රාම් චරන් යනුවෙන් හැඳින්වෙන්නේ තෙලිඟු සිනමාවේ කාර්යයේ නියුතු ඉන්දියානු චිත්‍රපට නළුවකු, නර්තන ශිල්පියකු, නිෂ්පාදකවරයකු, ව්‍යාපාරිකයකු සහ ව්‍යවසායකයෙකි. ඔහු නන්දි සම්මාන යුගලක්, දකුණු ෆිල්ම්ෆෙයාර් සම්මාන දෙකක්, සිනේමා සම්මාන දෙකක් සහ සන්තෝෂම් හොඳම නළුවා සම්මානය දෙවරක් හිමි කරගෙන ඇත. චරන් ටොලිවුඩයේ ඉහළම ආදායම් ලබන නළුවන්ගෙන් අයකු ලෙස සැලකේ.[2]

රාම් චරන්
චරන් 2015 මැයි මස මුම්බායි ගුවන්තොටුපළේ දී
උපත
රාම් චරන් තේජා කෝනිදේලා

27 මාර්තු 1985 (1985-03-27) (වයස 38)[1]
මදුරාසි (වර්තමාන චෙන්නායි), තමිල් නාඩු, ඉන්දියාව
නිවහනහයිදරාබාද්, තෙලංගානා, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාව
සක්‍රීය වසර2007–වර්තමානය
කලත්‍රයා(යන්)උපසානා කාමිනේනි
දෙමව්පියන්(s)චිරන්ජීවි
සුරේඛා කෝනිදේලා
පවුලබලන්න චිරන්ජීවි පවුල

2016දී ඔහු විසින් කෝනිදේලා නිෂ්පාදන සමාගම යන නාමය යටතේ සිය නිෂ්පාදන නිවස ස්ථාපනය කරන ලදී.[3]

පෞද්ගලික දිවිය සංස්කරණය

රාම් චරන් උපත ලැබූයේ තෙලිඟු නළු චිරන්ජීවි සහ සුරේඛාට දාව චෙන්නායිහි දී ය. ඔහුට සොහොයුරියන් දෙදෙනකු වේ. අල්ලු රාම ලිංගයියාගේ මුණුපුරා වන ඔහු නාගේන්ද්‍ර බාබු, පවන් කල්‍යාණ්, සහ අල්ලු අරවින්ද්ගේ බෑණා වේ. එසේම ඔහු අල්ලු අර්ජුන්, වරුන් තේජ් සහ සායි ධර්ම් තේජ්‍ගේ ඥාති සොහොයුරා වේ. 2011 දෙසැම්බර් 1 දින හයිදරාබාද්හි දී චරන් උපසානා කාමිනේනි සමග විවාහ ගිවිස ගත්තේ ය. උප‍සානා ඇපලෝ පුණ්‍යායතනයේ උප-සභාපතිනිය මෙන්ම B Positive සඟරාවේ ප්‍රධාන කතුවරිය ද වේ. උපසානා යනු ඇපලෝ රෝහල්වල විධායක සභාපතිවරයා වන ප්‍රතාප් සී. රෙඩ්ඩිගේ මිණිපිරියයි.[4][5] අනතුරුව 2012 ජූනි 14 දින ටෙම්පල් ට්‍රීස් ෆාම් හවුස් හිදී ඔවුහු විවාහ වූහ.[6]

චිත්‍රපට-නොවන කටයුතු සංස්කරණය

රාම් චරන් අශ්වාරෝහකයකු මෙන්ම ව්‍යාවසායකු ද වේ.[7] ඔහුට රාම් චරන් හයිදරාබාද් පෝලෝ රයිඩිං ක්ලබ් නැමැති පෝලෝ කණ්ඩායමක් ද හිමි ය.[8] ඔහු මා ටීවී අධ්‍යක්ෂක මණ්ඩලයේ ද සේවය කරයි.[9]

2015 ජූලි මස මුල් කාලයේ, ඔහු තමන්ගේම හයිදරාබාද්-පාදක කරගත් TruJet නම් ගුවන් සේවාව ඇරඹී ය.[10]

Devil's Circuit නැමැති බාධක දිවීම් ශ්‍රේණියේ සම-අයිතිකරු ද රාම් චරන් ය.[11]

වෘත්තිය සංස්කරණය

2007–2012 සංස්කරණය

2007දී, රාම් චරන් චිත්‍රපට ‍ක්ෂේත්‍රය වෙත පිවිසියේ චිරුතා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමිනි. පූරි ජගන්නාධ් විසින් අධ්‍යක්ෂණය කළ මෙය ඍජු මධ්‍යස්ථාන 178ක සහ තවත් මධ්‍යස්ථාන 15ක දින 50 කඩඉම සම්පූර්ණ කළේ ය. මෙම චිත්‍රපටය මධ්‍යස්ථාන 40ක දින 100 සම්පූර්ණ කළේ ය.[12] මෙහි ඔහු නිරූපණය කළේ සිය පියාගේ ඝාතකයින්ව මරාදැමීමට අදිටනින් පසුව චරන් නැමැත්තකුගේ චරිතයයි. ඔහුගේ රංගන ප්‍රතිභාව අගය කරමින් Rediff.com සඳහන් කොට තිබුණේ "රාම් චරන් බලාපොරොත්තු තබාගත හැකි නළුවෙකි. නර්තන සහ ක්‍රියාදාම විශිෂ්ට බැව් පෙනේ. නර්තන අංගවල ඔහු වඩාත් තේජාන්විත ය. දෙබස් හැසිරවීම සහ අනුගමනය කරන ශෛලිය මගින් ඔහු සිය තරු පියාගෙන් පැහැදිළිව විශේෂ වී ඇත."[13] මෙම චිත්‍රපටයේ රංගනය හේතුවෙන් ෆිල්ම්ෆෙයාර් හොඳම දකුණු කෝඩුකාර සම්මානය සහ නන්දි විශේෂ ජූරියේ සම්මානය ඔහුට හිමි විය.[14]

2009දී ඔහුගේ දෙවන චිත්‍රපටය වූ එස්. එස්. රාජමෞලි විසින් අධ්‍යක්ෂනය කළ බ්ලොක්බස්ටරයක් වූ මගධීරා මුදාහැරීමත් සමග, ඔහුට ටොලිවුඩයේ ප්‍රමුඛ නළුවකු ලෙස නාමයක් ගොඩනගා ගැනීමට හැකි විය. ඔහු මෙහි ද්විත්ව චරිත නිරූපණය කළ අතර, ඉන් එකක් 17වන සියවසේ රාජස්ථානයේ රාජධානියක නිර්භීත සෙබලකුගේ චරිතයකි. මෙහි දී ඔහු කුමරියකට පෙම් කරන අතර ඇයව ඔහුට අහිමී ‍වීමෙන් පසුව මියයයි. දෙවන චරිතය එම කුමරියගේ නැවත උපතක් වන තරුණියකගේ සිත දිනාගන්නට උත්සාහ දරන මෝටර් බයිසිකල් රියැදුරකුගේ චරිතයකි. ඔහුගේ ප්‍රතිභාව දැවැන්ත විචාරක පැසසුමක් හිමි කරගත්තේ ය. The Times of India පුවත්පත රචනාකොට තිබුණේ "රාම් චරන් නිර්භීත සෙබලකු බවට පත්ව දිවියටත් වඩා විසල් චරිතයක් අපහසුවකින් තොරව නිරූපණය කරයි. ඔහු සිය අසුන් පැදවීමේ සහ නර්තන හැකියාවන් පරිපූර්ණ අයුරින් පෙන්වයි."[15] IndiaGlitz සඳහන් කොට තිබුණේ "තරන් පරිණත නිරූපණයකට පැමිණ ඇති අතර ඔහු චිත්‍රපටය මැනවින් නිරූපණය කොට ඇත. ඔහුගේ චරිත දෙකටම සාධාරණයක් ඉටුකොට ඇති අතර, ඔහු බොහෝ ස්ථානවල අපට ඔහුගේ පියා සිහිගන්වයි."[16] එස්. එස්. රාජමෞලිගේ අධ්‍යක්ෂණයක් වන මෙය,[17] හොඳම නළුවා සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය – තෙලිඟු ඇතුළු ෆිල්ම්ෆෙයාර් සම්මාන පහක් හිමි කරගත්තේ ය. එමෙන්ම නන්දි ජූරියේ විශේෂ සම්මානය ද චරන්ට හිමි විය.[18] 2009දී, ඔහු පෙප්සිහි වෙළඳ දැන්වීම් ව්‍යාපාර සමග සම්බන්ධ වීම හේතුවෙන් කතාබහට ලක්වූ පුද්ගලයකු බවට පත් විය.[19]

2010දී චරන් බොම්මාරිල්ලු භාස්කර්ගේ චිත්‍රපටයක් වූ Orangeහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ ය. මෙහි ඔහු නිරූපණය කළේ රාම් නැමැති ඕසට්‍රේලියාවේ නේවාසික-නොවන ඉන්දියානුවකුගේ චරිතයකි. ඔහුගේ අදහස් සදහටම පෙම් කිරීමට එරෙහිව වේ. IndiaGlitz රචනා කළේ "රාම් චරන් චිත්‍රපටය පුරාම විශිෂ්ට රංගනයක නියැළෙයි. ඔහුගේ විලාසය, අංග රචනය, ඇඳුම් ශෛලිය, අතිරේක අංග සහ ශරීර භාෂාව හේතුවෙන් ප්‍රේක්ෂකයාට නාගරික තරුණයකුගේ හැඟීමක් ඇතිවේ. ඔහු ක්‍රියාදාම, නර්තන, දෙබස් හැසිරවීම, දේහ භාෂාව යන සියලු අංශවලින් දියුණු වී සිටියි."[20]

ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ සම්පත් නන්දි අධ්‍යක්ෂණය කළ රච්චා චිත්‍රපටයයි. මෙහි ඔහු බෙටිං රාජ් නැමැති සූදුකරුවකුගේ චරිතයක් නිරූපණය කළේ ය. IndiaGlitz රචනාකර තිබුණේ " ඔහුගේ චිරු අතීතයේ සිටියාටත් වඩා හොඳින් චිරුගේ ලක්ෂණ විදහාපායි. ඔහුගේ අතිමන්ද්‍ර ස්වරය හෝ හැසිරීම ක්‍රියාදාම අතින් ඔහු සුපිරිතරුවකි. ප්‍රබල පිටපතකින් ආධාර ලද ඔහුට මීට වඩා හොඳට එය කිරීමට හැකියාව තිබිණි."[21] චිත්‍රපටය 2012 අප්‍රේල් 5 මුදාහැරුණු අතර, ආර්ථික අතින් සාර්ථකත්වයට පත් විය.[22]

2013–වර්තමානය සංස්කරණය

 
චරන් සහ ප්‍රියංකා චොප්රා 2013 සිය සංජීර් චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු අතරතු

2013 වර්ෂයේ ඔහුගේ පළමු නිකුතුව වූයේ වී. වී. විනායක් විසින් අධ්‍යක්ෂණය කළ නායක් චිත්‍රපටයයි. මෙහි ද ඔහු ද්විත්ව චරිත නිරූපණයක් සිදුකළේ කොල්කතාවේ මාෆියා කල්ලියක සාමාජිකයකු සහ හයිදරාබාදයේ සරල මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස ය. The Times of India පුවත්පත රචනා කර තිබුණේ "රාම් චරන් දක්ෂ ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ චරිත දෙක අතර කිසිදු වෙනසක් දක්නට නොලැබේ."[23] යහපත් විචාරක ප්‍රතිචාර ලද මෙය ආර්ථික අතින් ද සාර්ථක විය.[24]

චරන් සිය බොලිවුඩ් ආගමනය සනිටුහන් කළේ සංජීර් චිත්‍රපටය තුළිනි. මෙය එම නාමයම ඇති 1973 චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. මෙහි ඔහු සිය දෙමාපියන්ගේ ඝාතකයාව සොයාගන්නා ප්‍රතිඥා දී සිටින ACP විජේ ඛන්නාගේ චරිතය නිරූපණය කරයි. චරන් පිළිවැයුම් ගායකයකු ලෙස සිය ප්‍රවේශය සනිටුහන් කළේ "මුම්බායි කේ හීරෝ" තුළිනි. චිරන්තන් භාට් විසින් නිමවන ලද මෙය සංජීර්හි තෙලිඟු සංස්කරණය වූ තූෆන් ඇල්බමයේ ඇතුළත් ය.

ඔහුගේ ඊළඟ තෙලිඟු චිත්‍රපටය වූ වම්සි පෛඩිපල්ලි අධ්‍යක්ෂණය කළ යෙවඩු (2014) තුළ ද ඔහු චරිත දෙකක් නිරූපණය කළේ ය. ඉන් එකක් අනෙකාගේ මුහුණට සමානව මුහුණ සැත්කමක් මගින් සැකසීම නිසා පාතාල කණ්ඩායම්වල තර්ජනයට ලක්වන පුද්ගලයෙකි. Bangalore Mirror රචනාකොට තිබුණේ "රාම් චරන්ට නම්, යෙවඩු ඔහුගේ ‍තූෆන් බොක්ස් ඔෆීස් අතින් සිරවීම නිසා නිසා සිය තත්ත්වය ගොඩනගා ගැනීමට වැදගත් වන්නකි. ඔහුගේ චරිතයට පැති දෙකක් අති අතර, ඔහු එහි විවිධත්වයක් ගෙනඒමට උපරිමයෙන් උත්සාහ දරයි. ඔහු නර්තනයේ යෙදෙන්නේ හෙට දවසක් නොඑන්නාක් මෙනි. ඔහුගේ නර්තනය බැලීමට තරම් අගනේ ය."[25] Sify රචනා කර තිබුණේ "පෙර චිත්‍රපට – නායක් සහ තූෆන් හා සැසඳීමේ දී, රාම් චරන් තරමක් හොඳින් මෙය ඉටුකරන බැව් පෙනේ. ඔහුගේ රංගනය තීව්‍ර සහ ක්‍රියාදාම ජවනිකාවල දී අතිශයින් ක්‍රියාකාරී ය. ප්‍රේක්ෂකයා සතුටු කිරීමට ඔහු Freedom ගීතයෙහි තරමක් හොඳ පියවරක් තබා ඇති බැව් පෙනේ."[26] චරන්ගේ එම වසරේම ඊළඟ චිත්‍රපටය වූයේ පවුලේ නාට්‍යයක් වන ගෝවින්දුඩු අන්දරිවාදෙලේ චිත්‍රපටයයි.[27] මෙම චිත්‍රපටය විචාරකයින් වෙතින් ඉතාම ධනාත්මක ප්‍රතිචාර හිමි කරගත් අතර, බොක්ස් ඔෆීස් අතින්  40 කෝටි (US$6.2 මිලියන)කට අධික දළ ආදායමක් උපයාගත්තේ ය.[28]

ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ බෲස් ලී චිත්‍රපටයයි.[29] ඔහු ධෲවා (2016) චිත්‍රපටයේ රූගත කිරීම්වලට දායක විය. මෑතක දී ඔහු මෙතෙක් නම්කොට නොමැති සුකුමාර් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් සඳහා අත්සන් තැබී ය. මෙය 2017 දීවාලියෙන් පසුව තිරගත වේ යැයි පැවසේ.[30]

ඔහු ඔහුගේ පියා වූ චිරන්ජීවිගේ 150වන චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා විය. එසේම ඔහු සිය මාමා වන පවන් කල්‍යාණ්ගේ නිෂ්පාදනයකට අත්සන් තැබී ය.[31]

චිත්‍රපට දායකත්වය සංස්කරණය

නළුවකු ලෙස සංස්කරණය

සුචිය
  මෙමගින් මෙතෙක් මුදානොහැරුණු චිත්‍රපට නිරූපණය වේ.
තේමාව වර්ෂය චරිතය සටහන් ප්‍රභවය
චිරුතා 2007 චරන් ආරම්භක චිත්‍රපටය [32]
මගධීරා 2009 කාල භෛරවා / හර්ෂා ද්විත්ව චරිත [33]
Orange 2010 රාම් [34]
රාචා 2012 රාජ් [35]
නායක් 2013 චරන් "චෙරී", සිද්ධාර්ත් නායක් ද්විත්ව රංගනයකි. [36]
සංජීර් 2013 ඒසීපී වි‍ජේ ඛන්නා හින්දි චිත්‍රපටය [37]
යේවදු 2014 චරන්, සත්‍යා [38]
ගෝවින්දුඩු අන්දාරිවදෙලේ 2014 අභි රාම් [39]
Bruce Lee - The Fighter 2015 කාර්තික් [40]
ධෲවා 2016 ධෲවා [41]
ඛායිඩි නම්බර් 150 2017 ඇය ලෙසම "අම්මඩු ලෙට්’ස් ඩූ කම්මඩු" ගීතයේ විශේෂ නිරූපණය [42]
RC 11   2017 රූගත කෙරෙමින් පවතියි. [43]

නිෂ්පාදක සංස්කරණය

වර්ෂය තේමාව භාෂාව රංගනය
2017 ඛායිඩි නම්බර් 150 තෙලිඟු චිරන්ජීවි, කාජල් අගර්වාල්

ගායනය සංස්කරණය

වර්ෂය ගීත(ය) චිත්‍රපටය භාෂාව සංගීතය ගායක(යින්)
2013 "මුම්බායි කේ හීරෝ" තූෆන් තෙලිඟු චිරන්තන් භාට් රාම් චරන්,
ජස්ප්‍රීත් ජාස්,
රෝෂිනී බැප්ටිස්ට්

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

වර්ෂය සම්මානය ප්‍රවර්ගය චිත්‍රපටය ප්‍රතිඵලය ප්‍රභවය
2008 නන්දි සම්මාන විශේෂ ජූරියේ සම්මානය චිරුතා දිනාගති [44]
2008 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම ආධුනික නළුවා – දකුණ චිරුතා දිනාගති [45]
2010 නන්දි සම්මාන විශේෂ ජූරියේ සම්මානය මගධීරා දිනාගති [46]
2010 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා – තෙලිඟු මගධීරා දිනාගති [47]
2010 සන්තෝෂම් චිත්‍රපට සම්මාන හොඳම නළුවා මගධීරා දිනාගති [තහවුරු කර නොමැත]
2010 සිනේමා සම්මාන හොඳම නළුවා මගධීරා දිනාගති [තහවුරු කර නොමැත]
2013 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා – තෙලිඟු රාචා නිර්දේශිත [තහවුරු කර නොමැත]
2013 සිනේමා සම්මාන හොඳම නළුවා රාචා නිර්දේශිත [තහවුරු කර නොමැත]
2014 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා – තෙලිඟු නායක් නිර්දේශිත [තහවුරු කර නොමැත]
2014 TSR – TV9 ජාතික චිත්‍රපට සම්මාන Best Hero නායක් දිනාගති [තහවුරු කර නොමැත]
2014 සිනේමා සම්මාන හොඳම නළුවා නායක් නිර්දේශිත [තහවුරු කර නොමැත]
2015 සන්තෝෂම් චිත්‍රපට සම්මාන හොඳම නළුවා ගෝවින්දුඩු අන්දාරිවාදෙලේ දිනාගති [තහවුරු කර නොමැත]
2016 රිට්ස් අයින් සම්මාන වඩාත් පැසසුම් ලද පුද්ගලයා සම්මාන දිනාගති [තහවුරු කර නොමැත]
2016 ඒෂියාවිෂන් සම්මාන ඉන්දියාවේ යොවුන් සලකුණ දිනාගති [48]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Ram Charan Teja Biography, Ram Charan Teja Profile – Filmibeat".
  2. "Highest paid actors in Tollywood – The Times of India".
  3. "Ram Charan to produce his father Chiranjeevi's 150th film – Times of India".
  4. "Nothing will change the person I am, says Upasana Kamineni". andhrabuzz.com/. සම්ප්‍රවේශය 25 Nov 2011.
  5. Shabana, Hussain (24 November 2014). "Apollo Hospitals' Prathap Reddy grooms daughters for leadership positions". Forbes India. සම්ප්‍රවේශය 26 November 2016.
  6. "Ram Charan marries Upasana". The Times of India. 14 June 2012. 2013-10-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-25.
  7. Arts / Cinema : Horsing around. The Hindu (4 September 2011). Retrieved on 26 April 2012.
  8. Abhishek Raje Ram Charan Tej's polo team wins its debut match සංරක්ෂණය කළ පිටපත 2011-09-17 at the Wayback Machine. The Times of India. 3 September 2011. Retrieved on 3 August 2011
  9. "Board of Directors". www.maatv.com. සම්ප්‍රවේශය 26 May 2014.
  10. "New airline, coming soon: Chiranjeevi's son Ram Charan on cloud 9; gives Hyderabad a flying gift". www.oneindia.com.
  11. "IndiaGlitz – Ram Charan to be the face of Devils Circuit – Telugu Movie News".
  12. "Ram Charan's record remains untouched even after 7 years". DailyIndia.org.
  13. "Chirutha: Watch it for Ram Charan". Rediff.com. සම්ප්‍රවේශය 29 September 2007.
  14. Ram Charan Teja | Awards & Nominations | National Awards | Nandi Awards | Filmfare Award | MAA TV Cine Awards. Popcorn.oneindia.in. Retrieved on 26 April 2012.
  15. "Magadheera movie review". The Times of India. සම්ප්‍රවේශය 2 August 2009.
  16. "Magadheera – Royal and spellbinding". IndiaGlitz. සම්ප්‍රවේශය 31 July 2009.
  17. Tollywood’s report card of 2009 – Times Of India සංරක්ෂණය කළ පිටපත 2013-05-15 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (27 December 2009). Retrieved on 26 April 2012.
  18. Filmfare Awards 2009: Magadheera Steals the show – Telugu Movie News. IndiaGlitz (9 August 2010). Retrieved on 26 April 2012.
  19. The new Pepsi Brand Ambassador – Ram Charan Teja – Telugu Movie News. IndiaGlitz. Retrieved on 15 July 2011.
  20. "Orange – A truly different concept in love". IndiaGlitz. සම්ප්‍රවේශය 26 November 2010.
  21. "Racha – Racha means pomp and show". IndiaGlitz. සම්ප්‍රවේශය 5 April 2012.
  22. Racha breaks Businessman, Oosaravelli opening day records – Times Of India සංරක්ෂණය කළ පිටපත 2013-10-04 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (6 April 2012). Retrieved on 26 April 2012.
  23. "Nayak Telugu movie review highlights". The Times of India. 2013-10-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 January 2013.
  24. Racha collects Rs. 26.92 cr. in AP, Karnataka – Telugu Movie News. IndiaGlitz (12 April 2012). Retrieved on 26 April 2012.
  25. "Movie Review: Yevadu". Bangalore Mirror. සම්ප්‍රවේශය 12 January 2014.
  26. "Movie Review: Yevadu". Sify.com. සම්ප්‍රවේශය 12 January 2014.
  27. "Govindudu Andarivadele to release Oct 1". The Times of India.
  28. "Box Office Collection: 'Govindudu Andarivadele' Crosses ₹40 Crore Mark; Beats 'Julayi'". International Business Times, India Edition. 15 October 2014.
  29. "Ram Charan gears up for his next". The Times of India.
  30. "Ram Charan-Sukumar film to go on floors in August – Latest News & Updates at Daily News & Analysis". 20 April 2016.
  31. "Pawan Kalyan to work with Ram Charan". Times of India. 15 January 2017. සම්ප්‍රවේශය 4 March 2017.
  32. "Impressive debut Film Reviews". සම්ප්‍රවේශය 4 March 2017.
  33. "A visual extravaganza Film Review". සම්ප්‍රවේශය 4 March 2017.
  34. "'Orange' - High on style, low on substance (Telugu Film Review)". සම්ප්‍රවේශය 4 March 2017.
  35. Dundoo, Sangeetha Devi. "Tailor-made for fans". සම්ප්‍රවේශය 4 March 2017.
  36. "'Naayak' celebrates commercialism (Telugu Movie Review)". සම්ප්‍රවේශය 4 March 2017.
  37. Kumar, Anuj. "Zanjeer: A potpourri of borrowed ideas". සම්ප්‍රවේශය 4 March 2017.
  38. Chowdhary, Y. Sunita. "Yevadu: Tailored for the masses". සම්ප්‍රවේශය 4 March 2017.
  39. Dundoo, Sangeetha Devi. "Govindudu Andarivadele: Once upon a family". සම්ප්‍රවේශය 4 March 2017.
  40. Dundoo, Sangeetha Devi. "Bruce Lee: All that gloss". සම්ප්‍රවේශය 4 March 2017.
  41. Dundoo, Sangeetha Devi. "Dhruva: A tale of two men". සම්ප්‍රවේශය 4 March 2017.
  42. Dundoo, Sangeetha Devi. "Khaidi No.150: Chiranjeevi returns in style". සම්ප්‍රවේශය 4 March 2017.
  43. "Ram Charan- Sukumar upcoming flick's first schedule to wrap up soon". The Times of India. සම්ප්‍රවේශය 1 May 2017.
  44. "Nandi awards 2007 announced". idlebrain.com. 2008-01-12.
  45. "NTR bags Filmfare award – Telugu Movie News". IndiaGlitz.com.
  46. "Nandi awards 2009 announced". idlebrain.com. 2010-10-07.
  47. "Filmfare Awards winners". The Times of India. 2010-08-09.
  48. James, Anu (15 November 2016). "Asiavision Movie Awards 2016 announced: Sonam Kapoor, Nivin Pauly, Radhika Apte, Ram Charan, others to be honoured". International Business Times, India Edition (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 27 November 2016.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රාම්_චරන්&oldid=593116" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි