"සෝලියස් මෙන්ඩිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
112.135.46.106 මගින් සිදුකල 139348 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
10 පේළිය:
 
 
සෝලියස් මෙන්ඩිස් කුඩා කාලයේදී ම මෙමෝනියස් ද සිල්වා නම් වූ සිය මාමා සමඟ ක්‍රිස්තියානි බිතු සිතුවම් කලාවේ නිරත වූ බවට සාධක ඇත. මහවැවට නුදුරු මාවිල කුසුමාරාමයේ දක්නට ඇති සිතුවම් ඔහුගේ චිත්‍ර ඇඳීමේ මූලාරම්භය දක්වන සිතුවම් වේ.කලාත්මක වටිනානමටත් වඩා මානව විද්‍යාත්මක වටිනාකමක් ගැබ්වන පරිදි සිය සිතුවම් නිර්මාණ තමාට නිතර දක්නට ලැබෙන භෞතික සාධක ඔස්සේ නිරූපණය කිරීමක් ඇරම්භයේ දී දැකිය හැකිය. සෝලියස් මෙන්ඩිස්ගේ ආරම්භක සිතුවම් නිරීක්ෂණය කරන විට එකල ඔහු එම්.සාර්ලිස්ගේ සිතුවම් අනුකරණය කළ බව පෙනේ. සාර්ලිස් චිත්‍ර ශිල්පියාගේ සිතුවම් එකල ජනප්‍රිය වී තිබීම එයට හේතු වන්නට ඇත.
 
 
16 පේළිය:
 
 
සිය ජීවිතයේ මැද භාගයේදී හෝ ඊට ආසන්න වකවානුවකදී දැනුමෙන් හා වයසින් මුහුකුරායත්ම සෝලියස් මෙන්ඩිස් සිය චිත්‍ර කලාවට පැරණි සිතුවම් ආභාසය ලබාගන්නට උත්සාහ දරා ඇති බව පෙනේ. ඒ සඳහා ඔහු අනුරාධපුර හා පොලොන්නරු යුගයන්ගේ ක්‍රිස්තියානි චිත්‍ර හා මූර්තිවල ආභාසය ලබා ඇති බව පෙනේ. මොහු බිතු සිතුවම් නිර්මාණයට මෙන් ම මූර්ති නිර්මාණ‍යට ද එකසේ සමත් බව කැලණි විහාරයේ මෙන් ම ගිරිඋල්ල මැද්දෙපොළ රජ මහා විහාරය, මල්වාන රජ මහා විහාරය , පොලොන්නරුව රජ මහා විහාරය වැනි ස්ථානයන්හි දක්නට ඇති නිර්මාණවලින් තහවුරු වේ. කැලණි විහාර‍යේ බිතුසිතුවම් කිරීමට පෙර කැලණි විහාර දායක සභාවේ අනු දැනුම මත සෝලියස් මෙන්ඩිස් කලාකරුවාව ඉන්දියාවේ අජන්තා,එල්ලෝරා ආදී සිතුවම් හා මූර්ති නිර්මාණ අධ්‍යයනය සඳහා පිටත්කර යවා ඇත. එම ගමනින් පසු ඔහු‍ගේ සිතුවම් නව මගකට යොමුව ඇති බව පැහැදිලි ය. ඔහු ඉන් අනතුරුව අනුරාධපුර, පොළොන්නරු චිත්‍රවල ආභාසය මෙන් ම ඉන්දියාවේ අජන්තා, එල්ලෝරා වැනි බිතුසිතුවම් හා මූර්තිවල ද ආභාසය ලබමින් තම නිර්මාණ කටයුතු කර ඇති බව පෙනේ.
 
 
"https://si.wikipedia.org/wiki/සෝලියස්_මෙන්ඩිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි