"කාබනික ගොවිතැන්කරණය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
ටැගය: Reverted |
සුළු 116.212.128.150 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Ralf Roletschek ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි ටැගය: Rollback |
||
60 පේළිය:
== අනාගතය ==
“The Future of Foods” නම් ඩෙබෝරා කූන්ස් රාශියක් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර පටයේ සදහන් පරිදි 1994 වසර වන විට කාබනිකව වගාකෙරුණු ආහාර ද්‍රව්‍ය සදහා ඇමරිකානු වෙළද පොලේ වු ඉල්ලුම ඩොලර් බිලියන 1 ක් පමණ වු අතර
බොහෝ කාබනික කෘෂිකර්මාන්තයේ යොදානන්නන්ගේ විහ්වාසය වන්නේ ලොවවටා කාබනික කෘෂිකර්මාන්තය ක්‍රමයෙන් ප්‍රචලිත වන නමුත් එහි වර්ධනය වලකන සෘණාත්මක බලපෑම් රැසක් පවතින බවයි. කෙසේ නමුත් කෘෂි විද්‍යාඥයන් බොහෝ විට කාබනික කෘෂිකර්මාන්තයේ ලාභදායි බව සහ පාරිසරික හිතවාදි ගුණාංග පිළිබදව එකඟ නොවෙයි. තවත් සමහරක්ගේ විශ්වාසය වන්නේ සාමාන්‍ය ක්‍රමයට කෘෂිකර්මාන්තයේ යෙදෙන පුද්ගලයින් සහ දියුණු වෙමින් පවතින රටවල්, කාබනික කෘෂිකර්මාන්තයත් සමග ඇතිවිය හැකි මූල්‍යමය අවදානම් තත්ත්වය සහ සෘණාත්මක විද්‍යාත්මක ආකල්ප හේතුවෙන් කාබනික කෘෂිකර්මාන්තය කෙරෙහි නැඹුරුවීමට මැලිකමක් දක්වන බවයි. කාබනික කෘෂිකර්මාන්තය කෙරෙහි සහය දක්වන්නන්ගේ මතය වන්නේ වැඩි පිරිස් සහභාගිත්වය සහ දැනුම වර්ධනය ඔස්සේ මෙම සෘණාත්මක ආකල්ප ඉවත් කළ හැකි බවයි.
68 පේළිය:
කාබනික ක්‍රමවේදයට සහය දක්වන්නන් මගින් ලබාදෙන සහය සමග දියුණුවීම මගින් කාබනික කෘෂිකර්මාන්තය අනාගතයේදි තම ඉහළම විභවයට පත්වනු ඇතැයි සිතිය හැක. විද්‍යාත්මක ප්‍රජාව මෙම කෘෂිකර්මික ක්‍රමවේදය කෙරෙහි දක්වන අඩු සහයෝගය හේතුවෙන් මෙම ක්ෂේත්‍රයේ වැඩි දියුණුව සදහා බොහෝ දායකත්වයන් මෙම ක්ෂේත්‍රයට සහය දක්වන ප්‍රජාවෙහි අධ්‍යාපනික කටයුතු සහ පර්යේෂණ ඔස්සේ ලැබෙනු ඇතැයි සිතිය හැක. මෙසේ වැඩි සහයෝගයක් ලබාදීම මගින් කාබනික ගොවිපල වැඩිදියුණු කිරීම ඔස්සේ බොහෝ සෘණාත්මක සංකල්පයන් ඉවත් කළ හැකි යැයි ඇතැම්හු විශ්වාස කරති.
පාරිභෝගිකයන් අතින් බලන කළ කාබනික කෘෂිකර්මාන්තයට දිප්තිමත් අනාගතයක් ඇති බව පෙනෙයි. සෞඛ්‍යමය සහ සදාචාරාත්මක හේතු පදනම් කොට ගෙන පාරිභෝගිකයින් කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන වෙත යොමු වෙනු ඇති බවත් ඒ සදහා දැරිය යුතු අමතර වියදම දැරීමට සුදානම් බවත් අධ්‍යයනයන් මගින් හෙලිව ඇත. කෙසේ නමුත් නිෂ්පාදකයන් අතින් බලන කළ කාබනික ගොවිතැන කෙරෙහි පවතින ආකල්පයන් දෙයාකාර වේ. කාබනික ක්‍රමවේද භාවිතා කරන ගොවියෙකු වැඩි කාලයක් සහ වැඩි මුදලක් තම වගා කටයුතු සදහා වැය කළ යුතු වේ. විශේෂයෙන්ම ජෛව විවිධත්වය ඉහළ නැංවීම අරමුණු කොට ගෙන ක්‍රියාත්මක වන අවස්ථාවන් සදහා මෙය විශේෂයෙන් සත්‍ය වේ. කෙසේ නමුත් බොහෝ දෙනෙක් මෙම අමතර වියදම සහ අමතර කාලය වැය කිරීම තර්කානු කූල නොවන බව විශ්වාස කරති. ඊට හේතුව විශේෂයෙන්ම දුප්පත් දියුණු වෙමින් පවතින රටවලදී මෙය පෞද්ගලික යහපැවැත්ම කෙරෙහි බලපෑම් එල්ල කිරීමයි.
== References ==
|