සාකච්ඡාව:ලිංගික කාර්ය කොට්ටය

මකා දැමුම් යෝජනාව සංස්කරණය

අදාළ මකා දැමුම් යෝජනාව ද්වේෂ සහගතව ඇතුළු කල එකක් යැයි සටහන් කිරීමට සිතුනද මම එසේ නොකරන්නේ වැදගත් විකිපීඩියානුවෙකු එසේ කරතැයි නොසිතන නිසාවෙනි. --- Shwetha (talk) 17:43, 12 පෙබරවාරි 2016 (යූටීසී)Reply

  • මකා නොදමන්න - පල් හෑලි ලෙස යෝජනා කොට මෙම ලිපිය මකා දැමීමට තරම් පැහැදිලි හේතුවක් නොපෙනේ. යෝජකයා විසින් මෙම ලිපිය මකා දැමීමට නම් කෙලේ කුමන පදනම් යටතේද යන්න තව දුරටත් පැහැදිලි කරන්නේ නම් යෝග්‍ය වනු ඇත--L Manju (talk) 02:04, 13 පෙබරවාරි 2016 (යූටීසී)Reply

@L Manju, මෙය දෙමල හෝ ඉංග්‍රීසි විකිපීඩියාව නොවන නිසාත් මෙය සිංහල විකිපීඩියාව වන බැවින් මෙම ලිපිය පල් හෑලි වෙයි. එය වල් හෑලි ලෙසද හැදින්විය හැක ,අන්තිවට එය වැල හෑලි බවට කෙනෙකුට පත්කරගත හැක . විකිපීඩියාවේ තිබෙනවායැයි දේවත්වයෙන් සලකා කුඩා ළමුන් විසින් ප්‍රයෝජනයට ගත හැකි මෙවලමක්ද වීමට ඉඩ තිබේ . මෙය සිංහල කියවන අයගේ සංස්කෘතියට ගෝචර නොවන බැවින් එය සුදුසු නොවෙයි නේද ? . කරුණාකර මෙය ඉක්මනින්ම මකාදමන්න. විකිපීඩියාවට එය සුදුසු නොවේ.මෙය තබාගැනීමට සුදුසු වන්නේ හුදෙක් ඉංග්‍රීසි විකියේ තිබෙන බැවින්ද.? තවද, @Shwetha, අදාළ ලිපිය මගින් ලිපියේ කතෘ තුමාගේ සහ පාක්ෂිකයාගේ පහත් මානසික මට්ටම පෙන්නුම් කරන බව මෙහිලා විශේෂයෙන්ම සටහන් කිරීමට හිතුනත් නොවැදගත් විකිපීඩියානුවකු වන මා මෙම අවස්තාවේදී එලෙස නොකරන්නේ ඔවුන්ගේ ගරුත්වය මා විසින් රැකදීම මගේ වගකීමක් වන බැවින්ද වේ . --RsEkanayake 20:56, 21 මාර්තු 2016 (යූටීසී)Reply

විකිපීඩියා යනු විශ්වකෝෂයකි. විශ්වකෝෂයක් යනු සමස්ත ආකාරයක දැනුම පිළිබඳ විස්තර සමර්පණය කිරීමට වෙර දරන ලිඛිත සාරසංග්‍රහයකි. මෙම ලිපිය යම් ආකාරයක දැනුමක් ලබාදීමට මිස කියවා ආතල් ගැනීමට කළ රචනාවක් ලෙස නොපෙනේ. සිංහල සංස්කෘතිය මුවාවෙන් තමන් පරම පිවිතුරු චරිතයක් යැයි පෙන්වීමට උත්සාහ කරන්නේ කුමන උසස් මානසික මට්ටමක් නිසාවෙන්දැයි අපැහැදිලිය.-----Randeer (talk) 08:40, 11 අප්‍රේල් 2016 (යූටීසී)Reply

මට සිතුන නිසා මා මකාදැමීමට යෝජනා කළා .එය මාගේ සාමානය දැනීමය.මෙම ලිපිය යම් ආකාරයක දැනුමක් ලබාදීමට උත්සහයක් දරන්නේ නම් බොහොම වටිනවා.මා විකියට ආධුනිකයෙකු බැවින් මගෙන් වරදක් වී ඇතිබව මට ඔබ සියලුදෙනා විසින් පෙන්වාදෙමින් පවතී.වරදක් වීනම් ඒ මාගේ නොදැනුවත්කම නිසාවෙන් විය හැක . එසේනම් එයට සමාවුව මැනවි.නමුත් එම මතය දැරීමේ අයිතිය මා සතිය. මෙයට පහත සදහන් අදහසත් එක්කරගන්නා මෙන් ඉල්ලමි.
  • ලිපියක් වෙනුවෙන් සාකච්චා පිටුවේ අදහස් දැක්වීමේ අයිතිය සියල්ලන්ටම තිබෙනවා වුවත් එය අභිබවා එය වැරදි ලෙස වටහා ගෙන පුරවා නිගමනවලට පැමිණ අදහස් දැක්වීම කනගාටුවට කරුණකි.
  • හුදු පෞද්ගලිකත්වය සෘජුවම එල්ලකර(Randeer මහත්මයා විසින් ,අනිත් දෙපල උපාය ශීලීව එසේ නොකිරීමට කල්පනාකාරීවෙලා ) කරුණු ඉදිරිපත්කර ඇති නිසා එයට පිළිතුරක් දෙමි. මා පරම පිවිතුරු චරිතයක් නොවන බව මෙහිදී අවදාරණය කරමි. එබැවින් එ පිළිබද තර්කයක් නැත.තවද සිංහල සංස්කෘතියට මුවා වීමට මට කෙසේවත් අවශ්‍යතාවයක් නැත.මා නිතරම සියලු කල්හි සිංහල සංස්කෘතියේ ගිලී කිදා බැස සිටින නිසා මින් ඉදිරියට මා කරන සියලුම ක්‍රියා පිලිබදව ඔබට එවැනි මනොවිකාරයක් පෙනීමට ඉඩ ඇති බැවින් එලෙස නොකිරීමට වගබලාගන්න.මගේ මානසික මට්ටම එතුමාට අපැහැදිලි නිසා මාගේ මානසික මට්ටම පහත් තත්වයේ බවද සලකා එයටද පිළිතුර ලබුසේ සලකන්න.
  • ඉහත උඩින් මා තර්කයට තර්කයෙන් පිළිතුරුදී ඇත.එය හුදු තර්කයකි(අපහාසයක් නොවන බව මගේ හැගීමයි ).
  • දීර්ග ලෙස සාකච්චා කල හැකි වුවත් සාකච්චා පිටුවේ එයට ඉඩ ප්‍රස්තානොසලසන බැවින් එසේ නොකරමි.දැනට මේ ලිපිය පරිවර්තනය වී ඇත්තේ චීන භාෂාවට පමණි. දෙවනුවට සිංහලටය.මෙය තබාගැනීමට සුදුසු වන්නේ හුදෙක් ඉංග්‍රීසි විකියේ තිබෙන බැවින්ද.? ඔබ සියාලු දෙනාට සුභ නව වසරක් වේවා !--RsEkanayake 16:39, 14 අප්‍රේල් 2016 (යූටීසී)Reply
Return to "ලිංගික කාර්ය කොට්ටය" page.