"හයිටි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
හෙයිටි වෙතට යළි-යොමුකරමින්
 
1 පේළිය:
#REDIRECT [[හෙයිටි]]
[[Image:125px-Flag_of_Haiti.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
{|
|'''ජාතික ගීය'''
|"La Dessalinienne
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:250px-Haiti_(orthographic_projection).svg.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|පොර්ට්-එයු-ප්‍රින්ස්
 
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ප්‍රංශ, හයිටියන් ක්‍රියොලේ
|-
|'''ජන වර්ග'''
|90% කළු, 10% මුලැට්ටො සහ සුදු
|-
|'''රාජ්‍යය '''
|අර්ධ ජනාධිපති සමුහාණ්ඩුව
|-
|'''ජනාධිපති'''
|රෙනී ප්‍රිවෙල්
|-
|'''අගමැති'''
|ජීන්-මැක්ස් බෙල්ලේරිව්
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 27,750
|-
|
|වර්ග සැතපුම් 10,714
|-
|'''ජලය (%)'''
|0.7
|-
|'''            ජනගහනය'''
|-
|'''2009 තක්සේරුව'''
|10,188,000
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 325.59 වර්ග සැතපුම් 843.31
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය '''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 11.976
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 1,338
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)'''
| 2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 6.558
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 733
|-
|'''ගිනි (2001)'''
|59.2 (ඉහළ)
|-
|'''මානව සංවර්ධන දර්ශකය HDI (2010)'''
|0.404 (පහළ)
|-
|'''මුදල්'''
|ගොර්ඩි (HTG)
|-
|'''මං තීරුව'''
|දකුණ
|-
|'''අන්තර්ජාල '''
|.ht
|-
|'''දුරකථන සංකේත'''
|509
|}
]]
කැරිබියානු රටක් වන හයිටි රාජ්‍යයේ නිල නාමය වනුයේ 'හයිටි ජනරජය' යන්නයි. හයිටි රාජ්‍යය ඩොමිනිකන් සමුහාණ්ඩුවට අතිරේකව මහා ඇන්ටිලියන් දූපත් සමුහයේ පිහිටි 'හිස්පැනියෝලා' නම් වූ දූපත වාසභූමිය කොට ගනී. දූපතේ කඳු සහිත වූ බටහිර පැත්ත සඳහා භාවිතා කළ දේශිය 'ටයි‍නො' (Taino) හා 'ඇමරින්ඩියන්' (Amerindian) නාමය වුයේ 'අයිටි' (Ayiti) (උස් කඳු සහිත භූමිය) යන්නයි. මෙරටෙහි ඉහලම තුඩුව වන්නේ 'පික් ලා සෙලේ' ය (Pic la selle). මෙහි උස මීටර් 2680 කි (අඩි 8793 කි). හයිටියේ සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 27,750 (වර්ග සැතපුම් 10714) ක් වන අතර එහි අගනගරය පෝට් - ඕ- ප්‍රින්ස්ය. රාජ්‍ය භාෂාවන් වන්නේ හයිටි යානු 'ක්‍රෙයෝලෙ' (creole) සහ ප්‍රංශ භාෂාවය.
 
 
විවිධ කාරණා හේතුකොටගෙන, හයිටියේ ප්‍රාදේශිය ඵෙතිහාසික හා ජනවාර්ගීය භාෂාමය (ethno linguistic) තත්ත්වය විශේෂිත වේ. ලතින් ඇමෙරිකාවේ, නිදහස ලත් ප්‍රථම රට වශයෙන් හයිටිය වාර්තා තබයි. 1804 දී දියත් කළ වහලුන්ගේ සාර්ථක කැරැල්ලේ පාර්ශවයක් ලෙස සහභාගීව නිදහස ලත් මෙම රට, ලෝකයේ කළු ජාතීන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රථම ජනරජය බවට හිමිකම් ලබන්නේය. තම හිස්පානෝ - කැරිබියන් (Hispano Caribbean) අසල්වාසීන් සමඟ පොදු සංස්කෘතික සබඳතා ඇතිව සිටියද, ලතින් ඇමෙරිකාවේ බහුලව ප්‍රංශ බස කථා කරන එකම ජාතිය වන්නේ හයිටිය. (කැනඩාවට අතිරේකව) ප්‍රංශ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස නියම කළ ලතින් ඇමෙරිකාවේ ස්වාධින රටවල් දෙක අතරින් එකක් හයිටි දිවයිනය. ප්‍රංශ භාෂාව කථා කරන අවශේෂ ප්‍රදේශ වන්නේ, විදෙස්හි පිහිටි ප්‍රංශයට අයත් ප්‍රාන්ත සහ පාලන ප්‍රදේශයන්ය.
 
 
ලතින් ඇමෙරිකාවේහි දිළිඳුතම රාජ්‍ය වන්නේ හයිටිය. එහෙත් පොදු පිළිගැනීමට පටහැනිව සලකා බැලු කළ බටහිර අර්ධ‍ගෝලයෙහි ඉතා දුප්පත් රට හයිටිය නොවේ. මානව සංවර්ධන දර්ශකයට අනුව, බටහිර අර්ධ ගෝලයෙහි දිළිඳුතම රට වනුයේ මාලි ය. ඉතිහාසය පුරාවටම විවිධ අවස්ථාවලදී හයිටිය දේශපාලන අරගල වලට මුහුණ දී තිබේ. ඉතා මෑතකදී එනම් 2004 පෙබරවාරි මස ආයුධ සන්නද්ධ කැරලිකරුවෝ ජින් බර්ටුන්ඩ් ඇරිස්ටයිඩ්ට ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්ව රටින් පිටුවහල් වන්නැයි බල කළහ. අනතුරුව හයිටි හි එක්සත් ජාතීන්ගේ ස්ථායීකරණ දූත මණ්ඩලය MINUSTAH විසින් සපයන ලද ආරක්ෂක සේවා උපයෝගී කර ගනිමින් අන්තර්වාර රජයක් විසින් පාලනය භාරගන්නා ලදි. වත්මන් ජනාධිපති රෙනේ ප්‍රිවාල් (Rene Preval ) තෝරා පත්කර ගන්නා ලද්දේ 2006 පැවැත්වූ මහා මැතිවරණයේ දීය.
 
 
2010 ජනවාරි 12 වන දින සිදුවූ 7.0 ක ප්‍රබලත්වයෙන් යුතු භූමි කම්පාවක ප්‍රතිඵලයක් ලෙස පෝට් - ඕ- ප්‍රින්ස් නම් වූ අගනගරය විනාශයට පත් විය. වාර්තා වූ අන්දමට නිශ්චිත සංඛ්‍යා නිර්නය කිරීම දුෂ්කර වුවද, වාර්තා වූ සංඛ්‍යා ලේඛනවල අඩුවැඩි වීම් සිදු වුවද, 150,000 කට අධික සංඛ්‍යාවක් මියගොස්, සමුහ මිනී වළවල් හි භූමිදානය කරන ලද බැව් වාර්තා විණි. ඉතා විශාල සංඛ්‍යාවකට උන්හිටි තැන් අහිමි විය. ගැණිය නොහැකි තරම් ගෙවල් දොරවල් සංඛ්‍යාවක් සහ ව්‍යාපාරික ස්ථානද, සමඟින් ජනාධිපති මාලිගය පාර්ලිමේන්තුව හා අනෙකුත් බොහෝ වැදගත් ගොඩනැගිලි සුන්බුන් බවට පත් විය.
 
 
 
 
[[හෙයිටි]]
"https://si.wikipedia.org/wiki/හයිටි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි