සාකච්ඡාව:වින්ඩෝස් එක්ස්පී

Latest comment: වසර 13කට පෙර by පසිඳු කාවින්ද

මේක නම් හරිම විහිලුවක්! මේ දායකයා තමන් විසින් සංස්කරණය කල ලිපියකට good article යන සැකිල්ල යොදන්න උත්සාහ කරයි. මේ වගේ අගැයීම් කරන්නේ වෙනත් පරිශීලකයෝ නැත්නම් පරිශීලක මඞුල්ලක් විසිනි. මේ කාලය සිංහල විකියේ කලියුගය නිසා අපි කර බා ගෙන සිටිමු. --- ශ්වෙත (talk) 03:20, 10 අප්‍රේල් 2011 (යූටීසී)Reply

හ...හ...හ...පොඩ්ඩක් ඉවසන්නකෝ මේක good article එකක් වෙනහැටි.

මෙම ලිපිය good article හෙවත් හොඳ ලිපියක් යැයි සංස්තාරක විසින්ම ස්වයං-අගැයීමක් මගින් නම් කරගෙන ඇත. එම අගැයීම අභියෝග කරමි. මෙම ලිපියෙහි 10% පමණ නිමවා ඇති අතර එම කොටස් වල පවා අතිමහත් සංඛ්‍යාවක් සිංහල භාෂා වැරදි ඇත. මෙය හොඳ ලිපියක් වන්නේ කෙසේද? ලිපිය සම්පූර්ණ කිරීමෙන් පසුව විද්වත් පරිශීලක මණ්ඩලයක් මගින් good article හෙවත් හොඳ ලිපියක් යැයි නම් කල යුතු යැයි කිසියම් උපමානයන් අනුව නිර්ණය කරන්නේ නම් කම් නැත. එහෙත් මේ දැන් කටයුතු වන ආකාරය වන්නේ නම් සිංහල විකිපීඩියාව විනාශ වනු ඇත. මේ ගැන පරිපාලක වරුන් කටයුතු නොකරන්නේ නම් කිසියම් ඉහළ මට්ටමකට පැමිණිලි කිරීමට සිදු වෙයි. -- ශ්වෙත (talk) 03:31, 10 අප්‍රේල් 2011 (යූටීසී)Reply
මගේ අදහස නම් පසිඳු ඉදිරියේදී හොඳ පරිශීලකයෙකු විය හැකි මුත් තවමත් ඔහුගේ උඩඟු නොහික්මුණු ගති අතහැර නොමැති බවයි. විකියෙහි තමන්ට අවශ්්ය ආකාරයට වෙනස්කිරීම් කල නොහැකි බවත් එහි වැඩ කිරීමේදී සදාචාර සම්පන්නව කටයුතු කල යුතු බවත් මතක තබා ගන්නේනම් මැනවි. තවද, මොහුගේ වර්තමාන ක්‍රියාවන් ගැන හොඳින් ඇස ගසා සිටීමට පරිපාලකවරුන් හට යෝජනා කරමි.--දුගියා (talk) 03:51, 10 අප්‍රේල් 2011 (යූටීසී)Reply
මොහු sock puppet බව ඉහළ මට්ටම් වලින් ඔප්පු වූ බැවින් නීත්‍යානුකූලව ඔහු වාරණය කල යුතු බවට මම යෝජනා කලෙමි. පසුව වැප් ගේ යෝජනා පිළිගනිමින් මොහුට ඉඩ දීමට එකඟ වූයෙමි. දැන් වැප් පවා මොහුගේ නරක ගති අවබෝධ කරගෙන ඇත. ඔබ පවසන පරිදී මෙම පරිහීලකයාගේ උඩඟු නොහික්මුණු ගති අතහැර නොමැති බව මනා ලෙස පැහැදිලි වෙයි. එම උඩඟුව පැන නැග ඇත්තේ පරිපාලකවරුන් ඔහු ආරක්ෂා කරන බවට ඇති අදහස නිසා විය හැකියි. එම නිසා මේ තත්ත්වයට පරිපාලකවරුන්ද භාගික වශයෙන් හෝ වගකිව යුතුයි. --- ශ්වෙත (talk) 04:06, 10 අප්‍රේල් 2011 (යූටීසී)Reply
මේ ලිපිය දියුණු කිරීමට නම් ලිපියේ සංස්කාරකවරුන් දියුණු කල යුතුයි. සංස්කාරක විසින් ඇතුලු කර ඇති Talk header නමැත්තෙහි දැක්වෙන ආකාරයට ඔහු විසින් වත් න්‍රියා කර නැත. හ...හ...හ...පොඩ්ඩක් ඉවසන්නකෝ මේක good article එකක් වෙනහැටි. යැයි ඔහු තබා ඇති සටහනෙහි ඔහු අත්සන තබා නැත. ඇයි ඒ? -- ශ්වෙත (talk) 13:06, 10 අප්‍රේල් 2011 (යූටීසී)Reply

අයියෝ අත්වැරදීමක් වුනේ! සමාව අයදිමි...වැරදි නිවැරදි කිරීමට දායක වීම ගැන මාගේ ප්‍රණාමය...ස්තූතිය! පසිඳු කාවින්ද (talk) 13:30, 10 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Return to "වින්ඩෝස් එක්ස්පී" page.