"බහු පදය" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු (r2.7.3) (රොබෝ එකතු කරමින්: zh-classical:多項式)
සෑම බහු පදයක්ම බහු පද ශ්‍රිතයකට අනුරූප වෙයි. එහි දී f(x) බහු පදයට සමානව සකසනු ලැබේ. බහු පද සමීකරණවලදී බහු පදය ශුන්‍යයට සමානව සකසනු ලැබේ. සමීකරණයේ විසඳුම් බහු පදයේ මූල ලෙස හඳුන්වන අතර ඒවා ශ්‍රිතයේ ශුන්‍යයන් හා එහි ප්‍රස්ථාරයේ x - අන්තඃඛණ්ඩ වේ. x = a බහු පදයක මූලයක් නම් (x - a) යන්න බහු පදයේ මූලයක් වේ.
 
[[ගොනුව:Solving''f''(''x'') polynominal= equa''x''<sup>2</sup> para+ a1.JPG]]1 වැනි සමහරක් බහු පදවලට තාත්වික මුල නොමැත. නමුත් කෙසේ හෝ පිළිතුරු ගැනීමට අවසර දී ඇති කුලකය සංකීර්ණ සංඛ්‍යා දක්වා විස්තීර්ණ කළ හොත්, සියලු (නියත නොවන) බහු පදවලට අඩුම වශයෙන් එක් ප්‍රභින්න මූලයක් වත් ‍තිබේ. මෙය වීජ ගණිතයේ මූලික ප්‍රමේය යේ ප්‍රතිඵලයකි.
 
මුල ආසන්න කිරීම හා නිරවද්‍යම මුල සෙවීම අතර වෙනසක් තිබේ. දෙවන මාත්‍රයේ බහු පදවල මූල සඳහා වූ සූත්‍රය ඉපැරණි කාලයේ සිට පැවතුනි. (වර්ගජ සමීකරණ බලන්න) 16 වන සියවසේ සිට 4 වන මාත්‍රය දක්වා සූත්‍ර ද භාවිතයට එක් විය. නමුත් 5වන මාත්‍රය සඳහා වූ සූත්‍ර පර්යේෂකයන් මඟ හැර ගියේය. 1824 දි නීල්ස් හේන්ඩ්රික් අබෙල්, මාත්‍රය පහට හෝ වඩා වැඩි බහු පදවල මූල සඳහා එහි සංගුණක ආශ්‍රයෙන් සූත්‍රයක් (අංක ගණිතමය ක්‍රියාවලි හා ආමූල පමණක් අඩංගු) පැවතිය නොහැකි බව ඔප්පු කරන ලදී. (ආබෙල් රෆිනි ප්‍රමේයය බලන්න) මෙම ප්‍රතිඵලය , මූල හා බහු පද අතර සම්බන්ධය විස්තරාත්මකව අධ්‍යයනය කරන ගාලොයිස් සිද්ධාන්තයේ ආරම්භයට මඟ පෑදීය.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/222773" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි