සිංහල දරුවන් වෙනුවෙන් ජීවිතයම කැප කළ දමිළ ගුරුවරියකගේ ආත්ම කථනය 'කඳුළක සුසුමක සැඟවුණු රාවය'

සිංංහල දරුවන් වෙනුවෙන් ජීවිතයම කැප කළ දමිළ ගුරුවරියක්‌ කතා කරයි

"කොලේඡ් අවුට්‌ වෙලා මම ආපසු අම්පාර දෙමළ ඉස්‌කෝලෙට ගිහිං වැඩ භාර ගත්තා. 1985 අගෝස්‌තු මාසෙ දෙවැනිදා මට තවත් අඳුරු දවසක්‌. අපේ පවුලෙ බාලම මල්ලිට කොටි පිස්‌තෝලකාරයො වෙඩි තියල මරල දාලා. එයා අධ්‍යාපන කාර්යාලයේ වැඩ කළේ. මඩකලපුවේ ඉඳන් කොළඹ යන රාත්‍රි කෝච්චියේදී තමයි එයාව මරලා තියෙන්නේ. ඒ මරණය මට තවමත් දරාගන්න බැහැ. මල්ලි නැති උනාට පස්‌සේ අපි හරිම බයෙන් ජීවත් උනේ. මගෙ ලොකු මල්ලි 1986 අවුරුද්දෙ මාර්තුවල චෙන්කල්අඩිවලදී වෙඩි තියල මැරුවා. කොටින්ට විරුද්ධ උනා කියල මේ අපරාධය කරල තියෙන්නේ. ලොකු මල්ලිගෙ මරණයට විරුද්ධව අපේ ලොකු අයියා කතා කරල තිබුණා. මම ඒ වෙනකොට මාස 08 ක ගැබිනි මවක්‌. දොස්‌තර මහත්තුරු කිව්වා මගේ දරුවා අවදානම් තත්ත්වයක ඉන්නේ හිත සන්සුන් කරගන්න කියලා. දවස්‌ කීපයකින් අපේ ගෙදරට ඇවිත් ලොකු අයියටත් ත්‍රස්‌තවාදියො වෙඩි තිබ්බා. ඒ අයියා ඔවුන්ට විරුද්ධව හඬ නගපු නිසා.අම්පාරේ සිංහල මිනිස්‌සු අපිත් එක්‌ක ජීවත් වුණේ අපේ නෑදැයො සහෝරදයො වගේ. ඔහොම ඉන්නකොට තමයි අපි කවුරුත් බලාපොරොත්තු නොවූ විනාශයක්‌ සිද්ධ වුණේ. ඒ 1990 අවුරුද්දෙ ජුනි මාසේ 11 වැනිදා. අම්පාරෙ කලබලයක්‌ ඇති වුණා. එතනදී නපුරු සිංහල මිනිස්‌සු කීපදෙනෙක්‌ මහත්තයාගේ අයියගෙ µdමසිය පැය භාගයක්‌ ඇතුළත ගිනි තියල විනාශ කළා. නැඟෙනහිර පළාතෙම ලෙඩ්ඩු බෙහෙත් ගත්ත ඩිස්‌පෙන්සරිය විනාශ කළා. ඒ කාලේ හැටියට ඒක ලක්‍ෂ 85 ක විතර පාඩුවක්‌. ස්‌කෑන්, එක්‌ස්‌රේ යන්ත්‍ර, ඊ.සී.ජී. තිබුණෙ අපේ ළඟ විතරයි. ඒ සේරම විනාඩි කීපයකින් අළුවෙලා ගියා. ඊට පස්‌සෙ ඒ අය අපිව මරන්න හෙව්වා. අපි හැංගුණා. අපිව බේරගත්තෙ සිල්වා කියල ලෝයර් කෙනෙක්‌. එයා අපිව එයාලගෙ ගෙදර එක්‌ක ගියා. එහෙම යනකොට එයා කිව්ව ඩර්වන් වටිනා දේවල් ගන්න කියලා. මම රත්තරන් බඩු ටිකක්‌ ගත්තා. පවුම් දහයක විතර රත්තරන් බඩු අල්මාරියෙ තියෙද්දී සිල්වා මහත්තයා හදිසි කරන නිසා එයාගෙ වාහනයට නැගල ගේට්‌ටුවෙන් එළියට බහිනකොටම ආයුධ ගත්ත මිනිස්‌සු අපේ ගෙදර වත්තට පනිනවා දැක්‌කා. අපි සිල්වා මහත්තයගෙ ගෙදර හිටියේ පණ බයේ. මහත්තයාගෙ අයියා එයාගෙ නෝනයි දරුවො දෙන්නයි කොළඹ යවල තිබුණේ. මහත්තයගෙ අයියාව නීතිඥ සුනිල් දිසානායක මහත්තයා හංගාගෙන හිටියා. අපි ඔබෙන් මෙසේ අසමු. ජාති භේද නොතකමින් අනේක විධ අභියෝග මැද දූ දරුවන් දහස්‌ ගණනකගේ ජීවිතය ආලෝකවත් කළ මේ ගුරු මාතාවගේ සැඳෑසමය අඳුරේ තැබීමට ඉඩ හරිමුද?

තිස්‌ස ගුණතිලක ප්‍රසන්න සිල්වා tissa333@gmail.com

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Sisirahb&oldid=260309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි