සාකච්ඡාව:ජෝ අබේවික්‍රම

Latest comment: වසර 12කට පෙර by සුරනිමල

ලංකාවේ අවසන් ඇත් ගාල සිදුවී ඇත්තේ 1950දී පනාමුරේ හිදීය. මේ ලිපියේ ඇති පරිදී ජෝ අබේවික්‍රම උපන්නේ 1927දී නම් මෙය සියැසින් දකින විට ඔහුට වයස අවුරුදු 23 ක් වෙයි; ලිපියෙහි අවරුදු 15 යැයි සඳහන් වීම සාවද්‍ය වෙයි. ජ්‍යෙෂ්ඨ පරිශීලකවරු මෙයට වඩා පරිස්සමින් කටයුතු කල යුතුයි. --සුරනිමල (talk) 05:43, 22 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

nice logic suranimala. you are acting like Chathuni Akki. ha ha.. But this is true. --මීමා (talk) 10:42, 22 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
මේ මල්ලී අනුන්ගේ ඇහේ තියෙන පොල් කීර ගැන කතා කරන්න කලින් ඔයාගේ ඇහේ තියෙන පොල් පරාලේ ඔපරේෂන් කරගන්න. කවුරුත් දන්නවා ඔයා වැදගත් පුද්ගලයෙකුගේ sock-puppet කියලා. ඒ උත්තමයට ලැජ්ජයි/බයයි sock-puppet අල්ලල දෙන්න. ඒක නිසා ඔයාව හදලා පැය කිහිපයකින් check user පැමිණිල්ලක් කලා. ඒ අල්ලපු කට්ටිය වාරණය කලා. ඒත් බයවෙන්න එපා. මේක බලන්න. අලුතෙන් එන්න ඉන්න පරිපාලකයො හිතන්නේ බහු ගිණුම් භාවිතය විකියෙ තහනම් නැහැ කියලා. අර ඔයාගේ වික්‍රමයට පස්සේ හොයා ගත්ත sock-puppetලා වුනත් යහතින් වැජඹෙනව නේ. අපි සහයෝගයෙන් ඉමු. You scratch my back, I'll scratch yours ‍මේක තමයි අපේ විකියේ අලුත්ම න්‍යාය. ජය! --- සුරනිමල (talk) 04:06, 23 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
මම දාලා තියෙන්නෙ වයස 15දී පමණ කියලා. එය එතුමාගේ වචන වලින්මයි. මෙය කිහිපවිටක්ම මම අසා තිබෙනවා. අවසාන වරට ඇසුවේ ඊයේ (සැප් 22) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නැවත ප්‍රචාරය කල ජෝ අබේවික්‍රම සහ හඩ්සන් සමරසිංහ සාකච්ඡාවෙදී. Singhalawap (talk) 04:53, 23 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
සමහර තැන්වල කියන්නෙ ජෝ අබේවික්‍රම උපන්නෙ 1933/07/13 කියලා. මෙය බලන්න. Anandawardhana විසින් 02:56, 22 සැප්තැම්බර් 2011 සිදුකල වෙනසට පෙර සිංහල විකියෙත් තිබ්බෙ 1933 කියලා. කොතන හරි වරදක් තියනවා. Singhalawap (talk) 05:01, 23 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
1896, 1898, 1902, 1907, 1912, 1914, 1918, 1922, 1924, 1929, 1944 සහ අවසන් වරට 1950 දී පනාමුරේ ඇත්ගාල් තිබිල තියෙනවා. ජෝ අබේවික්‍රම මහතා සඳහන් කළේ 1944 ඇත්ගාල විය හැකිද? ඒක අන්තිම එක නම් නොවේ. අලියෙකුට (දළ ඇතෙක් නොවේ) වෙඩි තිබ්බේ 1950 එකේදී. ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ වාද විවාද වෙලා ඇත් ගාල් තහනම් කළේ. මේ වගේ ප්‍රසිද්ධ කලාකරුවෙක් උපන් වර්ෂය ලංකාවේ මාධ්‍යය දෙවිදිහකට වාර්තා කළා. ඒකවත් දන්නේ නැති එක ගැන අපි ලජ්ජා විය යුතුයි. ලංකා පුවත් වාර්තා කලේ 1933 කියලයි. අනික්වා 1927 කියලා. නිදසුන දිනමිණ උප්පැන්නේ බලන්න වෙනවා. --- සුරනිමල (talk) 07:05, 23 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply
Return to "ජෝ අබේවික්‍රම" page.