සාත් නිභානා සාතියා

සාත් නිබ්හානා සාතියා යනුවෙන් හැඳන්වෙන්නේ රශ්මි ෂර්මා ටෙලිෆිල්ම්ස් ලිමිටඩ් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද හින්දි-භාෂා ඉන්දියානු රූපවාහිනී මාලා නාට්‍යයකි. මෙම කතාමාලාව විකාශය ඇරඹූයේ 2010 මැයි 3 දින ය. මෙය ලෝකය පුරා ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ ප.ව. 7:00 IST ට විකාශය වේ. ආරම්භයේ දී මෙය සතියේ දිනවල සවස විකාශය වුවද, 2014 වර්ෂයේ මුල් කාලයේ සිට සඳුදා සිට සෙනසුරාදා තෙක් දිනවල විකාශය සිදුකරන ලදී. අවසානයේ 2015 වන විට සෑම දිනකම විකාශය කිරීමට තීරණය විණි. කතාවට පසුබිම් වී ඇත්තේ රාජ්කොට් ප්‍රදේශය වුවද, කතාමාලාව රූගත කොට ඇත්තේ මුම්බායිහි ය.[2]

සාත් නිභානා සාතියා
සාත් නිබ්හානා සාතියා ආරම්භක දර්ශනය
ප්‍රභේදයඉන්දියානු සෝප් ඔපෙරා
නාට්‍ය
තැනුවේරශ්මි ෂර්මා ටෙලිෆිල්ම්ස් ලිමිටඩ්
රචනය කලේගෞතම් හෙග්ඩේ
ජ්‍යෝති ටන්ඩන්
වේද් රාජ්
භාව්නා ව්‍යාස්
ආකාශ්දීප්[1]
අධ්‍යක්ෂණය කලේභාග්වාන් යාදව්
පවන් කුමාර්
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)රශ්මි ෂර්මා
රඟපෑමපහත බලන්න
ඇරඹුම් තේමාවසාත් නිභානා සාතියා
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව4
කථාංග ගණන1933 (2016 නොවැම්බර් 14 වන විට)
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)රශ්මි ෂර්මා සහ පවන් කුමාර්
සංස්කාරක(යන්)සන්තෝෂ් සිං
ස්ථානය(න්)මුම්බායි
ධාවන කාලයමිනිත්තු 21
නිෂ්පාදන සමාගමරශ්මි ෂර්මා ටෙලිෆිල්ම්ස් ලිමිටඩ්
ප්‍රචාරණය
මුල් නාලිකාවස්ටාර් ප්ලස්
රූප ආකෘතිය1080i (HDTV)
මුල් ධාවනය3 මැයි 2010 (2010-05-03) – වර්තමානය
බාහිර සබැඳි
වෙබ් අඩවිය

කතාමාලාව ගෙතී ඇත්තේ රාජ්කොට්හි මන්දිරයක ජීවත්වන ප්‍රබන්ධ මෝදි පවුල වටා ය. මෙම වැඩසටහන මගින් දර්ශීය ගුජරාටි විස්තෘත පවුලක ආචාර ධර්ම සහ අගයයන් නිරූපණය වේ. 2014 පෙබරවාරි මස මෙම කතාව වර්ෂ අටක් ඉදිරියට වන සිදුවීම් වෙත දිවෙයි. 2015 මාර්තු වන විට එය තවත් වර්ෂ දහයක් ඉදිරියට ‍දිවෙයි. අවසානයේ 2016 මැයි මස තවත් වර්ෂ හතරක ඉදිරි පිම්මක් දැකගත හැක.

සාරාංශය සංස්කරණය

මූලිකව, මෙම කතාමාලාව මගින් ඥාති සොයුරියන් දෙදෙනකුගේ (ගෝපි සහ රාශි) දිවිය සහ යෝජිත විවාහයන් නිරූපණය වේ. උර්මිලා සහ ජිතු විසින් ගෝපි (ජිතුගේ ලේලිය) හදාවඩා ගන්නේ ගෝපිගේ දෙමාපියන් මියයාම නිසාවෙනි. ගෝපි නූගත් වුවද, අව්‍යාජ, කාරුණික සහ ලැජ්ජාශීලී තරුණියක වූවා ය. නමුත් ඔවුන්ගේම දියණිය වූ රාශි උගත්, මිත්‍රශීලී, සෙල්ලක්කාර සහ කපටි තරුණියක වූවා ය. මෙම කතාමාලාව මගින් ගෝපිගේ දැඩි, අධිෂ්ඨානශීලී නැන්දණිය වූ කෝකිලා මෝදි ගෝපිව විශ්වාසී, දක්ෂ කාන්තාවක බවට පත්කොට ඇගේ සැමියාගේ සිත දිනාගන්නා තත්ත්වයට පරිවර්තනය කරන අයුරු නිරූපණය වේ. රාශි විසින් ගෝපි හට නොයෙකුත් ගැටලු ඇති කිරීමට තැත්කළ ද ඒවා අසාර්ථක වේ. නමුත් අවසානයේ ඥාති සොයුරියන් දෙදෙනාම සිය ස්වාමිවරුන්ගේ හා පවුලේ පිළිගැනීමට ලක්වේ. කෝකිලාගේ දියණිය වන කින්ජල්ව රාශිගේ මාතෘ පාර්ශ්වීය මස්සිනා වන ධවල් හට විවාහ කර දෙයි. ගෝපි දියණියකට උපත ලබා දෙයි. රාශි නිවුන් පිරිමි දරුවන් දෙදෙනකු බිහි කරයි. ගෝපි, මියගියේ යැයි සිතූ සිය දෙමාපියන් සොයාගැනීමට සමත් වේ. මෙම කතා වාරය අවසන් වන්නේ ගෝපිගේ සැබෑ සොයුරිය වන රාධා විසින් ගෝපි සහ ඇහෙම්ගේ දියණිය වන මීරාව මරා දැමීමත් සමගයි. මෙහි වරද ගෝපි වෙත පැටවෙන අතර ඇයව මෝදි භවනෙන් ඉවතට ඇද දැමෙයි.

වසර අටකට පසු

ගෝපි සිය දෙවන දියණිය තනිව හදාවඩා ගනියි. කෝකිලා සහ ඇහෙම් දැඩි පීඩනයකට මුහුණ දී සිටිති. මේ වනවිට මෝදි භවනේ නව මූලිකාවිය බවට රාශි පත්ව සිටියි. ගෝපි යළි සිය පවුල සමග එක්වෙයි. මීරා මිය නොගිය බවත් ඇය අනාථයකු ලෙස හැදීවැඩී ඇති බවත් ඇගේ පවුල වටහා ගනියි. රාධාගේ සත්‍යය හෙළි වන අතර, ඇයව සිරභාරයට ගැනෙයි. අනතුරුව ගෝපිව ප්‍රේමය පතා පැමිණි කරදරකාරී මිනිසකුගෙන් බේරා ගැනීමට රාශි සිය දිවිය පූජා කරයි. ජීගර්ව රාශිගේ මාතෘ පාර්ශ්වීය නැනණ්ඩිය වූ පරිධි හට විවාහ කර දෙයි. රාධා යළි පැමිණෙන අතර, ඇය ජීගර්ට එරෙහිව නිදි යහනේ දී කුමන්ත්‍රණ සිදු කරයි. රාධා ගැබිනියක බවට පත්වේ. ඇය දියණියකට උපත ලබා දෙයි. එම බිළිඳිය ද රාශි නම් වේ. රාශි බිළිඳිය මරාදැමීමට තර්ජනය කරමින් රාධා, මෝදි පවුල විනාශ කිරීමට තැත් කරයි. පිළියමක් නොවූ තැන ගෝපි සිය සොයුරිය වූ රාධාව මරා දමයි. ගෝපි වසර 14ක් සිර භාරයේ පසුවෙයි.

වසර දහයකට පසු

සිය යහපත් කල්කිරියාව හේතුවෙන් ගෝපිගේ දඬුවම ලිහිල් කෙරේ. ගෝපි නැවත සිය පවුල වෙතට පැමිණෙයි. එහිදී ඇයට දැන ගන්නට ලැබෙන්නේ ඇහෙම් සිය පවුල හැරදා සිය දියණියන් දෙදෙනා සමග මුම්බායි වෙත ගොස් ඇති බවත්, මාන්සි නැමැති කාන්තාවක් ඔවුන් සමග නැවතී සිටින බවත් ය. මීරා මේ වන විට ස්වාධීන, වහා කිපෙනසුලු සහ කපටි චරිතයක් බවට පත්ව සිටියි. නමුත් විද්‍යා දියණිය ගෝපිගේ ප්‍රතිමූර්තියක් බඳු ය. පවුලට වඩා අන් අය වෙනුවෙන් මුල් තැන දීම කෙරෙහි ඇහෙම් සහ දියණියෝ ‍ගෝපිට දොස් පවරති. මේ වනවිට කෝකිලා, උර්මිලා (දැන් මානසික ආබාධයකින් පෙළෙන්නී ය) සහ ළමා රාශි (ඇයව පිළිගැනීම පරිධි ප්‍රතික්ෂේ කරයි) සමග වෙන්ව ජීවත් වන්නී ය. කෝකිලාගේ දියණිය වන කින්ජල් සිය සැමියා සහ පුත්‍රයා හැර දමා සිය දෙමාපියන්ගේ නිවසේ ජීවත් වන්නී ය. සිදුවීම් මාලාවකින් පසුව ඇහෙම්, මීරා සහ විද්‍යා සමග යළි නිවසට පැමිණෙන අතර සම්පූර්ණ පවුලම යළි එකතු වේ. කෙසේනමුත් මීරා, ගෝපිව පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. ඇය තමන්ට නිතරම ප්‍රශ්න ඇතිකරන මෝදි පවුලට ද බැණ වදියි.

කෝකිලාගේ ළමාවියේ මිතුරියක වන ගෞරා සූර්යවංශි කතාවට පිවිසෙයි. ඇය පැමිණෙන්නේ කෝකිලාගේ වරදින් මියගිය සිය සොයුරා වෙනුවෙන් පළිගැනීමටයි. ගෞරාගේ සැබෑ අභිප්‍රාය නොදන්නා මෝදි පවුල, විද්‍යා දියණියව ඇගේ මුණුපුරා වූ ශ්‍රාවන්ට විවාහ කර දෙයි. නමුත් ගෞරා රහසේම මීරාව සිය පුත්‍රයා වූ ධරම් හට විවාහ කර දෙයි. එමනිසා මීරා සිය සොයුරිය වන විද්‍යාගේ නැන්දණිය වන්නී ය. ගෞරා, මීරාව යොදා ගනිමින් මෝදි පවුල වැනසීමට තැත් කරයි. ඇතැම් අවස්ථාවන්හි ඇය කෝකිලා සහ ඇහෙම්ව මරාදැමීමට තැත් කරයි. නමුත් එය අසාර්ථක වේ. නමුත් සිදුවීම් මාලාවකින් පසු (ඉන් එක් සිදුවීමක දී ධරම්ගේ පළමු බිරිය වූ දුර්ගා මිය යයි) ඇයව අත්අඩංගුවට ගැනෙන අතර ඇගේ පවුලෙන් නෙරපා දැමෙයි. මේ වනවිට මීරා සහ විද්‍යා යන දෙදෙනාම සිය ස්වාමිපුරුෂයන් සමග ප්‍රේමයෙන් බැඳී සිටිති‍. ඒ නිසා ඔවුන් නැවතීමට අදහස් කරති. ජීගර්ගේ පුත්‍රයකු වන සාහිර් පරිධිගේ බලවත් විරෝධය මධ්‍යයේ නූගත් සොනාක්ෂි සමග විවාහ වේ. රාධාගේ මරණය වෙනුවෙන් ගෝපිගේ මව ද කෝකිලාගෙන් පළිගැනීමට පැමිණෙයි. නමුත් ඇය එහිදී මිය යයි. මෙම කතාවාරය අවසන් වන්නේ ඇහෙම් රිය අනතුරකින් මියයාමත් සමගයි.

වසර හතරකට පසු

ඇහෙම්ගේ වියෝවෙන් ගෝපි දැඩි කම්පනයට පත්ව සිටින්නී ය. ඇය වසර 4කින් සිනහසී හෝ කථාකොට හෝ නැත. කෝකිලා, ගෝපි වෙනුවෙන් වෛද්‍ය ක්‍රිෂ්ණා රහේජා සිදුකළ විවාහ යෝජනාව පිළිගැනීමට තීරණය කරයි. විවාහ දිනයේ, ගෝපි යථා තත්ත්වයට පත්වේ. නමුත් ඇයව අකමැත්තෙන් වුවද වෛද්‍ය ක්‍රිෂ්ණාහට විවාහ කරදෙයි. ජීගර් සහ පරිධි මේ වනවිට බෙහෙවින් විපර්යාසයකට ලක්ව සිටින අතර, ඔවුන් සිය පවුලේ පුද්ගලයින් පිළිබඳ තැකීමක් සිදුකරන්නේ නැත. පරිධි විසින් සාහිර්, සොනාක්ෂි සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා මෝදි භවනෙන් පලවා හරියි. අනතුරුව ජීගර්ගේ අනෙක් පුත්‍රයා වූ සමාර්ව උඩඟු මෝස්තරකාරියක වන මොනිකා හට විවාහ කර දෙයි. මේ අතර, මීරා විද්‍යාට වෛර කරන්නේ සිය ගබ්සාවීමට ඇය වගකිව යුතු බවට චෝදනා කරමිනි. නමුත් එහි සැබෑ වරදකාරිය ශ්‍රාවන්ගේ‍ සොයුරිය වන නෛයා ය. ගෝපි මෝදි පවුල යළි එක්සත් කිරීමට ඉටා ගනියි. ඇය සාර්ථක වේ. ක්‍රිෂ්ණා යනු මාන්සිගේ සොහොයුරා බව හෙළිවේ. අනතුරුව ඔහු, මාන්සි සහ ප්‍රමිලා (ඔහුගේ මව) ගෝපිගෙන් පලිගැනීමට පැමිණෙයි. කෝකිලා, ගෝපිව බේරාගැනීමට ඇහෙම්ට සමාන පෙනුමක් ඇති තැනැත්තකු (ජගී, පරාග් සහ උර්වංශිගේ අවජාතක පුත්‍රයා) ගෙන්වා ගනියි.

අනුවර්තන සංස්කරණය

සාත් නිභානා සාතියා කතාමාලාව විවිධ භාෂාවන්ගෙන් ප්‍රතිනිර්මාණය කෙරිණි. මේ අතර පුධ්ඡ පෝල් (මරාථි), දෙයිවම් තන්ද වීඩු (දෙමළ), චන්දනමාළා (මලයාලම්), අමෘතවර්ෂිනී (කන්නඩ) සහ බොධුබොරොන් (බෙංගාලි) වැනි නිර්මාණ වේ. සාත් නිභානා සාතියා කතාමාලාව තෙලිඟු බසින් හඬකවා කෝදලා කෝදලා කොඩුකු පෙලාමා යන නාමයෙන් MAA TV නාළිකාව ඔස්සේ විකාශය කෙරිණි. අන්තර්ජාතික වශයෙන් සැලකූ විට මෙම කතාමාලාව ශ්‍රී ලංකාව තුළ සිංහල භාෂාවෙන් හඬකවා මගේ සඳ ඔබයි යන තේමාව යටතේ ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශය කෙරේ.

ඉන්දුනීසියාව තුළ මෙම කතාමාලාව ANTV නාළිකාව ඔස්සේ 2016 සැප්තැම්බර් 26 දින විකාශය ඇරඹියේ ගෝපි යන තේමාව ඔස්සේ ය. මෙය එරට සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 3:00ට (ඉන්දුනීසියා බටහිර වේලාව) විකාශය විය.[3]

චරිත නිරූපණය සංස්කරණය

ප්‍රධාන චරිත
  • දේවොලීනා භට්ටාචාර්ජී, ගෝපි ඇහෙම් මෝදි (විවාහයට පෙර වාසගම ජයන්ති කපාඩියා) ලෙස: රාධා-රාශි යන අයගේ සොයුරියයි. මධූගේ දියණියයි. ඇහෙම්ගේ භාර්යාවයි. මෝදි පවුලේ පළමු ලේලියයි. මීරා-විද්‍යා දියණියන්ගේ මවයි. (2012–) - ප්‍රධාන කාන්තා චරිතය
  • මොහම්මද් නසිම්, ජස්වින්දර් සිං (ජගී) ඌර්වංශි ලෙස: පරාග්ගේ පුත්‍රයායි. (2016- ) - ප්‍රධාන පිරිමි චරිතය
  • සෝනම් ලම්බා, විද්‍යා ශ්‍රාවන් සූර්යවංශි (විවාහයට පෙර වාසගම ඇහෙම් මෝදි) ලෙස: ඇහෙම්-ගෝපිගේ ලාබාල දියණියයි. මීරාගේ සොයුරියයි. ශ්‍රවාන්ගේ භාර්යාවයි. (2015–) සමාන්තර ප්‍රධාන කාන්තා චරිතයකි.
  • රෝහිත් සුචාන්ති, ගෝපි සහ ජගීගේ පුත්‍රයා ලෙස
  • ටානියා ෂර්මා, මීරා ධරම් සූර්යවංශි (විවාහයට පෙර ඇහෙම් මෝදි) ලෙස: ඇහෙම්-ගෝපිගේ වැඩිමහල් දියණියයි. විද්‍යාගේ සොයුරියයි. ධරම්ගේ භාර්යාවයි. (2015–) සමාන්තර ප්‍රධාන කාන්තා චරිතයකි.
  • රුපල් පටෙල්, කෝකිලා පරාග් මෝදි ලෙස: පරාග්ගේ භාර්යාවයි. ඇහෙම්-කින්ජල්ගේ මෑණියන් ය. ගෝපිගේ නැන්දණියයි. මීරා-විද්‍යා දියණියන්ගේ මිත්තණියයි. (2010–) - සමාන්තර ප්‍රධාන කාන්තා චරිතයකි.
  • ලව්ලීන් කොවුර් සැසන්, පරිධි ජීගර් මෝදි (විවාහරයට පෙර ‍ජායි මෙහ්තා) ලෙස: ජීගර්ගේ දෙවන භාර්යාවයි. රාශි-ගෝලි-රාධා යන අයගේ නෑනණ්ඩියයි. සාහිර්-සමීර්ලේ සුළු මවයි. (2014-සමාන්තර ප්‍රධාන කාන්තා චරිතයකි.
  • සුචිත් වික්‍රම් සිං, ගෝපි සහ ජගීගේ පුත්‍රයා ලෙස; මෙම චරිතය රෝහිත් සුචාන්ති විසින් ප්‍රතිස්ථාපනය කරන ලදී.
අතිරේක චරිත
  • වන්දනා විත්ලානි, උර්මිලා ජිතු ෂා ලෙස: රාශිගේ මෑණියන් ය. ගෝපිගේ මාමි ය. පරිධිගේ මාසි ය. සහිර්-සමාර්-විද්‍යා-මීරා යන අය‍ගේ නානි ය. (2010-) ප්‍රධාන කාන්තා ආධාරකාරිණියකි.
  • ෂගුෆ්තා අලි, ඌර්වංශි ලෙස: ජාගිගේ මෑණියන් ය. කෝකිලාගේ සෞතාන් ය. පරාග්ගේ පළමු භාර්යාවයි. (2016-) ආධාරකාරිණියකි.
  • අමර් උපාධ්‍යායි, ධරම් සූර්යවංශි ලෙස: මීරාගේ සැමියා ය. දුර්ගාගේ ද සැමියා ය. ශ්‍රාවන්ගේ පියා ය. (2015-)
  • කුනාල් සිං, ශ්‍රාවන් සූර්යවංශි ලෙස: විද්‍යාගේ සැමියා ය. (2015–)
  • ? ප්‍රියාල් සූර්යවංශි ලෙස
  • පරාස් බබ්බාර්, සාහිර් ජීගර් මෝදි (තෝලු) ලෙස: රාශි-ජීගර්ගේ පුත්‍රයායි. පරිධිගේ සුළු පුත්‍රයායි. සෝනාගේ සැමියායි. (2015–)
  • රශ්මි සිං, සොනාක්ෂි සාහිර් මෝදි (සොනා) ලෙස: රාශි, පරිධි-ජීගර්ගේ ලේලියයි. සාහිර්ගේ භාර්යාවයි. (2015–)
  • විහාන්, වීරු සාහිර් මෝදි ලෙස: සාහිර්-සෝනාගේ පුත්‍රයායි. රාශි/පරිධි-ජීගර්ගේ මුණුපුරායි. ජායිගේ සොහොයුරායි. (2016-)
  • අයාන්, ජායි සාහිර් මෝදි ලෙස: සාහිර්-සෝනාගේ පුත්‍රයායි. රාශි/පරිධි-ජීගර්ගේ මුණුපුරායි. වීරුගේ සොහොයුරායි. (2016-)
  • ? සීතා සාහිර් මෝදි ලෙස: සෝනා-සාහිර්ගේ දියණියයි. රාශි/පරිධි-ජීගර්ගේ මිණිපිරියයි. ජායි-වීරුගේ සොයුරියයි. (2016-)
  • ? ගීතා සාහිර් මෝදි ලෙස: සෝනා-සාහිර්ගේ දියණියයි. රාශි/පරිධි-ජීගර්ගේ මිණිපිරියයි. ජායි-විරු යන අයගේ සොයුරියයි. (2016-)
  • ප්‍රතාප් හාඩා, සමාර් ජීගර් මෝදි (මෝලු) ලෙස: රාශි-ජීගර්ගේ පුත්‍රයායි. පරිධිගේ සුළු පුත්‍රයායි. මෝනාගේ සැමියායි. (2015–)
  • උපේඛා ජෛන්, මොනිකා සමාර් මෝදි (මෝනා): රාශි/පරිධි-ජීගර්ගේ ලේලියයි. සමාර්ගේ භාර්යාවයි. (2016–) එදිරිවාදිනියකි.
  • අංජු තිවාරි, චන්දා ලෙස (2016-): මීරා-ධරම්ගේ දරුවාගේ හදාගත් මවයි.
  • වන්දනා පතාක්, ගෞරා සූර්යවංශි ලෙස (2015–16,2016-) එදිරිවාදිනියකි.
ආවර්තී චරිත
  • ස්වාති ෂා, හේතල් චිරාග් මෝදි ලෙස: ජීගර්ගේ මවයි. රාශි-පරිධි යන අයගේ නැන්දණියයි. බාගේ ලේලියයි. චිරාග්ගේ භාර්යාවයි. (2010–) ආධාරකාරිණියකි.
  • අපර්ණා කනේකාර්, ජාන්කෝ "බා" මෝදි ලෙස: කෝකිලා-හේතල් යන අයගේ නැන්දණියයි. පරාග්-චිරාග් යන අයගේ මෑණියන් ය. ඇහෙම්-ජීගර්-කින්ජල් යන අයගේ මිත්තණියයි. (2011–)
  • නීරාජ් භාරද්වාජ්, චිරාග් මෝදි ලෙස: ජීගර්ගේ පියා ය. හේතල්ගේ සැමියායි. බාගේ පුත්‍රයායි. රාශි-පරිධි යන අයගේ මාමණ්ඩියයි. (2010–)
  • මනිෂ් අරෝරා, පරාග් මෝදි ලෙස: ඇහෙම්-කින්ජල් යන අයගේ පියායි. කෝකිලාගේ සැමියායි. බාගේ පුත්‍රයායි. ගෝපිගේ මාමණ්ඩියයි. (2010–)
  • ? රාශි ජීගර් මෝදි (කනිෂ්ඨ) ලෙස: රාධා හා ජීගර්ගේ දියණියයි. පරිධි සහ රාශිගේ සුළු දියණියයි. (2016-)
පැරණි චරිත
  • මොහම්මද් නසිම්, ඇහෙම් පරාග් මෝදි ලෙස (2010-2016): ගෝපිගේ සැමියායි. කෝකිලා-පරාග්ගේ පුත්‍රයායි. කින්ජල්-ජීගර්ගේ සොයුරායි. මීරා-විද්‍යාගේ පියායි. (මියගිය)
  • ගියා මනෙක්, ගෝපි ඇහෙම් මෝදි ‍(විවාහයට පෙර ජයන්ති කපාඩියා) ලෙස: ඇහෙම්ගේ භාර්යාවයි. රාශිගේ සොයුරියයි. (2010–12) (හිටපු ප්‍රධාන කාන්තා චරිතය) (ප්‍රතිස්ථාපිත)
  • රුචා හසාබ්නිස්, රාශි ජීගර් මෝදි (විවාහයට පෙර ජිතු ෂා) ලෙස: ගෝපිගේ සොයුරියයි. ජීගර්ගේ පළමු භාර්යාවයි. සමීර්-සාහිර්ගේ මවයි. මීරා සහ විද්‍යාගේ නැන්දණියයි. (2010–14) (හිටපු ප්‍රධාන කාන්තා චරිතයකි) (මියගිය)
  • විශාල් සිං, ජීගර් චිරාග් මෝදි ලෙස: හේතල් සහ චිරාග්ගේ පුත්‍රයායි. රාශි සහ පරිධිගේ සැමියායි. සාහිර් හා සමීර්ගේ පියායි. ඇහෙම් සහ කින්ජල්ගේ සොයුරායි. (2010–16) සමාන්තර ප්‍රධාන පිරිමි චරිතයකි.
  • භාවිනි පුරෝහිත්, රාධා උමාන්ග් මෙහ්තා (විවාහයට පෙර ජයන්ති කපාඩියා) ලෙස: ගෝපිගේ සොයුරියයි. උමාන්ග්ගේ හිටපු භාර්යාවයි. (2013–15) (හිටපු ප්‍රධාන එදිරිවාදිනිය) (මියගිය)
  • ජයා ඕජා, මධූ ජයන්තිලාල් කපාඩියා ලෙස: ගෝපි සහ රාධාගේ මෑණියන් ය. මීරා සහ විද්‍යාගේ මිත්තණියයි. (2013–16) (මියගිය)
  • සංජීව් භාට්, ජයන්තිලාල් කපාඩියා ලෙස: ගෝපි සහ රාධාගේ පියා ය. මීරා සහ විද්‍යාගේ මුත්තණුවන් ය. (2013–14) (මියගිය)
  • ජ්‍යෝත්ස්නා කාර්යේකාර්, ජාන්කෝ "බා" මෝදි ලෙස: කෝකිලා සහ හේතල්ගේ නැන්දණියයි. පරාග් සහ චිරාග්ගේ මවයි. ඇහෙම්, ජීගර් සහ කින්ජල්ගේ මිත්තණියයි. (2010–11) (ප්‍රතිස්ථාපිත)
  • ෆිරෝසා ඛාන්, කින්ජල් ධවල් දේසායි (විවාහයට පෙර පරාග් මෝදි) ලෙස: කෝකිලාගේ දියණියයි. ඇහෙම්ගේ නැගණියයි. ධවල්ගේ භාර්යාවයි. ප්‍රතීක්ගේ මෑණියන් ය. (2010–16) (හැරගිය)
  • අශිෂ් ෂර්මා, ධවල් දේසායි ලෙස: රාශි-ගෝපිගේ සොහොයුරායි. කින්ජල්ගේ සැමියායි. (2010–15) (හැරගිය)
  • පරාස් තෝමාර්, ප්‍රතීක් "පප්පු" ධවල් දේසායි ලෙස: ධවල්-කින්ජල්ගේ පුත්‍රයායි. (2015) (හැරගිය)
  • සීමා දේශ්මුඛ්, ජිග්නා ලෙස: කෝකිලාගේ සොයුරිය (2012) (හරගිය)
  • ගෝපි දේසායි, රේවතී ලෙස: කෝකිලා-ජිග්නාගේ මෑණියන් ය. (2011–14) (හැරගිය)
  • පූබාලි සන්‍යාල්, දුර්ගා ධරම් සූර්යවංශි ලෙස: ධරම්ගේ පළමු භාර්යාවයි. ශ්‍රාවන්-නෛයාගේ මෑණියන් ය. (2015–16) (මියගිය)
  • දීපක් දත්තා, ජායි මෙහ්තා ලෙස: පරිධිගේ පියායි. (2014–15) (හැරගිය)
  • අයිරා සෝනි, ඇනීටා මෙහ්තා ලෙස: ඇහෙම්ගේ හිටපු පෙම්වතියයි. උමාන්ග්ගේ සොයුරියයි. (2010, 2012) (හිටපු එදිරිවාදිනියකි) (හැරගිය)
  • අනාස් ඛාන්, අමාන්ග් මෙහ්තා ලෙස: ත්‍රිප්තිගේ සැමියායි. ඇනීටාගේ සොයුරියයි. (2010, 2013–14) (හිටපු ප්‍රධාන පිරිමි එදිරිවාදී චරිතයකි) (මියගිය)
  • පූජා වෙලිං, ත්‍රිප්ති උමාන්ග් මෙහ්තා ලෙස: උමාන්ග්ගේ භාර්යාවයි. හිටපු එදිරිවාදිනියකි. (2013–14)
  • ආකාන්ෂා ජුනේජා, දක්ෂා ලෙස: මෝදි පවුලේ අසල්වැසියෙකි (2013) (හැරගිය)
  • අෂ්නූර් කොවුර්, පන්නා ලෙස: ගෝපිගේ මිතුරියයි. (2010–11) (හැරගිය)
  • ? සාවිතා බෙන් ලෙස: කෝකිලාගේ අසල්වැසියකු/සතුරකු ලෙස (2011-2014) (හැරගිය)
  • ? මීති මෙහ්තා ලෙස: මෝදිගේ නෞකරනි ය. (2012–16) (හැරගිය)
  • ගුර්ප්‍රීත් කොවුර්, නීලම්/කුසුම් ලෙස (2012) (හැරගිය)
  • මනෝජ් චාන්දිලා, අනුරාග් ජෝෂි ලෙස: රාශිගේ ඝාතකයායි. ගෝපිව පැහැරගත් තැනැත්තායි. (2014) (එදිරිවාදියෙකි) (සිරගත)
  • ශ්‍රේස්ත් කුමාර්, විවාන් ඛන්නා ලෙස: පරිධිගේ හිටපු පෙම්වතායි. (2014–15) (එදිරිවාදියෙකි)
  • කරන් ඛන්ඩේල්වාල්, සංස්කාර් පටෙල් ලෙස: මීරාගේ හිටපු පෙම්වතායි. (2015, 2016) (හැරගිය)
  • මේසල් ව්‍යාස්, ළමා මීරා අහේන මෝදි/ගෞරි ලෙස: ගෝපි සහ ඇහෙම්ගේ පළමු දියණියයි. (2014–15) (ප්‍රතිස්ථාපිත)
  • ඒක්ලාව්‍යා අහිර්, ළමා සමාර් "මෝලු" මෝදි ලෙස: රාශි සහ ජීගර්ගේ පුත්‍රයායි. (2014–15) (ප්‍රතිස්ථාපිත)
  • ඉෂාන්ත් භානුෂාලි, ළමා සාහිර් "තෝලු" මෝදි ලෙස: රාශි සහ ජීගර්ගේ පුත්‍රයායි. (2014–15) (ප්‍රතිස්ථාපිත)
  • පාලක් පංචාල්, ළමා විද්‍යා අහේම් මෝදි ලෙස: ගෝපි සහ ඇහෙම්ගේ දෙවන දියණියයි. (2014–15) (ප්‍රතිස්ථාපිත)
  • වංශ් සාවනි, ළමා ප්‍රතීක් "පප්පු" දේසායි ලෙස: ධවල් හා කින්ජල්ගේ පුත්‍රයායි. (2014–15) (ප්‍රතිස්ථාපිත)
  • හිතීකා රුච්චන්ද්‍රන්, ළමා කනිෂ්ඨ රාශි ජීගර් මෝදි ලෙස: පරිධි-ජීගර්ගේ දියණියයි. (2015–16) (හැරගිය)
  • හීමාක්ෂි උජ්ජයින්, ප්‍රේම්ලතා ලෙස: ව්‍යාජ කෝකිලා ලෙස (2016) ප්‍රධාන කාන්තා එදිරිවාදිනියයි‍. (සිරභාරයේ)
  • උත්කර්ෂා නායික්, ප්‍රමිලා අශෝක් රහේජා ලෙස: ක්‍රිෂ්ණා සහ මාන්සිගේ මවයි. ගෝපිගේ නැන්දණියයි. (2016) එදිරිවාදිනියකි.
  • කාජල් පිසල්, මාන්සි රහේජා ලෙස: ඇහෙම්ගේ හිටපු පෙම්වතියයි. ක්‍රිෂ්ණාගේ සොයුරියයි. ප්‍’මිලාගේ දියණියයි. ගෝපිගේ නෑනණ්ඩියයි. (2015, 2016) එදිරිවාදිනියකි.
  • ඛාලිඩ් සිද්දිකි, වෛද්‍ය ක්‍රිෂ්නා රහේජා ලෙස: ගෝපිගේ දෙවන සැමියායි. ප්‍රමිලාගේ පුත්‍රයායි. මාන්සිගේ සොහොයුරායි. (2016) - ප්‍රධාන එදිරිවාදී චරිතයකි.
  • සිද්ධාර්ත් සේන්, ACP රිතේශ් පාර්මාර් ලෙස (2016)
  • ප්‍රතිභා තිවාරි, නෛයා සූර්යවංශි ලෙස: (2016) එදිරිවාදිනියකි.
  • හර්ෂ් රාජ්පුත්, ප්‍රකාශ් ලෙස: නෛයාගේ පෙම්වතායි. (2016) එදිරිවාදියෙකි.

සන්ධිස්ථාන සංස්කරණය

සාත් නිභානා සාතියා කතාමාලාව ඉන්දියාවේ සිව්වැනියට වැඩිම කලක් ධාවනය වූ කතාහාලාව බවට පත්වූයේ බාලිකා වධු, යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ, සහ තාරක් මෙහ්තා කා ඌල්තා චෂ්මා කතාමාලාවලින් පසුව ය. එසේම එය ස්ටාර් ප්ලස් නාළිකාවේ දෙවැනියට දිගුම වැඩසටහන ලෙස සැලකිණි. 2015 වර්ෂය තුළ පේක්ෂක ප්‍රතිචාර අතින් අංක 1 පිහිටුම ලබා ගැනීමට මෙම කතාමාලාව සමත් විය. පසුව එම ස්ථානය නාගින් කතාමාලාව විසින් හිමි කරගන්නා ලදී. මෙම වැඩසටහන රශ්මි ෂර්මා ටෙලිෆිල්ම්ස් ලිමිටඩ් සමාගමේ වඩාත් සාර්ථකම වැඩසටහන වූ අතර, ජාතික සම්මාන උළෙලවල්හි දී සම්මාන රැසක් දිනා ගැනීමට එය සමත් විය. කතාමාලාව ආරම්භයේ සිටම දීර්ඝ කාලයක් යන තෙක්ම ස්ටාර් ප්ලස් නාළිකාවේ අංක 1 වැඩිසටහන වූයේ මෙයයි.

සම්මාන සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "Keep It Simple". Indian Express. 27 ජනවාරි 2012. සම්ප්‍රවේශය 27 මැයි 2013.
  2. "Tragedy of being an actor: Mohammad Nazim". The Times of India. 26 මාර්තු 2013. සම්ප්‍රවේශය 27 මැයි 2013.
  3. සැකිල්ල:Id "Dua serial India baru tayang perdana hari Senin 26 September 2016, Gopi di ANTV dan Belahan Jiwa di SCTV (Two new Indian series premieres today Monday, 26 September 2016, Gopi at ANTV and Belahan Jiwa at SCTV)". Hiburan.lintas.info. 26 සැප්තැම්බර් 2016. සම්ප්‍රවේශය 16 දෙසැම්බර් 2016.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සාත්_නිභානා_සාතියා&oldid=430888" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි