සූරියකන්ද සමූහ මීනී වල

සූරියකන්ද සමූහ මිනී වල යනු ශ්‍රී ලංකාවේ ඇඹිලිපිටිය මහා විද්‍යාලයයේ සිසු දරුවන් ඝාතනය කොට සමූහ වශයෙන් වල දමා තිබූ මිනී වලයි. මෙම පාසල් සිසු දරුවන් මරා දමා වල දමා තිබූයේ, ශ්‍රී ලංකාවේ දෙවන ජ.වි.පෙ. කැරැල්ල අතරතුරදී, කැරැල්ල මැඩපැවැත්වීමේ පියවරක් ලෙසට හුවා දක්වමිනි. මෙම ස්ථානයේ සිරුරු 300කට වැඩි ප්‍රමාණයක් වල දමා තිබූ බවට කියැවේ. සමූහ මිනී වල සොයා ගන්නා ලද්දේ 1994 දීය. මෙම මීනී වල සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා අනිර්දිෂ්ට (හෙළිනොකල) සංඛ්‍යාවක් සිරුරු ගොඩ ගත් බවට ශ්‍රී ලංකාවේ රජය විසින් අවසන් වරට 1996 දී වාර්තා කොට ඇත. දේශීය මාධ්‍ය, රානොසං කණ්ඩායම් හා එජ රාජ්‍ය දෙපාර්තමේන්තුව එක හෙලා ප්‍රකාශ කොට සිටියේ පරික්ෂණ කටයුතු සාර්ථකව සිදු නොවූ බවයි.[1][2][3]


පසුබිම සංස්කරණය

1987 සිට 1989 දක්වා කාල සීමාවෙහිදී, උතුරු කරයෙහි දෙමළ අර්බුදය උග්‍ර අතට හැරී තිබූ කල, ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ (ජ.වි.පෙ.) පක්ෂයෙහි මතවාදයෙහි හා ඉලක්කයන්හි පැහැදිලිව දිස්වූ වෙනස්කම් ඇති විය. මාක්ස්වාදී සංවිධානයක සිට, දෙමළ කැරැල්ල හා සමග කිසිම ආකාරයක සම්මුතිමය විසඳුමකට එ‌ළඹීමකට විරුද්ධ, සිංහල දේශාභිමානී සංවිධානයක් බවට එය සංක්‍රමණය විය. 1983 ජූලි දෙමළ-විරෝධී කෝලහාලයන්හි භූමිකාව පිළිබඳ ඉදිරිපත්වූ චෝදනා හේතුවෙන්, එය තහනම් කරනු ලදුව එහි නායකත්වය පලාගොත් සැඟවී ගත්හ.[2]

වාර්ගික අර්බුදය විසඳනු වස්, 1987 දෙවන භාගයෙහිදී ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමට එළඹි සමයෙහි, එකල පැවැති රජයට එරෙහිව මෙම කණ්ඩායමයෙහි ක්‍රියාකාරකම් උත්සන්න කරන ලදි. 1987දී ජ.වි.පෙ. අංකුරයක් ලෙස නව කණ්ඩායමක් පැන නැගුනේ, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (දේ.ජ.ව්‍යා.) නමිනි. 1987 අගෝස්තු මසදී ජනාධිපති ප්‍රේමදාස හා අගමැති වරයා ඝාතන තැත් පිළිබඳ වගකීම දේ.ජ.ව්‍යා. විසින් භාර ගන්නා ලදි. මෙයට අමතරව, මෙම කණ්ඩායම විසින් පාලක එක්සත් ජාතික පක්ෂය (එ.ජ.පෙ.) ට එරෙහිව භීෂණ ව්‍යාපාරයක් දියත් කරමින්, 1987 ජූලි මස හා නොවැම්බර මස අතර කාලය තුලදී පමණක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැත්තෑ දෙනෙකුට වැඩි ගණනක් මරා දැමීය.[2]

ජ.වි.පෙ. එහි බල පරාක්‍රමය අධි-තක්සේරුවකට ලක් කරගනිමින්, හොට බිම ඇණ ගත්තේ, දේ.ජ.ව්‍යා. ඔස්සේ , හමුදා සාමාජීකයන්ගේ පවුල් වල සාමාජීකයන් ඝාතනයට අණ දීමෙනි. එය වෙත හමුදාවන්හී පහළ ස්ථර දිගුකර තිබූ, කුඩා එහෙත් වැදගත් සහයෝගීතා හස්තය මෙයින් විනාශයට පත්වූ අතර, රජය විසින් දියත් කල භීෂණ ව්‍යාපාරයෙහි යුක්තිගරුක බව හුවා දැක්වීමට මෙයින් ඉඩ සැලසිනි. ජ.වි.පෙ. ආධාරකරුවන් යැයි සැලකුණු පාසල් සිසු දරුවන් වෙත, වධහිංසාව හා සමූහ ඝාතන ඇතුළු විවිධාකාර ක්‍රෑරතා, රජය විසින් පමුණුවන ලදි. [4][5]

විමර්ශනය සංස්කරණය

1994දී , සමූහ මිනී වලවල් පිළිබඳව, එක්සත් ජාතීන් (එ.ජා.) සංවිධානයෙහි විමසීමකින් අනතුරුව රජය වාර්තා කලේ, 1994 සැප්තැම්බර 14 දිනදී, මහාධිකරණයෙහි අධීක්ෂණය යටතේ මිනී වලවල් කැණ, අනිර්දිෂ්ට (හෙළිනොකල) සංඛ්‍යාවක් ඇටසැකිලි නෂ්ටාවශේෂ සොයාගැනීමට කටයුතු කල බවටයි.

යථා යෝග්‍ය හා විද්‍යාත්මක කැණීමක් සිදුකෙරෙන බව සහතික කොට, තවදුරටත් මල සිරුරු සොයා‍ගැනීම හා හඳුනාගැනීම සඳහා පිටිවහල් වීමටද, සූරියකන්දෙහි ඔවුන් වල දැමුවේ කුමන වාතාවරණයක් මධ්‍යයෙහිද යන්න සොයා ගැනීමටද, අධිකරණ වෛද්‍ය, විමර්ශන හා නීති ප්‍රවීණයින් කණ්ඩායමක්, අධිකරණයට සහය වූ බවද මෙම වාර්තාව තවදුරටත් දැක්වීය.[6] 1989 දී පොලීසිය විසින් මරා දමන ලද 36 දෙනෙකුගේ සිරුරු අඩංගුව තිබිය හැකි අංකුඹුර ඇතුළු අළුතින් සොයාගත් සොහොන් පිටි පිරික්සා බැලීම ඇරඹූ බවද, රජය වාර්තා කලේය .[7]

පසු විපරම සංස්කරණය

දි අයිලන්ඩ් හා සන්ඩේ ටයිම්ස් ඇතුළු සංගණ්‍ය දේශීය පුවත්පත් සිය ලිපි තුලින් හුවා දක්වා සිටියේ, පොදු ජන එක්සත් පෙරමුණු පක්ෂය 1993දී බලයට පත්වීමට පෙර, එක්සත් ජාතික පක්ෂය (එ.ජා.ප.) පාලනයෙහිදී පෙර 18 වසර තුලදී සිදු කලා යැයි පැවසෙන, සූරියකන්ද සමූහ මිනී වල ඇතුළු ප්‍රොක්ත දාමරික ක්‍රියා, විමර්ශනය කරන බවට ප්‍රතිඥා දුන් නමුදු, ගත යුත්තක් ඉටු නොවූ බවය. තවත් වාර්තාවක් පෙන්වා දුන්නේ, මෙම අපරාධය සිදු කිරීම පිලිබඳ අධිචෝදනා ලබා සිටි නිලධාරින්, කැරලිකාර දෙමල ඊලාම් විමුක්ති කොටි (දෙ.ඊ.වි.කො) සංවිධානය සමග එදිරිවාදිකම් ඇරඹුනු සැණින්, ගෞරව බුහුමාන සහිතව නිදහස ලැබූ බවය.[3]

විශිෂ්ඨ ජාත්‍යන්තර නීතිවේදී නීලන් තිරුචෙල්වම්, කොළඹ-අයි.සී.ඊ.එස් හිදී දේශනයක් පවත්වමින් කියා සිටියේ, සතුරුකොන්දන්, නැගෙනහිර විශ්වවිද්‍යාලයය, මයිලතන්නි ආදියෙහි බොහෝ දරුවන් ද ඇතුළුව, සිවිල් ජනයා සමූලඝාතන හා අතුරුදහන්වීම් හා සූරියකන්දෙහි පාසල් සිසු දරුවන් සමූහ ඝාතනය හා වල දැමීම පිළිබඳ සුදුසු පරික්ෂණ අඩපණ වී ඇත්තේ හදිසි රෙගුලාසි පරිහරණය කිරීම හේතුවෙන් වරදන්ට නියමාකාරයෙන් දුර්විපාක නොලැබීමේ පටිපාටියක් නිර්මිත වීම නිසා බවයි. මෙම සිද්ධීන් පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය හැකි වන පරිදි හදිසි රෙගුලාසි සම්පූර්ණ වශයෙන් නෙහැකි නම් අඩ වශයෙන් හෝ අහෝසි කිරීම සිදු කරන ලෙස හේ ඉල්ලා සිටියේය.[8]

1996 හා 1998 දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සටහන් කලේ, සූරියකන්ද, අංකුඹුර හා නිකවැරටිය සමූහ මිනී වලවල් පිළිබඳ විමර්ශනයන්හි, සැලකියයුතු ප්‍රගමනයක් දැක්වීමට, ශ්‍රී ලාංකික රජය විසින් අසමත් වී ඇති බවයි.[9][10][11]

ආශ්‍රිත සංස්කරණය

  1. "The magic of Weerawila Lake" (html). Gamini Akmeemana. සම්ප්‍රවේශය 2009-01-02.
  2. 2.0 2.1 2.2 Gunaratna, Rohan (1990). Sri Lanka, a lost revolution?: The inside story of the JVP. Institute of Fundamental Studies. ISBN 978-9552600043. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  3. 3.0 3.1 Editorial review- Thursday 17 August 2000
  4. JVP: Lessons for the Genuine Left, http://www.ndpsl.org/political_analysis/JVP-LessonsfortheLeft,2003.DOC, ප්‍රතිෂ්ඨාපනය 2008-09-04 
  5. Gananath Obeyesekere, "Narratives of the self: Chevalier Peter Dillon's Fijian cannibal adventures", in Barbara Creed, Jeanette Hoorn, Body Trade: captivity, cannibalism and colonialism in the Pacific, Routledge, 2001, p. 100. ISBN 0415938848. "The 'time of dread' was roughly 1985-89, when ethnic Sinhala youth took over vast areas of the country and practiced enormous atrocities; they were only eliminated by equally dreadful state terrorism."
  6. UNHCHR Report on mass graves in Sri Lanka
  7. TITLE: SRI LANKA HUMAN RIGHTS PRACTICES, 1994, http://dosfan.lib.uic.edu/ERC/democracy/1994_hrp_report/94hrp_report_sasia/SriLanka.html, ප්‍රතිෂ්ඨාපනය 2008-09-04 
  8. Speech by Neelan Tiruchelvam at the Debate on the Emergency
  9. US gives negative report, http://lakdiva.org/suntimes/970202/frontm.html, ප්‍රතිෂ්ඨාපනය 2008-09-04 
  10. SRI LANKA HUMAN RIGHTS PRACTICES - 1995
  11. SRI LANKA HUMAN RIGHTS PRACTICES - 1998

මෙයද බලන්න සංස්කරණය

ශ්‍රී ලංකාවෙහි අනෙකුත් සංගණ්‍ය සමූහ මිනී වලවල්

බාහිර සබැඳි සංස්කරණය