හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානය

(හට්ෂෙප්සුට්ගේ මතකාගාර දේවස්ථානය වෙතින් යළි-යොමු කරන ලදි)

ඛණ්ඩාංක: 25°44′18″N 32°36′24″E / 25.738266°N 32.606588°E / 25.738266; 32.606588


හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානය හෙවත් ඩ්ජෙසර්-ඩ්ජෙසරු ("ශුද්ධාතිශුද්ධ") යනු ඉහළ ඊජිප්තුවේ පුරාතන අවමංගල පූජාස්ථානයකි. හට්ෂෙප්සුට් පාරාවෝවරිය වෙනුවෙන් කැපකළ මෙය පිහිටා ඇත්තේ රජුන්ගේ නිම්නය අසල, නයිල් නදියේ බටහිර ඉවුරේ ඩේර් එල් බහරිහි ගිරිකුළුවලට පහළිනි. මෙම මතකාගාර දේවස්ථානය හිරු දෙවියන් වන අමූන් හට පූජා කොට ඇති අතර එය IIවන මෙන්ටුහොටෙප්ගේ මතකාගාර දේවස්ථානයට යාබදව පිහිටා ඇත. එම දේවස්ථානය හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානය ඉදිකිරීමට සංකල්පනාව ඇති කරන්නට ඇති අතර, පසුව එය ගල් වැඩපළක් ලෙස භාවිතයට ගෙන ඇත. මෙම හට්ෂෙප්සුට් දේවස්ථානය "පුරාතන ඊජිප්තුවේ අසමසම ස්මාරකයක්"‍ලෙස සැලකේ.[1]

හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානය
හට්ෂෙප්සුට් දේවස්ථානය
හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානය is located in Egypt
හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානය
Egypt තුළ පිහිටීම
විකල්ප නමඩ්ජෙසර්-ඩ්ජෙසරු
පිහිටීමඉහළ ඊජිප්තුව
මාදිලියමතකාගාර දේවස්ථානය
අඩවි සටහන්
කැනීම් දිනyes
තත්ත්වයප්‍රතිසංස්කරණය කළ

වෝර්සෝහි පෝලන්ත විද්‍යා ඇකඩමිය මෙම දේවස්ථානයේ පේසා තුනෙහි අධ්‍යයනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු භාරව කටයුතු කරයි. 1995 තරම් මුල් කාලයේ දී, මෙහි පළමු මහල් දෙක බොහෝ දුරට සම්පූර්ණ කළ අතර, ඉහළ මහලේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදු වෙමින් පවතියි.[2]

ගෘහනිර්මාණ ශිල්පය සංස්කරණය

 
හ්ටෂෙප්සුට් දේවස්ථානය, මෙහි පසුපසින් පිහිටි ගිරිකුළුවල උස පෙන්වයි.
 
20වන සියවසේ මුල් කාලයේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ට පෙර ඩේර් එල්-බහරි

හට්ෂෙප්සුට්ගේ චාන්සලර්වරයා මෙන්ම රාජකීය ගෘහනිර්මාණ ශිල්පියා ද වූ සෙනෙන්මුට් මෙහි ඉසිකිරීම් කටයුතු මෙහෙයවී ය.[3] මෙයට යාබද පැරණි මෙන්ටුහොටෙප්ගේ දේවස්ථානය මෙය ඉදි කිරීමේ දී ආදර්ශයට ගැනුණ ද, මෙම දේවස්ථාන දෙක අතර වෙනස්කම් ගණනාවක් ඇත. මෙන්ටුහොටෙප්ගේ දෙවොලේ මෙන් නොව හට්ෂෙප්සුට්ගේ දේවස්ථානයේ මධ්‍ය ව්‍යූහයකින් පැන නගින දීර්ඝ කුළුණු සහිත පේසාවක් ඇත. මෙම අසාමාන්‍ය ලක්ෂණයට හේතුව ඇගේ භූමදාන කුටීරයේ විමධ්‍යගත පිහිටීම වන්නට ඇත.[1] මෙහි අඩි 97ක් උසට විහිදෙන පේසා ස්තර තුනක් ඇත. මධ්‍ය මහලේ වයඹදිග කොන හැර මේ සෑම මහලක්ම චතුරස්‍ර හැඩැති ද්විත්ව ස්තම්භාවලියකට සම්බන්ධව ඇත. දේවම්ථානය සිහත මෙම වයඹදිග පෙදෙසේ ප්‍රාක් ඩොරික් කුළුණු දක්නට ලැබේ. මෙම මහල් දිගු බෑවුම් මගකින් සම්බන්ධව තිබූ අතර, එය අතීතයේ කට්ටකුමංජල් සහ අගිල් වෘක්ෂ වැනි විදේශීය ශාකවලින් යුත් උද්‍යානයකින් වටවී පැවතිණි.[3] හට්ෂෙප්සුට් දේවස්ථානයේ ස්තරීකරණය සම්භාව්‍ය තීබානු ආකෘතියට අනුරූප වේ. එහි අටලු, අංගණය, බුහුටැම් ශාලාවක්, සූර්ය අංගණයක්, දෙව්මැඳුරක් සහ සිද්ධස්ථානයකින් සමන්විත විය.

 
දේවස්ථානයේ ඇති අර්ධ වශයෙන් සංරක්ෂිත කැටයමක්

උන්නත සහ ප්‍රතිමා සංස්කරණය

හට්ෂෙප්සුට් දේවස්ථානය ඇතුළත පිහිටි උන්නත කැටයම් මගින් මේ අයුරින් රාජ්‍යත්වයට පත් මෙම ප්‍රථම පාරාවෝවරියගේ දිව්‍යමය උපත පිළිබඳ කථා පුවත නිරූපණය වේ. මෙහි ඇති ලේඛන සහ රූ මගින් රතු මුහුදු වෙරළ තීරයේ පිහිටි විදේශ රාජ්‍යයක් වූ පුන්ට් දේශය වෙත සිදුකළ ගවේෂණයක් පිළිබඳ තොරතුරු හෙළි කරයි. මෙහි ප්‍රතිමා සහ අලංකාර අංග සොරකම් කොට හෝ විනාශ කොට තිබුණ ද, මෙම දේවස්ථාන‍ය තුළ අතීතයේ ඔසිරිස් ප්‍රතිමා ද්විත්වයක්, ස්ෆින්ක්ස් මාවතක් මෙන්ම සිටගෙන, හිඳගෙන හෝ දණගසා සිටින ලෙස විවිධ ඉරියව්වලින් නිර්මිත රැජිනියගේ ප්‍රතිමා ගණනාවක් ද තැන්පත් කොට තිබී ඇත. මෙම ප්‍රතිමා බොහෝමයක් විනාශ කරන ලද්දේ ඇගේ සුළුපුත්‍රයා වූ IIIවන තුත්මෝස් විසින් බව ප්‍‍රසිද්ධ වුුුවද එය අසත්‍ය ය.

තාරකාවිද්‍යාත්මක ගැළපුම සංස්කරණය

 
‍මතකාගාර දේවස්ථානයේ හාත්පස දර්ශනය

දේවස්ථානයේ ප්‍රධාන සහ අක්ෂය 116½°ක පමණ උද්දිගංශයකින් පිහිටා ඇති අතර, මෙය ශිශිර නිවෘත්තීය සූර්යඋදාව අනුව පෙළගස්වා ඇත.[4] නූතන යුගයේ නම්, මෙය සිදුවන්නේ සෑම වර්ෂයකම දෙසැම්බර් 21 හෝ 22 අවට ය. 2වන කුටියේ ද්වාරය දෙපස වූ ඔසිරිස්ගේ ප්‍රතිමා දීප්තිමත් කරවීමට දකුණට ගමන් කිරීමට පෙර, සූර්යාලෝකය දෙව්මැඳුරේ පසුපස බිත්තිය විනිවිද යයි.[4] මෙම ප්‍රධාන සැකැස්මේ ඇති තවත් සූක්ෂ්මභාවයක් නම් ආලෝක පේටිකාවයි. එහි ආලෝක කිරණ දේවස්ථානයේ මධ්‍ය අක්ෂය ඔස්සේ සෙමෙන් ගමන් කරමින් පළමුව අමෙන්-රා දේව ප්‍රතිමාවත්, අනතුරුව දණගසා සිටින අයුරින් නිර්මිතව තිබූ IIIවන තුත්මෝස් ප්‍රතිමාවත්, අවසානයේ නයිල් දෙවියන් වූ හාපි ද ආලෝකවත් කෙරිණි.[4] මීට අමතරව සූර්යයාගේ උච්චිත කෝණය නිසා සූර්ය නිවෘත්තියේ දෙපස දින 41ක් ඇතුළත සූර්යාලෝකයට ද්විතීයික ආලෝක-පේටිකාවක් ඔස්සේ අභ්‍යන්තර කුටියට පිවිසිය හැකි විය.[4] මෙහි අභ්‍යන්තරයේම පිහිටි දෙවොල ටොලමියානු යුගයේ නවීකරණය කොට පුළුල් කෙරුණු අතර, එහි ඩ්ජෝසර්ගේ පේසා පිරමිඩයේ නිර්මාතෘ ඉම්හොටෙප්ට සහ IIIවන අමෙන්හොටෙප්ගේ ඉදිකිරීම් පාලක වූ හාපුගේ පුත් අමෙන්හොටෙප්ට සම්බන්ධ වන්දනා සැඳහුම් දැකිය හැක.[5]

ඓතිහාසික බලපෑම සංස්කරණය

ඊජිප්තුව සම්භාව්‍ය ගෘහනිර්මාණ ශිල්පයට වඩාත්ම සමීප වූ අවස්ථාව ලෙස හට්ෂෙප්සුට්ගේ දේවස්ථානය සැලකේ.[1] නව රාජධානි අවමංගල ගෘහනිර්මාණ ශිල්පයට නිදසුනක් ‍වන මෙමගින් පාරාවෝගේ බලය උසස් කොට දක්වා ඇති අතර, ඇගේ මරණින් මතු දිවිය සඳහා දෙවියන්ට ගෞරව වශයෙන් ඉදිකළ සිද්ධස්ථානවලින් සමන්විත විය.[6] මෙය පුරාතන ඊජිප්තු ගෘහනිර්මාණ ශිල්පයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි. මෙමගින් සක්‍රීය වන්දනාව සඳහා අවස්ථාව සැලසුණු පැරණි රාජධානියේ මෙගලිතික ජ්‍යාමිතිය අත්හරින ලදී. හ්ටෂෙප්සුට් දේවස්ථානයෙහි ඇති රේඛීය ආක්ෂකභාවය පසුකාලීන නව රාජධානි දේවස්ථානවල ද දක්නට ලැබේ. මෙහි දේවස්ථානයේ මුල් ගෘහනිර්මාණ සැලැස්ම ක්‍රි.ව. විසිවන සියවසේ මුල් කාලයේ සිදුකළ අවිධිමත් ප්‍රතිසංස්කරණ කටයුතු නිසා තරමක් වෙනස් වී ඇත.

ගැලරිය සංස්කරණය

මේවාත් බලන්න සංස්කරණය

සටහන් සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  • Kleiner, Fred S. (2006). Gardner's Art Through the Ages: The Western Perspective Volume I (12th ed.). Victoria: Cengage Learning. p. 56. ISBN 0495573604. {{cite book}}: Invalid |ref=harv (help)
  • Strudwick, Nigel; Strudwick, Helen (1999). Thebes in Egypt: A Guide to the Tombs and Temples of Ancient Luxor (1. publ. ed.). Ithaca, NY: Cornell Univ. Press. ISBN 0-8014-3693-1. {{cite book}}: Invalid |ref=harv (help)
  • Trachtenberg, Marvin; Hyman, Isabelle (2003). Architecture, from Prehistory to Postmodernity. Italy: Prentice-Hall Inc. ISBN 978-0-8109-0607-5. {{cite book}}: Invalid |ref=harv (help)
  • Wilkinson, Richard (2000). The Complete Temples of Ancient Egypt. United Kingdom: Thames and Hudson. ISBN 0-500-05100-3. {{cite book}}: Invalid |ref=harv (help)

බාහිර සබැඳි සංස්කරණය

Find more information on හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානය by searching Wikipedia's sister projects:

  Dictionary definitions from Wiktionary
  Textbooks from Wikibooks
  Quotations from Wikiquote
  Source texts from Wikisource
  Images and media from Commons
  News stories from Wikinews