විකිපීඩියා සාකච්ඡාව:පුද්ගල නාමකරණය

පුද්ගල නාමය කුමන ආකාරයෙන් තිබිය යුතුද? සංස්කරණය

සම්පූර්ණ නම ජූනියස් රිචඩ් ජයවර්ධන
<මුල් අකුරු><no_spaces, dots between letters><space><අවසන නාමය> ජේ.ආර්. ජයවර්ධන
<මුල් අකුරු><spaces, dots between letters><space><අවසන නාමය> ජේ. ආර්. ජයවර්ධන
<මුල් නාමය><space><අවසන නාමය> අර්ජුණ රණතුංග

ඔබේ අදහස් එක් කරන්න. -- බිඟුවා සාකච්ඡාව 08:56, 15 අගෝස්තු 2010 (යූටීසී)Reply



Few hours after I started the article "දි.මු.ජයරත්න"(without paces), Another user has created the article දි. මු. ජයරත්න(with spaces). As the 2nd author has crated a great article I redirected the 1st article to the 2nd article.
I like to know weather we have any standers for names of people in sinhala & if so how could I find it. If not I suggest that we should develop a such to avoid duplications in the future. Singhalawap 08:57, 22 අප්‍රේල් 2010 (යූටීසී)Reply

I Agreed with wap, we need a STD if we don't have relating this. I think දි.මු. ජයරත්න is better.
No Spaces between surnames & Space between Last names.
for an example

J.R. Jayewardene
Junius Richard Jayewardene

බිඟුවා 10:55, 22 අප්‍රේල් 2010 (යූටීසී)Reply
I accept the above suggestion. Where should we publish the suggestion that others could see it ?

Singhalawap 17:00, 24 අප්‍රේල් 2010 (යූටීසී)Reply



රජවරුන්ගේ නාමකරණය සංස්කරණය

රජෙකුගේ හෝ රැජිණියකගේ නම ලිවීමේදී අප කුමක් සම්මතය ලෙස යොදා ගත යුතුද? -- බිඟුවා සාකච්ඡාව 09:03, 15 අගෝස්තු 2010 (යූටීසී)Reply



  • දෙවෙනි රාජසිංහ රජු
  • දෙවැනි රාජසිංහ රජු
  • IIවැනි රාජසිංහ රජු
  • II වැනි රාජසිංහ රජු
  • II රාජසිංහ රජු
  • 2වැනි රාජසිංහ රජු
  • 2 වැනි රාජසිංහ රජු
  • 2 රාජසිංහ රජු

හෝ
වෙනයම් එකක්? -- බිඟුවා සාකච්ඡාව 15:35, 28 මැයි 2010 (යූටීසී)Reply

  • දෙවැනි යන යෙදුම වැරදියි. එය දෙ වන ලෙස නිවැරදි විය යුතුයි.
  • II රාජසිංහ රජු හෝ 2 රාජසිංහ රජු ලෙස ලිවීම නුසුදුසු බව යි මගේ අදහස.
--සමීර ශාකුන්තල | Sameera Shaakunthala 23:57, 28 මැයි 2010 (යූටීසී)Reply
පළමුවැනි, දෙවැනි, තුන්වැනි, සතරවැනි ආදි ලෙස ලිවීම වැරැදියි. වැනි යනු වගේ යන්නයි. නිවැරැදි වහර පළමුවන, දෙවන, තුන්වන. සතරවන ආදී වශයෙනි. (දෙ වන වැරැදියි).
තව තියෙනවා. ගැහැණියකු කිව්වොත් ගැහැණු යකෙක් බව කියැවෙයි. ගැහැණියක විය යුතුයි. තුති. ----112.135.219.191 03:28, 29 මැයි 2010 (යූටීසී)Reply


රජවරුන්ගේ නාම භාවිතය සම්බන්ධයෙන් දැනටමත් සිංහලයේ පොදු සම්මුති ක්‍රමයත් ඇත් බැවින් බැවින් සිංහල විකිපීඩියාවද එයම අනුගමනය කිරීම මැනවයි සිතමි.

En සම්මතය - Rajasingha the II
සිංහල සම්මතය - IIවන රාජසිංහ රජ
Singhalawap 10:45, 29 මැයි 2010 (යූටීසී)Reply
I think there should be a whitespace in between the Roman number and "වන". I've seen it that way in many school textbooks. (sorry about writing in English as I'm on mobile) --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 11:14, 29 මැයි 2010 (යූටීසී)Reply
IIවන රාජසිංහ රජ යන්න වඩා සුදුසුයැයි කියා මටද සිතේ. එම නිසා එය සිංහල විකියේ නීතිය ලෙස ක්‍රියාත්මක කරමුද? "වන" යන්න අතර හිස්තැනක් තැබුවහොත් එය "කැලය" යන්න අර්ථ ගැන්වේයැයි සිතේ. එහි නිවැරදි බව මා හරියටම නොදනිමි. කෙසේ නමුත් ඔබ සියළු දෙනාට ස්තුතිය පිරිනමමි. -- බිඟුවා සාකච්ඡාව 12:51, 29 මැයි 2010 (යූටීසී)Reply
සම්මතය යනු බොහෝ දෙනා බොහෝ කල් භාවිතා කරන දෙයයි. ඔබ යෝජනා කරන දෙය දැනට භාවිතා කරන සම්ම්තය යැයි සිංහලවප් පවසා ඇත. එසේ පැවසීමට එතුමාට හේතු සාධක තිබේද? පුවත් පත්, සඟරා, ඉතිහාසය ගැන පොත්, වියතුන්ගේ පර්යේෂණ කෘති, රාජ්‍ය ලේඛන, මහා වංශය වැනි ඓතිහාසික ග්‍රන්ථ ආදියෙහි එලෙස භාවිතා වෙයිද? කිසියම් රාජ්‍ය ආයතනයක් විසින් සම්මතය මේ යැයි නියම කොට තිබේද? කිසිවක් කිරීමට පෙර මේවා සිතන්න. මා නැවත පුන පුනා කියන්නේ විකිපීඩියාව පර්යේෂණාගාරයක් නොවේ. මහජනයා විසින් භාවිතා කරන සම්මතය අපද භාවිතා කරමු. මා ඉහත දැක්වූ තැන් පරිස්සමින් පිරික්සා බලා නිවි හැනහිල්ලේ තීරණයක් ගනිමුද? එහෙම හොඳයි නේද? --චතුනි අලහප්පෙරුම 13:15, 29 මැයි 2010 (යූටීසී)Reply
ඔව්. එහෙම හොඳයි. එසේ නම් තවදුරටත් අපි සාකච්ජා කරමු. කරුණු සොයා බලමු. පසුව තීරණය කරමු. -- බිඟුවා සාකච්ඡාව 14:20, 29 මැයි 2010 (යූටීසී)Reply
මා සොයාගත් කරුණු කිහිපයක්
10 වන ශ්‍රේණිය - ඉතිහාසය (පාඩම් පොත) - පිටුව 51:
VI වන පරාක්‍රමබාහු රජතුමා, හරතවන බුවනෙකබාහු රජු, පස්වන පරාක්‍රමබාහු රජතුමා
10 වන ශ්‍රේණිය - ඉතිහාසය (පාඩම් පොත) - පිටුව 108:
XVI වන ලුවී රජ
ලුවී රජ වරු ‍බොහෝ සිටි බැවින් එසේ කරන්නට ඇත. අපේ රජවරුන්ට තෝරා ගන්න‍ට බොහෝ නම් තිබූ බැවින්දෝ එක් නමක් වත් දසවන දක්වා ගොස් නැති වගයි පෙනෙන්නේ.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අච්චු ගස්වපු පාඩම් පොතක එකම පිටුවක් තුලත් සම්මතයක් නැති වගයි පෙනෙන්නෙ.
තව ටිකක් හොයා බලමු. -- චතුනි අලහප්පෙරුම 14:56, 29 මැයි 2010 (යූටීසී)Reply
ඉංග්‍රීසියෙන් සංඛ්‍යා Cardinal සහ Ordinal යයි දෙවර්ගයකි. Cardinal යනු One, Two, Three, .... යනුවෙනි. Ordinal (ක්‍රමසූචක) යනු First, Second, Third, .... යනුවෙනි. මෙය 1st, 2nd, 3rd, .. ලෙසද ලියනු ලැබේ. සිංහලයෙන් එක, දෙක, තුන ..... වශයෙන් සංඛ්‍යාවක අගය දැක්විය හැකි අතර ක්‍රමසූචක ලෙස පළමුවන, දෙවන, තුන්වන, .... ලෙස ලිවිය හැක. ඉංග්‍රීසි ක්‍රමය අනුව යන්නේ නම් 1වන, 2වන, 3වන, .... ආදි ලෙස ද ලිවිය හැක.
මේ වගේ තොරතුරු සොයමු. -- චතුනි අලහප්පෙරුම 16:12, 29 මැයි 2010 (යූටීසී)Reply
කරුණු කිහිපයක්,
  • පළමු වන කියා හිස්තැන සහිතව ලිවීමේදී කැලය යන අදහස ඉන් හැඟවෙන බවට ඉදිරිපත් වුණු අදහසට එකඟයි. ඒ අනුව, හිස්තැන රහිතව තනි වචනයක් ලෙස ලිවීම වඩාත් සුදුසු යයි අදහස් කරමි.
  • එසේ වුවද, සිංහලෙන් ක්‍රමසූචක ආකාරයට ලිවීමේදී 1 වන, 2 වන,... යනාදී වශයෙන් හිස්තැන සහිතව ලිවිම වඩා යෝග්‍ය යයි හැඟේ. ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද ප්‍රකාශන වල බහුලව හමු වන්නේ මෙසේ ඉලක්කමත් වචනයත් අතර හිස්තැනක් යොදා ලියන ක්‍රමයයි. එමෙන්ම ශ්‍රී ලංකා රජයේ නිළ ප්‍රකාශන වලදී ද මේ ආකාරය භාවිත වනු දැකිය හැකියි [1].
--සමීර ශාකුන්තල | Sameera Shaakunthala 16:57, 29 මැයි 2010 (යූටීසී)Reply


Return to the project page "පුද්ගල නාමකරණය".