මූන් එම්බ්‍රේසිං ද සන්

2012 දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී මාලා නාට්‍යය

මූන් එම්බ්‍රේසිං ද සන් (කොරියානු해를 품은 달; ප්‍රරෝහේරියුල් පුම්-ඉයුන් දල්, හිරු සහ සඳු යනුවෙන්ද හඳුන්වයි ) යනු 2012දී විකාශය වූ දකුණු කොරියානු රූපවාහිනී මාලා නාට්‍යයකි. මෙහි චරිත නිරූපණය, කිම් සූ-හ්යුන්, හන් ගා-ඉන්, ජුං ඉල්-වූ සහ කිම් මින්-සෝ විසින් සිදුකරන ලදී. මෙය MBC නාළිකාව මගින් 2012 ජනවාරි 4වන දින සිට 2012 මාර්තු 15වන දින දක්වා බදදා සහ බ්‍රහස්පතින්දා දිනවල 21:55ට විකාශය කරනු ලැබූයේ කථාංග 20කින් යුක්ත ව ය.

මූන් එම්බ්‍රේසිං ද සන්
මූන් එම්බ්‍රේසිං ද සන් සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක්. වමේ සිට දකුණට: යූන් බෝ-ක්යුං, ලී හ්වොන් රජු, හියෝ යොන්-වූ/වොල්, යං-මියුං කුමරු
මෙලෙසද හැඳින්වේThe Sun and the Moon (හිරු සහ සඳු)
The Moon that Embraces the Sun (හිරු සිඹින සඳු)
The Moon Embracing the Sun
ප්‍රභේදයප්‍රේම කථා
ෆැන්ටසි
කාලාන්තර නාට්‍ය
මත පදනම්වජුං ඉයුන්-ග්වොල් විසින් රචිත මූන් එම්බ්‍රසිං ද සන්ඇසුරෙනි
රචනය කලේජින් සූ-වන්
අධ්‍යක්ෂණය කලේකිම් දෝ-හූන්
ලී සොං-ජින්
රඟපෑමකිම් සූ-හ්යුන්
හන් ගා-ඉන්
ජුං ඉල්-වූ
කිම් මින්-සෝ
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන20 + 2 විශේෂ
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)ඕ ග්යොං-හුන්
ස්ථානය(න්)කොරියාව
ධාවන කාලයබදාදා සහ බ්‍රහස්පතින්දා 21:55ට (KST)
නිෂ්පාදන සමාගමPan Entertainment
ප්‍රචාරණය
මුල් නාලිකාවමුන්හ්වා විකාශන සංස්ථාව
මුල් ධාවනය4 ජනවාරි 2012 (2012-01-04) – 15 මාර්තු 2012 (2012-03-15)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේMe Too
අනුගමනය වනුයේThe King 2 Hearts
බාහිර සබැඳි
වෙබ් අඩවිය
කොරියානු නම
හංගුල්
ප්‍රතිශෝධිත රෝමානුකරණයහේරියුල් පුම්-ඉයුන් දල්
මැකූන්–‍රයිෂවර්හේරුල් පුමුන් දල්
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.

ඓතිහාසික/ මනඃකල්පිත නාට්‍යයක් වන මෙය මූන් එම්බ්‍රේසිං ද සන් යනුවෙන්ම හැඳින් වූ ජුං ඉයුන්-ග්වොල් විසින් රචිත නවකථාවක් ඇසුරෙන් නිර්මාණය කර ඇත. මෙමගින් කොරියාවේ ජොසොන් රාජවංශයේ ප්‍රබන්ධ රජකු හා යකැදුරුවරියක අතර පැවති රහසිගත ප්‍රේමය නිරූපණය වේ. මෙය කොරියානු සම්ප්‍රදායික මාලිගය සහ බල අරගල මැදින් දිවෙන්නකි.

මෙම කථාමාලාව 48වන බෙක්සං කලා සම්මාන උළෙලේදී ටෙලිනාට්‍ය අංශ‍යෙන් හොඳම නාට්‍යය සහ හොඳම නළුවා යන සම්මානත්, 2012 MBC නාට්‍ය සම්මාන උළෙලේදී වසරේ නාට්‍යය ඇතුළු සම්මාන රාශියක් දිනාගැනීමට සමත් විය.

කථාපුවත සංස්කරණය

එක් රැයක, රාජකීය තාරකා මැඳුරේ (රාජකීය නක්ෂත්‍ර ගෘහය) සේවය කළ ආරි යකැදුරුවරිය රජුගේ පුතුන්ගෙන් අයකුට සිදුව අනතුරක් සිහිනයෙන් දැක අවදි වෙයි. ඇය ඒ පිළිබඳ සොයා බලන විට ඇය එම මිනීමැරුම සියසින් දකින අතර ඇයව අපරාධරුවන් විසින් හඳුනාගැනෙයි. ඊළග දිනයෙහි ප්‍රධාන පඬිවරයාගේ ගර්භනී බිරිඳ ආරිට උපකාර කරන අතරඇය කළ උපකාරය වෙනුවෙන් ප්‍රතිඋපකාරයක් ලෙස ආරි ඇයට උපදින්නට යන දරුවාට තමන් ආරක්ෂාව සලසන බව පවසයි.

එම දිනට පසු දින ආරිව අත්අඩංගුවට ගෙන සිරභාරයේ රඳවනු ලබයි. ඇගේ මිතුරු යකැදුරුවරියක වූ ජං නොක්-යොං ඇයව මුණගැසීමට පැමිණෙයි. අනාග‍තයේදී රාජකීය පවුලට සම්බන්ධ වන “උසස් දෛවයකට” හිමිකම් කියන තරුණියකගේ උපතක් තමන් පෙරදුටු බව ආරි නොක්-යොංට හෙළිකරයි. තමන්ට තවත් ජීවත් වීමට ඇත්තේ සුළු කාලයක් බව වටහා ගන්නා ආරි එම දරුවාව රැකගන්නා ලෙස නොක්-යොංගෙන් අයැද සිටියි. නමුත් එම දරුවා හඳුනාගැනීමට කිසිදු ඉගියක් ලබා දීමට ආරි අපොහොසත් වන්නී ය. තමන් එම දරුවා සිටින්නේ කොහිදැයි නොදත් නමුත් නොක්-යොං ඇයට එම පොරොන්දුව ලබා දෙයි. ඊළග දිනයෙහි යකැදුරු ආරි රාජද්‍රෝහි චෝදනාව මත දණ්ඩනයට ලක් කෙරෙන අතර ඇය අසත්‍ය පැවසීමට අකමැති වූ නිසා ඇයව දරුණු දඩුවමකට ලක්කර මරණයට පත් කෙරෙයි.

අවුරුදු ගණනක් ගතවෙයි.

විනීත, කාරුණික හියෝ පවුලට දරුවන් දෙනෙකු සිටියි: එනම් දාහත්-වියැති-පුතු, හියෝ යොම් සහ දහතුන්-වියැති-දියණිය හියෝ යොන්-වූ (එහි අරුත "මීදුම්බර වැස්ස" යන්නයි.) ය.මෙම දරුවන් දෙදෙනාමහොඳින් ඉගෙනගත්, දක්ෂ, බුද්ධිමත් කාරුණික දරුවන් දෙපළකි. විශේෂ දැරියක වූ යොන්-වූ ඇගේ වයසට වඩා වැඩි බුද්ධියකින් යුක්ත වූවා ය. මෙම දරුවන් දෙපළගේ පියා ජෝසුන් රජුගේ ප්‍රධාන ශාස්ත්‍රඥයා විය. එක් දෛවෝපගත දිනෙක යොන්-වූ සිය මව සමග හියෝ යොම්ගේ සිවිල් සේවා විභාගයේ තුති පිදීමේ උත්සවය සඳහා රාජ මාලිගයට පිටත්ව යයි. ඇය මාලිගයට යන ගමනේ දී, යොන්-වූ උත්සවයෙන් පිටත සක්මනෙහි යෙදෙන විට ඇයට අහම්බෙන් කිරුලහිමි ලී හ්වොන් කුමරු මුණගැසීමේ අවස්ථාව හිමි වෙයි. අද්භූත ලෙස එසල ගසකින් රොස පැහැ මල් පෙති ඔවුන් දෙසට ඇදහැලෙයි. මෙය ආරි තවමත් යොන්වූ දෙස සිය අවධානය යොමු කර සිටින බවට ඉගියකි. එම මුණගැසීමේ ප්‍රතිඵලයක් ලෙස ලී හ්වොන් සහ යොන්-වූ ප්‍රේමයෙන් බැදෙති.

බෝ-ක්යුං යනු ප්‍රධාන අමාත්‍යවරයාගේ දියණියයි. ඇය මව් පාර්ශ්වයෙන් මව්බිසවගේ ලේ ඥාතියකු වූවා ය. ඇයව සහ යොන්-වූව කිරුලහිමි හ්වොන් කුමරියගේ මින්-හ්වා කුමරිය සිය මිතුරියන් ලෙස තෝරාගැනෙයි. මින්-හ්වා යනු කලබලකාරී තරුණියකි. ඇය විටෙක හඩමින්, කෑගසමින් කාලය ගතකරයි. සිය සොයුරාගේ කඩවසම් “හියෝ ගුරුතුමා” (යොන්-වූගේ වැඩිමහල් සොයුරා, ඔහු සතු විශේෂ දක්ෂතාවය නිසාම ඔහු ඉක්මණින්ම කිරුලහිමි කුමරුගේ ගුරුවරයා බවට පත්වෙයි) දකින මින්-හ්වා කුමරිය ඔහු පිළිබඳ සිතක් ඇතිකර ගනී. වසර ගණනකට පෙර ආරි පැවසූ තරුණිය යොන්-වූ බව නොක්-යොං වටහා ගනී.

මේ අතර හියෝ ගුරුතුමා යනු යොන්-වූගේ සොයුරා බව දැනගන්නා මින්-හ්වා කුමරියඇය සමග සිටීමට ප්‍රිය කරයි. මේ අතර කුමරිය විසින් තමන්ව නොසලකා හැරීම නිසා බෝ-ක්යුං කුමරියගේ අවධානය දිනාගත් යොන්-වූ පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් පෙළෙයි. මින්-හ්වා සිය පියරජුගෙන් හියෝ යොම් සමග විවාහ වීමට අවසර ඉල්ලයි. නමුත් රජු එය ප්‍රතික්ෂේප කරයි. මින්-හ්වා මෙයින් දැඩි ලෙස කෝපයට පත් වෙයි.

මඳ කලකට පසුව, ලී හ්වොන් කුමරු සමග විවාහ වී ජෝසුන් රාජවංශයේ කිරුලහිමි කුමරිය වීමට යොන්-වූ තේරී පත් වෙයි. (බෝ-ක්යුං සහ වෙනත් තරුණියක පරදා) මේ අතර යොන්-වූට ප්‍රේම කරන කිරුලහිමි කුමරුගේ අයියණ්ඩිය වූ යං-මියුං කුමරු (රජුගේ උපබිසවකට ආව උපන්) මේ නිසා කලබලයට පත් වේ. මෙම තීරණය මහත් අපේක්ෂාවෙන් බලා සිටි බෝ-ක්‍යුං සහ ඇගේ පියා වූ ප්‍රධාන අමාත්‍යවරයාව නොසතුටට පත් කරයි.

කිරුලහිමි කුමරිය ලෙස පුහුණු කිරීමට යොන්-වූව රැගෙන යයි. මුලදී යොන්-වූ තරමක් අසාර්ථක වුවද පුහුණු කාලය තුළ ඇය ලී හ්වොන්ගේ ආදරය නොඅඩුව ලබයි.

කෙසේවුවත් ලී හ්වොන් සහ යොන්-වූ විවාහ වීමට ප්‍රථම, මව්බිසව රහසිගතව ප්‍රධාන යකැදුරුවරිය වූ ජං නොක්-යොං කැඳවා ඇයට යොන්-වූව රෝගී වී පීඩාවන් ඇති වී මරණය කරා ළගාවන සේ හූනියමක් සිදුකරන ලෙස පවසයි. මව්බිසවට අවශ්‍ය වූයේ ඇගේ ලේ ඥාති දියණියක වූ බෝ-ක්‍යුං කිරුලහිමි කුමරිය වනු දැකීමටයි. මව්බිසවට විරුද්ධ වීමට හැකියාවක් නොතිබූ නොක්-යොංහට ආරිට වූ පොරොන්දුව බිඳීමට සිදු වේ. මව්බිසව මින්-හ්වාව මිනිස් බිල්ලක් ලෙස යොදවා යකැදුරුවරියගේ බන්ධනයෙහි ප්‍රබලතාව වැඩිකරවයි. (මෙයට හේතුව දැඩි ආශාවකින් සහ අභිප්‍රායකින් පෙළඹෙන කන්‍යාවක යොදාගැනීමෙන් ගුරුකමට විශාල බලයක් ලබා දීමටයි.) මව්බිසව මෙම ගුරුකම සඳහා මින්-හ්වා සහභාගී කරගත්තේ මෙම පූජාවට ඇය සහභාගී වුවහොත් ඇගේ ආශාව ඉටුකරදෙන බව පවසමිනි. (හියෝ යොම් සමග විවාහ වීමට) අපරිණත මින්-හ්වා සිය ආත්මාර්ථකාමීබව සහ හියෝ යොම් කෙරෙහි තිබූ දැඩි ආශාව නිසා කැමැත්තෙන්ම මෙම පූජාව සඳහා ඉදිරිපත් වෙයි. මේ අනුව ඇයව පොළඹවනු ලැබූයේ මව්බිසව විසිනුයි. මින්-හ්වා සැබවින්ම මෙම හූනියම පිළිබඳ සත්‍ය දැනසිටියේ නැත.

යොන්-වූ රෝගාතුර වෙයි. ඇගේ ‍රෝගය හඳුනාගැනීමට හෝ ප්‍රතිකාරයක් සිදුකිරීමට කිසිදු වෛද්‍යවරයකුට හැකියාව ලැබුණේ නැත. මේ හේතුවෙන් යොන්-වූ කිරුලහිමි කුමරිය තනතුරෙන් නෙරපනු ලැබෙයි. යොන්-වූ ක්‍රම ක්‍රමයෙන් මරණය කරා ළගාවන විට, නොක්-යොං රහසිගතව යොන්-වූගේ පියා හමු වී යොන්-වූට නිද‍හස් මරණයක් ලබා දිය හැකි ඖෂධයක් ලබා දෙයි. යොන්-වූගේ පියා එම ඖෂධය සිය දියණියට ලබා දෙන අතර එම බන්ධනය බිඳීමට හැකි එකම ක්‍රමය වූයේ ඇගේ මරණයයි. ඇගේ භූමදානයෙන් පසු ජං යකැදුරුවරිය සහ හියෝ පවුලේ සේවකයකු ඉක්මණින් ඇගේ සොහොන්වල හාරා ඇයව ගොඩගන්නේ එම ඖෂධය මගින් යොන්-වූ නැවත අවදිවන බව දැනසිටි නිසායි. මරණයෙන් නැගිටි යොන්-වූට ඇගේ පෙර දිවියේ මතකයන් සියල්ල අමතක වෙයි. තාඕ පූජකයකුගේ උපකාර ඇතිව ජං යකැදුරුවරිය, යොන්-වූ සහ සෝල් (හියෝ පවුලේ පැරණි විශ්වාසවන්ත සේවිකාව) දුරබැහැර ප්‍රදේශයක සැග වී ජීවත් වෙයි.

කිරුලහිමි ලී හ්වොන් කුමරු බෝ-ක්‍යුං හට විවාහ කර දෙයි. ලී හ්වොන් බෝ-ක්‍යුං සමග විවාහය පිළිගැනීමට දැඩිව ප්‍රතික්ෂේප කරයි; ඇය සමග කායිකව එක් වීම වැළැක්වීමට ඔහු නිතර නිතර අසනීප තත්ත්වයන් පෙන් ළුූ අතර ඔහු බෝ-ක්‍යුං සමග තිබූ කිසිදු සම්බන්ධයක් පවත්වා ගැනීමට උත්සාහ නොකළේ ය. හ්වොන් තමන්ට සමීප වීමට ඉඩ ලබා දුන්නේ සිය පාලකවරයාටත්, මාරාන්තික කඩවසම් අසිපත්කරු වූ “වූන්”හටත් පමණි. ලී හ්වොන්ගේ හද තවමත් මියගිය තරුණිය සතු බව නොදත් මාලිගයේ ඇතැම්හු නිතර වූන් ඇසුරු කළ ලී හ්වොන්ගේ ලිංගිකතාව පිළිබද සැකපහළ කරන්නට වූහ. කිරුලහිමි කුමරු බෝ-ක්‍යුංට දැක් වූ දැඩි අප්‍රසාදය නිසාම බෝ-ක්‍යුං නිරතුරුවම අවමානයට ලක්වෙයි. රජු මියයයි. කිරුලහිමි ලී හ්වොන් කුමරු ජෝසුන්හි රජු බවට පත් වෙයි. පැරණි රජුගේ මරණයත් සමග ලී හ්වොන්ට සිය කිරුලට උරුමකරුවකු බිහිකිරීමේ අවශ්‍යතාව දැඩිව එළඹෙයි. මේ නිසා ලී හ්වොන් වටා සිටින ජනයා ඔහුගේ ‍”රෝගය” සුවකිරීමට උත්සාහ කරයි.

වසර අටකට පසු විශ්වයේ ගලායාම වෙනස් වී ඇති බව දැනගන්නා “පිටුවහලුන්” තිදෙනා නැවත අගනුවර වෙත පැමිණෙති. එහිදී යොන්-වූ ජං යකැදුරුවරියගේ "අධ්‍යාත්මික දියණිය" ලෙස හදාගනු ගබන අතර යොන්-වූ යකැදුරුවරියක බවට පත්ව සිටී. එසේම ජං යකැදුරුවරිය සෝල්හට යොන්-වූගේ සැබෑ අනන්‍යතාව ඇයට හෙළිනොකරන ලෙස පවසා සිටී. යොන්-වූ තමන්ට නැවත සෙමෙන් ලැබෙන අතීත මතකයන් වටහා ගත යුතු වෙයි. ඇය ඒ සඳහා බෝ-ක්‍යුං අගබිසව, අගබිසවගේ පියා (ප්‍රධාන අමාත්‍ය) සහ මව්බිසවට එරෙහිව සටන් කර නැවත ජෝසුන්හි රැජින තනතුර දිනාගත යුත වෙයි. වොල් යකැදුරුවරිය (එහි අරුත “චන්ද්‍රයා” යන්නයි) ලෙස දැන් හැඳින්වෙන යොන්-වූ මිනිස් සුරයක් ලෙස—"අවාසනාව-අවශෝෂණය-කරගන්නා යකැදුරුවරියක්"—ලෙස ජං යකැදුරුවරිය විසින් රජුව සුවපත් කිරීමට යවනු ලබයි. එක් රැයක හදිසියේම අවදි වන රජු තම සයනය අසල හිඳසිටින වොල් දැක යොන්-වූ සිහිපත් වන අතර ඇගෙන් ඇයගේ පසුගිය අවුරුදු අටක කාලය පිළිබඳ විමසයි. හ්වොන් රහසිගතව ඇය පිළිබඳ විමර්ශනය කරයි.ඇය ලී හ්වොන් රජුට සිදුකරන සේවයේදී ඇයට නොයෙකුත් අපහාසයන් වි ඳීමට සිදුවන අතර ඇය අපරාධකාරියක (“සල්ලාල ස්ත්‍රියක”) ලෙස හංවඩු ගැසෙයි. අනතුරුව යොන්-වූව බටහිර ගිලන්හල වෙත පිටුවහල් කර යැවෙයි. එහි දී යං-මියුං කුමරු ඇයව සොයාගන්නා අතර ඇයට තමන් සමග පැමිණෙන ලෙස ආරාධනා කරයි. සද්ශපාලන අරගල හමුවේ ලී හ්වොන් රජුහට සිය සිහසුන උදෙසා, සිය ප්‍රේමය උදෙසා සටන් කිරීමට සිදවන අයුරු තවදුරටත් මෙමගින් නිරූපණය වේ.

චරිත නිරූපණය සංස්කරණය

ප්‍රධාන චරිත සංස්කරණය

'සඳු වෙත ළගා වන හිරු': පළමු හිරුයි. වෙනස් දේ කිරීමට කැමති බුද්ධිමත් ජෝසුන් කුමරෙකි.. ඔහු සිය ප්‍රථම ප්‍රේමය ලෙස යොන්-වූ හමුවුවද පසුව ඇය රෝගාතුර වී මරණයට පත් වේ. ඇගේ මරණින් වසර අටකට පසු ඔහු රජ බවට පත්වන අතර ඔහු සිනහසුණේ කලාතුරකිනි. එක් දිනෙක ඔහුට යොන්-වූට සමාන යකැදුරුවරියක හමුවන අතර ඇගේ නම වොල් බව දැන යොන්-වූගේ මරණය සිදු වූ අයුරු පිළිබඳ සැකයක් ඔහුට ඇති වේ.
'හිරු සිඹින සඳු': පළමු සඳු ලෙස දෛවෝපගත වූවා ය. ඇය උපත ලැබූයේ ආරිට දඩුවම් පමුණුවන ලද කාලයේ ය. ඇය රාජමාලිගය තුළ බලය වර්ධනය වෙමින් පැවති වංශවත්, හොඳින උගත්, කාරුණික පවුලක දියණියව උපන්නා ය. කිරුලහිමි කුමරිය ලෙස තේරී පත් වුවත්, විවාහයට පෙර ඇය අද්භූත රෝගයකින් මියයයි. ඇය මියගිය බව සිතූ අවස්ථාවේ දී සිය මිතුරියට වූ පොරොන්දුව අනුව ප්‍රධාන යකැදුරුවරිය වූ ජං නොක්-යොං විසින් ඇයව බේරා ගැනෙයි. කෙසේ වුවත් යොන්-වූහට සිය සියලු මතකයන් අහිමි වී යයි. වසර අටකට පසු ඇය යකැදුරුවරියක ලෙස නැවත මාලිගයට පැමිණෙන අතර එහි දී ඇයව ලී හ්වොන් විසින් වොල් යනුවෙන්, එනම් චන්ද්‍රයා යන අරුතින් නම් කරනු ලැබෙයි.
'හිරුගෙන් මුවා වූ': දෙවන හිරුයි. ඔහු ලී හ්වොන්ගේ වැඩිමහල් අර්ධ සොයුරායි. ඔහුට හැමවිටම ඔහුගේ පියාණන් වූ සුංජෝ රජු විසින් අසාධාරණ ලෙස සලකන ලදී. යං-මියුං සිය ආදරණීය පුතුවුවත් රජුට ඔහුට එසේ සලකන්නට සිදුවූයේ ලී හ්වොන්ව ආරක්ෂා කර ගැනීමටයි. වගකීම් විරහිත ලෙස හැසිරුණ ද ඔහු තමන් ආදරය කළ පුද්ගලයන්ට පක්ෂපාතී විය. එහි දී ඔහුට ඔහු දිගුකලක් සෙනෙහස දැක් වූ යොන්-වූ සහ සිය සොයුරා කෙරෙහි වූ සොයුරු ප්‍රේමය අතර ඔහුගේ සිත දෝලනය වෙයි.
දෙවන චන්ද්‍රයායි. ඇය මින්හ්වා කුමරිය සමග සෙල්ලම් කිරීමට මාලිගයට පැමිණෙයි. ඇයව ආයුධයක් ලෙස යොදාගත් මව්බිසව සිය බලය වැඩිකරගැනීමට බෝ-ක්‍යුංව කිරුලහිමි කුමරිය බවට පත්කිරීම සඳහා යොන්-වූව මරා දමයි. පසුව ඇය ලී හ්වොන්ගේ අගබිසව බවට පත්වෙයි. ඇය සිය මුළු හදින්ම ලී හ්වොන්හට පෙම්කළද ලී හ්වොන්ගේ හද හිමිවූයේ යොන්-වූට පමණකි.

හියෝ පෙළපත සංස්කරණය

යොම් සහ යොන්-වූගේ පියායි. සුංජෝ රජුට පක්ෂපාතී අයකු විය. යූන් දේ-හ්යුං ඔහුව සිය ප්‍රතිමල්ලවයකු ලෙස දකියි.
යොම් සහ යොන්-වූගේ මවයි. මින්හ්වා කුමරියගේ නැන්දණියයි. ඇය ඉතා හිතවත් තැනැත්තියක ළුූ අතර ඇගේ සැමියාගේ සහ දියණියගේ මරණින් පසු ඇයගේ සිහිය විකල් වෙයි. මින්-හ්වා කුමරියගේ ළදරු හැසිරීම හියෝ මැතිණියට නැවත ඇගේ සිනහව රැගෙන එයි.
යොන්-වූගේ වැඩිමහල් සොහොයුරායි. හ්වොන්ගේ ගුරුවරයා වූ ඔහු ඉහළ නිලයක් දැරූ නිලධාරියෙකි. ඔහුගේ කඩවසම් බව නිසා කාන්තාවෝ ඔහුට ආකර්ෂණය වෙති. හ්වොන්ගේ උපදේශකයා වූ ඔහු හ්වොන් රජ බවට පත්වීමෙන් පසු ඔහුගේ විශ්වාසවන්තයා බවට පත්වෙයි. යොන්-වූගේ මරණින් පසු ඔහු මින්-හ්වා කුමරියගේ සැමියා බවට පත්වෙයි.
කාරුණික හියෝ පවුල විසින් හදාගත් සේවිකාවකි. හියෝ යොම් විසින් ඇයට සෝල් යන නාමය ලබා දුන් අතර ඇය රහසින් යොම් හට ප්‍රේම කළා ය. පසුව ඇය කඩුසටන්කාරියක ලෙස යොන්-වූ යකැදුරුවරියකව සිටි කාලයේ ඇයව ආරක්ෂා කරයි.

රාජ මාලිගය සංස්කරණය

සුංජෝ රජුගේ මව සහ ලී හ්වොන් කුමරුගේ මිත්තණියයි. ඇය යූන් දේ-හ්යුං සමග දේශපාලන සබඳතාවක් පැවැත්වූවා ය. කිරුලහිමි යොන්-වූ කුමරියගේ මරණයට හේතුව වූයේ ඇයයි. බල ලෝභී ස්ත්‍රියක වූ ඇය සිය පවුලේ/වංශයේ වාසිය උදෙසා ලී හ්වොන්ගේ සිහසුන රැකගැනීමට උත්සාහ දැරුවා ය.
හ්වොන්, යං-මියුං සහ මින්-හ්වාගේ පියායි. බුද්ධිමත් රණකාමී පාලකයෙකි. තමන්ගේ ආදරණීය හොයුරු උයිසොං කුමරුව කුමන්ත්‍රණයකදී මරණයට පත් වීම ඔහුගේ හදට නිරතුරු වේදනා ගෙන ආවේ ය. (සිය සොයුරා කිසිවකු විසින් මරාදැමූ බව ඔහු දැනසිටියේ නැත.) ඔහු සිය පුත් යං-මියුංහට දැඩිව සෙනෙහස දක්වයි නමුත් එය ඔහු පිටතට නොපෙන්වයි.
  • කිම් සුන්-ක්‍යුං, සෝ-හ්යේ අගබිසව ලෙස
ලී හ්වොන්ගේ මවයි; රදළ වංශිකයකු නොවේ.
යං-මියුංගේ මවයි. සුංජෝ රජුගේ උපබිසවකි. මහා හන් රැජින මෙන් ඇයට කිසිදු දේශපාලන ‍අපේක්ෂාවන් නොතිබූ අතර ඇය නිහඩ තැන්පත් තැනැත්තියක් වූවා ය. සුංජෝ රජුගේ මරණින් පසු සිය ධුරයෙන් විශ්‍රාමගන්නා ඇය බෞද්ධ ආරාමයක තාපසවරියකව කල්ගත කළා ය.
ලී හ්වොන්ගේ නැගණියයි. ළමා කල ඇය යොන්-වූගේ අයියණ්ඩිය වූ හියෝ-යොම් කෙරෙහි ආකර්ෂණය වන අතර ඇය හියෝ යොම් සමග කෙසේ හෝ විවාහ වීමට අදිටන් කරගනියි.
23 වියැති තරුණ සෙබලෙකි. හ්වොන්ගේ පෞද්ගලික් ආරක්ෂකයා වූ ඔහු ජෝසුන් රාජ්‍යයේ සිටි දක්ෂතම අසිපත්කරුවන් අතරින් අයෙකි. ඔහු සිය මවගෙන් රූපසෝභාවටත්, වංශාධිපතියකු වූ පියාගෙන් ලද ශක්තිමත් බවටත් උරුමකම් කීය. මෙසේ වුවත් වූන්හට හිමි වූයේ පහත් සමාජ තත්ත්වයකි. එයට හේතුව ඔහුගේ මව ගිසෙංවරියක් වීමයි. වූන්ව ඔහුගේ පියාගේ නීත්‍යානුකූල බිරිඳ විසින් සිය දරුවකු ලෙස හදාවඩා ගැනෙයි. ඔහු යොම් සහ යං-මියුංගේ දැඩි මිතුරකු විය. ඔහු ලී හ්වොන්ට දැක්වූ පක්ෂපාතීත්වය පසුකලෙක යං-මියුං සහ ඔහු අතර පැවති මිතුරුදම දුර්වල කරයි.
පාලකවරුන්ගේ ප්‍රධානයයි. ලී හ්වොන් කුමරකුව සිටි අවදියේ පටන් ඔහු අසලින් රැඳී සිටියේ ය. ලී හ්වොන්ගේ ආරක්ෂකයා වූ ඔහු හ්වොන්ගේ මිතුරකු ද විය. වෙන කිසවකුටත් වඩා ලී හ්වොන් පිළිබඳ දැනසිටියේ ඔහුයි. ඔහුව හ්වොන් විසින් නිතරම මාලිගවේ විහිළුතහළුවලට ලක්කරන ලදී.
  • කිම් මින්-ක්යුං, පාලිකා මින් ලෙස
බුක්චොන්හි යොම් පවුලේ අයෙකි. මින්-හ්වා කුමරියගේ පාලිකාවයි.පසු කලෙක ඇය මියයයි..
  • චු ග්වයි-ජුං,පාලිකා ජෝ ලෙස
බෝ-ක්‍යුං‍ගේ පාලිකාවයි. බෝ-ක්‍යුං කිරුලහිමි කුමරිය බවට පත්වූ දිනයේ සිට ඇය අසල සිටියා ය .

තාරකා මැදුර (සුංසුචොං) සංස්කරණය

ඇය ජොසොන් රාජ්‍යයේ ගුංමු, ප්‍රධාන යකැදුරුවරිය වූවාය. ඇගේ හිතවත් ආත්මයන් ඇගේ මායාවන් තවත් බලවත් කරයි. එම නිසා සෑම දෙනාම ඇයට බියක් දැක්වූහ. යකැදුරුවරියන්, කෙතරම් බලවත් වුවත් ඔවුන් කාන්තාවන් වූ නිසා ඔවුනට ජෝසුන් සමාජයේ හිමි වූයේ පහත් තත්ත්වයකි. ජෝසුන් රාජ්‍යයේ යකැදුරුවරුන් කෙරෙහි පුරුෂ විද්වතුන්ගෙන් එල්ල වූයේ දැඩි ප්‍රතිරෝධයකි... විද්වතුන් විසින් සොංසුන්චොං සම්පූර්ණයෙන්ම සීමා කිරීම වැළැක්වීම සඳහා බලවත් මව්බිසවහට ආධාර කිරීමට ඇය තීරණය කරයි.
  • කිම් ඉක්-තේ, ‍හ්යේ ගක් ලෙස
සොග්යොක්සෝහි ගුරු වූ මොහු තාඕ පූජකයෙකි. යොන්-වූ සමග පළායාමට ජං නොක්-යොං හට උපකාර කරයි. සොග්යොක්සෝහි තාඕවාදීන් අධ්‍යාත්මිකව සුංසුචොංහි යකැදුරුවරියන්ගේ මිත්‍රයින් වූයේ ඔවුන් දෙකොට්ඨාසයම මායාහුරු කලාවන් ප්‍රගුණ කරන නිසායි.
  • බේ නූ-රි, ජන්-ෂිල් ලෙස
    • ජෝ මින්-ආ, ළමා ජන්-ෂිල් ලෙස
ළමා වියේදී ජන්-ෂිල්ව ජං නොක්-යොං විසින් හදාවඩා ගන්නා ලදී. ළමාවියේ සිටම ජන්-ෂිල් තරමක් අමුතු දැරියක් විය. සමහර වේලාවන්හිදී ඇය තරමක් “පිස්සු” ස්වභාවයෙන් හැසිරෙයි. ඇයට අනාවැකි කීමේ හැකියාවක් ද ඇත. ජං නොක්-යොං සුංසුචොං (රාජකීය යකැදුරු අංශය) හි ප්‍රධානියා වූ පසු ඇයද යකැදුරුවරියක බවට පත්වෙයි.
ජං නොක්-යොංගේ මිතුරු යකැදුරුවරියකි. ඇයට අනාගතය දැකීමේ විශිෂ්ට හැකියාවක් පවතී. ඇය සතුරන්ගෙන් පලා යන විට යොන්-වූගේ මව විසින් ඇයව රැකගනු ලැබෙයි. මෙම උත්සාහය අසාර්ථක වුවත් ආරි හියෝ මැතිණියට ඇයව සහ ඇගේ සමීපතමයන්ව තමන් ආරක්ෂා කරන බවට පොරොන්දුවක් ලබා දෙයි.

යූන් වංශයේ නිලධාරින් සංස්කරණය

හ්වොන්ගේ මාමණ්ඩියයි. බෝ-ක්‍යුංගේ පියායි. අගබිසවගේ වංශයේ ප්‍රධානියායි. සිය පවුල අහිමි වුවත්, ධනය සහ බලය රැස් කිරීම ඔහු නවතාලන්නේ නැත.අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි.
  • ජං හී-සූ, කිම් මැතිණිය ලෙස
යූන් දේ-හ්යුංගේ බිරිඳයි. බෝ-ක්‍යුංගේ මවයි. යූන් දේ-හ්යුංගේ දුෂ්ට ක්‍රියා පිළිබඳ ඇය නොදත්තා ය.
  • සියෝ හ්යුන්-චුල්, ෂිම් සන් ලෙස
නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයෙන් රාජකීය ප්‍රධාන ලේකම් ලෙස පත් විය.
නගරාධිපති තනතුරේ සිට යුධ අමාත්‍ය තනතුරට පත් විය.
  • කිම් සියුං-වූක්, යූන් සූ-චන් ලෙස
බදු අමාත්‍ය තනතුරේ සිට ධාන්‍ය අමාත්‍ය තනතුරට උසස් කෙරිණි.
උයිගුම්බු (රාජකීය ආරක්ෂක සහ රහස් පරීක්ෂණ අංශය) හි ගුරුයි. සංක්යුන්ක්වාන් ශිෂ්‍ය සමිතියේ පැරණි සභාපතිවරයායි. ඔහුට ‍හ්වොන් රජු ප්‍රිය කළ අතර රජුගේ රහසිගත පරීක්ෂකවරයා බවට පත් වේ.

නිෂ්පාදනය සංස්කරණය

ජුං ඉයුන්-ග්වොල්ගේ නවකථාවක් ඇසුරින් මෙහි තිරරචනය ජින් සූ-වන් (කැපිටල් ස්කැන්ඩල් හි තිරරචනය සිදු කළ) විසින් සිදුකරන ලදී; මෙය අධ්‍යක්ෂණය කළේ කිම් දෝ-හූන් (රෝයල් ෆැමිලි කතාමාලාව අධ්‍යක්ෂණය කළ) සහ ලී සොං-ජුන් (ග්යේබැක් කතාමාලාව අධ්‍යක්ෂණය කළ) විසිනි.

මෙම නිෂ්පාදනය හන් ගා-ඉන්ගේ ප්‍රථම ඓතිහාසික නාට්‍යය වූ අතර ඇය පළමුවරට රූපවාහිනියට පැමිණියේ 2010දී Bad Guy කතාමාලාවෙනි.[6] මෙය ජුං ඉල්-වූගේ දෙවන ඓතිහාසික කතාමාලාව විය. ඔහු විසින් මීට පෙර 2009දී ද රිටර්න් ඔෆ් ඉල්ජිමේ කතාමාලාවේ රගපා ඇත.[7]

2011 නොවැම්බර් මස ළමා නළුවන් සමග පළමු කථාංග හය රූගත කිරීම ඇරඹුණු අතර දෙසැම්බර් 25වන දින ඉල්සන් හි MBC ඩ්‍රීම් සෙන්ටර්හිදී පිටපත් කියවීමේ වැඩමුළුව පැවැත්විණි..[8]

2012 පෙබරවාරි මස දී කථාංග 20කින් යුත් මෙම නාට්‍යයේ කථාංග හතරක් දීර්ඝ කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි. මෙහි නිෂ්පාදන ආයතනය වූ Ten Entertainment සමාගම පසුව දැනුම් දුන්නේ කථාව තවත් දීර්ඝ නොකෙරෙන බවත්, ‍කථාව එහි යෝජිත දිනය වූ 2012 මාර්තු 8වන දින අවසන් කෙරෙන බවත් ය.[9][10] නමුත් එය 2012 මාර්තු 15වන දිනතෙක්ම අවසන් නොවූයේ එහි අධ්‍යක්ෂක කිම් දෝ-හූන් MBC වැඩවර්ජනයට සහභාගී වීඹ නිසායි. එම නිසා අවසන් කථාංග ද්විත්වය සතියක් ප්‍රමාද වූ අතර විශේෂ කථාංග2ක් එකතු කරන ලදී.[11]

මෙහි රූගත කිරීම් කොරියාවේ ශීත මාසවලදී ද සිදු වූ අතර පිටත දර්ශන බො‍හෝමයක්ම පැවති නිසා නළුනිළියන්හට නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය.[12] ඔබට නළුනිළියන් කථා කරන විට ඔවුන්ගේ හුස්ම පවා දැකගත හැකි ය.

රූගත කළ ස්ථාන සංස්කරණය

මෙහි ‍එන බොහෝ රාජමාලිග දර්ශන රූගත කරන ලද්දේ එම්බීසී ඩ්‍රාමියා ටෙලිසිනමා ගම්මානයේයි. එය ග්යොංගි පළාතේ, යොංගින්-සි හි, චෝයින්-ගු ප්‍රදේශයේ පිහිටා ඇත. දොං යි, ජුමොං සහ ක්වීන් සොන්දොක්වැනි ඓතිහාසික කතාමාලා ද රූගත වූයේ එහිදී ය.[13] යොන්-වූගේ ළමා වියේ නිවස ලෙස චෝයි චම්පන්ගේ නිවස යොදා ගැනිණි. දේශීය කඩවීදී, සාමාන්‍ය ජනයාගේ නිවෙස් සහ රාත්‍රී දර්ශන සඳහා කොරියානු ජන ගම්මානය යොදාගන්නා ලදී.[14]

පිළිගැනීම සංස්කරණය

AGB නීල්සන් ජනමාධ්‍ය සමීක්ෂණවලට අනුව මෙමකථාව ආරම්‍භයේදීම 18%ක දීපව්‍යාප්ත ප්‍රේක්ෂක ප්‍රතිශතයක් හිමිකරගත් අතර තෙවන කථාංගය වන විට23.2%ක දිපව්‍යාප්ත ප්‍රතිශතයක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානයට පත් වූයේ එහි තරගකරුවන් වූ SBS නාළිකාවේ Take Care of Us සහ KBS නාළිකාවේ Wild Romance කතාමාලා පරදවමිනි.[15] මෙම කතාමාලාවේ අවසන් කථාංගය 42.2%ක දීපව්‍යාප්ත ප්‍රෙක්ෂක ප්‍රතිශතයක් වාර්තාකරමින් එහි ඉහළම ප්‍රතිශතය වාර්තා කළේ ය. එසේම එම කථාංගයසෝල් ජාතික අගනුවර පෙදෙස තුළ 45.8%ක ප්‍රතිශතයක් වාර්තා කළේ ය.[16]

කථාංගය මුල් විකාශන දිනය සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය
TNmS ඇගයීම්[17] AGB නීල්සන්[18]
දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදෙස දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදෙස
1 4 January 2012 15.0% 16.9% 18.0% 19.7%
2 2012 ජනවාරි 5 17.3% 20.8% 19.9% 22.2%
3 2012 ජනවාරි 11 19.4% 22.3% 23.2% 26.1%
4 2012 ජනවාරි 12 20.6% 25.1% 23.4% 26.0%
5 2012 ජනවාරි 18 21.6% 24.9% 24.9% 28.3%
6 2012 ජනවාරි 19 25.9% 28.6% 29.3% 32.9%
7 2012 ජනවාරි 25 25.5% 28.8% 29.7% 33.8%
8 2012 ජනවාරි 26 26.2% 29.4% 31.7% 35.3%
9 2012 පෙබරවාරි 1 28.4% 32.3% 34.5% 38.9%
10 2012 පෙබරවාරි 2 30.5% 35.1% 37.1% 40.5%
11 2012 පෙබරවාරි 8 34.3% 38.6% 37.1% 41.7%
12 2012 පෙබරවාරි 9 33.7% 37.8% 37.1% 40.8%
13 2012 පෙබරවාරි 15 34.6% 39.3% 38.4% 42.9%
14 2012 පෙබරවාරි 16 37.2% 42.0% 37.6% 42.1%
15 2012 පෙබරවාරි 22 37.7% 42.6% 39.1% 43.1%
16 2012 පෙබරවාරි 23 39.8% 45.5% 41.3% 46.1%
17 2012 පෙබරවාරි 29 33.3% 36.1% 36.0% 39.7%
18 2012 මාර්තු 1 40.7% 47.0% 41.2% 45.8%
19 2012 මාර්තු 14 38.9% 42.9% 38.7% 41.8%
20 2012 මාර්තු 15 42.3% 46.5% 42.2% 45.8%
ප්‍රතිශතය 30.1% 34.1% 33.0% 36.7%
විශේෂ 2012 මාර්තු 7 24.7% 26.0% 24.5% 26.9%
විශේෂ 2012 මාර්තු 8 19.8% 21.7% 19.2% 20.1%

මුල් නාදපථය සංස්කරණය

Untitled
  1. 시간을 거슬러 (Back in Time) – Lyn
  2. 달빛이 지고 (Under the Moonlight) – HeOra
  3. 눈물길 (Trail of Tears) – Wheesung
  4. 그림자 (Shadow) – Monday Kiz
  5. 해를 품은 달
  6. 숨은 달
  7. 꽃잎처럼, 불꽃처럼
  8. 애지애가(愛之哀歌)
  9. 장명루
  10. 저자거리
  11. 위령제
  12. 두 개의 태양과 하나의 달
  13. 은월각
  14. 연우 내리다
  15. 태양의 눈물
  16. 궁의 아침
  17. 달빛의 노래
  18. 흑주술
  19. 나비의 춤
  20. 그대 한 사람 (Only You) – කිම් සූ-හ්යුන්[19]

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

වර්ෂය සම්මානය ප්‍රවර්ගයප්‍රදානලාභියා ප්‍රතිඵලය
2012
48වන| බෙක්සං කලා සම්මාන[20]
හොඳම නාට්‍යය මූන් එම්බ්‍රසිං ද සන් දිනාගති
හොඳම අධ්‍යක්ෂක (TV) කිම් දෝ-හූන් සහ ලී සොං-ජුන් නිර්දේශිත
හොඳම නළුවා (TV)[21] කිම් සූ-හ්යුන් දිනාගති
හොඳම නවක නළුවා (TV) යෝ ජින්-ගූ නිර්දේශිත
හොඳම නවක නිළිය (TV) කිම් යූ-ජුං නිර්දේශිත
ජනප්‍රියම නළුවා (TV) කිම් සූ-හ්යුන් නිර්දේශිත
ජුං ඉල්-වූ නිර්දේශිත
යෝ ජින්-ගූ නිර්දේශිත
යිම් සි-වන් නිර්දේශිත
ජනප්‍රියම නිළිය (TV) හන් ගා-ඉන් නිර්දේශිත
කිම් යූ-ජුං නිර්දේශිත
6වන Mnet 20's Choice Awards
20's නාට්‍ය තරුව – පිරිමි කිම් සූ-හ්යුන් දිනාගති
නැගී එන 20's යෝ ජින්-ගූ දිනාගති
කිම් යූ-ජුං නිර්දේශිත
39වන කොරියා විකාශන ත්‍යාගය
හොඳම නළුවා කිම් සූ-හ්යුන් දිනාගති
18වන ෂැංහයි රූපවාහිනී උළෙල:
මැග්නෝලියා සම්මාන[22]
හොඳම විදේශීය රූපවාහිනී කතාමාලාව සඳහා වන රජත සම්මානය මූන් එම්බ්‍රසිං ද සන් දිනාගති
7වන සෝල් අන්තර්ජාතික නාට්‍ය සම්මාන උළෙල
කැපීපෙනෙන කොරියානු නාට්‍යය මූණ් එම්බ්‍රසිං ද සන් නිර්දේශිත
කැපීපෙනෙන කොරියානු නළුවා කිම් සූ-හ්යුන් නිර්දේශිත
කැපීපෙනෙන කොරියානු නිළිය හන් ගා-ඉන් නිර්දේශිත
14වන| Mnet ආසියානු සංගීත සම්මාන උළෙල[23][24]
හොඳම මුල් නාදපථය Back in Time - ලින් නිර්දේශිත
4වන පියර්සන් චිත්‍රපට උළෙල
හොඳමළමා නළුවා යෝ ජින්-ගූ දිනාගති
හොඳම ළමා නිළිය කිම් යූ-ජුං‍ දිනාගති
5වන| කොරියානු නාට්‍ය සම්මාන උළෙල
ප්‍රධාන ත්‍යාගය කිම් සූ-හ්යුන් නිර්දේශිත
හොඳම නාට්‍යය මූන එම්බ්‍රසිං ද සන් නිර්දේශිත
විශිෂ්ට සම්මානය, නිළිය ජොන් මි-සොන් නිර්දේශිත
හොඳම නවක නළුවා යිම් සි-වන් නිර්දේශිත
හොඳම යොවුන් නළුවා/නිළිය කිම් යූ-ජුං නිර්දේශිත
කිම් සෝ-හ්යුන් නිර්දේශිත
යෝ ජින්-ගූ නිර්දේශිත
හොඳම මුල් නාදපථය Back in Time - ලින් දිනාගති
1වන K-Drama Star Awards
විශිෂ්ටතම සම්මානය, නිළිය හන් ගා-ඉන් නිර්දේශිත
විශිෂ්ට සම්මානය, නළුවා කිම් සෝ-හ්යුන් දිනාගති
රංගන සම්මානය, නිළිය ජොන් මි-සොන් නිර්දේශිත
හොදම යොවුන් නිළිය කිම් යූ-ජුං දිනාගති
25වන ග්‍රිමේ සම්මාන
හොඳම සාධනීය නිෂ්පාදනය, නාට්‍ය ප්‍රවර්ගය කිම් සුන්-ඉල්, ජුං සියුං-වූ (සිනෙමාරූපකයින්) දිනාගති
3වන අපූර්ව සම්මාන[25]
හොඳම නාට්‍යය මූන් එම්බ්‍රසිං ද සන් නිර්දේශිත
හොඳම නළුවා කිම් සූ-හ්යුන් නිර්දේශිත
හොඳම නිළිය හන් ගා-ඉන් දිනාගති
හොඳම නාට්‍ය OST Back in Time - ලින් නිර්දේශිත
The One and Only Youකිම් සූ-හ්යුන් නිර්දේශිත
MBC නාට්‍ය සම්මාන
ප්‍රධාන ත්‍යාගය කිම් සූ-හ්යුන් නිර්දේශිත
හන් ගා-ඉන් නිර්දේශිත
වසරේ නාට්‍යය මූන් එම්බ්‍රසිං ද සන් දිනාගති
විශිෂ්ටතම ත්‍යාගය, කතාමාලාවක නළුවා කිම් සූ-හ්යුන් දිනාගති
විශිෂ්ටතම සම්මානය, කතාමාලාවක නිළිය හන් ගා-ඉන් දිනාගති
විශිෂ්ට සම්මානය, කතාමාලාවක නළුවා ජුං ඉල්-වූ නිර්දේශිත
රන් රංගන සම්මානය, නළුවා කිම් ඉයුං-සූ නිර්දේශිත
ජුං ඉයුන්-ප්යෝ නිර්දේශිත
රන් රංගන සම්මානය, නිළිය යැං මි-කියුං දිනාගති
ජොන් මි-සොන් නිර්දේශිත
හොඳම නවක නළුවා යිම් සි-වන් නිර්දේශිත
හොඳම නවක නිළිය කිම් මින්-සෝ නිර්දේශිත
නම් බෝ-රා නිර්දේශිත
හොඳම යොවුන් නළුවා යෝ ජින්-ගූ දිනාගති
ලී මින්-හෝ නිර්දේශිත
හොඳම යොවුන් නිළිය කිම් යූ-ජුං දිනාගති
කිම් සෝ-හ්යුන් දිනාගති
ජින් ජි-හී නිර්දේශිත
වසරේ රචකයා ජින් සූ-වන් දිනාගති
ජනප්‍රිය සම්මාන කිම් සූ-හ්යුන් දිනාගති
හන් ගා-ඉන් නිර්දේශිත
යෝ ජින්-ගූ නිර්දේශිත
ජුං ඉල්-වූ නිර්දේශිත
කිම් යූ-ජුං නිර්දේශිත
කිම් සෝ-හ්යුන් නිර්දේශිත
යිම් සි-වන් නිර්දේශිත
හොඳම යුවල සම්මානය කිම් සූ-හ්යුන් සහ හන් ගා-ඉන් නිර්දේශිත
කිම් සූ-හ්යුන් සහ ජුං ඉයුන්-ප්යෝ නිර්දේශිත
යෝ ජින්-ගූ සහ කිම් යූ-ජුං නිර්දේශිත
2013
46වන වර්ල්ඩ්ෆෙස්ට් හූස්ටන් අන්තර්ජාතික චිත්‍රපට උළෙල[26]
ජූරියේ විශේෂ සම්මානය මූන් එම්බ්‍රසිං ද සන් දිනාගති
1වන ඩ්‍රාමාෆීවර් සම්මාන
වසරේ නාට්‍යය මූන් එම්බ්‍රසිං ද සන් දිනාගති
අපූර්ව රංගන ප්‍රතිභාව යෝ ජින්-ගූ දිනාගති

අන්තර්ජාතික විකාශය සංස්කරණය

2012 මාර්තු මාසයේදී මෙම නාට්‍යයේ විකාශන අයිතිය ආසියානු රටවල් අටක් අතර බෙදා දෙන ලදී. ඒ අතර ජපානය, තායිලන්තය, හොං කොං, සිංගප්පූරුව, තායිවානය, මැලේසියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය ඇත. එම කාලයේ මෙම නාට්‍යය MBC ආයතනයට වැඩිම වාසිදායක වූ නාට්‍යය ලෙස වාර්තාගත විය. පසුව මෙම නාට්‍යය , 2012 අගෝස්තු මස විකාශය වූ අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට් නාට්‍යය මගින් බිඳ හෙලන ලදී.[27][28]

  •   ජපානය ජපානය: NHK - 2013 ජනවාරි 13 විශේෂ වැඩසටහනකින් පසු මෙය විකාශය ඇරඹූයේ ජනවාරි 20වන දින සිට ය. අනතුරුව එය සෑම ඉරිදා දිනකම විකාශය විය.[29] එහි නැවත විකාශය 2014 ජූලි මස සිදුවිය.[30]
  •   පිලිපීනය පිලිපීනය: GMA Network - 2012 අගෝස්තු 13 සිට 2012 නොවැම්බර් 2 දක්වා සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රියේ විකාශය විය.[31]
  •   සිංගප්පූරුව සිංගප්පූරුව: Starhub TV VV Drama - 2012 නොවැම්බර් 24 සිට 2013 ජනවාරි 26දින දක්වා සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.30 ට විකාශය විය. MediaCorp Channel U - මෙම නාළිකාව මගින් 2014 අප්‍රේල් 23 සිට සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 10ට විකාශය කරනලදී.[32][33]
  •   ඉරානය ඉරානය: IRIB TV3 - 2015 පෙබරවාරි 14 සිට 2015 මාර්තු 15 වන දින දක්වා සෑමදිනකම 20:45ට කථාංග 30කින් යුක්තව විකාශය කරන ලදී.
  •   ඉන්දියාව තමිල් නාඩුව: පුතුයුගම් TV - 2015 සැප්තැම්බර් 16දින සිට සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 9.00ට K-series යන නාමයෙන් විකාශය කරන ලදී.

සංගීත සංදර්ශනය සංස්කරණය

මෙය ඇසුරින් නිම වූ සංගීත ප්‍රසංගයක් 2013 ජූලි 6සිට 31වන දා දක්වා සෝල් කලා මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.[34] කිම් දා-හ්යුන්, ජොන් දොං-සොක් සහ චෝ ක්යුහ්යුන් යන අය ලී හ්වොන් නිරූපණය කළ අතර, යොන්-වූ සඳහා ජොන් මි-දෝ, ආන් ෂි-හා, ලිනා, ජුං ජේ-ඉයුන් සහ සෝහ්යුන් යන පිරිස දායක වූහ.[35][36]

මූලාශ්‍ර සංස්කරණය

  1. Lee, Jin-ho (11 November 2011). "Kim Soo Hyun Cast in The Sun and the Moon". enewsWorld. CJ E&M. සම්ප්‍රවේශය 2012-12-14.
  2. Lee, In-kyung (14 December 2011). "Han Ga In Shows Off Her Elegant Beauty". enewsWorld. CJ E&M. සම්ප්‍රවේශය 2012-12-14.
  3. Sunwoo, Carla (26 December 2011). "Jung Il-woo to appear in MBC drama". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2012-10-24.
  4. Oh, Mi-jung (17 January 2012). "ZE:A's Si Wan Becomes an Overnight Star". enewsWorld. CJ E&M. සම්ප්‍රවේශය 2012-12-14.
  5. Lee, Nancy (9 January 2012). ""Hyun Bin's Niece" Seo Ji Hee is All Grown Up". enewsWorld. CJ E&M. 2013-01-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-12-14.
  6. Park, Hyun-min (28 November 2011). "Han Ga In to Star in The Sun and the Moon". enewsWorld. CJ E&M. 2013-01-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-12-14.
  7. Choi, Eun-hwa (6 December 2011). "Jung Il Woo to Star in The Sun and the Moon". enewsWorld. CJ E&M. සම්ප්‍රවේශය 2012-12-14.
  8. Lee, In-kyung (26 December 2011). "Han Ga In Meets with Stars of The Sun and the Moon for Christmas". enewsWorld. CJ E&M. 2013-01-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-12-14.
  9. Hong, Lucia (17 February 2012). "Extension for MBC TV series Moon not finalized". 10Asia. සම්ප්‍රවේශය 2012-10-19.
  10. Hong, Lucia (22 February 2012). "MBC's TV series Moon will not be extended". 10Asia. සම්ප්‍රවේශය 2012-10-19.
  11. Suk, Monica (9 March 2012). "Moon remains unchallengeable despite its replacement with series' special". 10Asia. සම්ප්‍රවේශය 2012-10-19.
  12. 훤도 연우도 하하하! '자체발광' 웃음 품다. Sports Hankook Ilbo (Korean බසින්). 30 January 2011. සම්ප්‍රවේශය 2014-01-12.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  13. Lee, Cin Woo (16 March 2012). "Beyond Seoul: 19 reasons to explore Korea". CNN Go. සම්ප්‍රවේශය 2012-05-06.
  14. "Korean TV Drama: The Moon Enbracing the Sun". Korea Tourism Organization. සම්ප්‍රවේශය 2012-11-02.
  15. Sunwoo, Carla (12 January 2012). "New MBC drama beats out rivals after only 3 episodes". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2012-10-31.
  16. Sunwoo, Carla (17 March 2012). "Hit drama ends with record ratings". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2012-10-31.
  17. "TNMS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNMS Ratings (Korean බසින්). සම්ප්‍රවේශය 2012-01-04.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  18. "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB Nielsen Media Research (Korean බසින්). සම්ප්‍රවේශය 2012-01-04.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  19. Sunwoo, Carla (12 March 2012). "Kim Soo-hyun sings on Moon Embracing the Sun drama". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2012-10-31.
  20. "Winners list: 48th PaekSang Arts Awards 2012". Baeksang Arts Awards (Korean බසින්). සම්ප්‍රවේශය 2012-10-19.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  21. Kwon, Mee-yoo (27 April 2012). "Kim Soo-hyun wins Paeksang awards". The Korea Times. සම්ප්‍රවේශය 2012-10-31.
  22. Ho, Stewart (18 June 2012). "Jung Il Woo Receives Award on Behalf of The Sun and Moon at the 18th Shanghai TV Festival". enewsWorld. CJ E&M. 2013-01-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-11-30.
  23. "Nominees for the 2012 MAMA Announced". enewsWorld. CJ E&M. 23 October 2012. සම්ප්‍රවේශය 2012-11-13.
  24. Eun, Elizabeth (30 November 2012). "Big Bang, Super Junior and Psy Win Big at 2012 MAMA". enewsWorld. CJ E&M. සම්ප්‍රවේශය 2012-11-30.
  25. "2012 German Remarkable Korean Awards Winner". Allkpop. 22 December 2012. සම්ප්‍රවේශය 2014-08-08.
  26. "Korean TV programs win awards at Houston Worldfest". The Korea Herald. 23 April 2013. සම්ප්‍රවේශය 2013-04-23.
  27. "Moon Embracing the Sun to be exported to seven Asian locales". Korea JoongAng Daily. 24 February 2012. සම්ප්‍රවේශය 2012-10-31.
  28. Sunwoo, Carla (29 August 2012). "Lee Joon-gi's drama breaks Japanese sales record". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2012-10-15.
  29. An, So-hyoun (10 December 2012). "Kim Soo Hyun to Take The Sun and the Moon to Japan". enewsWorld. CJ E&M. 2013-01-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-12-11.
  30. Chung, Joo-won (30 May 2014). "Moon Embracing the Sun to be aired on Japanese state-run broadcaster in July". The Korea Herald. සම්ප්‍රවේශය 2014-06-02.
  31. "Bagong Asianovela ng GMA MOON EMBRACING THE SUN simula na sa August 13". GMA Network News (Filipino බසින්). 13 August 2012. සම්ප්‍රවේශය 2012-08-13.{{cite news}}: CS1 maint: unrecognized language (link)
  32. "Star power lights up K-dramas". AsiaOne. 20 November 2012. 2014-04-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-11-24.
  33. "Moon Embracing the Sun airing every weekday on Channel U". xinmsn (Chinese and English බසින්). 14 April 2014. 2014-04-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-04-16.{{cite news}}: CS1 maint: unrecognized language (link)
  34. Lee, Claire (18 July 2013). "Popular TV drama revisited onstage". The Korea Herald. සම්ප්‍රවේශය 2014-11-05.
  35. Lee, Claire (13 December 2013). "Korean musical kicks off its Japanese run". [The Korea Herald]]. සම්ප්‍රවේශය 2014-11-05.
  36. "Ticket: The Moon Embracing the Sun". Korea JoongAng Daily. 8 January 2014. සම්ප්‍රවේශය 2014-11-05.

බාහිර සබැඳුම් සංස්කරණය