සාකච්ඡාව:වින්ඩෝස් මූවි මේක'

Latest comment: වසර 12කට පෙර by 112.135.20.118 in topic පොඩි උදව්වක්?

පොඩි උදව්වක්? සංස්කරණය

වින්ඩෝස් මූවි මේක' යන්නෙහි මේක' යන වචනයේ ර් වෙනුවට ' ලකුණක් පෙන්වයි. එයට හේතුව කුමක්ද? සිඳු කාවින්ද  සාකච්ඡාව 07:45, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

මෙය නිහඬ ව පවතින r අකුර දැක්වීම සඳහා සිංහල බසේ යොදාගැනෙන ක්‍රමයක්. හල් ර යන්න වෙනුවට ' සලකුණ යෙදීම පිළිගත් ක්‍රමයක්.(ශ'ලොක් හෝම්ස්, පේජ් මේක', ස'බියාව ආදී වශයෙන් ලිවිය හැකියි) එහෙත් තවම බොහෝ පොත්පත් මේකර් වශයෙන් හල් ර යන්න සහිත ව මෙය ලියා පළ කරනු දැකිය හැකියි. මේ දෙකෙන් එකක් පමණක් භාවිත කිරීම ගැන දැනට විකිපීඩියාව තුළ සම්මතයක් නැහැ. තවත් ඇතැමෙක් මේ සලකුණ ද අතහැර පේජ් මේක වශයෙන් ලියනු ද දැකිය හැකි යි. තවත් අය මේක(ර්) කියාත් ලියා තිබෙනු මා දැක තිබෙනවා -Anandawardhana (talk) 08:45, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

හ්ම්..මට දැනුයි වැටහුනේ!! බොහොම ස්තූතියි. 112.135.20.118 09:32, 15 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Return to "වින්ඩෝස් මූවි මේක'" page.