1977 ජනවාරියේදී ශ්‍රී ලංකාවේ හුරුළු වන රක්ෂිතය ජෛවගෝල රක්ෂිතයක් ලෙසින් නම් කෙරිණි. මෙම වන රක්ෂිතය ශ්‍රී ලංකා අලියාගේ වැදගත් වාසභූමියක් වෙයි.[2] හුරුළු වනය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ වියලි-කලාපයේ වියලි සදාහරිත වනාන්තරයන් වෙයි. [3] හුරුළු වන රක්ෂිතය වටා වෙනත් බොහෝ රක්ෂිත ප්‍රදේශයන්ද පිහිටා ඇත. ඒවා අතර රිටිගල දැඩි රක්ෂිතය, මින්නේරිය-ගිරිතලේ සහ මහවැලි පිටාර තැන්න ස්වභාවික රක්ෂිත, වස්ගමුව ජාතික වනෝද්‍යානය සහ කහල්ල-පල්ලෙකැලේ අභයභූමිය යන ඒවා වෙති.

හුරුළු වන රක්ෂිතය
Map showing the location of හුරුළු වන රක්ෂිතය
හුරුළු වන රක්ෂිතය
පිහිටීම උතුරු මැද පළාත, ශ්‍රී ලංකාව
කිට්ටුම නගරයඅනුරාධපුරය
ඛණ්ඩාංක8°12′36″N 80°50′59″E / 8.21000°N 80.84972°E / 8.21000; 80.84972ඛණ්ඩාංක: 8°12′36″N 80°50′59″E / 8.21000°N 80.84972°E / 8.21000; 80.84972
වර්ග ප්‍රමාණය25.50 කිමී²
පිහිටවූයේ1977[1]
පාලක ආයතනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

භෞතික ලක්ෂණ සංස්කරණය

වාර්ෂීක මධ්‍යයනය උෂ්ණත්වය 27.3 °C වන අතර ප්‍රදේශය මිමී 1,600 ක වාර්ෂික වර්ෂාපතනයක් ලබයි. අප්‍රේල්/මැයි සිට සැප්තැම්බර් මාසයන් අතර මාස තුනක් සිට හයක් දක්වා පැහැදිලි වියලි කාලයක් අනවරත ලෙසින් පවතියි.[4] මුහුදු මට්ටමේ සිට 90 මී සිට 150 මී දක්වා අගයන් අතර උන්නතාංශය පවතියි.[5]

ආශ්‍රිත සංස්කරණය

  1. "යුනෙස්කෝස් මෑන් ඇන්ඩ් ද බයෝස්පියර් ප්‍රෝග්‍රෑම් (MAB)". unesco.org. යුනෙස්කෝ. සම්ප්‍රවේශය 2009-05-26.
  2. "මින්නේරිය - වෙයා ද පැකිඩර්ම්ස් රෝම් නවු". lakdiva.com. දි අයිලන්ඩ්. සම්ප්‍රවේශය 2009-05-26. [භින්න වූ සබැඳිය]
  3. වික්‍රමනායක, එරික් ඩී. "ශ්‍රී ලංකා ඩ්‍රයි-සෝන් ඩ්‍රයි එවර්ග්‍රීන් ෆොරස්ට්ස් (IM0212)". worldwildlife.org. WWF. සම්ප්‍රවේශය 2009-05-26. {{cite web}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  4. "මොන්සූන් ෆොරස්ට්ස්". ද සන්ඩේ ටයිම්ස් (විජය ප්‍රවෘත්ති පත්‍ර සමාගම.). 2003-07-20. http://sundaytimes.lk/030720/funday/4.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-05-26. 
  5. "හුරුළු". unesco.org. යුනෙස්කෝ. 2002-02-08. සම්ප්‍රවේශය 2009-05-26.
"https://si.wikipedia.org/w/index.php?title=හුරුළු_වන_රක්ෂිතය&oldid=201991" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි