"කබුකි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 46 interwiki links, now provided by Wikidata on d:q199701 (translate me)
No edit summary
 
14 පේළිය:
සමහර කබුකි නාට්‍ය ඒ සඳහා ම ලියවී ඇති අතර, තවත් සමහරක් ජෝරුරි නාට්‍ය, නෝ නාට්‍ය, පුරාවෘත්ත හෝ හයිකි කතාන්තර වැනි කතන්දර මගින් උපුටා ගන්නා ඒවා වේ. ජෝරුරි නාට්‍යවලින් ගත් කොටස් බරපතල, සංවේදනීය හා නාට්‍යය ස්වරූපයක් ගන්නා නමුත්, කබුකි නාට්‍ය සඳහා ම ලියවුණු කොටස් වඩාත් සැහැල්ලූ විනෝදාත්මක ස්වරූපයක් ගනී. මේ දෙක අතර ඇති තීරණාත්මක වෙනසක් නම් ජෝරුරි නාට්‍ය, එහි කතාන්දරය හා එය ප‍්‍රකාශ කරන්නාට වැඩි අවධානයක් දක්වන විට, කබුකි නාට්‍යය නළුවන් කෙරෙහි වැඩි වැදගත්කමක් ලබා දීමයි. එහෙයින් ජෝරුරි නාට්‍ය තුළ පසුතලය, රූකඩ, වේදිකා රංගන ආදී සියල්ල යටපත් කරමින් කථාව ඉදිරිපත් කරන්නා ඉස්මතු කෙරෙන අතර, කබුකි නාට්‍ය නළුවන්ගේ දක්ෂකම් ඉස්මතු කිරීම උදෙසා නාට්‍යය හා එහි කතාව කැප කරයි. ඒ සඳහා සමහර දර්ශන ඇතුළත් කිරීම හෝ ඉවත් කිරීම පවා සිදුවේ. සමහර විටක මෙය කතාන්තරය සඳහා අවශ්‍ය කොටසක් නොවන නමුත්, එමගින් එක් නළුවකුගේ ජනප‍්‍රියත්වය හා හැකියාව කැපී පෙනෙනු ඇත.
 
තවත් තීරණාත්මක වෙනසක් නම් ‘එඩො’ :ෑාද* සහ ‘කමිගත’ :න්පසට්ඒ – [[ක්යෝතෝ]] හා ඔසාකා කලාපයන්හි* යන සම්ප‍්‍රදායන් දෙකෙහි වෙනසයි. කබුකි නාට්‍ය තුළ එන අංග රචනය, දිලිසෙන වස්ත‍්‍ර, වේදිකා උපක‍්‍රම හා වින්‍යාසයන් මගින් එඩො යුගල තුළ කබුකි සැලකුණේ අතිශයෝක්තියක් ලෙස ය. කමිගත කබුකි ඊට සාපේක්ෂව සාමකාමී රිද්මයක් ගත් අතර, යථාර්තවාදී රංගන විලාසයන් දැරීය. 19 වන සියවසේ එඩො යුගය අවසන් වන විට මෙම නාට්‍ය සම්ප‍්‍රදායන් දෙක එකිනෙකෙහි ලක්ෂණ උකහා ගත්තේය. මේ නිසා බොහෝ කාලයක් යනතුරු අනෙකුත් ප‍්‍රදේශ තුළ කබුකි නාට්‍ය රඟ දැක්වීමේදී එම ප‍්‍රදේශයේ විලාසය රඟපෑම නළුවන්ට ඉතා අසීරු විය.
"https://si.wikipedia.org/wiki/කබුකි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි