"ආදරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Reverted to revision 398797 by Chandra prabhath: unexplained content removal. (TW)
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
41 පේළිය:
ප්‍රේමය බිඳවැටීම හෙවත් විරහව පුද්ගලයාට බලවත් මානසික කම්පනයක් ඇති කෙරෙන සිදුවීමයි.කෙසේ වෙතත් ප්‍රේමය බිඳවැටීම ක්ෂණිකව සිදුවන දෙයක් නොව ක්‍රමිකව සිදුවන ක්‍රියාවලියක ප්‍රථිපලයකි.ආදර සබදතාවක් බිඳවැටීම කෙරේ බාහිර බලපෑම් ඍජුවම දායකවේ.මෙසේ බාහිර පුද්ගලයන්ගේ මැදිහත්වීම නිසා පෙම් සබදතා බිඳවැටීම එම පුද්ගලයන්ට බරපතල මානසික කම්පනයන් ඇතීවීමට හේතුවේ.දෙමාපිය වැඩිහිටියන්ගේ අකමැත්ත හා සමාජ සංස්කෘතික බාධක මේ අතර ප්‍රමුඛය.මෙසේ ඇතිවන බිඳවැටීම් හමුවේ මානසික සෞඛ්‍ය දර්වලවීම හා ඇතැම්විට සියදිවි නසාගැනීමටද පෙළඹේ.විශේෂයෙන් ආගමික හා සංස්කෘතික බලපෑම් වැඩි පෙරදිග සංස්කෘතීන් තුල ස්ත්‍රී පුරුෂ ප්‍රේමය කෙරෙහි ප්‍රබල බාධක පැනනගී.එබැවින් එවන් රටවල තරුණ තරුණියන් අතර ඇතිවන සියදිවි නසා ගැනීම් වලට ප්‍රධාන සාධකයවී ඇත්තේ ප්‍රේමය බිඳවැටීම්ය.
 
ප්‍රේමය බිඳවැටීම කෙරේ බලපාන අභ්‍යන්තර සාධක දෙස විමසා බැලීමේදී මූලිකම කාරණය වන්නේ ආකර්ෂණය හීන වීමයි.එනම් එකිනෙකා අතර ඇති අනුරාගික ආකර්ෂණය අඩුවී යයි.ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ පදනම වන්නේ ලිංගික ආකර්ෂණයයි.මේහි ප්‍රථිපලය ලෙස පෙම්වතුන් එකිනෙකාගෙන් දුරස්වීම හා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රමයෙන් පෙළඹේ.මේ සමගම දෙදෙනා අතර ඇති සියුම් භාවාත්මක හැඟීම්ද දුර්වලවේ.මෙසේ දුරස්වීම සමග ප්‍රේමය බිඳවැටීමේ දෙවන පියවර ආරම්භවේ.එනම් ඔවුනොවුන් කලහ කරගැනීම ආරම්භවේ.මෙසේ ඇතිකරගන්නා රණ්ඩු සරුවල් දෝෂාරෝපනය කිරීම් මත තවදුරටත් ඔවුන් අතර ආකර්ෂණය හීනවී යයි.මෙසේ ඇතිවන කලහ කිරීම් හමුවේ ඔවුන් එකිනෙකා අතර ඇති හැඟීම් ආකල්පයන් විශ්වාස අතර ඇති නොගැලපීම් වටහා ගනී.එනම් ඔවුන් එකිනෙකා සන්සන්දනය කිරීමට පෙළඹේ.මෙසේ ඇතිවන සන්සන්දනය කිරීම් හමුවේ එකිනෙකා අතර ඇති නොහැලපීම් වටහාගනී.අවසානයේ මෙම සම්බන්ධය තවදුරටත් පවත්වාගෙනයාමේ වැදගත්කමක් නැතිබව ඔවුන් තීරණය කරයි. /
 
== සංස්කෘතික දෘෂ්ටිය ==
"https://si.wikipedia.org/wiki/ආදරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි