සාකච්ඡාව:ශ්‍රී ලංකා ජාතික ගීය

Latest comment: වසර 7කට පෙර by අනංගයා

මෙම පිටුව වෙනම පිටුවක් ලෙස තැබීමෙහි වරදක් නොදකිමි. ශ්‍රී ලංකා ජාතික ගීය යනු කුමක්ද, නිර්මාතෘ කවුද, කවදා නිර්මාණය වීද ආදී කරුණු ඇතුලත් කරමින් මෙම පිටුව ගොඩ නැගිය යුතුය යන්න මාගේ අදහසයි. ශ්‍රී ලංකාව ලිපියේ මෙය ගැබ්වූ පමණින් මෙය මකා දැමිය යුතු නොවේ. අනෙක් කරුණ වන්නේ ශ්‍රී ලංකාව ලිපියේ මෙම ලිපියට අදාළ කරුණු ඇතුලත් කිරීම සුදුසු නොවේ. අදහස් දක්වන්න. -- බිඟුවා සාකච්ඡාව 06:29, 13 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply

මෙය ස්වාධීන ලිපියක් විය යුතුය. මෙය ශ්‍රී ලංකා ලිපියේ ඇතුලත් වීම සුදුසු නැත.--Chanaka L (talk) 07:20, 13 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply
බිඟුවාගේ අදහසට මමත් එකඟ වෙමි. --Lee (talk) 08:01, 13 සැප්තැම්බර් 2010 (යූටීසී)Reply
ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ දෙමළ අනුවාදය භාවිතයෙන් බැහැර කොට තැබීමට (විශේෂයෙන් රාජ්‍ය උත්සව වලදී) කැබිනට් මණ්ලය තීරණය කල බවට විවිධ මාධ්‍යයන් පෙරදී වාර්තා කල නමුදු පසුව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක විසින් එම වාර්තා ප්‍රතික්ෂේප කර ඇත. [1][2][3][4]එබැවින් දෙමළ අනුවාදය භාවිතයෙන් බැහැර කොට ඇති බවට අපගේ සමහරක් පරිශීලකයන් දරන මතය නිවරැදි නොවන බවක් මා හට සිතෙයි. එම උපකල්පනය මත පිහිටමින් මෙම ලිපියේ දෙමළ අනුවාදය මකා දැමීම ප්‍රතිවර්තනය කල යුතු බවට යෝජනා කරමි.

--- ශ්වෙත (talk) 09:32, 16 දෙසැම්බර් 2010 (යූටීසී)Reply

යෝජනාව ස්ථිර කරමි පැහැදිලිව ම​. භාවිතයේ නැති වුව ද විශ්වකෝෂයෙන් මකා දාන්නේ ඇයි? එය නැවත පිහිටුවනු මැනවි. එය භාවිතයේ නැති නම් කළ යුත්තේ එය භාවිතාවෙන් ඉවත් වීම ගැන තොරතුරු මෙයට එක් කිරීමයි. නැතුව එය මකා දැමීම නොවේ.    | අනංගයා | සංවාදය​ | 06:25, 26 ජූලි 2016 (යූටීසී)Reply

ඒකාබද්ධය සංස්කරණය

Return to "ශ්‍රී ලංකා ජාතික ගීය" page.