හම්බන්තොට සුළං විදුලි බල උද්‍යානය
හම්බන්තොට සුළං විදුලි බල උද්‍යානය, ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කෙරූ පළමු සුළං විදුලි බල උද්‍යානය වේ. එය හම්බන්තොට නගරයේ ගිණිකොන දෙසට වන්නට පිහිටුවා තිබෙන අතර, බලාගාරය සතුව NEG Micon, M1500-600 වර්ගයේ වා රෝද (ටර්බයින) 5 ක් ක්‍රියාත්මකව පවතී. එක් වා රෝදයකින් කිලෝවොට් 600 බැගින්, බලාගාරයේ වා රෝද පහෙන්ම මෙගාවොට් 3 ක විදුලි ධාරිතාවයක් නිෂ්පාදනය කරනු ලැබේ. වාර්ෂිකව දළ වශයෙන් මෙගාවොට් පැය 4,500 ක ශක්ති ප්‍රමාණයක් මින් ජනනය කරයි.[1][2]
හම්බන්තොට සුළං විදුලි බල උද්‍යානය Hambantota Wind Farm | |
---|---|
රට | ශ්‍රී ලංකාව |
පිහිටුම | හම්බන්තොට |
ඛණ්ඩාංක | 06°08′46″N 81°06′47″E / 6.14611°N 81.11306°Eඛණ්ඩාංක: 06°08′46″N 81°06′47″E / 6.14611°N 81.11306°E |
තත්ත්වය | සක්‍රීය |
අධිකාරී දිනය | 1999 මාර්තු |
ගොඩනැගුම් පිරිවැය | ශ්‍රී ලංකා රුපියල් මිලියන 280 (1999 වර්ෂයේදී) |
අයිතිකරු(වන්) | ලංකා විදුලිබල මණ්ඩලය |
Turbine information | |
Turbines | 5 |
Manufacturer(s) | NEG Micon (වර්ථමානයේ Vestas) |
Model(s) | M1500-600 |
Hub height | 46 m (151 අඩි) |
Rotor diameter | 43 m (141 අඩි) |
Wind farm information | |
Type | මුහුදු වෙරළාශ්‍රිත |
Avg. site elevation | ≈මුහුදු මට්ටම |
Land use | Shrub lands |
Power generation information | |
Installed capacity | 3 මෙගාවොට් |
Capacity factor | 14% |
Annual generation | 4,500 මෙගාවොට් පැය |
As of November 1, 2010 |
බලාගාරය සහ එයට අයත් කොටස්, වර්ග කිලෝමීටර 1500 ක පමණ භූමි ප්‍රමාණයක පැතිර පවතී. බලාගාරය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 280 ක් පමණ වැයවී තිබෙන (1999 වර්ෂයේදී) අතර, එම මුදලින් 34% ක ප්‍රමාණයක් දේශීය අරමුදල් වලින්ද, 66% ක ප්‍රමාණයක් විදෙස් අරමුදල් වලින්ද සපයා ගත් බව සඳහන් වෙයි.[1][2]
බලාගාරය ඉදිකිරීම සම්බන්ධ අධ්‍යයන කටයුතු 1988 වර්ෂයේ සිදුකොට තිබෙන අතර, ඉන් වසර එකොළහකට පමණ පසුව, එනම් 1999 වර්ෂයේදී බලාගාරය ඉදිකොට ඇත. වර්ථමානයේ බලාගාරයේ හිමිකාරීත්වය ලංකා විදුලිබල මණ්ඩලය සතුවේ.
කරුණ | විස්තරය |
---|---|
ටර්බයින නිෂ්පාදකයා | NEG Micon |
ආකෘතිය | M1500-600 |
ජනන ධාරිතාවය (එකකින්) | කිලෝවොට් 600 |
භ්‍රමකයේ විශ්කම්භය | 43 m (141 අඩි) |
භ්‍රමක ආවරණ වර්ගඵලය | වර්ග මීටර 1452 |
භ්‍රමකයේ මිනිත්තුවට සිදුවන වට සංඛ්‍යාව | 18 - 27 |
භ්‍රමකයක බර | කිලෝ ග්රෑම් 13000 |
කුළුණක බර | කිලෝ ග්රෑම් 40000 |
කුළුණු පාදමේ විශ්කම්භය | 11 m (36 අඩි) |
මේවාද බලන්න
සංස්කරණයආශ්රිත
සංස්කරණය- ^ a b හම්බන්තොට වින්ඩ් ෆාර්ම් සංරක්ෂණය කළ පිටපත 2011-03-25 at archive.today සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ්
- ^ a b හම්බන්තොට වින්ඩ් ෆාර්ම් සංරක්ෂණය කළ පිටපත 2011-08-31 at the Wayback Machine සීඊබී ප්‍රි-ඉලෙක්ට්‍රිෆිකේෂන් යුනිට්