ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2005

2005 වසරෙහි ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය යනු, ශ්‍රී ලංකාවේ පස්වන ජනාධිපතිවරණය විය. 2005 සැප්තැම්බර් 7 දිනදී නාමයෝජනා භාර ගනු ලැබුනු අතර, 2005 නොවැම්බර් 17 දිනදී මැතිවරණය පැවැත්විණි. ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය 73.73% විය. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ප්‍රකාශිත සියළු ඡන්ද වලින් 50.3% ලබා තේරී පත් විය.

5වන ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය
ශ්‍රී ලංකාව
← 1999 17 නොවැම්බර් 2005 2010 →
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය73.73%
  WEF on the Middle East Arab and foreign Ministers Crop.jpg Ranil Wickremesinghe.jpg
අපේත්ෂකයා මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ
පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය
සන්ධානය එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පෙරමුණ
ජනප්‍රිය ඡන්ද 4,887,152 4,706,366
ප්‍රතිශතය 50.29% 48.43%

Sri Lankan Presidential Election 2005.png
ඡන්ද කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. රාජපක්ෂ නිල් පැහැයෙන් සහ වික්‍රමසිංහ කොළ පැහැයෙන්.

ජනාධිපති මැතිවරණයට පෙර

චන්ද්‍රිකා කුමාරතුංග
එක්සත් ජනතා නිදහස් සන්ධානය

ජනාධිපති මැතිවරණයට පසු

මහින්ද රාජපක්ෂ
එක්සත් ජනතා නිදහස් සන්ධානය

ජනාධිපතිමය ධූර කාල අර්බුදයසංස්කරණය

පළමුව, මැතිවරණයක් පවත්වන්නේද යන්න පිළිබඳවත් අනියත බවක් පැවතිණි. නියමිත කාලයට වසරක් පෙරාතුව, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින්, 1999 මැතිවරණය කැඳවා තිබුණි; එම අමතර වසර ඇයගේ දෙවන ධූර කාලයට එක් විය යුතු බව තර්ක කල ඇය, ඒ පිළිබඳව නඩු ගොනු කලාය. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇයගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කල අතර මැතිවරණය පැවැත්විණි.

මැතිවරණ ව්‍යාපාරයසංස්කරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙසින් රනිල් වික්‍රමසිංහද විගසින් ඉස්මතුවී ආහ. අපේක්ෂකයෝ දෙදෙනාම උත්සාහ කලේ සුළු පක්ෂ වල සහය ලබා ගැනීමටය.ජනතා විමුක්ති පෙරමුණ හා සමග පාර්ලිමේන්තු මට්ටමේ (එක්සත් ජනතා නිදහස් සන්ධානය) පැවති සන්ධානය යළි-එකලස් කිරීමට රාජපක්ෂට සිදුවී තිබුණි. ෆෙඩරල් වාදය ප්‍රතික්ෂේප කිරීමටද දෙමළ ඊළාම් විමුක්ති කොටි සමගින් පැවති සටන් විරාමය යළි-කතිකා කිරීමටද ඔහු එකඟ වීමෙන් පසුව, ජවිපෙ සහ ජාතික හෙළ උරුමය විසින් ඔහු අනුමත කෙරිණි.

වාර්ගික ගැටළුව පිළිබඳ සාමාන්‍ය වශයෙන් වඩාත් සමගියට ලැදි ස්ථාවරයක් දැරූ වික්‍රමසිංහගේ ජයග්‍රහණය සඳහා මෙයින් පසුව පැවති එකම තාත්වික බලාපොරොත්තුව වූයේ දිවයිනෙහි වාර්ගික සුළුතර සහාය ලබාගැනුමයි. ප්‍රධාන මුස්ලිම් පක්ෂය වූ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙහි සහ, වතුකර දෙමළ ජනයා නියෝජනය කල ලංකා කම්කරු කොංග්‍රසයෙහි අනුමැතිය ලබා ගැනුමට ඔහු සමත් විය. කෙසේවෙතත්, ප්‍රධාන ශ්‍රී ලාංකික දෙමළ පක්ෂයවූ, දෙමළ ජාතික සන්ධානයෙහි සහය ලබා ගැනුමට ඔහු අසමත් විය. ඔහු සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට බොහෝ ලෙසින් ඉඩ කඩ ඇතිව සිටි දෙමළ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසින් දෙඊවිකො විසින් අණ කිරීමෙන් පසුව, වික්‍රමසිංහගේ ජයග්‍රහණ බලාපොරොත්තු සිඳී ගියේය.

ආර්ථික ගැටළුද රාජපක්ෂගේ වාසියට හේතු විය. ඔහු අග්‍රාමාත්‍යවරයාව සිටි 2001-04 කාල සීමාවේදී, වික්‍රමසිංහගේ නිදහස්-වෙළෙඳපොළ ප්‍රතිපත්ති යටතේ, ශ්‍රී ලංකාව විසින් ප්‍රබල වර්ධනයක් අත්පත් කරගත් නමුදු, ඔහු විසින් ක්‍රියාත්මක කෙරුණු මතභේදකාරී පුද්ගලීකරණයන් නවතාලීමට රාජපක්ෂ පොරොන්දු විය. ආර්ථික ජාතිකවාදී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමටද රාජපක්ෂ පොරොන්දු විය.

ප්‍රතිඵලසංස්කරණය

සං • සා 2005 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයේ සාරාංශය
අපේක්ෂකයා පක්ෂය / සන්ධානය ඡන්ද %
  මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය 4,887,152 50.29%
  රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය 4,706,366 48.43%
  සිරිතුංග ජයසූරිය එක්සත් සමාජවාදි පක්ෂය 35,425 0.36%
ඒ. ඒ. සුරවීර ජාතික සංවර්ධන පෙරමුණ 31,238 0.32%
වික්ටර් හෙට්ටිගොඩ එක්සත් ලංකා ජනතා පක්ෂය 14,458 0.15%
  චමිල් ජයනෙත්ති නව වාමාංශික පෙරමුණ 9,296 0.10%
අරුණ ද සොයිසා රුහුණු ජනතා පක්ෂය 7,685 0.08%
විමල් ගීගනගේ ශ්‍රී ලංකා ජාතික පෙරමුණ 6,639 0.07%
අනුර දි සිල්වා එක්සත් ලලිත් පෙරමුණ 6,357 0.07%
  අජිත් ආරච්චිගේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය 5,082 0.05%
  විජේ ඩයස් සමාජවාදී සමානතා පක්ෂය 3,500 0.04%
  නෙල්සන් පෙරේරා ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණ 2,525 0.03%
හේවාහීනිපෙල්ලගේ ධර්මවජ එක්සත් ජාතික විකල්ප පෙරමුණ 1,316 0.01%
වලංගු ඡන්ද 9,717,039 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය 109,739
සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 9,826,778
ලියාපදිංචි ඡන්දදායකයෝ 13,327,160
ඡන්දය ප්‍රකාශ කිරීම 73.73%
මූලාශ්‍රය: මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව


ආශ්‍රිතසංස්කරණය