මෙම සංස්කරණය දිවයින පුවත්පතෙහි ලිපියකින් , බුසුසරණ පුවත්පතින් සහ මෙම බ්ලොගයෙන් කොපි කිරීමකි. එය මකා දමමි. ---- Shwetha (talk) 14:46, 11 නොවැම්බර් 2014 (යූටීසී)Reply

මෙම සංස්කරණය මෙම බ්ලොගයෙන් කොපි කිරීමකි. එම කොටස මකා දමමි. ---- Shwetha (talk) 14:54, 11 නොවැම්බර් 2014 (යූටීසී)Reply
මෙම සංස්කරණය මෙම බ්ලොගයෙන් කොපි කිරීමකි. එම කොටස මකා දමමි------ Shwetha (talk) 15:06, 11 නොවැම්බර් 2014 (යූටීසී)Reply

මකා නොදමන්න -ලිපිය සංවර්ධනය කිරීමට අදහස් කරමි. ඉදිරි මාස කීපය තුල ලිපිය නිම කරමි සංස්කරණය

ඉදිරි මාස කීපය තුල ලිපිය නිම කරමි .paraphrasing කිරීමට අවශ්‍ය බැවින් ලිපිය තිබුන ලෙසම තබන්න .--Rsekanayake (talk) 10:13, 27 නොවැම්බර් 2015 (යූටීසී) ලිපිය සම්භන්දව මතබේද ඇති බැවින් එම මතබේද දුරු කරන තෙක් මෙම ලිපිය සංවර්දනය කිරීමට නොහැකිවූ බව සලකන්න.මේ පිළිබද දීර්ග වශයෙන් කල කරුණු පැහැදිලි කිරීම මෙතන ඇත. එම සංවාදය එක එල්ලේම දැනගැනීම පිණිස එම ස්ථානයෙන් කොපිකර නැවත මෙම ස්ථානයේම පහතින් මා විසින් පලකරමි.--Rsekanayake (talk) 16:41, 10 දෙසැම්බර් 2015 (යූටීසී)Reply

මහමෙව්නාව මහා විහාරය ලිපිය සංස්කරණය

මුලින්ම බිහි වුනේ අනුරාධපුරයේ කවුරුත් දන්නා ඉපැරණි "මහමෙව්නාව මහා විහාරයයි" එබැවින් මෙම ලිපියේ මාතෘකාව ලෙස මහමෙව්නාව මහා විහාරය ලෙස යෙදීම පාඨකයා නොමග යවන සුළුයි ,මාතෘකාව විය යුත්තේ "මහමෙව්නාව මහා විහාරය භාවනා අසපුව" ලෙසයි.--Rsekanayake (talk) 19:05, 23 අගෝස්තු 2015 (යූටීසී)Reply

වෙනස් කරන්න
අනුරාධපුරයට අදාල මහමෙව්නාව මහා විහාරයක් ("මහා විහාරය" ලෙස දැනටම පිටුවක් පවතී) පිළිබදව තොරතුරු සොයාගන්න බැරිවුන නිසා ඉහත පරිදි නම යෙදුවා. නමුත් එහි නුසුදුසු බවක් ඇත්නම් වෙනස් කිරීම උචිතයි. නම "මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක" වැනි නමක් වඩා සුදුසු යැයි සිතමි.--L Manju (talk) 16:30, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

Noted.--Rsekanayake (talk) 05:44, 27 නොවැම්බර් 2015 (යූටීසී) @ L Manju අනුරාධපුරයේ ඉපැරණි මහමෙවුනා මහාවිහාරය ලෙස අර්ථ නිරූපනය වන සේ දකුණේ පන්සලක විස්තර ඇතුලත් කොට මෙමලිපිය ඔබ විසින් නිර්මාණය කොට ඇති බව පෙනේ .මෙය සත්‍ය විකුර්ති කිරීමකි. පාඨකයා නොමග යවන සුළුය . විකි ප්‍රතිපත්ති වලටද පටහැනිය. ඒබැවින් ලිපියේ මාතෘකාව වෙනස් කල යුතු බවට යෝජනා කෙරේ.එය වෙනස් කරන ලෙස ඔබතුමාගෙන් ඉතා ගවුරවයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටිමි.--Rsekanayake (talk) 09:09, 27 නොවැම්බර් 2015 (යූටීසී)Reply

"මෙය සත්‍ය විකුර්ති කිරීමකි. පාඨකයා නොමග යවන සුළුය . විකි ප්‍රතිපත්ති වලටද පටහැනිය." මේ ප්‍රකාශය මට එතරම් පැහැදිලි නැහැ. ඔය කියන මම කඩකල විකීප්‍රතිපත්තිය ගැනත් දැනගන්න කැමතියි.-- L Manju (talk) 15:45, 28 නොවැම්බර් 2015 (යූටීසී)Reply
  1. ස්තුතියි ඔබ තුමන්ගේ අවධානය යොමු කරවීම ගැන . මහමෙව්නාව ලිපිය ආරම්භ කර ඇත්තේ 03:18, 16 ඔක්තෝබර් 2014‎ දින මා විසිනි .එනම් ඊට මාසයකට පමණ පසු

මහමෙව්නාව මහා විහාරය යන ලිපිය 15:07, 11 නොවැම්බර් 2014‎ දින L Manju (talk) ඔබ විසිනි ආරම්භ කර ඇත ඒ අතර තුර 01:03, 31 අගෝස්තු 2013‎ දින මුලාරම්භ කරන ලද මහා විහාරය ලෙස ලිපියකුත් පැවතී ඇත. ( ඔබ ඔබේ ලිපිය ආරම්භ කරන විට ඒ පිළිබද දන සිටියාද නැද්ද කියා නොදනී,තවද සිංහල විකිපීඩියාව තුල එම නම මහමෙව්නාව මහා විහාරය ලෙස දීමම වැරදියි.නොමග යැවීම සිදුවන්නේ එතනයි. )

  1. ඔබ පැවසු පරිදි මහා විහාරය ලෙස පිටුවක් පවතින බවත් ‘’’’අනුරාධපුරයට අදාල මහමෙව්නාව මහා විහාරයක් පිළිබදව තොරතුරු සොයාගන්න බැරිවුන නිසා ඉහත පරිදි නම යෙදුවා.’’’’ යන්නයි. ඔබ විසින් කර ඇති මෙම ප්‍රකාශයෙන් ඔබ ලංකා ඉතිහාසය නොදන්නා බව ගම්‍ය වේ.
  2. පිළිගත් මුලාශ්‍ර වලට අනුව “මහමෙවුනා මහා විහාරය” නොහොත් “මහාවිහාරය” යනු “මහමෙවුනා උයන” නොහොත් “මහාමේඝ වනෝද්‍යානය” තුල එකල්හි පිහිටි විහාර සංකීර්ණයකි.( FACT)
  3. විකිපීඩියාවේදෙවැනි ස්ථම්භය (කොළ ) අවදානය යොමු කරන ලෙස ගවුරවයෙන් ඉල්ලමි .
  4. Oxford කියා විශ්වවිද්‍යාලයක් ඇත .ලංකාවේද Oxford කියාද විද්‍යාලයන් සහ අධ්‍යාපන ආයතනයන් ඇත,එසේම රාජකීය විද්‍යාලය කියාද විද්‍යාලයක් ඇත, රාජකීය ලෙස නම දැරූ වියාලයන්ද දිවයින පුරා ඇත.ලංකාවේ බහුතර ජනතාව ඉතිහාසය ගැනවත් ,ලෝක ප්‍රවණතා ගැනවත් ,දේශපාලනය ගැනවත් පුළුල් විශ්ලේෂක අවබෝදයක් නැත.ඔවුන් මේ කිසිවක් නොදන්නේය. ඔවුන්ව පහසුවෙන්ද මුලා කල හැකිය.ඔවුන්ව අප ඔබට ලෝකල් Oxford යැවිය හෑකිය. ගමේ රාජකීය විද්‍යාලයද යැවිය හැකිය. ඔවුන් සතුටු වන්නේ සත්‍ය ලෙසම Oxford ගිය ය මෙනි.සන්ලයිට් කියා සබන් වර්ගයක් ඇත,නමුත් සන්ලයිට් ලෙස පැහැයෙන් හැඩයෙන් අනුකරණය කොට මුලාකළ සබන් ඕනෑතරම් ඇත. කහපාටින් දවටනය ඇති පමණින්ම එය සන්ලයිට් නොවේ.
  5. සිංහල විකිය ලියන්නේ සිංහල භාෂාව පරිහරණය කරන ඉහත සදහන් ජනතාව වෙනුවෙන්ය.එබැවින් අපේ වගකීම වනුයේ නිවැරදි දේ සත්‍ය ලෙස පෙන්වාදීමය.මෙම ක්‍රියාදාමය හි අවසන් ප්‍රතිපලය ලෙස සත්‍ය විකුර්ති කිරීමක් සහ පාඨකයා නොමග යැවීමක් ඇත.
  6. මෙය වලක්වා ගැනීම උදෙසා විවිධ මාතෘකාවන්ගෙන් රචිත එම ලිපි වඩාත් සුදුසු වු එක් මාතෘකාවකට ඒකාබද්ධ කල හැකිව තිබුනා නොවේද ? හෝ ඔබතුමා විසින් යෝජිත පරිදි විශේෂිත පදයකින් වෙන්කිරීම හෝ කල හැකිය.--Rsekanayake (talk) 15:37, 30 නොවැම්බර් 2015 (යූටීසී)Reply
ඔබ විසින් මතුකර දැක්වීමට උත්සාහ කරන, ලංකා ඉතිහාසය නොදත් පුද්ගලයා සමග වුවමනා ප්‍රමාණය ඉක්මවා ගිය සංවාදක් තවදුරටත් පවත්වා ගැනීම නුවමනා යැයි සිතමි. නාමයේ නුසුදුසු බවක් ඇත්නම් එම නම "මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක" වැනි නමකට වෙනස් කිරීම සුදුසු යැයි මීට පෙර කියා තිබියදීත් නිකරුනේ ඔබේ කාලයත් වැය කොට මගේ කාලයත් වැය කරවමින් ඔබ විසින් සිදු කරන නොදැනුවත් ප්‍රකාශ වලට උත්තර බැදීමෙන් වළකිමි. තවදුරටත් කිව යුතු දෑ වන්නේ මා විකිපීඩියාව තුල කිසිදු වගකීමකට බැදී නොසිටින අයෙකු යන්නයි. විකියට ප්‍රයෝජනවත් අයුරින් දායක වන්න. ඔබට ජය --L Manju (talk) 03:52, 1 දෙසැම්බර් 2015 (යූටීසී)Reply

ඌණ පුරණයක් ලෙස මේකත් එම පිළිතුරට එකතු කරගන්න .'A Point-of-view forks is an attempt to evade the neutrality policy by creating a new article about a subject that is already treated in an article, often to avoid or highlight negative or positive viewpoints or facts. POV forks are not permitted in Wikipedia.'"" ඔබ ප්‍රශ්නයක් ඇසුවා මා පිළිතුරු දුන්නා එපමණයි. ඔබ විකිපීඩියාව තුල කිසිදු වගකීමකට බැදී නොසිටින අයෙකුය" ලෙස ඔබ කී ප්‍රකාශය අනිත් පැත්තට මටත් අදාල නොවේද ? මගේ පිළිතුරු දීමේ අයිතිය මා සතුය. මගේ ප්‍රකාශයට ,මතයට මා වගකීමෙන් බැදී සිටිනවා . ඉංග්‍රීසි භාෂාව නොදැනීම නිසා හෝ මගේ නොතෙරුම් කමට හෝ යම් වරදක් කොතැනක හෝ සිදුවී ඇත්නම් එයට සමාව භජනය කරන ලෙසද තවදුරටත් ඉල්ලාසිටිමි..එසේනම් ඔබට සුබ දවසක් --Rsekanayake (talk) 04:57, 1 දෙසැම්බර් 2015 (යූටීසී)--Reply

මෙම ලිපිය හෝ ලිපි කොටස "මහමෙවුනා උයන" සමගින් ඒකාබද්ධ කිරීමට L Manju විසින් කර ඇති යෝජනාව සම්භන්දයෙන්. සංස්කරණය

මහමෙව්නාව ලිපිය මහමෙවුනාව ලෙසම පවත්වාගෙන යායුතු බව මගේ අදහසයි.මෙම ලිපිය හෝ ලිපි කොටස "මහමෙවුනා උයන" සමගින් ඒකාබද්ධ කිරීමට සුදුසු නොවේ .තවද L Manju විසින් 2016‎ ජනවාරි මස 19 සහ 2015‎ දෙසැම්බර් 1 දින "මහමෙවුනා උයන" නමැති ඒකාබද්ධ කිරීමට ඔහු විසින්ම යෝජිත ලිපිය ඔහු විසින්ම සංස්කරණය කර පසුව යොමුකර ඇත. මෙතන බලන්න මේ සම්භන්දයෙන් දීර්ග සාකච්චාවක් කිරීමට මා කැමැත්තෙමි.මෙම ලිපි වල මතවාද නිරාකරණය දෙන්නේනම් ඉතිහාස විෂයෙහි නිපුණයින් විසින්ම මෙම ලිපි සියල්ල්ල යතාරුපී ලෙසම සංස්කරණය කිරීමට දායක කරගත හැක.--RsEkanayake 02:48, 22 ජනවාරි 2016 (යූටීසී)Reply

මහමෙව්නාව නමින් යොදා ඇති මෙම ලිපියෙහි අන්තර්ගතය වන්නේ කුමක් ගැනදැයි පහදාදෙන මෙන් ඉල්ලා සිටිමි.--L Manju (talk) 13:44, 22 ජනවාරි 2016 (යූටීසී)Reply
තවද L Manju විසින් 2016‎ ජනවාරි මස 19 සහ 2015‎ දෙසැම්බර් 1 දින "මහමෙවුනා උයන" නමැති ඒකාබද්ධ කිරීමට ඔහු විසින්ම යෝජිත ලිපිය ඔහු විසින්ම සංස්කරණය කර පසුව යොමුකර ඇත. ඔබ මෙයින් අදහස් කරන්නට යන්නේ කුමක්ද?--L Manju (talk) 13:48, 22 ජනවාරි 2016 (යූටීසී)Reply
ඉක්මන් ප්‍රතිචාරය ගැන සතුටු වෙමි.මා සිත ජනිත කරවූ පහත උගතෝකෝටිකද පහදන්නේ නම් මා තවත් සතුටුවෙමි.
  • ඔබ විසින් "මහමෙවුනාව" ලෙස දැනට අංකුර මට්ටමේ පවතින ලිපිය "මහමෙවුනා උයන" සමගින් ඒකාබද්ධ කිරීම පිණිස ඔබ සිත් තුල ජනිත කරවූ ඒ විශේෂිත අරමුණ කුමක්ද?
  • මහමෙව්නාව යන නාමය අතුගා දැමීමට ජෝජනාකිරීමෙන් ඔබ බලාපොරොත්තුවෙන්නේ කුමක්ද?
  • මහමෙව්නාව යන්න ශුන්යර්තයක් ලෙස ඔබ විසින් වටහාගෙන ඇතිද? එය ලිපියක් ලෙස සංවර්දනය කල නොහැකි බව ඔබ විසින් අවබෝධ කරගෙන තිබේද ?"මහමෙවුනාව" "මහමෙවුනා උයනට" සමාන වන්නේද ?

ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනවානම්..

  1. මහමෙව්නාව නමින් යොදා ඇති ඔබ සිත්ගත් මෙම අංකුර මට්ටමේ ඇති මෙම ලිපියේ අන්තර්ගතය ඉතිහාසය පිළිබද ප්‍රවීණ විකිපීඩියානුවන් විසින් රුක්ෂයක් බවට පරිවර්තනය වීමේදී හදුනාගත හැකි බව මගේ අවබෝදයයි.ඔබ හිතන්නේ කොහොමද ?
  2. දෙවන පැනයට පිළිතුර වනුයේ.මා විසින් පවසා ඇති කාරණය සත්‍ය බවත්(ඔබ පිළිගෙන ඇත) .මෙයින් අදහස් කලේ සැලසුම් සහගතව එය කර ඇති බවය.(යථාර්තය සහ දෘෂ්‍ය යථාර්තයයි reality and magical reality ,මෙහිදී ඔබ විසින් යථාර්තය ලෙස දෘෂ්‍ය යථාර්තයක් මවා ඇත )

ඔබගේ වටිනා කාලය මේ සදහා මිඩංගු කිරීම ගැන ඔබට ස්තුතියි.ජයශ්‍රී!--RsEkanayake 21:44, 22 ජනවාරි 2016 (යූටීසී)Reply

ඔබ විසින් සංවාදය කිසිදු හරයක් නොමැති ප්‍රකාශ වෙත ගෙන ගොස් ඇති බව හැගේ. මා විමසා තිබෙන පළමු කාරණාව වූවේ ලිපියේ අන්තර්ගතය කුමක් ගැනද යන්නයි. අපැහැදිලි හා අදාල නොවන යමක් කියමින් ඔබ ඊට පිළිතුරක් දී නැත. මා විමසූ දෙවන කරුණට ඔබ යෙදූ ප්‍රතිචාරයට කිවයුතු වන්නේ, මා විසින් ඔබ කියනා අපබ්‍රංශ කිසිවක් පිළිගෙන නැත. (වරහන් තුල ඇති). සැළසුම් සහගතව කර ඇති බව යන ප්‍රකාශය අපැහැදිලියි. එසේම ඔබ තුල පහළ වූවා යැයි කියන උගතෝකෝටිකද යන්නට මට දිය හැකි පිළිතුර වන්නේ ඔබ විසින් මෙම ලිපියේ අන්තර්ගතවන්නේ කුමක් ගැනද ප්‍රකාශ නොකොට ඒවාට පැහැදිලි පිළිතුරක් ලබාදිය නොහැකියි යන්නයි. නමුත් මාතෘකාව ඒකාබද්ධ කිරීමට යෝජනා කිරීමට හේතුවක් දෙන්නම්. මහා විහාරය හා මහමෙව්නා උයන යන මාතෘකා සහිත ලිපි මේ වන විට තනා තිබේ. මහමෙව්නාව යන නමින් වූ මේ ලිපිය ඉහත මාතෘකා වෙත සෘජු සම්බන්ධතා දක්වයි. මෙම ලිපියේ වූ මාතෘකාව මහමෙව්නා උයනට සම්බන්ධතා දක්වන අතර, එහි ඇතුලත වූ කොටස් මහා විහාරය ගැන කියයි. ලිපිය ඇරඹෙන්නේද පිළිගත් මුලාශ්‍ර වලට අනුව “මහමෙවුනා මහා විහාරය” නොහොත් “මහා විහාරය” යනු බවට පවසමන්. මහා විහාරය ලිපිය මේ වන විටත් තිබෙන බැවින් පුන පුනා තවත් මහාවිහාර ලිපි තැනීම සිදුනොකිරීම සුදුසු වේ. එසේම මීට පෙර මා ඇතුළු අනෙක් පරිශීලයක මහතා විමසූ පරිදි මහමෙව්නා මහා විහාරය යන්න මහා විහාරයට යෙදූ බවට පිළිගත හැකි මූලාශ්‍ර උපුටන්නේ නම් මැනවි යැයි සිතමි. මෙතන බලන්න. (මීට පෙර මා මෙය සදහන් කල අවස්ථාවේ, ඊට නිසි පිලිතුරක් නොදෙමින්, මා ලංකා ඉතිහාසය නොදන්නා බව ගම්‍ය වන බව ඔබ විසින් පවසන ලදී.) මක් නිසාද යත් ඔබ විසින් නිතරම කියන පරිදි, පුද්ගලික මති මතාන්තර විකිපීඩියාවට ගෙන ඒම මගින් සිංහල "විකීපීඩියා නිදහස් සංචලනය" නැමැති අවිය උපයෝගී කරගෙන දැනුවත්ව හෝ නොදැනුවත්ව අපහරණය වීම වැනි දෑ සිදු විය හැකි බැවින්. ඉහත කරුණු නිසා මෙහි මාතෘකාව මහමෙව්නා උයනටත්, ඇතුළු කරුණු මහා විහාරයටත් ඒකාබද්ධය යෝජනා කර තිබේ. (එම කරුණු මේ වන විටත් මහා විහාර ලිපියෙහි අන්තර්ගතව පවතී)--L Manju (talk) 02:35, 23 ජනවාරි 2016 (යූටීසී)Reply
මෙම සංවාද අනුව මෙම මාතෘකාව මහමෙව්නා උයන ලිපිය වෙත යොමුකල යුතු බව පෙනේ. මාගේ සාකච්ඡා පිටුවේ මෙම සාකච්ඡාව අනුව මහාවිහාරයමහමෙවුනා මහා විහාරය ලෙස සඳහන්වන පිලිගත හැකි මූලාශ්‍ර හමුවී නැති බවද පෙනීයයි. Singhalawap (talk) 08:23, 23 ජනවාරි 2016 (යූටීසී)Reply

මෙම සංවාද වලට අනුව ; මහාවිහාරයමහමෙවුනා මහා විහාරය ලෙස සඳහන් වන පිලිගත හැකි මූලාශ්‍ර තවම හමුවී නැති බැවින් මෙම මාතෘකාව ,එනම් මහමෙව්නාව ලිපිය මහමෙව්නා උයන ලිපිය වෙත යොමුකල යුතු බව පෙනේ. කෙසේ වෙතත් මහා විහාරය සහ මහමෙවුනා උයන නිදහසේ සංස්කරණය වීම සදහා අවසානයේ නිදහස් කිරීම පිළිබද සතුටු වෙමි. එබැවින් අතුගා දමන ලද මහමෙව්නාව ලිපිය මහමෙව්නා උයන ලෙස නිර්මාණය කර පෝෂණය කරන මෙන්ද L Manju මහත්මයාගෙන් ගවුරව පුර්වකව ඉල්ලා සිටිමි.
තවද ලිපියේහි මාතෘකාවෙහි "මහමෙවුනා උයන" ලෙස වැරදි ලස අක්ෂර දෝෂයක් සටහන්ව ඇත."ව්" වෙනුවට "වු" ලෙස.එය "මහමෙව්නා උයන" ලෙසද නිවැරදි කරන මෙන් ඉල්ලමි.තවද මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක සහ මහමෙව්නාව භාවනා අසපුව ලෙසද ලිපි අවතින බව විකිපීඩියානුවන් වෙත සිහිගන්වනු කැමැත්තෙමි.
ඒ සමගම මහමෙව්නාව මහා විහාරය ලෙස දැනට පවතින ලිපිය මතවාද වලින් තොරව සංස්කරණය සදහා නිදහස් කර ඇතත්ද නැත්ද යන වගත් සදහන් කිරීමට කාරුණික වන්නේනම් මැනවි.
අනිත් කරුන නම් මගේ මතකයේ හැටියට "පුද්ගලික මති මතාන්තර විකිපීඩියාවට ගෙන ඒම" කියා මා සදහන් කර නැත.( මා වැරදිනම් නිවැරදී කරන්න ) නමුත් විකි ප්‍රතිපත්ති කෙසේ පනවා තිබුනත් පුද්ගලික න්‍යාය පත්‍රයන් තුල පිහිටා බොහෝ අය ක්‍රියාත්මක වන බව සිතිය හැකිය.' කෙසේ වෙතත් විකියට අනුව හොද හිතින් කරනවා කියා අපි සිතමු.

පරිගණකයේ තාක්ෂණික සෙල්ලම් නීති රීති නොදන්නා නමුත් අපිට වඩා බොහෝ විෂය දෑන උගත් අය සමාජයේ වෙසෙන බවනම් අප නිතරම සිහි තබා ගත යුතුයි.ඔවුන්ව් ගෙන්වා ගැනීමයි අපගේ අරමුණ වියයුතුයි. නැතිව ඔවුන්ව බය කොට පලවා හැරීම නොවේ අප කලයුත්තේ.(මක්නිසාද යත් සිංහල විකිපීඩියාව එකතැන පල්වන බැවින්) අර කියමනක් තියෙනවානේ "දෙවියෝ පය නොගහන බිමේ කුම්බාන්ඩයෝ බල්ටි ගහනවා කියලා " එබැවින් දෙවියන්ව වඩම්මා ගැනීම කුම්බාන්ඩයෝ වශයෙන් අපගේ වගකීමයි --RsEkanayake 13:22, 25 ජනවාරි 2016 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මහමෙව්නාව&oldid=357541" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "මහමෙව්නාව" page.