"මාතර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
47 පේළිය:
සටහන - මහින්ද කුමාර දළුපොත
ජනශ්‍රැති පර්යේෂක
තවත් සටහනක්.......තොමසු පුරාණය නම් ග්‍රන්ථයට අනුව
මාතර පිහිටා ඇත්තේ පැරණි ක්‍රමයට
අනුව සියවැනි සැතපුම් කණුව සමීපයේය.
කඩවත් සතර,
වැල්ලබඩ පත්තූව,
ගඟබඩ පත්තූව,
වැලිගම් කෝරළය,
මොරවක් කෝරළය,
යන ප්‍රදේශවලින් යුතූ දකූණු
පළාතේ දෙවැනි උප නගරය මාතරයි.
මෙම නගරය මායිම්ව ඇත්තේ එක්
පසකින් ඉන්දියන් සාගරයෙන්
හා රක්වාන කඳුවැටියෙන් ආරම්භව
ගලාබසින “නිල්වලා” නදිය මධ්‍යගත
කොට ගෙනයි.
මාතර ජනාවාස ආරම්භය පිළිබඳව
සොයා බලන විට සොයාගත හැකි
කරුණක් නම්, ලම්භකර්ණ වංශිකයන්
පරදවා ක්‍රි.ව. 33-43
අනුරාධපුරයේ රජකම් කල ඉලනාග රජු
පසු කාලයේදි ලම්භකර්ණ
වංශිකයන්ගේ දැඩි උදහසට
ලක්වීමේ පසු ප්‍රතිථලයක් වශයෙන් මාතර
ප්‍රදේ්ශයේ කාලයක් වාසය කල බවයි.
පසු කලෙකදී ලම්භකර්ණයන්
පරදවා නැවත වරක් අනුරාධපුරය තම
රාජධානිය කරගත් සමයේ මාතර
පරුවතදේශයේ විසු නාග
වංශිකයෝ බලවත්ව සිටි බව ද
ඉතිහාසයේ සඳහන් වෙයි. ගම්පොළ
යුගයේ පස්වැනි බුවනෙකබාහු
(1371-1408) රජතූමාගේ පර ගමතිරාජ
පදවිය ලබා සිටි වීරබාහු ඈපා නම්
ලද්දෙකූ විසින් මාපා පටුන මාතර
නගරයේ ගොඩ නැංවු බවත්,
ආරම්භයේදී ‘මාතොට’ ‘මහතොට’
නමින්ද පසු කාලයේ ‘මහතිත්න’ නමින්ද
හැදින්වු බවත්,
අවසානයේ පෘතූගීසීන්ගේ වැරදි
උච්චාරණයක් නිසා මාතර නමින්
හැදින්වූ බවත්, ඵසේම කොළඹ සිට
පැමිණෙන මාර්ගයේ කළු ඟඟ තරණය
කරන කළුතොට තෙර වරාය, කළුතර
වශයෙන්ද, බෙන්තර ඟඟ තරණය කරන
බෙන්තොට, බෙන්තර වශයෙන්ද,
වැලිතොට වැලිතර වශයෙන්ද, මාතර
නිල්වලා ඟඟ තරණය කරන ‘මහතොට’,
‘මාතොට’ ‘මාතර’ වූ බවද කියවේ. යටත්
විජිත කාලයට පෙර සිටම මාතර විවිධ
ජාතීන් ඵකට විසු බවට ඉතිහාසයේ සදහන්
වේ.
පරෙයිදූව අද රන්දූව..
යටත් විජිත යුගයට පෙර
පොදුවේ දිවයිනේ අනෙකූත් ප්‍රදේශවල
මෙන්ම මාතර දේශයේද සාහිත්‍ය
ප්‍රබෝ්ධයක් තිබූ බවට
ඉතිහාසයේ සඳහන් වේ.
මේ සඳහා ප්‍රධාන කේන්ද්‍රස්ථානය
වී ඇත්තේ බෞද්ධ මධ්‍යථානයන්ය.
වීරබාහු ඈපාණන් විසින් මාපා පටුන
මාතර නගරයේ ගොඩනැංවීමට පෙර
දුර අතීතයේ සිටම ලෝක වෙළදපළ
හා සම්බන්ධතාවයක් තිබූ බවට සාක්ෂි
ලැබී ඇත. ග්‍රීක, රෝම හා පර්සියන්
ජාතිකයන්ට අයත් ජ්‍යත්‍යන්තර වෙළඳුන්
මෙම ප්‍රදේ්ශය හා සම්බන්ධ වූ බවට
සාක්ෂි ඇත.
18 වැනි සියවසේ මැද භාගයේ සිට 19
වැනි සියවසේ දෙවැනි දශකය තෙක්
රුහුණේ ජීවත් වූ ගජමන් නෝනා කිවිදිය
විසින් රචිත ‘දැඩිතර ශෝක මාලය’
නැමැති කෘතියෙන් 18 වැනි
සියවසේ මාතර පුරවරයේ තිබූ
වරප්‍රසාද, බලකොටු, පවුරු පදනම්, සල්පිල්
යනාදියෙන් පැවැති යැයි සදහන් වේ.උපුටා ගැනිම......
www.facebook.com/SUNDARAMATARA
 
==සංචාරක ආකර්ෂණ==
"https://si.wikipedia.org/wiki/මාතර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි