පීට්රස් ස්ටේෆානස් "ෆානි" ඩි විලියස් (සිංහල වහරේ බොහෝ විට "ෆැනී") (උපත 1964 ඔක්තෝබර 13) යනු 1992 හා 1998 හා අතර දකුණු අප්රිකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 18ක් හා එක්දින දෑබැඳි තරඟ 83ක් තරඟ කළ ඉසිඹුලත් ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ඉසිඹුලත් පසු හේ දැනට දෑබැඳි ඉංගිරිසි ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස කටයුතු කරයි. ඕස්ට්‍රේලියාව හා දකුණු අප්රිකාව අතර තෙවන ටෙස්ට් තරඟය අතරතුර, තරඟයේ සිව්වන දා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල ප්‍රතිදෝලනය ලබාගැන්මට පන්දුව පළුදු කිරීමෙන් පසු උන් විසින් කැරුණු මුළාව හඳුනාගැන්මට හේ කාර්යභාරයක් ඉටු කළේය: තරඟයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ ඩි විලියස් කැමරාකරුවනට යෝජනා කර තිබුනේ වංචා කළේ දැ යි සොයා බලන ලෙසයි.

තරඟ දිවිය සංස්කරණය

ඩි විලියස් 1985-86 දී උතුරු ට්‍රාන්ස්වාල බී වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ ඉන්ම දෙකේ දී මැ පන්දු යැවීම අරඹා දෙවැනි ඉන්මේ දී ලකුණු 33කට කඩුලු 5ක් දවාලමිනි. හේ 1990 දී ඉංගිරිසි කෙන්ට් ප්‍රාන්ත පිල වෙනුවෙන් ද තරඟ සමයක් ක්‍රීඩා කළේ ය.

1993-94 දී, වයස අවුරුදු 29ක් වූ ඔහු ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් සැරියාව සඳහා කැඳැවිණ. මෙල්බනයේ පැවති පළමු ටෙස්ට් තරගයට තේරී පත් වූ නමුදු හේ ටෙස්ට් මට්ටමින් තමාව තහවුරු කර ගත්තේ සිඩ්නියේ පැවැති දෙවන තරගයේ දී යැ. ජයගැන්මට ඕස්ට්‍රේලියාවට ලකුණු 117ක් පමණක් අවැසි වැ තිබිය දී, ඩි විලියස් ලකුණු 43කට කඩුලු 6ක් දවාගත්තේ (අවසන් කඩුල්ල ද ඇතුළුව - ග්ලෙන් මැක්ග්‍රාත්ගේ නැවත උඩ පන්දුවක්) දකුණු අප්රිකාව ලකුණු 5ක ජයක් කරා රැගෙන යමිනි. මුළු තරගයේ දී ලකුණු 123කට කඩුලු 10ක් ලබා ගත් ඩි විලියස් තරගයේ වීරයා ලෙස නම් විණි.

එංගලන්ත හිටපු ක්‍රිකට් නයු ටෝනි ග්‍රේග් අවසන් ඉන්ම ඇරැඹුමේ දී පවසා තිබුණේ දකුණු අප්රිකාව ජය ගැනීමේ ඉඩ 100-1ක් බවයි. තරගයේ වීරයා පිළිගැන්වීමේ දී ඩි විලියස් ග්‍රේග් පැවැසූ කරුණ මතක් කර දෙමින්, "ඔබ දකුණු අප්රිකානුවන් හඳුනනවා; අපි කිසිදා අත් නො හරින්නෙමු." යැ යි පැවැසී.

ඇඩිලේඩ්හි පැවැති තෙවන ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියානු දෙවැනි ඉන්මේ දී පන්දු යැවීමට නොහැකි වූවත් ගොම්මන් පිතිකරුවකු (සැඳෑ ආරක්ෂකයකු) ලෙස මිනිත්තු 198ක් (විනාඩි* 495ක්) පන්දුවට පහර දී දකුණු අප්රිකාවේ පරාජයේ දී ලකුණු 30ක් රැස් කරමින් තවදුරටත් සිය දිරිය පෙන්නුම් කළේ ය. (*සිංහල විනාඩි)

මේ සැරියාවේ දී, ඩි විලියස්, දොළොස්වැන්නා ලෙස කටයුතු කරත, පිටියේ පිතිකරුවනට බීම යවනුව දුරින් හැසිරැවෙන කාරයක් යොදා ගත්තේ ය.

1994 දී එංගලන්තයට එදිරි වැ ලන්ඩන ඕවාලයේ දී ඩි විලියස් විසින් යැවුණු බවුන්සර පන්දුවක් හිස් ආවරණයේ ඉදිරිපස වැදී බිම ඇද වැටුණු වෙයින් පන්දු යවන ඩෙවොන් මැල්කම් යළි නැඟිටීමෙන් පසු, අසැ සිටි දකුණු අප්රිකානු පන්දු රකින්නන් හට “ඔබලා ඉතිහසට අයිතියි” යැ යි පැවසූ හ යි සැළ වේ. මැල්කම් දකුණු අප්රිකා දෙවැනි ඉනිමේ දී , ඒ වන විට ටෙස්ට් ඉතිහසේ හයවැනි හොඳම පන්දු යැවීම වූ, ලකුණු 57කට කඩුලු 9ක් දවාගත්තේ එංගලන්තයට කඩුලු 8කින් ජය ගෙන දෙමිනි.

1994-95 ඩි විලියස්ගේ කැපී පෙනෙන තරඟ සමයක් විය. ටෙස්ට් තරග පහක දී ඔහු 17.47ක සාමාන්‍යයකින් කඩුලු 36ක් දවා ගත්තේය. පකිස්තානයට එදිරි වැ ජොහැන්නස්බුරුගයේ පැවැති ටෙස්ට් තරගයේ දී ඩි විලියස් නොදැවී ලකුණු 66ක්, 81ට කඩුළු 6ක් සහ 27ට කඩුළු 4ක් ලබාගනිමින් එකම ටෙස්ට් තරගයේ දී මැ අඩ සියයක් හා කඩුලු දහයක් දවාගත් පළමු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා බවට පත්විය. පසුව ඔහු 1995 වසරේ දකුණු 'අප්රිකානු ක්‍රිකට්' වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් වුණු අතර, ඒ ඔහු මීට පෙර 1989 දී ද දිනාගත් සම්මානයකි.

ජනප්‍රිය ක්‍රීඩකයකු වන ඩි විලියස් ඔහුගේ ඇෆ්රිකාන්ස් බස කතා කරන රසිකයින් විසින් "ෆෙන~හ ෆානී" (වේගවත් ෆානි) යන අනුරුත් නමින් හැඳින්විණ. [1]

චරිතාපදානය සංස්කරණය

හයිඩෙල්බ'ග් වොක්ස්කෝල් හි උගෙන 1982 දී උසස් අදියෙදුම් වරම් ලබා ගත් ඩි විලියස් එහි දී හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයෙකු ලෙස දකුණු අප්රිකානු පාසල් නියෝජනය කළේ ය.

ක්‍රිකට් දිවියෙන් පසු සංස්කරණය

ඉසිඹු ලැබූ පසු, ඩි විලියස් දකුණු අප්රිකාවේ තෙල දසුන් විස්තර විචාරකයෙකු ලෙස සේවය කර ඇති අතර ආයතනික දෙසුවකු (කථිකයෙකු) ලෙස ද කටයුතු කරයි. හේ 1995 වසරේ සන් සිටි හි පැවැති ලෝ රූ රැජන තරඟයේ විනිසුරුවෙක් වී යැ. ඩි විලියස් බිහිරි පුණ්‍යායතන සඳහා මුදල් රැස් කිරීමට සම්බන්ධ වී ඇත්තේ ඔහුට බිහිරි සොහොවුරකු හා දුවක සිටින බැවිනි. ඒ සඳහා ඔහු කේප් ටවුනයේ සිටැ ප්‍රිටෝරියාව දක්වා පාපැදි පැදීමෙන් රෑන්ඩ 800 000 හා සෙන්චූරියන්හි පැවති ටෙස්ට් තරඟයකදී විදිලි පහන් කුළුණක මුදුනේ වාඩි වී රෑන්ඩ189,000 ක් උපාය දුන්නේ ය.

පන්දුව පළුදු කිරීම හඳුනාගැනීමේදී ඩි විලියස්ගේ මැදිහත්වීම සංස්කරණය

2018 වසරේ දකුණු අප්රිකාව හා ඕස්ට්‍රේලියාව හා අතර පැවැත්වුණු තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයේ දී, එම තරගයේ විස්තර විචාරකයකු ලෙස කටයුතු කළ ඩි විලියස්, හොඳ ප්‍රතිදෝලනයක් ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් පන්දුව පළුදු කරන බව හෙළිදරව් කිරීමට උදව් කළේය. ටෙස්ට් තරඟයේ සිව්වන දා උදෑසන සැසියේ දී මැ [2] ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පිල පිළිබැඳි අවදියෙන් සිටින ලෙස රූපවාහිනී කැමරාකරුවන්ගෙන් ඉල්ලා සිටීමෙන් පසු ඩි විලියස් මේ වංචාව හඳුනා ගැනීමට සමත් වූ අතර ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කී‍්‍රඩකයන් රහස් උපා භාවිතා කළ බවට ඉඟි පළ කළේය. [3] [4]

2003 දී, ට්‍රෙව චෙස්ටෆීල්ඩ විසින් ෆැනී ඩි විලියස්: ටෙස්ට් පන්දු යවන්නකුගේ සිතුවම නමින් ඩි විලියස් ගේ චරිතාපදානයක් පළ කැරුණි. [5]

යොමු කිරීම් සංස්කරණය

 

බාහිර සබැඳි සංස්කරණය

  1. sahoboss (2011-02-17). "Petrus (Fanie) Stephanus De Villiers". South African History Online. 6 June 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-01-09.
  2. "Fanie de Villiers' instructions to cameramen caught Australia for ball tampering". Sportskeeda (ඉංග්‍රීසි බසින්). 26 March 2018. සම්ප්‍රවේශය 14 October 2020.
  3. "How broadcaster exposed cheating scandal" (ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි බසින්). 27 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 March 2018.
  4. "Fanie de Villiers, the man who tipped off TV crew about ball tampering - Times of India ►". The Times of India. සම්ප්‍රවේශය 27 March 2018.
  5. "Goodbye, Trevor Chesterfield". Island Cricket. 2016-08-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-01-09.
"https://si.wikipedia.org/w/index.php?title=ෆැනී_ඩි_විලියර්ස්&oldid=596948" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි