"ඩැනියෙල් ඩෙ‍ෆෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ඩැනියෙල් ඩෙ‍ෆෝ
 
 
උපත 1659/1661 (?)
 
මිය ගියේ 1731 අප්‍රේල් 24
 
වෘත්තිය ලේඛක, පත්‍ර කලාවේදි, ඔත්තුකරු
 
වර්ගය වික්‍රමයන් ලිවිම
 
13 පේළිය:
රොබින්සන් කෲසෝ කෘතිය සඳහා ආභාෂය ලබා ගත්තා යයි විශ්වාස කළ හැකි මූලාශ්‍ර බොහොමයක් පිළිබඳව ටීම් සෙවෙරින් ඔහුගේ ‘Seeking Robinson Crusoe 2002’ කෘතියෙන් අනාවරණය කරයි. සෙවෙරින් මහත් පරිශ්‍රමයෙන් රැස් කර ගත් තොරතුරු වලින් ඔහු හෙළිකරන්නේ සැබෑවටම එක් දූපතක අතරමං වූ පුද්ගලයා වූයේ මොන්මවුත් හි ආදිපාදවරයාට ශල්‍ය වෛද්‍යවරයෙකු වශයෙන් සිටි හෙන්රි පිට්මන් නැමැත්තකු බවයි. පිට්මන් තමාගේ කුඩා කෘතියෙහි මොන්මවුත් කැරැල්ලෙහි වරදකරුවෙකු ලෙස කැරිබියන් කඳවුරක සිටියදි ඉන් පලා එන විට නැව විනාශ වී තනි වූ දූපතක අතරමං වීම සම්බන්ධව විස්තර කර ඇත. මෙම පොත ලන්ඩනයේ ජේ ටේලර් නැමැත්තා ප්‍රකාශයට පත් කර ඇත. ඔහුගේ පුතා වූ විලියම් ටේලර් පසු කාලයකදි ඩැනියෙල් ඩෙෆෝගේ කෘතිය පළ කරන ලදි. සෙවෙරින් තව දුරටත් කියන්නේ ඩෙෆෝට පිට්මන් හමුවන්නට ඇති බවත් ඔහු දූපතේ හුදෙකලා වීම සම්බන්ධයෙන් කෙළින්ම ඔහුගෙන් දැන ගන්නට ඇති බැවත්ය.
 
ශිෂ්ඨත්වයේ වැඩි දියුණුව සඳහා ආදර්ශයන් ලෙසද, ආර්ථික ස්වාර්ථවාදයේ ප්‍රකාශන ලෙසද සහ යුරෝපීය කොළණි ක්‍රමයන්හි අභිලාශයන් ලෙසද ඔහුගේ කෘතින් බොහෝ විට කියැවීමට ලක් වී තිබේ. එහෙත් එය පසු තැවිලි වීමේ වැදගත් කමද පෙන්වන අතර ඩෙෆෝගේ ආගමික අවබෝධයේ ශක්තිමත් භාවය විස්තර කරයි. රොබට් ලුවි ස්ටීවන්සන් වැනි මුල් කාලීන විවේචකයින් ඒවා අගය කළේ කෲසෝ හි පා සළකුණු දර්ශනය ඉංග්‍රිසි සාහිත්‍යයේ කීර්තිමත් හතරෙන් එකක් ලෙසිනි. “එක් දිනක් මධ්‍යාහ්නයේදිමධ්‍යා‍හ්නයේදි එම බෝට්ටුව දෙසට යන විට පැහැදිලිව දැක ගත හැකි ලෙස වැල්ලේ සටහන් වුනු මිනිසෙකුගේ නිරුවත් පා සළකුණක් දැක විශ්මයට පත් වූයෙමි”
 
ඩෙෆෝගේ ඊළඟ නවකථාව වූයේ 1720 දී පළ වුනු ‘කැප්ටන් සින්ගල්ටන්’ කෘතියයි. කොටස් දෙකකින් යුත් එහි පළමු කොටස අප්‍රිකානු සංචාරයක් සම්බන්ධයෙනි. දෙවැනි කොටස සමකාලීන මුහුදු කොල්ලකෑම් සමග සම්බන්ධ වූවකි. එක්තරා වීරවරයෙකු සහ ඔහුගේ ආගමික උපදේශකයා වූ විලියම් වෝල්ටර්ස් අතර පැවති සමාන සමාජ සම්බන්ධතාවයක විස්තර සම්බන්ධයෙන් මෙය පැසසුමට ලක් වී තිබේ.
"https://si.wikipedia.org/wiki/ඩැනියෙල්_ඩෙ‍ෆෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි