2006 සැප්තැම්බර් 27 දිනදී මුලින්ම ගන්නා ලද රූප අනුසාරයෙන් (පූර්වතිසාධන රූප, 2005 සැප්තැම්බර් 13 දින) ස්ලෝන් ඩිජිටල් ස්කයි සර්වේ ඔස්සේ ඇන්ඩෲ බෙකර්, ඇන්ඩෲ ඩබ්. පකෙට්, සහ ජෙරමි මාර්ටින් කුබික්සා විසින් සොයාගත් (308933) 2006 SQ372 යනු කුඩා නෙප්චූන්-ඔබ්බෙහි පිහිටි වස්තුවකි. [1][8] [9]

(308933) 2006 SQ372
සොයාගැනීම[1]
සොයාගත් තැනැත්තේඒ. සී. බෙකර්,
ඒ. ඩබ්. පකෙට්,
ජේ. කුබික්සා
සොයාගත් දිනයසැප්තැම්බර් 27, 2006
නිලනාමයන්
MPC නිලනාමය2006 SQ372
සුළු ග්‍රහ වර්ගයවිසිරි මණ්ඩලය[2][3]
සෙන්ටෝර් (DES)[4]
කක්ෂීය ලක්ෂණ[2]
කාලාරම්භය 2011-පෙබ-08 (2455600.5)
විහේලිකය1570 AU (Q)[5][a]
(හීලියෝසෙන්ට්‍රික් 2006 AU)
අපහේලිකය24.178 AU (q)
අඩ-මහා අක්ෂය796 AU (a)[6][a] (හීලියෝසෙන්ට්‍රික් 1015 AU)
උත්කේන්ද්‍රියතාවය0.976
කක්ෂීය කාලාවර්තය22,466 වසර[6][a]
( හීලියෝසෙන්ට්‍රික් 32,347 වසර)
මධ්‍යන්‍යය විෂමතාවය0.04957° (M)
ආනතිය19.446°
ආරෝහණ මංසලෙහි දේශාංශකය197.42°
පරිතාරාන්තිකයේ විස්තාරය122.51°
භෞතික ගුණාංග
මාන60 - 140 කිමී[7]
ස්කන්ධය~1.7 × 1018 කිග්‍රෑ
නිරපේක්ෂ විශාලත්වය (H)8.1[2]

මහත් ලෙසින් උත්කේන්ද්‍රීය කක්ෂයක් සතු එය, නෙප්චූන්ගේ කක්ෂය අපහේලිකය අසලදී හරස් මාරු වෙමින්, විහේලිකය වන විට එය සූර්යයාගේ සිට 1,500 AU ට වඩා ගෙන එයි.[4] සෞර ග්‍රහ මණ්ඩලයෙහි ස්කන්ධ කේන්ද්‍රය පරිභ්‍රමණය කිරීමට එය වසර 22,500 පමණ ගනියි.[6] විශාල අඩ-මහා අක්ෂය නිසා එය (87269) 2000 OO67 සහ 90377 සෙඩ්නා හා සමාන බවක් දක්වයි.[6] 8.1 ක නිරපේක්ෂ විශාලත්වය (H) නිසා,[2] එහි විෂ්කම්භය 60 සිට 140 කිමී පමණ යැයි ඇස්තමේන්තු කෙරිණි.[7]

මෙම වස්තුව ධූම කේතුවක් විය හැකිව තිබුණි. [6] සොයාගත් තැනැත්තන් උපකල්පනය කළේ වස්තුව පැමිණෙන්නට ඇත්තේ ඕට් වලාවේ කෙළවරෙහි සිට බව වුවද,[6] "නෙප්චූන් ග්‍රහයාට මදක් ඔබ්බෙහි [ කයිපර් වළල්ල තුල] සුන්බුන් තුලින් එය තැනී, නෙප්චූන් හෝ යුරේනස් වැනි ග්‍රහයෙකු විසින් ඈත කක්ෂයකට එය 'තල්ලු කිරීමක්' කළා විය හැකි" බව පළකරමින් කැලිෆෝර්නියා තාක්ෂණ ආයතනයේ මයිකල් ඊ. බ්‍රවුන් වැනි අනෙකුත් විද්‍යාඥයින් විසින් අනෙකුත් හැකියාවන් සොයාබැලිනි. [10]

කැළඹීම සංස්කරණය

2006 SQ372 අරභයා සිදු කළ සමාවස්ථෝපයෝජන වලින් අඩකට වඩා පෙන්නුම් කරනුයේ, ඉදිරි වසර 180 මිලියන තුලදී එය යුරේනස් හෝ නෙප්චූන් වෙත පමණට වඩා ලං වීම නිසා වර්තමානයේ නොදන්නා දිශාවකට යැවෙනු ඇති බවයි. [11] මෙම නිසා, මෙම වස්තුව වර්ගීකරණය කළ යුත්තේ, සෙන්ටෝර් ග්‍රහයෙක් ලෙසින්ද නැතහොත් විසිරි මණ්ඩල වස්තුවක් ලෙසින්ද යන්න තීරණය කිරීම අපහසු විය. නෙප්චූන්-ඔබ්බෙහි පිහිටි සියළු වස්තූන් නිල වශයෙන් නාමාවලීගතකරන ආයතනය වන සුළු ග්‍රහ කේන්ද්‍රය (MPC), සෙන්ටෝර් ග්‍රහයන් සහ විසිරි මණ්ඩල වස්තූන් එක්ව ගෙන ලැයිස්තු ගත කරයි. [3] (29981) 1999 TD10 යනු, අයත් වන්නේ ප්‍රවර්ග දෙකෙන් කුමකටද යන්න අපැහැදිලි තවත් වස්තුවකි. [12]

මෙම වස්තුවෙහි මහත්වූ කක්ෂීය උත්කේන්ද්‍රියතාවය සැලකූ කළ, වෙනස් වූ කාලාරම්භයන් විසින්, මෙම වස්තුවෙහි විහේලික දුර (උපරිම දුර) කුමක්ද යන ගැටළුවට, බෙහෙවින් වෙනස්වූ සූර්ය කේන්ද්‍රීය නොකැළඹුනු වස්තූන්-දෙකෙහි හොඳින්ම-අනුසීහුණු විසඳුම් ලබා දෙයි.[b] 2005 කාලාරම්භයක් හා සමගින්, මෙම වස්තුව දළ වශයෙන් වසර 22,000 ක කාලාවර්තයක් හා සමගින් 1557 AU වෙත වූ විහේලිකයක් සහිත විය. [4] ඒවුවද, 2011 කාලාරම්භයක් දක්වන්නේ වසර 32,000 ක කාලාවර්තයක් සහ 2006 AU හි යන විහේලිකයකි. [2] මහත් කක්ෂීය උත්කේන්ද්‍රියතාවයක් සහිත වන මෙවැනි වස්තූන් හට, සූර්ය කේන්ද්‍රීය ඛණ්ඩාංක වලට වඩා, සූර්යයාගේ ස්කන්ධ කේන්ද්‍රීය ඛණ්ඩාංක වඩාත් ස්ථායි වෙයි. [6] JPL හොරයිසන්ස් භාවිතයෙන් හා වසර 2.9 පමණක් වන නිරික්ෂිත කක්ෂීය චාපයක් සහිතව, 2008-මැයි-14 කාලාරම්භය සඳහා ස්කන්ධ-කේන්ද්‍රිය කක්ෂීය මුඛ්‍යාංග ජනනය කරනුයේ, 796 AU ක අඩ-මහා අක්ෂයක් සහ වසර 22,466 ක කාලාවර්තයකි. [6]

මෙයද බලන්න සංස්කරණය

සටහන් සංස්කරණය

  1. ^ සෞර ග්‍රහ මණ්ඩලයේ ස්කන්ධ කේන්ද්‍රය භාවිතයෙන් විසඳුම
  2. ^ ස්කන්ධ කේන්ද්‍රීය නොකැළඹුනු වස්තූන්-දෙකෙහි පැණය පිළිබඳ වඩාත් විස්තර සඳහා අධිස්පර්ශ කක්ෂය කියවන්න


ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 "MPEC 2007-A27 : 2006 SQ372". IAU මයිනර් ප්ලැනට් සෙන්ටර්. 2007-01-08. සම්ප්‍රවේශය 2011-05-26.
  2. 2.0 2.1 2.2 2.3 2.4 "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: (2006 SQ372)". 2010-09-17 අවසන් නිරික්ෂණ. සම්ප්‍රවේශය 2011-01-22. {{cite web}}: Check date values in: |date= (help)
  3. 3.0 3.1 "ලිස්ට් ඔෆ් සෙන්ටෝර්ස් ඇන්ඩ් ස්කැටර්ඩ් -ඩිස්ක් ඔබ්ජෙක්ට්ස්". මයිනර් ප්ලැනට් සෙන්ටර්. සම්ප්‍රවේශය 2008-09-06.
  4. 4.0 4.1 4.2 මාක් ඩබ්. බුයී (2010-09-17 65 නිරීක්ෂණ වලින් 63 ක් භාවිතා කරමින්). "ඔර්බිට් ෆිට් ඇන්ඩ් ඇස්ට්‍රොමෙට්‍රික් රෙකෝඩ් ෆො 308933". SwRI (ස්පේස් සයන්ස් ඩිපාර්ට්මන්ට්). සම්ප්‍රවේශය 2008-09-05. {{cite web}}: Check date values in: |date= (help)
  5. හෙරයිසන්ස් අවුට්පුට් (2011-01-23). "බැරිසෙන්ට්‍රික් ඔස්කියුලේටිං ඕර්බිට්ල් එලිමන්ට්ස් ෆො 2006 SQ372". සම්ප්‍රවේශය 2011-01-24. (Horizons)
  6. 6.0 6.1 6.2 6.3 6.4 6.5 6.6 6.7 කයිබ්, නේදන් ඒ. (2009). "2006 SQ372: අ ලයික්ලි ලොං-පීරියඩ් කොමට් ෆ්‍රොම් ද ඉනර් ඕට් ක්ලවුඩ්". arXiv:0901.1690. Bibcode:2009ApJ...695..268K. doi:10.1088/0004-637X/695/1/268. {{cite journal}}: Cite journal requires |journal= (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  7. 7.0 7.1 "ඇබ්සලියුට් මැග්නිටියුඩ් (H)". නාසා/JPL. 01 සැප්තැම්බර් 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-08-30. {{cite web}}: Check date values in: |archivedate= (help)
  8. ඇන් අයිසි වොන්ඩරර් ෆ්‍රොම් දි ඕට් ක්ලවුඩ්
  9. "ෆර්ස්ට් ඔබ්ජෙක්ට් සීන් ෆ්‍රොම් සෝලර් සිස්ටම්ස් ඉනර් ඕට් ක්ලවුඩ්". නිව් සයන්ටිස්ට්. 18 අගෝස්තු 2008. Archived from the original on 28 අගෝස්තු 2008. http://web.archive.org/web/20080828031020/http://space.newscientist.com/article/dn14548-first-object-seen-from-solar-systems-inner-oort-cloud.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-08-18. 
  10. "නිව් "මයිනර් ප්ලැනට්" ෆවුන්ඩ් ඉන් සෝලර් සිස්ටම්". නැෂනල් ජියෝග්‍රැෆික් නිවුස්. 19 අගෝස්තු 2008. Archived from the original on 21 අගෝස්තු 2008. http://web.archive.org/web/20080821210844/http://news.nationalgeographic.com/news/2008/08/080819-new-planet.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-08-18. 
  11. ආචාර්යය ක්‍රිස් ලින්ටොට් (25 අගෝස්තු 2008). "ස්කයි සර්වේ යීල්ඩ්ස් නිව් කොස්මික් හෝල්". බීබීසී. 06 සැප්තැම්බර් 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-09-06. {{cite web}}: Check date values in: |archivedate= (help)
  12. කෙනත් සිල්බර් (1999-11-11). "නිව් ඔබ්ජෙක්ට් ඉන් සෝලර් සිස්ටම් ඩිෆයිස් කැටගරීස්". Space.com. සම්ප්‍රවේශය 2008-09-07.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=(308933)_2006_SQ372&oldid=269634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි