ලෝමස් ඍෂි ලෙන

ඉන්දියාවේ බිහාරයේ බරාබර් ලෙන් සමූහයෙන් එකකි

ලෝමස් ඍෂි ලෙන යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් වන බිහාර් හි ජෙහානාබාද් දිස්ත්‍රික්කයේ බරාබර් සහ නාගාර්ජුනී කඳුවල පිහිටි බරාබර් ලෙන් අතර ප්‍රධාන ලෙනකි. මෙම ලෙන කැන ඇත්තේ සිද්ධස්ථානයක් ලෙස ය. මෙය නිර්මාණය වූයේ ක්‍රි.පූ. 3වන සියවසේ මෞර්ය අධිරාජ්‍යයෙර් අශෝක රජ සමයේ හ. එය එකල ජෛනාගමිකයන් හා තරග වැදි ආජීවිකයන් උදෙසා ඉදිකෙරුණකි. ආජීවිකයන් අදේවවාදීන් වූ අතර[2] වේද මෙන්ම බෞද්ධ ඉගැන්වීම් ද ඔවුහු ප්‍රතික්ෂේප කළහ. ඔවුන් බරාබර් ලෙන්වල බවුන් වඩන්නට ඇතැයි පැවසේ.[3][4] එසේවුව ද, ලෝමස් ඍෂි ලෙන ආජීවිකයන් සඳහා නිර්මාණය වූ බවට ප්‍රමාණවත් අභිලේඛනමය සාක්ෂි හමු නොවේ. අශෝක යුගයේ ඉදිවූ බරාබර් හි සෙසු ලෙන් බොහෝමයක් බෞද්ධයන් සඳහා ඉදිවූ ලෙන් වේ.[1]

ලෝමස් ඍෂි ලෙන
ලෝමස් ඍෂි ලෙනෙහි පිවිසුම, බරාබර් ලෙන්.
ලෝමස් ඍෂි ලෙන is located in ඉන්දියාව
ලෝමස් ඍෂි ලෙන
ඉන්දියාව තුල පිහිටීම
ලෝමස් ඍෂි ලෙන is located in බිහාරය
ලෝමස් ඍෂි ලෙන
ලෝමස් ඍෂි ලෙන (බිහාරය)
මූලික තොරතුරු
පිහිටීමසුල්තාන්පූර්
භූගෝලීය ඛණ්ඩාංක25°00′23.2″N 85°03′52.3″E / 25.006444°N 85.064528°E / 25.006444; 85.064528ඛණ්ඩාංක: 25°00′23.2″N 85°03′52.3″E / 25.006444°N 85.064528°E / 25.006444; 85.064528
අනුබැඳියාවආජීවිකයන් හෝ බුද්ධාගම,[1]
පසුව හින්දු ආගම (ක්‍රි.ව. 5වන සියවස)
දිස්ත්‍රික්කයජෙහානාබාද් දිස්ත්‍රික්කය
ජනපදයබිහාරය
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ශෛලියගලෙහි-කැනි ලෙන

සටහන් සංස්කරණය

  1. 1.0 1.1 Le, Huu Phuoc (2010). Buddhist Architecture (ඉංග්‍රීසි බසින්). Grafikol. p. 104. ISBN 9780984404308.
  2. Johannes Quack (2014), The Oxford Handbook of Atheism (Editors: Stephen Bullivant, Michael Ruse), Oxford University Press, ISBN 978-0199644650, page 654
  3. Analayo (2004), Satipaṭṭhāna: The Direct Path to Realization, ISBN 978-1899579549, pp. 207-208
  4. Basham 1951, පිටු අංක: 240-261, 270-273.

ආශ්‍රේයයන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලෝමස්_ඍෂි_ලෙන&oldid=468794" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි