49.2)
පාකිස්තානය ලකුණු 22 කින් ජයග්‍රහණය කළේය
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව.
පැමිණීම: 87,182
විනිසුරුවන්:   බ්‍රයන් ඇල්ඩ්‍රිජ් සහ   ස්ටීව් බක්නර්
තරගයේ වීරයා:   වසීම් අක්‍රම්

සම්පූර්ණ ලකුණු පුවරුව සංස්කරණය

පාකිස්ථාන ඉනිම (උපරිම ඕවර 50)
පිතිකරු ලකුණු පන්දු මිනි. 4 6 ප්‍ර.වේ
අමර් සොහෙල් ✝ඇලෙක් ස්ටුවර්ට් ඩෙරෙක් ප්‍රින්ගල් 4 19 20 0 0 21.05
රමීස් රාජා lbw ඩෙරෙක් ප්‍රින්ගල් 8 26 36 1 0 30.76
ඉම්‍ රාන් ඛාන් (නා) රිචඩ් ඉලිංවර්ත් ඉයන් බොතම් 72 110 159 5 1 65.45
ජාවේඩ් මියන්ඩාඩ් ඉයන් බොතම් රිචඩ් ඉලිංවර්ත් 58 98 125 4 0 59.18
ඉන්සමාම් උල් හක් ඩෙරෙක් ප්‍රින්ගල් 42 35 46 4 0 120.00
වසීම් අක්‍රම් දුවද්දී දැවීම (✝ඇලෙක් ස්ටුවර්ට්) 33 18 21 4 0 183.33
සලීම් මලික් නොදැවී 0 1 2 0 0 0.00
අතිරේක (පාදයේ වැදී 19, නිපන්දු 7, වයිඩ් 6) 32
එකතුව ඕවර 50 ලකුණු වේගය 4.98 249/6

පන්දුවට පහර නොදුන් - ඉජාස් අහමඩ්, ✝මොයින් ඛාන්, මුෂ්ටාක් අහමඩ්, ආකීබ් ජාවේඩ්

කඩුලු බිඳ වැටීම: 1-20 (අමර් සොහෙයිල්, ඕවර 4.6), 2-24 (රමීස් රාජා, ඕවර 8.2), 3-163 (ජාවෙඩ් මියන්ඩාඩ්, ඕවර 39.3), 4-197 (ඉම්රාන් ඛාන්, ඕවර 43.3), 5- 249 (ඉන්සාමාම්-උල්-හක්, ඕවර 49.5), 6-249 (වසීම් අක්‍රම්, ඕවර 49.6)

පන්දු යවන්නා ඕවර නි.ඕවර ලකුණු කඩුළු සාමාන්‍ය වයිඩ් නිපන්දු
ඩෙරෙක් ප්‍රින්ගල් 10 2 22 3 2.20 3 5
ක්‍රිස් ලුවිස් 10 2 52 0 5.20 1 2
ඉයන් බොතම් 7 0 42 1 6.00 1 0
ෆිල් ඩෙෆ්රිටාස් 10 1 42 0 4.20 0 0
රිචඩ් ඉලින්ග්වර්ත් 10 0 50 1 5.00 0 0
ඩර්මොට් රීව් 3 0 22 0 7.33 1 0
එංගලන්ත ඉනිම (ඉලක්කය 250 ක් ඕවර 50 තුල)
පිතිකරු ලකුණු පන්දු මිනි. 4 6 ප්‍ර.වේ
ග්‍රැහැම් ගූච් (නා) ආකිබ් ජාවෙඩ් මුෂ්තාක් අහමඩ් 29 66 93 1 0 43.93
ඉයන් බොතම් මොයින් ඛාන් වසීම් අක්‍රම් 0 6 12 0 0 0.00
ඇලෙක් ස්ටුවර්ට් ✝ මොයින් ඛාන් ආකිබ් ජාවෙඩ් 7 16 22 1 0 43.75
ග්‍රේම් හික් lbw මුෂ්තාක් අහමඩ් 17 36 49 1 0 47.22
නීල් ෆෙයාර්බ්‍රදර් මොයින් ඛාන් ආකිබ් ජාවෙඩ් 62 70 97 3 0 88.57
ඇලන් ලෑම්බ් වසීම් අක්‍රම් 31 41 54 2 0 75.60
ක්‍රිස් ලුවිස් වසීම් අක්‍රම් 0 1 6 0 0 0.00
ඩර්මොට් රීව් රමීස් රාජා මුෂ්තාක් අහමඩ් 15 32 38 0 0 46.87
ඩෙරෙක් ප්‍රින්ගල් නොදැවී 18 16 29 1 0 112.50
ෆිල් ඩෙෆ්රිටාස් දුවද්දී දැවීම (සලීම් මලික් / †මොයින් ඛාන්) 10 8 13 0 0 125.00
රිචඩ් ඉලින්ග්වර්ත් රමීස් රාජා ඉම්රාන් ඛාන් 14 10 9 2 0 140.00
අතිරේක (පාදයේ වැදී 5, නිපන්දු 6, වයිඩ් 13) 24
එකතුව ඕවර 49.2 ලකුණු වේගය 4.60 227

කඩුලු බිඳ වැටීම: 1-6 (ඉයන් බොතම්, ඕවර 2.5), 2-21 (ඇලෙක් ස්ටුවර්ට්, ඕවර 7.3), 3-59 (ග්‍රේම් හික්, ඕවර 18.6), 4-69 (ග්‍රැහැම් ගූච්, ඕවර 20.5), 5- 141 (ඇලන් ලෑම්බ්, ඕවර 34.5), 6-141 (ක්‍රිස් ලුවිස්, ඕවර 34.6), 7-180 (නීල් ෆෙයාර් බ්‍රදර්, ඕවර 42.5), 8-183 (ඩර්මොට් රීව්, ඕවර 43.6), 9-208 (ෆිල් ඩෙෆ්‍රිටාස්, ඕවර 47.1), 10-227 (රිචඩ් ඉලිංවර්ත්, ඕවර 49.2)

පන්දු යවන්නා ඕවර නි.ඕවර ලකුණු කඩුළු සාමාන්‍ය වයිඩ් නිපන්දු
වසීම් අක්‍රම් 10 0 49 3 4.90 6 4
ආකිබ් ජාවෙඩ් 10 2 27 2 2.70 3 1
මුෂ්තාක් අහමඩ් 10 1 41 3 4.09 1 0
ඉජාස් අහමඩ් 3 0 13 0 4.33 2 0
ඉම්රාන් ඛාන් 6.2 0 43 1 6.78 0 1
අමර් සොහෙයිල් 10 0 49 0 4.90 1 0
  1. "Full Scorecard of England vs Pakistan, World Cup, Final - Score Report | ESPNcricinfo.com". Cricinfo. සම්ප්‍රවේශය 2019-03-29.
  2. "Flash back 1992 World Cup Final: An ambition fulfilled". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). 2002-03-24. සම්ප්‍රවේශය 2019-04-08.
  3. "Final, Benson & Hedges World Cup Commentary". Cricinfo.com. 25 March 2020. සම්ප්‍රවේශය 28 March 2020.
  • අයි.සී.සී. සම්ප්‍රවේශය 2019-04-08

බාහිර සබැඳි සංස්කරණය