"ක්ෂීර පථය" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු (Shwetha විසින් ක්‍ෂීරපථය සිට ක්ෂීර පථය වෙත පිටුව ගෙන යන ලදී)
 
===චක්‍රාවාට කේන්ද්‍රය===
 
මන්දාකිනි හෙවත් චක්‍රාවාට ලෙස හදුන්වන්නේ විශ්වයේ පවතින සුන්දරතම වස්තුන්ය.බිලියන ගණනක් වන තාරකාවන්ගෙන් මන්දාකිනි වලට ලැබෙන්නේ සුන්දරණීය දායකත්වයකි.අපගේ කිරි සයුර නම් මන්දාකිනියෙහි ද තාරකා බිලියන 200ක් වූ අති විශාල සංඛ්‍යාවක් පවතී.මේ තරු වලට අමතරව කිරි සයුර තුල තවත් විශේෂ යමක් වේද? අප මේ සැරසෙන්නේ එය සෙවීමටයි කිරි සයුරේ මධ්‍යට චාරිකා කිරීමටයි.
 
රෑ අහස නැරඹීමේදී ධනු හා වෘශ්චික යන තාරකා රාශීන් මේ වන විටත් ඔබ හදුනනවා විය හැකිය.අහස නිරීක්ෂණය කිරීමේදී මෙම රාශීන් දෙක අතරින් දැකිය හැකි අහසේ ඉහලට විහිදුනු අඳුරු සුදු පැහැති වලාවක් සැම විටම පවතිනවා ඔබ විසින් නිරීක්ෂණය කර ඇතුවාට සැක නැත.මෙය අපගේ ක්‍ෂීරපථයෙන් එක් කොටසකි.අප සුර්යාද ඇතුළුව තාරකා බිලියන 200කට අධික ප්‍රමාණයක් කිරි සයුර නැතිනම් ක්‍ෂීරපථය ලෙසින් හැදින්වෙන මෙම ව්‍යුහය තුල අන්තර්ගතය.මෙම චක්‍රාවාටය සර්පිලාකාර චක්‍රාවාටයකි.මෙහි සර්පිලාකාර බාහු 8ක් දක්නට හැකිය.
 
ඒවා නම් ධනු රාශිය පසු බිමෙන් දක්නට ලැබෙන ධනු බාහුව,පර්සියස් බාහුව,ඔරායන් බාහුව,සෙන්ටෝරස් බාහුව,ස්කුටම් බාහුව,කැරීනා බාහුව,සිග්නස් බාහුව සහ නෝමා බාහුවය.අප ජීවත් වන බව පෘතුවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ ඔරායන් බාහුව තුළය.මෙම බාහුන් සියල්ලම එක් වී ඇත්තේ ක්‍ෂීරපථයේ කේන්ද්‍රයටය.ක්‍ෂීරපථයේ කේන්ද්‍රය පිහිටා ඇත්තේ අප පෘතුවියේ සිට ආලෝක වර්ෂ 26000ක් ඈතිනි.
 
මෙය අධික ලෙස දුහුවිලි වලාවන්ගෙන් ගහනය.එබැවින් අප ක්‍ෂීරපථයේ කේන්ද්‍රය නොපෙනේ.එයට හේතුව මෙම දුවිලි වලාව මගින් කේන්ද්‍රයේ සිට නිකුත් කරන ආලෝකයට බාධා කිරීමය.පසුගිය දශක දෙකක කාලය තුලදී තාරකා විද්‍යාවේ සිදු දියුණුව හේතුකොට ගෙන අපට X කිරණ,අධෝරක්ත කිරණ සහ රේඩියෝ කිරණ ආධාරයෙන් මෙම අද්භූත ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබී ඇත.
 
මෙම ක්‍ෂීරපථය කේන්ද්‍රයේ ඉතා අධික ඝනත්වයකින් යුතුව තරු පිහිටා ඇත.නමුත් මෙම ප්‍රදේශයේ පවතින තරු වලට සාපේක්ෂව නිකුත් කරන ආලෝකය මදය.එයට හේතුව ලෙස සැලකෙන්නේ පවතින අධික දුවිලි ප්‍රමාණයයි.මෙම දුවිලි මගින් තරු වලින් ලැබෙන ආලෝකය උරා ගැනීම නිසා රතු පැහැයක් ගෙන ඇත.කේන්ද්‍රයේ ඇති අධික ඝනත්වය නිසා මෙම පෙදෙස ඉලිප්පීමකට භාජනය වී ඇත.එම පෙදෙසෙහි විෂ්කම්භය දළ වශයෙන් ආලෝක වර්ෂ 500කි.මෙම නෙරුමෙහි ඇති ඉතාම දීප්තිමත් පෙදෙසෙහි චක්‍රාවාට කේන්ද්‍රය පිහිටා ඇත.
 
එම ප්‍රදේශයේ පළල ආලෝක වර්ෂ 30ක් පමණ වන අතර එම ඉඩ ප්‍රමාණයේ තාරකා මිලියන ගණනක් පවතී.මෙම ප්‍රදේශය සැජිටේරියස් A ලෙස හදුන්වයි.පහත ජායාරුප වල දැක්වෙන්නේ කේන්ද්‍රයේ හා ඒ අවට ප්‍රදේශය රේඩියෝ දුරේක්ෂයක් ආධාරයෙන් ගනු ලැබූවකි.මෙහි කේන්ද්‍රය අප මෙතෙක් දන්නා ප්‍රබලතම රේඩියෝ තරංග ප්‍රභවය ලෙස විද්‍යාඥයන් හදුන්වයි.
 
සැජිටේරියස් A ලෙස හදුන්වා ඇති පෙදෙස ප්‍රධාන වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.ඒවා නම් නැගෙනහිර සැජිටේරියස් A සහ බටහිර සැජිටේරියස් A වේ,මෙම නැගෙනහිර සැජිටේරියස් A පෙදෙසේ විශාල වශයෙන් ඇත්තේ අති විශාල තාරකා පිපිරී ගිය පසු ඉතිරි වූ වායුන්ය.එසේම සැජිටේරියස් A බටහිර පෙදෙසේ කුඩා සර්පිලාකාර ව්‍යුහයක් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකිව තිබේ.මෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 7ක් පමණය.මෙම කුඩා සර්පිලාකාර ව්‍යුහය තුල ක්‍ෂීර පථයේ කේන්ද්‍රය පිහිටා ඇත.එය අප සැජිටේරියස් A* ලෙස හදුන්වයි.
 
සිදු කර ඇති ගණනය කිරීම් වලට අනුව එහි ස්කන්ධය සුර්යයාගේ ස්කන්ධය මෙන් මිලියන තුනක් වන අතර මෙහි ඇත්තේ අධික ඝනත්වයකින් යුතු කළු කුහරයකි.මෙම කුඩා සර්පිලාකාර ව්‍යුහයේ බාහුන් දෙකක් දැකිය හැකිය.ඒවා නැගෙනහිර බාහුව සහ උතුරු බාහුව වේ.මීට අමතරව බටහිර චාප කොටසක්ද හා දණ්ඩක ස්වරුපයක්ද දැකිය හැකිය.මේවා අධික ඝනත්වයකින් යුතු තාරකා සහ දුව්ලි වලින් සැකසි පවතින ව්‍යුහයකි.මෙම කුඩා සර්පිල් වලින් ක්‍ෂීරපත චක්‍රාවාටයේ සර්පිල බාහු පවත්වා ගෙන යාමට සහයක් ලබා දෙන බව විද්‍යාඥයන්ගේ අදහසයි.
 
තවද මෙම කුඩා සර්පිලාකාර බාහු වටා විශාල තැටියක් හෝ වළල්ලක් පිහිටා ඇත.මෙම වළල්ල මගින් කුඩා සර්පිලාකාර ව්‍යුහයට පදාර්ථ ඇතුල් කිරීම සිදු කරනු ලබයි.මෙය Circumnuclear Disk or Ring ලෙස හදුන්වයි.කුඩා සර්පිලාකාර ව්‍යුහය තත්පරයට කිලෝමීටර 100 ක වේගයක් පවත්වා ගන්නා අතර එමගින් සැගව පවතින සැජිටේරියස් A* නම් කළු කුහරයට පදාර්ථ අඛණ්ඩව ලබා දීම සිදු කරයි.විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් නිවැරදි නම් එක් තත්පරයකට සුර්යය ස්කන්ධය මෙන් 1000ක් ගුණයක් පමණ ස්කන්ධයකින් යුත් පදාර්ථ ප්‍රමාණයක් මෙම කළු කුහරය තුලට කුඩා සර්පිලාකාර බාහු මගින් ඇතුල් කරනු ලැබේ.
 
මෙම කුඩා සර්පිලාකාර බාහු වටා තරු පොකුරු දැකිය හැකිය.මේවා අධෝරක්ත තරංග ආයාමයන් සහිත දුරේක්ෂ මගින් නිරීක්ෂණය කල හැකි අතර මේවා IRS යන නාමකරණයෙන් හදුන්වනු ලැබේ.මෙම තරු පොකුරු උතුරු බාහුවට එබ්බ වූ ස්වරූපයකින් දිස් වේ.M වර්ගයේ සුපිරි යෝධ තරු ගණයට මෙම පොකුරු වල ඇති තාරකා වර්ග කරනු ලබයි.IRS 8 ලෙස හදුන්වන තරු පොකුර වටා අස්ව ලාඩමක හැඩයට විසිරුණු දුවිලි වලාවක් දැකිය හැකිය.
 
මෙහි කේන්ද්‍රය ද අප චක්‍රාවාටයේ කේන්ද්‍රයද දෙකම එකකි.එහි සැජිටේරියස් A* නම් වූ අති විශාල ස්කන්ධයක් සහිත කළු කුහරයක් ඇත.මෙම පෙදෙස පිලිබදව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඇන්ඩෝ ගේස් සහ පිරිවර වසර 8 ක කාලයක් තිස්සේ පරීක්ෂන කටයුතු වල නිරත වී සිටි.එහිදී ඔවුන් සොයා ගනු ලැබුවේ මෙම අති විශාල ස්කන්ධයක් සහිත කළු කුහරය කේන්ද්‍ර කර ගෙන තාරකා 6ක් ගමන් ගන්නා බවයි.මෙම තාරකා SO නාමකරණයෙන් හදුන්වයි.මෙම SO 16 ලෙස නම් කර ඇති තාරකාව තම ඉලිප්සාකාර ගමන් මාර්ගය තුලදී කළු කුහරයට වඩාත්ම ආසන්නම වන තාරකාව ලෙස හදුනාගෙන ඇත.
 
එය කළු කුහරයට කෙතරම් ආසන්න වනවා යයිද කිවහොත් එහි දුර තාරකා විද්‍යා ඒකක 60ක් පමණ ආසන්න පිහිටුමකි. (තාරකා විද්‍යා ඒකකයක් යනු පෘතුවියේ සිට සුර්යාට ඇති දුර මෙන් වූ දුරකි.එය කිලෝමීටර 149,598,000කි.) මෙම අගය අපගේප්ලුටෝ වාමන ග්‍රහයාගේ සිට සුර්යාට ඇති දුර මෙන් 1.5කි.එසේම මෙම තාරකාව තත්පරයට කිලෝමීටර 9000ක වේගයකින් ගමන් ගනි.
 
අපගේ චක්‍රාවාට කේන්ද්‍රය පිලිබදව විද්‍යාඥයන් සතුව ඇත්තේ මේ වන විට ඉතාම අල්ප දැනුමකි.එයට හේතුව මෙහි ඇති අධික ගුරුත්වය හමුවේ අප දන්නා භෞතික විද්‍යාත්මක නියමයන් වලංගු නොවීමයි.එබැවින් මෙම අභිරහස් ස්ථානය පිලිබදව පරීක්ෂා කිරීමට එක්ස් කිරණ හා අධෝරක්ත කිරණ මගින් නිරීක්ෂණය කල හැකි චන්ද්‍රිකා මේ වන විටත් අභ්‍යවකාශ ගත කර හමාරය.චන්ද්‍රා එක්ස් කිරණ යානයෙන් ලද තොරතුරු අනුව විද්‍යාඥයන් පවසන්නේ අප මේ දැන සිටියාටත් වඩා අපගේ චක්‍රාවාටයේ කේන්ද්‍රය ප්‍රචණ්ඩ බවය.මේ පිලිබදව විද්‍යාඥයන් තවම පරීක්ෂන සිදු කර බැවින් හෙට දිනයේදී මේ අද්භූත ස්ථානය පිලිබදව වඩා සවිස්තර තොරතුරු අපට දැන ගැනීමට හැකි වනු ඇත... 
 
 
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/392251" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි