ශ්‍රී සද්ධර්මගුප්ත පිරිවෙන් විහාරය

ශ්‍රී සද්ධර්මගුප්ත පිරිවෙන් විහාරය (ඉංග්‍රීසි: Sri Saddharmagupta Piriven Vihara) යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ දොඹවෙළ පිහිටි පැරණි බෞද්ධ විහාරස්ථානයක් වේ. එය උඩුගම්පළ-දිවුලපිටිය ප්‍රධාන මාර්ගයෙහි, උඩුගම්පල වටරවුම මංසන්ධියේ සිට කිලෝමීටර .5ක් පමණ දුරින් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙයි.

ශ්‍රී සද්ධර්මගුප්ත පිරිවෙන් විහාරය
Sri Saddharmagupta Piriven Vihara
විහාරයේ වූ ධර්ම ශාලාව
මූලික තොරතුරු
පිහිටීමදොඹවෙල, උඩුගම්පල, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක07°07′26.4″N 79°59′04.2″E / 7.124000°N 79.984500°E / 7.124000; 79.984500ඛණ්ඩාංක: 07°07′26.4″N 79°59′04.2″E / 7.124000°N 79.984500°E / 7.124000; 79.984500
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයගම්පහ
පළාතබස්නාහිර පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය

විහාරය සංස්කරණය

විහාරය ස්තූපයකින්, ප්‍රථිමා ගෘහයකින්, බෝධී රුඛකින්, ඝණ්ඨාර කුළුණකින්, ධර්ම ශාලාවකින්, පුස්ථකාලයකින් සහ භික්ෂු ආවාසයකින් සමන්විත වේ. විහාරයේ වූ පැරණි පුස්තකාල ගොඩනැගිල්ල 2010 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරවා තිබේ.[1] ධර්ම ශාලාව විහාර පරිශ්‍රයෙහි මධ්‍යයට වන්නට ඉදිකොට තිබෙන අතර එහි මැදි වියන විසිතුරු මල් හා අනෙකුත් පැරණි සිතුවම් වලින් සරසා තිබේ.

මූලාශ්‍ර සංස්කරණය

  1. "පෆෝමන්ස් රිපෝට් 2010 - ද පාර්ලිමන්ට් ඔෆ් ශ්‍රී ලංකා" (PDF). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා. 2010. සම්ප්‍රවේශය 2 ජූලි 2017.