මෝනාලි ඨාකූර්
ඉන්දියානු පිළිවැයුම් ගායිකාව
මෝනාලි ඨාකූර් (උපත 1985 නොවැම්බර් 3) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ගායිකාවක සහ නිළියකි. ඇය ජාතික චිත්‍රපට සම්මානයක්, ෆිල්ම්ෆෙයාර් සම්මාන සහ තවත් සම්මාන ගණනාවක් හිමිකරගෙන තිබේ. ඩම් ලගා කේ හඊශා (2015) චිත්‍රපටයේ "මෝහ් මෝහ් කේ ධාගේ" ගීතය උදෙසා ඨාකූර් හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා ජාතික චිත්‍රපට සම්මානය හිමිකරගත්තා ය. එසේම ලූටෙරා (2013) චිත්‍රපටයේ "සවර් ලූන්" ගායනය උදෙසා ඇය හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමිකරගත්තා ය. සී ටීවී නාලිකාවේ ස රෙ ග ම ප ලි'ල් චෑම්ප්ස් 2014 හි විනිසුරුවරියක වූ ඇය කලර්ස් ටීවී හි රයිසිං ස්ටාර් හි වාර දෙකක් සඳහා සිය දායකත්වය සැපයූවා ය.[1]
මෝනාලි ඨාකූර් | |
---|---|
උපත | 3 නොවැම්බර් 1985 කොල්කතා, බටහිර බෙංගාලය, ඉන්දියාව |
උගත් ශාස්ත්‍රාලය | ශාන්ත සේවියර් කොලීජිය, කොල්කතා |
රැකියාව |
|
කලත්‍රයා(යන්) | මයික් රික්ටර් (වි. 2017) |
දෙමව්පියන්() |
|
සංගීත වෘත්තිය | |
සම්භවය | ඉන්දියාව |
ප්‍රභේද | |
සක්‍රීය වර්ෂ | 2006–වර්තමානය |
ලේබල |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "Monali thank realised actual gravity of national award through others reaction". 2 May 2016. සම්ප්‍රවේශය 7 July 2017.
බාහිර සබැඳි
සංස්කරණය- මෝනාලි ඨාකූර් සඳහා IMDb හි ඇති තොරතුරු
- මෝනාලි ඨාකූර් සඳහා බොලිවුඩ් හංගාමා හි ඇති තොරතුරු
- නිල ට්විටර් ගිණුම