සාකච්ඡාව:මෛත්‍රී බෝධිසත්ත්‍ව

(සාකච්ඡාව:මෛත්‍රී බෝධිසත්ව වෙතින් යළි-යොමු කරන ලදි)

සංකල්ප ගැටුම

සංස්කරණය

මෙම ලිපිය හා සබැඳි සංකල්පය පිළිබඳව ඉංග්‍රීසි විකිපීඩියාව තුළ අර්ථ දක්වන ලෙස බටහිර දෘෂ්ටිකෝණය අනුව සහ බුද්ධාගම හා සබැඳි දෘෂ්ටිකෝණය අනුව ලෙස සංකල්ප දෙකක් පවතින බව දක්නට ඇත.

සාකච්ඡාවකට පසුව එකඟතාවයකට පැමිණ මිස එම බෙදීම් දෙක වෙනස් නොකරන්න. -- Lee (talk) 08:25, 3 ජූලි 2024 (යූටීසී)Reply

@Lee ලී මොහුගෙ වෙබ් පිටුවෙද අවසාන කොටසෙ මෛත්‍රි බොසතාණන් වහන්සෙ ඇයි කළයක් ආකාරයේ බදුනක් රැගෙන විත් කියන කොටස හුදෙක් මොහුගෙ මතවාදයෙන් තබා තිබෙන කාරණයක්. ඇයි උන්වහන්සෙට එහෙම බදුනක් ලැබුනෙ කිය දන්නෙ නැ. සම්බුද සාසනය දන් දුන්න භවක් මොහුගෙ ලිපියෙ සදහන් වෙන්නෙහ් නැ. තව කාරණා තිබෙනවා මම වෙනස් නොකරමි. ෆැන්ටසි ලොකය ලෙස මගෙ ලිපිය සහා මොහුගේ ලිපිය අතර බලන කල්හි සියලුම දෙ කිස්තුවර්ශ වලින් සදහන් කරයි, බුදු ඩහමෙ ත්‍රිපිටකයෙ එර්දි සහ මොග්ගල්ලන සහ සාරිපුට්ත මහ රහතන් වහන්සෙගෙ එර්දි ෆැන්ටසි බව මොහු නොදන්නව ඇති, එවනි ෆැන්ටසි ලොකේ නැති බව ලෙස සිත ලියන ලිපියකි. එවනි කෙනෙක් මගෙ ලිපිය කිසි සෙත් පිලි නොගනි. මොහු දන්නේ නැ අපේ ගෞතම බුදුන් වහන්සෙ මෛත්‍රි බුදුන් වහන්සෙ ගැන දෙශනා කල විත්තියත්. කෙසෙ නමුත් මහායානික සංකල්ප නිසා කියවන්නා දනි, අප කියවන්නටම බාරදෙමු. මා නිහඩ වන්නෙමි.
නමුත් මා එක දෙයක් කැමති කියන්නට මෛත්‍රී බොසතුන් වහන්සෙට ඔය කලය දුන්නෙ අපේ මහ ගෞතම මුනිදු, එද විශල මහ නුවර තුන්බිය නසන වෙලෙ ආනන්ද හාමුදුරුවො විශල මහනුවරට ඉස්සා පැන්, ඒ ඉතුරු වෙන පැන් කලෙ තමඉ බුදුන් වහන්සෙ මෛතී බොසතුන් වහන්සෙට පුජ කරන්නෙ. මොහු මෙය දන්නෙත් නැ. පෙනවනෙ දැනුමක තරම. Thanuka99 (talk) 17:02, 4 ජූලි 2024 (යූටීසී)Reply
@Thanuka99 බඳුන ගැන සඳහන් වන්නේ කලාත්මක නිරූපණ යන උප මාතෘකාව ඔස්සේ. එතන කතා කරන්නේ මෛත්‍රී බෝධිසත්වයන්ගේ නිරූපණය කෙරූ අකාරයන් පිළිබඳව ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක දෘෂ්ටියෙන්, එතකොට ගෞතම බුදුන් විසින් කලය පූජා කරපු කතාව කලාත්මක නිරූපණ කියන උප මාතෘකාවට ගැලපෙන්නෙ නැහැ. මොකද ඒක ආගමික සාහිත්‍ය එන දෙයක්. ඒක හරිනම් දාන්න ඕනේ ථේරවාදය කියන උප මාතෘකාව යටතට. සිදුහත් ගෞතම කුමරු කියන චරිතය සම්පූර්ණ ඓතිහාසාත්මක චරිතයක් කියලා සම්පූර්ණනයෙන් ඔප්පු කරලා නැහැ අදටත්. මොකද උන්වහන්සේට සමකාලින පුරාවිද්‍යා හෝ ලිඛිත මූලාශ්‍ර කිසිවක් හමුවවෙලා නෑ තවමත්, ඒ නිසා ථේරවාද ත්‍රිපිටකයේ හෝ මහායාන ත්‍රිපිටකයන් තුළ සඳහන් වන සියලුම චරිතාපදානයන් අයිති වන්නේ ඉතිහාසයට නොවේ සාහිත්‍යට පමණයි මොකද ඒවා ලියවෙන්නේ ගොඩාක් පසුකාලිනව. බෞද්ධ චරිතය ක්‍රමවත් ලෙස ලියවෙන්නේ පසුකාලින මූලාශ්‍ර වල පවා ඔබ හොඳට දන්නවා ඇති. මෛත්‍රී බුදුන් ගැන දීර්ඝ විස්තරයක් සඳහන් වන අනාගත වංශ දේශනාව පවා ලියවෙන්නේ කුරුණෑගල යුගයේ. අනාගත වංශ දේශනාවේ තියන බොහෝ කරුණු පාලි ත්‍රිපිටකයේ නැහැ. ඔබ වගේ හැමදේම අච්චාරුවක් කරන් මම ලිපි ලියන්නේ නෑ. ඔබ මේ ලිපිය ගැන හොයන්න අවශ්‍ය නෑ. මම හිතන්නේ ඇත්තටම ඔබට තියෙන්නේ මානසික ප්‍රශ්නයක්. හොඳම දේ සුදුසු මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. Mili977 (talk) 05:09, 6 ජූලි 2024 (යූටීසී)Reply
@Thanuka99 මේ ලිපිය ථේරවාද හෝ මහායාන හෝ වජ්රයාන බෞද්ධ සාහිත්‍යමය දෘෂ්ටියෙන් කතා කරන එකක් නෙවෙයි. ලිපියේ අරමුණ ථේරවාද ග්‍රන්ථ වල එන සාහිත්‍යන් හෝ ධර්මයෙන් මෛත්‍රී බෝධිසත්වයන් විග්‍රහ කිරීම නොවේ. ඒ නිසා අනවශ්‍ය සාහිත්‍යම කතා මේ ලිපියේ සඳහන් වන්නේ නැහැ. හැබැයි මම කියන්න ඕනේ මහායානයට මම වැඩි තැනක් දෙනවා. මොකද ථෙරවාදයට වඩා මෛත්‍රී බෝධිසත්ත්වයන්ට වැඩි විශේෂත්වයක් ඓතිහාසාතමවක ලබා දෙන්නේ මහායානය තුළ, මේ දෙක සංසන්දනය කරනකොට ථෙරවාදය තුළ මෛත්‍රී බෝධිසත්ව ගැන කරුණු නැති තරම්. ථේරවාද සහිත්‍ය අනුව විග්‍රහ කරන්න ඔබට වෙනම පිටුවක් දීලා තියෙනවනේ කරුණාකර එක ඔබ සංස්කරණය කරන්න. මේක ගැන සොයන්න අවශ්‍ය නැහැ. ඊලඟ දේ හැමදේටම ඇඩ්මින් ව මෙන්ශන් කරන්න එපා සංස්කරණය සඳහා පූර්ණ බලතල පරිශීලකයෙකුට ලබා දී තිබෙනවා. Mili977 (talk) 05:27, 6 ජූලි 2024 (යූටීසී)Reply
Return to "මෛත්‍රී බෝධිසත්ත්‍ව" page.