"හින්දු ධර්මය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු →ආශ්‍රම ක්‍රමය |
සුළුNo edit summary |
||
2 පේළිය:
'''හින්දු ආගම ''' ([[:en:Sanskrit|සංස්කෘත භාෂාව]]: {{lang|hi|हिन्दू धर्म}}, ''' {{IAST|හින්දු ධර්මය}}''', {{lang|sa|सनातन धर्म}}, '''{{IAST|සනාතන ධර්මය}}''') ඉන්දීය අර්ධද්වීපයේ ප‍්‍රභවයලත් ආගමික සම්ප‍්‍රදායකි.
හින්දු සමය වර්තමානයේ ලොව පවත්නා පැරණිතම ආගමකි. එහි ප‍්‍රභවය පැරණි [[වෛදික ශිෂ්ටාචාරය]] දක්වා දිවයයි. ඉතා සංකීර්ණ විශ්වාස සහ සම්ප‍්‍රදායයන්ගෙන් සමන්විත හින්දු ආගමට එක් ප‍්‍රධාන ශාස්තෘවරයෙකු නොමැත.[[ කි‍්‍රස්තියානි ආගම]] සහ [[ඉස්ලාම් ආගම]] හැරුණුවිට ලොව තෙවැනි විශාලතම ආගම හින්දු ආගමයි. සාමාන්‍යයෙන් එහි අනුගාමිකයෝ බිලියනයක් පමණ සිටිති. ඒ අතුරින් මිලියන 905 ක් [[ඉන්දියාව|ඉන්දියාවේ]] සහ [[නේපාලය|නේපාලයේ]] වාසය කරති. හින්දු ජනයා බහුලව වෙසෙන අනෙකුත් භූමිප‍්‍රදේශ ලෙස [[බංග්ලාදේශය]], [[ශ්‍රී ලංකාව|ශී‍්‍ර ලංකාව]], [[පකිස්තානය]], [[ඉන්දුනීසියාව]] සහ [[මැලේසියාව]] යන රටවල් දැක්විය හැකිය.
හින්දු ආගමට අයත් ග‍්‍රන්ථ රාශියකි. ශ‍්‍රැති සහ ස්මෘති වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූ මෙම ආගමික කෘතීන්හි දේවධර්මය, දර්ශනය සහ පුරාණෝක්ති ද ධර්මානුකූල දිවිපෙවෙතක් ගෙනයාම සදහා වන මාර්ගෝපදේශ ද සදහන් වෙයි. මෙම ග‍්‍රන්ථ අතර [[වේද ග‍්‍රන්ථ|වේද]] සහ [[උපනිෂද්]] ග‍්‍රන්ථ අධිකාරීත්වයෙන් ද වැදගත්කමින් ද පෞරාණිකත්වයෙන් ද ප්‍රධාන තැනක් හිමිකර ගනී. අනෙකුත් ප‍්‍රධාන ග‍්‍රන්ථ අතර තන්ත‍්‍ර, පුරාණ, [[මහාභාරතය|මහා භාරත]] සහ [[රාමායණය]] වැනි වීරකාව්‍ය, මෙන් ම [[භගවත්ගීතාව]] ද වේ.
|