"සිද්ධ යකඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
<ref name="ccwi">
No edit summary
2 පේළිය:
{{වානේ වර්ග}}
<!-- [[Image:wrought iron flower.jpg|right|thumb|A wrought iron flower, on the fence in front of the [[Royal Courts of Justice]]]] -->
 
 
 
'''සිද්ධ යකඩ''' යනු, [[චීනචට්ටි]] වල [[කාබන්]] අන්තර්ගතයට (2.1% සිට 4%) හාත්පසින් වෙනස්, ඉතා අඩු කාබන් අන්තර්ගතයක් (0.04 සිට 0.08%) සහිත [[යකඩ]] [[මිශ්‍ර ලෝහය|මිශ්‍ර ලෝහයක්]] වන අතර, [[ලෝබොර]] නමින් හැඳින්වෙන තන්තුමය [[අන්තර්ගතය (ඛණිජය)|අන්තර්ගත]] බරෙන් 2% දක්වා එහි අඩංගු වෙයි. යකඩ සහ ලෝබොර අන්තර්ගතයන්ගේ අඩ-විලීන ස්කන්ධයක් වන එය, නිරේධනය කල විට හෝ විකල ලක්ෂ්‍යය දක්වා නැවූ විට හෝ, ලී වල දක්නට ලැබෙන වැනි "කණිකා" රටාවක් පෙන්නුම් කරයි. සිද්ධ යකඩ, දැඩි, ආහන්‍ය, තන්‍ය සහ පහසුවෙන් [[පෑස්සීම|පෑස්සිය හැකි]] වෙයි. [[වානේ නිෂ්පාදනය|වානේ නිෂ්පාදනයෙහි]] කාර්යසාධක ක්‍රම ප්‍රවර්ධනය කිරීමට පෙර හා විශාල ප්‍රමාණයන්ගෙන් වානේ තොගයන් අත තිබීමට ප්‍රථම, වඩාත් සුලබ ආහන්‍ය යකඩ වර්ගය වූයේ සිද්ධ යකඩ වෙයි. වානේ බවට ප්‍රසාදනය කෙරුමට අමු ද්‍රව්‍යයක් ලෙසින් සිද්ධ යකඩ ප්‍රමාණවත් තරමක් භාවිතා කරන ලද අතර, එය ප්‍රධාන වශයෙන් භාවිතා කෙරුණේ [[කඩුව|කඩු]], [[හැඳි ගෑරෙප්පු]], නියන, [[පොරොව|පොරෝ]] සහ අනෙකුත් තියුණු මුවහතැති ආයුධ මෙන්ම දුනු සහ පීරී තැනීමටය. [[යකඩ-ආවරණිත යුද්ධනැව|යකඩ-ආවරණිත යුද්ධනැව්]] සහ [[දුම්රිය මාර්ගය|දුම්රිය මාර්ග]] භාවිතයට ගැනුමත් හා සමගම, සිද්ධ යකඩ සඳහා ඉල්ලුම කූටප්‍රපාප්ත වූයේ 1860 ගණන් වලදී වන අතර, [[මෘදු වානේ]] වල භංගූරභාවය වැනි තත්ත්වය පිළිබඳ ගැටළු විසඳාගෙන එහි මිල අඩුවී පුළුල් ලෙසින් සපයාගත හැකිවූ විට සිද්ධ යකඩ වල පරිහානිය ඇතිවිය.
 
"https://si.wikipedia.org/wiki/සිද්ධ_යකඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි