"තාරකා විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: 2017 source edit
10 පේළිය:
දූරේක්ෂය සොයාගැනීමට පෙර තාරකා විද්‍යාවට මහඟු මෙහෙවරක් ඉටු කළ උපකරණය වූයේ තරු මාලිමාවයි. මධ්‍යතන යුගයේදී මැදපෙරදිග සිටි විද්‍යාඥයන්, කාලය නිර්ණය කිරීමටත් ආකාශ වස්තුවල පිහිටීම සොයා බැලීමටත් එම උපකරණය යොදාගත්තා.
 
තරු මාලිමාව සාදා තිබුණේ වානේ තැටියකයි. එම තැටියේ තරුවල පිහිටීම ලකුණු කර තිබුණා. එම තැටිය සවි කර තිබූ තැටියේ දාරයේ අංශක හා සමහර ඒවායේ පැයද සඳහන් වුණා. පින්තූරයේ පෙනෙන ලෙස එහි ඔරලෝසුවක මෙන් කටුද තිබුණා. එම කටුව තාරකාව දෙසට ස්ථානගත කරන විට තරු මාලිමාව ආධාරයෙන් තරුවේ පිහිටීම නිශ්චිතවම සොයාගත හැකි වුණා.
 
විශිෂ්ට ලෙස සාදා තිබූ තරු මාලිමාවක් භාවිත කිරීමෙන් තරු හඳුනාගැනීමටත්, හිරු නඟින හා බසින වෙලාව සොයාගැනීමටත්, මක්කම පිහිටි දිශාව දැනගැනීමටත්, ඉඩම්වල ප්‍රමාණයන් මැනගැනීමටත්, යම් ස්ථානවල උස මැනීමටත් මුහුදු මාර්ග සොයාගැනීමටත් හැකි වුණා. එය ඇත්තෙන්ම එවකට තිබූ සුපිරි පරිගණකයක් කියා පැවසිය හැකියි.
"https://si.wikipedia.org/wiki/තාරකා_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි