ශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තර
ශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තර යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකා දිවයිනෙහි ඇති නිවර්තන වියළි පළල් පත්‍ර වනාන්තරමය පාරිසරික කලාපයකි.
ශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තර | |
---|---|
පරිසර විද්‍යාව | |
ක්ෂේත්රය | ඉන්දුමලයානු |
බයෝමය | නිවර්තන සහ උපනිවර්තන පළල් පත්‍ර වනාන්තර |
සීමා | ශ්‍රී ලංකා පහතරට වර්ෂා වනාන්තර සහ ශ්‍රී ලංකා කඳුකර වර්ෂා වනාන්තර |
භූගෝල විද්‍යාව | |
භූමි ප්‍රමාණය | 47,759 km2 |
රට | ශ්‍රී ලංකාව |
සංරක්ෂණය | |
සංරක්ෂණ තත්ත්වය | අවදානමට ලක් වූ |
ආරක්ෂිත | 17,736 km² (37%)[1] |
භූගෝල විද්‍යාව
සංස්කරණයශ්රී ලංකා දිවයිනෙහි නිරිතදිග කෙළවරෙහි පහතරට වර්ෂා වනාන්තර, මධ්‍යම කඳුකරයේ කඳුකර වර්ෂා වනාන්තර සහ උතුරුදිග යාපන අර්ධද්වීපයේ ඩෙකෑන් කටු පඳුරු ලඳු කැළෑ යන පාරිසරික කලාපවලින් මායිම් වූ මෙම පාරිසරික කලාපය මඟින් සෙසු භූමියෙන් 48,400 square කිලෝmeters (18,700 sq mi), 75%ක් පමණ ආවරණය වේ.
මෙහි භූ ලක්ෂණ සැළකූ විට, භූමිය සාමාන්‍යයෙන් පහත් අතර, එහි තැනින් තැන ගිරි ශිකර දක්නට ලැබේ. මින් උසම ගිරි ශිඛර වන රිටිගල (මීටර 766) මධ්‍යම කඳුකරයට උතුරින් පිහිටා ඇත.
දේශගුණය
සංස්කරණයමෙම පාරිසරික කලාපයට වාර්ෂිකව 1500–2000 mm හ්පමණ වර්ෂාපතනයක් ලැබේ. ඉන් වැඩිම වැසි ප්‍රමාණයක් දෙසැම්බර් සිට මාර්තු දක්වා වූ ඊසානදිග මෝසමින් ලැබෙන අතර, වසරේ සෙසු කාලවල දී එය භූමිය බොහෝදුරට වියළි ය.
ආරක්ෂිත ප්‍රදේශ
සංස්කරණය17,736 km², හෙවත් පාරිසරික කලාපයෙන් 37%ක ප්‍රමාණය ආරක්ෂිත ප්‍රදේශ වේ.[2] ආරක්ෂිත ප්‍රදේශ අතර පහත ප්‍රදේශ ඇතුළත් ය:
- අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය (75.3 km2 (29.1 sq mi))
- බූන්දල ජාතික වනෝද්‍යානය (62.2 km2 (24.0 sq mi))
- ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය (173.5 km2 (67.0 sq mi))
- ගල් ඔය ජාතික වනෝද්‍යානය (259.0 km2 (100.0 sq mi))
- හොරොව්පතාන ජාතික වනෝද්‍යානය (25.7 km2 (9.9 sq mi))
- කවුඩුල්ල ජාතික වනෝද්‍යානය (69.0 km2 (26.6 sq mi))
- කුමන ජාතික වනෝද්‍යානය (යාල නැගෙනහිර) (181.5 km2 (70.1 sq mi))
- ලාහුගල කිතුලාන ජාතික වනෝද්‍යානය (15.5 km2 (6.0 sq mi))
- ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය (235.0 km2 (90.7 sq mi))
- මඩු පාර ජාතික වනෝද්‍යානය (163.7 km2 (63.2 sq mi))
- මාදුරු ඔය ජාතික වනෝද්‍යානය (588.5 km2 (227.2 sq mi))
- මින්නේරිය ජාතික වනෝද්‍යානය (88.9 km2 (34.3 sq mi))
- පරෙවි දූපත ජාතික වනෝද්‍යානය (4.7 km2 (1.8 sq mi))
- රිටිගල දැඩි ස්වාභාව රක්ෂිතය (15.3 km2 (5.9 sq mi))
- සෝමාවතිය ජාතික වනෝද්‍යානය (376.5 km2 (145.4 sq mi))
- උඩවලවේ ජාතික වනෝද්‍යානය (308.2 km2 (119.0 sq mi))
- උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය (3.5 km2 (1.3 sq mi))
- වස්ගමුව ජාතික වනෝද්‍යානය (370.6 km2 (143.1 sq mi))
- විල්පත්තු ජාතික වනෝද්‍යානය (1,316.7 km2 (508.4 sq mi))
- යාල ජාතික වනෝද්‍යානය (රුහුණ) (978.8 km2 (377.9 sq mi))
මේවාත් බලන්න
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණය- "Sri Lanka dry-zone dry evergreen forests". Terrestrial Ecoregions. World Wildlife Fund.
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Eric Dinerstein, David Olson, et al. (2017). An Ecoregion-Based Approach to Protecting Half the Terrestrial Realm, BioScience, Volume 67, Issue 6, June 2017, Pages 534–545; Supplemental material 2 table S1b. [1]
- ^ Eric Dinerstein, David Olson, et al. (2017). An Ecoregion-Based Approach to Protecting Half the Terrestrial Realm, BioScience, Volume 67, Issue 6, June 2017, Pages 534–545; Supplemental material 2 table S1b. [2]