ශිරන්ති රාජපක්ෂ (විවාහයට පෙර වික්‍රමසිංහ) පූර්ව ජනාධිපති ආර්යාවන් අතුරින් එක් අයෙකු වෙයි. හිටපු ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපති වූ මහින්ද රාජපක්ෂගේ ආර්යාව වෙයි. ඇය මානසික විද්‍යාව සහ පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් වෘත්තීයමය නිපුණතාධාරිණියකි.

ශිරන්ති රාජපක්ෂ
පූර්ව ජනාධිපති ආර්යාව
තනතුර දරමින්
2005 නොවැම්බර් 19 – 2015 ජනවාරි 8
පුද්ගලික තොරතුරු
උපත
ශිරන්ති වික්‍රමසිංහ

බදුල්ල,  ලංකාව
ජාතියශ්‍රී ලාංකික
කලත්‍රයාමහින්ද රාජපක්ෂ
දරුවන්නාමල්, යෝෂිත, රෝහිත, දියණිය (ජීවතුන් අතර නැත)
උගත් ශාස්ත්‍රාලයශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කොළඹ

මුල් අවධිය සංස්කරණය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරු ඊ. පී. වික්‍රමසිංහ යුවලට දාව පවුලේ එකම දියණිය වශයෙන් බදුල්ලේදී උපත ලැබුවාය. ඇයට සහෝදරයෝ දෙදෙනෙක්ද වූහ.

අධ්‍යාපනය සංස්කරණය

ශිරන්ති සිය මූලික අධ්‍යාපන කටයුතු, බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් හැදෑරූ අතර, ඇය සිය ද්විතීක අධ්‍යාපන කටයුතු, ළමා මානසික විද්‍යාව සහ පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන්, ඩිප්ලෝමා පාඨමාලාවක්ද සහිතව අවසන් කලාය.

ලෝක රූ රැජින සහ විශ්ව රූ රැජින සංස්කරණය

1973 වසරේ පැවැති ශ්‍රී ලංකා විශ්ව රූ රැජින තරඟය ජයගත් ශිරන්ති , 1973 ග්‍රීසියේ ඇතෑන්ස් හී පැවැති විශ්ව රූ රැජින තරඟයට සහ, එම වසරේම ලන්ඩනයේ පැවැති ලෝක රූ රැජින තරඟයටද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූවාය.[1]

පවුල් දිවිය සංස්කරණය

1983 වර්ෂයේදී ශිරන්ති සහ මහින්ද රාජපක්ෂ විවාහ වූහ. නාමල්, යෝෂිත[2] , සහ රෝහිත ඔවුන් දෙපලගේ පුතුන් තිදෙනා වෙති.

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැදි සංස්කරණය


පූර්වප්‍රාප්තිකයා
තනතුර නොපැවතිනි
ජනාධිපතිවරියක තනතුර හෙබවූ නිසා
ජනපති ආර්යාව
2005 නොවැම්බර් 19– 2015 ජනවාරි 8
අනුප්‍රාප්තික
ජයන්ති පුෂ්පකුමාරි
"https://si.wikipedia.org/w/index.php?title=ශිරන්ති_රාජපක්ෂ&oldid=499056" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි