සාකච්ඡාව:පරිගණක ජාල

Latest comment: වසර 12කට පෙර by පසිඳු කාවින්ද


මෙය හොඳ, සම්පූර්ණ ලිපියක් සේ පෙනේ. තෝරාගත් ලිපියට යෝජනා කළ හැක.--තඹරු විජේසේකර සාකච්ඡාව 10:25, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

ඔව්, මටත් එසේ සිතේ. සිඳු කාවින්ද  සාකච්ඡාව 10:26, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

මෙහි ඇත්තේ එකම එක බැඳියකි. මෙම ලිපිය අනාථ ලිපි ගණයට වැටේ. මෙම බැඳියද රතු එකකි. එනම් නොපවතින එකකි. මීට අමතරව නොපවතින සැකිල්ලක්ද මෙහි භාවිතා කර ඇත. එබැවින් මෙ තෝරාගත් ලිපියක් නොවිය යුතුයි. --- 112.135.217.213 10:29, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

ඔබ කව්ද? මෙය බලන්න -> සැකිල්ල:තෝරාගත් ලිපිය/20 සිඳු කාවින්ද  සාකච්ඡාව 10:31, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

මා කව්ද යන්න පැනයක් නොවේ. මේ ආකාරයට විනාඩි කිහිපයකින් තෝරාගත් ලිපි ගැන තීරණ ගන්නා විකිපීඩියාවක් වෙනත් කොහි තිබේ දැයි නොසිතමි. විකිපීඩියා පරිශීලක ප්‍රජාවේ සම්මුතිය කොහි ගොසින්ද? -- 112.135.217.213 10:35, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

සිංහල විකිපීඩියාවෙහි ඔබ කියන තරම් ප්‍රජාවක් නැති බව සැලකුව මනාය. එම නිසා ලිපියක් තෝරා ගැනීමට 2 නෙකු හෝ සිටියත් ඇති බව මට සිතේ. සිඳු කාවින්ද  සාකච්ඡාව 10:38, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

ඒ ඔබට සිතෙන පරිදිය. ඔබට සිතෙන පරිදී මහජන අයත් දෙයක් පරිහරණය කල නොහැක. අඩු සෙනගක් ඇති තැන ඉතා පරිස්සම් වී බොහෝ කල් දිය යුතුයි. විකියට පරිශීලකයන් ගොඩවන්නේ නිතර නොවන බැවිනි. මෙය ඔබට නොවැටහේද? මේ විකියට නීති රීති නොමැතිද? -- 112.135.217.213 10:42, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

තිබේ, නමුත් ක්‍රියාත්මක වීමක් නොමැත. සිඳු කාවින්ද  සාකච්ඡාව 10:44, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

තිබෙන නීති ක්‍රියාත්මක කිරීම ඔබ වැනි ලියාපදිංචි පරිශීලකයන්ගේ රාජකාරිය නොවේද? ඔබ නීති කඩන විට හෝ නීති ගැන නොසලකන විට ඒවා ක්‍රියාත්මක වන්නේ කෙසේද? --- 112.135.217.213 10:48, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

අනේ අම්මප ලජ්ජා නැති හැටි. අපිත් එක්කම ඉදල අපිටම වල කපනවා නේ. සිඳු කාවින්ද  සාකච්ඡාව 10:48, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply


මේ නිර්නාමික පරිශීලකයාගේ කතා විලාසය ඉතා හොඳින් හුරු ය. නිසැකයෙන් ම පෙර මෙහි සිට, වාරණිත ගිණුම් හිමියෙක් විය යුතුයි. So, Why we do blow our own trumpet? --තඹරු විජේසේකර සාකච්ඡාව 10:51, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

Yes, ඔබ හරි..සිඳු කාවින්ද  සාකච්ඡාව 10:53, 24 අගෝස්තු 2011 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:පරිගණක_ජාල&oldid=167091" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "පරිගණක ජාල" page.