ෆ්‍රින්ජ් (රූපවාහිනී කතාමාලාව)

රූපවාහිනී කතා මාලා

ෆ්‍රින්ජ් යනු, ජේ. ජේ. ඒබ්‍රම්ස්, ඇලෙක්ස් කර්ට්ස්මන්, සහ රොබෙර්ටෝ ඕර්සී විසින් නිර්මිත ඇමරිකානු රූපවාහිනී විද්‍යා ප්‍රබන්ධ කතාමාලාවකි. එහි මංගල දර්ශනය, 2008 සැප්තැම්බර් 9 දින ෆොක්ස් ජාලයෙහි දිග හැරුනු අතර, කතාවාර පහක් සහ කතාංග 100 කෙළවර නිමාවට පත් විය. මෙම කතාමාලාව තුල අපට හමුවන ඔලිවියා ඩනම් (ඇනා ටෝර්ව්), පීටර් බිෂොප් (ජොෂුවා ජැක්සන්), සහ වෝල්ටර් බිෂොප් (ජෝන් නෝබ්ල්) යන සියළු දෙන, බොස්ටන්, මැසචූසට්ස් තුල පිහිටි, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙහි අධීක්ෂණය යටතෙහි ක්‍රියාත්මක වන ෆෙඩරල් විමර්ශන කාර්යාංශයෙහි ප්‍රබන්ධාත්මක ෆ්‍රින්ජ් කොට්ඨාශයෙහි සාමාජිකයෝ වෙති. සමාන්තර විශ්වයක් සිසාළ අභිරහස් හා සබැඳි, පැහැදිලි කළ නොහැකි, සමහරවිට භයානක සිදුවීම් මාලාවක් පිළිබඳ විමර්ශනය කිරීමට, මෙම කණ්ඩායම විසින් ෆ්‍රින්ජ් විද්‍යාව සහ එෆ්බීඅයි විමර්ශනාත්මක ශිල්පක්‍රම භාවිතා කරති.

ෆ්‍රින්ජ්
කතාවාර 1–3 තුල භාවිතා කළ "ප්‍රධාන විශ්වය" තිර පත්‍රිකාව.