යුනිවර්සිටි ඕවල්, ඩනීඩන්

යුනිවර්සිටි ඕවල් යනු, නවසීලන්තයේ, ලෝග්න් පාක්, ඩනීඩන්හී පිහිටි, ක්‍රීඩා පිටියක් වන අතර ඩනීඩන් නගර සභාව වෙත අයත් වෙයි. මෙම පිටිය මුලදී ඔවුටාගෝ විශ්වවිද්‍යාලයය සතුව තිබුණද, 2000 ගණන් වල මුල් භාගයේදී එහි ප්‍රති-සංවර්ධන කටයුතු නිම කිරීමත් සමගම එහි හිමිකාරත්වය නගර සභාව වෙත පවරන ලදි.

යුනිවර්සිටි ඕවල්
"වාසිටි ඕවල්"
නවසීලන්ය සහ පකිස්තානය අතර 2009 වසරෙහිදී පැවති ටෙස්ට් තරගයකදී, යුනිවර්සිටි ඕවල් සහ ප්‍රධාන වේදිකාව
Former namesලෝග්න් පාක් ඕවල්
පිහිටුමඩනීඩන්, නවසීලන්තය
ඛණ්ඩාංක45°51′57″S 170°31′31″E / 45.86583°S 170.52528°E / -45.86583; 170.52528ඛණ්ඩාංක: 45°51′57″S 170°31′31″E / 45.86583°S 170.52528°E / -45.86583; 170.52528
Broke ground1913
විවෘත කෙරුණේ1920
Renovated1979
Expanded2004, 2012
අයිතිකරුඩනීඩන් නගර සභාව
ඵෘෂ්ඨයතණකොල
ධාරිතාව3500 (තාවකාලික අසුන් භාවිතයෙන් 6000 දක්වා වැඩි කල හැක)
බදුකරුවෝ
ඔවුටාගෝ ක්‍රිකට් සංගමය
ඔවුටාගෝ වෝල්ට්ස්
ඔවුටාගෝ විශ්වවිද්‍යාලයීය රග්බි පාපන්දු සමාජය
පිටිය පිළිබඳ තොරතුරු
අන්ත නාම
දකුණු අන්තය
උතුරු අන්තය
ජාත්‍යන්තර තොරතුරු
පළමු ටෙස්ට් තරගය4–6 ජනවාරි 2008: නවසීලන්තයබංග්ලාදේශය
අවසන් ටෙස්ට් තරගය10–14 දෙසැම්බර් 2015: නවසීලන්තයශ්‍රී ලංකාව
පළමු එදිජා තරගය8 පෙබරවාරි 2010: නවසීලන්තයබංග්ලාදේශය
අවසන් එදිජා තරගය26 පෙබරවාරි 2015: ඇෆ්ගනිස්තානයස්කොට්ලන්තය
ඔවුටාගෝ කණ්ඩායම විසින් නෝදන් ඩිස්ට්‍රික්ට්ස් කණ්ඩායම වෙත සත්කාරකත්වය සැපයූ ක්‍රිකට් තරගය යුනිවර්සිටි ඕවල් හිදී 2007 පෙබරවාරියෙහි පැවැත්වුනු අයුරු.

මෙම පිටිය, ඔවුටාගෝ ක්‍රිකට් සංගමය සහ ඔවුටාගෝ විශ්වවිද්‍යාලයීය රග්බි පාපන්දු සමාජය යන දෙකෙහිම නිවැසි පිටිය වන අතර, හයිලන්ඩර්ස් රග්බි පාපන්දු කණ්ඩායමෙහි පුහුණු පර්යන්තයද වෙයි. විනිසකරු තීරණ සමාලෝචන ක්‍රමය භාවිතා වූ පළමු තරගය සඳහා සත්කාරකත්වය සැපයූයේ යුනිවර්සිටි ඕවල් පිටිය විසින් වෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සඳහා එම ක්‍රමය පළමුවෙන් භාවිතා කරමින් එය එසේ වූයේ පකිස්තානය එ නවසීලන්තය තෙවන ටෙස්ට් තරගයෙහිදීය.

පහසුකම් සංස්කරණය

පිටියෙහි උතුරු කෙළවරෙහි, රූපවාහිනී සහ රේඩියෝ විස්තර විචාරක කුටි සහිත මාධ්‍ය සංකීර්ණයක් වෙයි. අවශ්‍යවූ විටෙක පිටියෙහි කෙළවර දෙකෙහිම (මාධ්‍ය සංකීර්ණයට ඉහළින් සහ, දකුණු කෙළවරෙහි ගැටියෙහි) රූපවාහිනී කැමරා සඳහා තාවකාලික පලංචි තැනෙයි. පිටියෙහි දකුණු කෙළවරෙහි ඓතිහාසික ප්‍රධාන වේදිකාවක් පවතින අතර, ඉලෙක්ට්‍රොනික ලකුණු පුවරුවක් ඊසාන දිග කෙළවරෙහි පවතියි.

ප්‍රධාන වේදිකා සංකීර්ණය සතුව, ඇඳුම් මාරු කිරීමේ කුටි, සාමාජිකයන්ගේ කුටි, විවේක සහ ආපානශාලා, තරගකරුවන්ගේ දර්ශන කුටි, වෛද්‍ය කුටියක්, මුළුතැන්ගේ, කාර්යාල. විනිසකරු කුටි, ආපන ශාලාවක් සහ වෙළෙඳ සැලක්, මාධ්‍ය කුටි සහ ගබඩා කුටි ඇත. පසුපස කෙළවරට අමුණා පිහිටන ගොඩනැගිල්ලක විශ්වවිද්‍යාලයීය රග්බි සංගමය පහසුකම් සලසා ගනියි.

ජාත්‍යන්තර ක්‍රිකට් සංස්කරණය

පළමු ටෙස්ට් තරගය සංස්කරණය

එහි පැවැත්වුනු පළමු ටෙස්ට් තරගය තරගය වූ නවසීලන්තය සහ බංග්ලාදේශය අතර තරගය සඳහා 2008 ජනවාරි 4 දිනදී එය විසින් සත්කාරකත්වය සැපයෙත්ම, නවසීලන්තයෙහි සත්වන ටෙස්ට් පිටිය බවට යුනිවර්සිටි ඕවල් පිටිය පත් විය. මෙම තරගය, වසර දහයක කාල පරාසයකදී ඩනීඩන් හී පැවති පළමු ටෙස්ට් තරගය වෙයි. යුනිවර්සිටි ඕවල් පිටිය පිළිසකර කිරීම සඳහා NZ$6 මිලියන ප්‍රමාණයක් වැය කෙරුණු අතර, කැරිස්බෘක් වෙනුවට ඩනීඩන් හී ටෙස්ට්-ක්‍රිකට් තරගකෙරෙන ස්ථානය බවට එය පත්වී ඇත.[1]

සත්කාරකත්වය සැපයුනු ටෙස්ට් තරග සංස්කරණය

කණ්ඩායම (A) කණ්ඩායම (B) ජයග්‍රාහකයා මායිම වසර
  නවසීලන්තය   බංග්ලාදේශය   නවසීලන්තය කඩුළු 9 කින් 2008
  නවසීලන්තය   බටහිර ඉන්දීය කොදෙව් ජය පැරදුමෙන් තොරව 2008
  නවසීලන්තය   පකිස්තානය   නවසීලන්තය ලකුණු 32 කින් 2009
  නවසීලන්තය   දකුණු අප්‍රිකාව ජය පැරදුමෙන් තොරව 2012
  නවසීලන්තය   එංගලන්තය ජය පැරදුමෙන් තොරව 2013
  නවසීලන්තය   බටහිර ඉන්දීය කොදෙව් ජය පැරදුමෙන් තොරව 2013
  නවසීලන්තය   ශ්‍රී ලංකාව 2015
  නවසීලන්තය   පකිස්තානය 2016

සත්කාරකත්වය සැපයුනු එදිජා තරග සංස්කරණය

කණ්ඩායම (A) කණ්ඩායම (B) ජයග්‍රාහකයා මායිම වසර
  නවසීලන්තය   බංග්ලාදේශය   නවසීලන්තය කඩුළු 5 කින් 2010
  නවසීලන්තය   සිම්බාබ්වේ   නවසීලන්තය ලකුණු 90 කින් 2012
  නවසීලන්තය   ශ්‍රී ලංකාව   නවසීලන්තය ලකුණු 108 කින් 2015
  නවසීලන්තය   ශ්‍රී ලංකාව   නවසීලන්තය ලකුණු 120 කින් 2015
  නවසීලන්තය   ස්කොට්ලන්තය   නවසීලන්තය කඩුළු 3 කින් 2015
  ඇෆ්ගනිස්තානය   ශ්‍රී ලංකාව   ශ්‍රී ලංකාව කඩුළු 4 කින් 2015
  ඇෆ්ගනිස්තානය   ස්කොට්ලන්තය   ඇෆ්ගනිස්තානය කඩුළු 1 කින් 2015


මෙයද බලන්න සංස්කරණය

අධෝසටහන් සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය