ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව | |
---|---|
දියත්කල දිනය | පෙබරවාරි 14, 1982 |
අයිතිකරුවෝ | ශ්‍රී ලංකාවේ රජය |
රූප ආකෘතිය | PAL-BG |
ප්‍රචාරණ උද්යෝග පාඨය | මේ පියාපතේ සෙවනට එන්න |
රට | ![]() |
භෘෂාව | සිංහල |
විකාශන සරිය | ශ්‍රී ලංකාව |
මූලස්ථානය | නිදහස් චතුරස්‍රය, කොළඹ 07 |
සහෝදර නාලිකා(ව) | අයි නාලිකාව |
වෙබ් අඩවිය | http://www.rupavahini.lk |
උපයෝජ්‍යතාව | |
භෞමික | |
ජාතික රූපවාහිනිය | 01 |
චන්ද්‍රිකා | |
Dialog Tv | 02 |
Dish Tv | 2506 |
අයිපීටීවී | |
PEO Tv | 001 |

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ( Sri Lanka Rupavahini Corporation ) ( ජාතික රූපවාහිනීය )
සංස්කරණයශ්රී ලංකාවේ ජාතික රූපවාහිනී නලිකාවයි. 1982 අංක 6 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරන ලද මෙම ජාතික නාලිකාව නිල වශයෙන් සිය සේවාව ආරම්භ කරන ලද්දේ 1982 පෙබරවාරි 15 වැනිදාය. ජපන් ජනතාවගෙන් ශ්‍රී ලංකා ජනතාවට ත්‍යාගයක් ලෙස ලැබුන මෙම නාලිකාවේ ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපනික , තොරතුරු සහ විනෝදාත්මක සේවාවන් සැපයිමය. රාජ්‍ය රූපවාහිනී නාලිකාව ලෙසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමස්ත ශ්‍රි ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් සිංහල, දෙමළ හා ඉංග්‍රිසි යන රාජ්‍ය භාෂා ත්‍රිත්වයෙන්ම සිය සේවා ව පවත්වාගෙන යයි.
1982 පෙබරවාරි 15 වැනි දින ආරම්භ කෙරෙණ විට ශ්‍රී ලංකා රූපවාහිනී අසංස්ථාව සතුව මැදිරි දෙකක්, හඩ කැවීමේ මැදිරියක්, බාහිර විකාශ රථයක් හා අගලේ පටයෙහි VTR හා අගල් භාගය පටයෙහි U-Matic රේඛිය සංස්කරණ පහසුකම් සමග අංග සම්පූර්ණ ප්‍රධාන පාලක මැදිරියක් විය. 1986 හි දී ජපන් ආධාර යටතේ එහි පහසුකම් යලිත් පුලුල් කෙරිණ. එවකට මෙරට රූපවාහිනී නාලිකාවක් සතු වූ විශාලතම මැදිරිය ඉදිකෙරෙන්නේ ඒ යටතේය. නැවතත් 1998 දී ඩිජිටල් තාක්ෂණයෙන් යාවත්කාලීන කිරීමට ද ජපන් රජය ආධාර කලේය. වර්තමානයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ සිට රූපවාහිනී Rupavahini , අයි Channel EYE , නේත්‍රා NETHRA හා එන්ටීවී NTV , යන සිවු නාලිකා විකාශය මෙහෙයවයි. කීර්තිමත් රාජ්‍ය සේවකයකු වූ එම්.ජේ. පෙරේරා මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ආරම්භක සභාපතිවරයා විය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ශ්‍රී ලංකාවේ විශාලතම රුපවාහින විකාශන ජාලය වන අතර තම විකාශන කටයුතු ශ්‍රී ලංකාව පුරාවටම ව්‍යාප්ත වන වන පරිදි කරගෙන යයි. ඒ සදහා සංස්ථාව VHF , UHF යන සංඛ්‍යා තරංග දෙක උපයෝගී කරගනී .
ජාතික රූපවාහිනිය සැටලයිට් තාක්ෂණය ඔස්සේ යුරෝපයට සහ මැද පෙරදිගට
සංස්කරණයජාතික රූපවාහිනිය ජාතික නාලිකාව ලෙස දිනෙන් දින මෙරට ප්‍රේක්ෂක ප්‍රජාවට අධ්‍යාපනය,විනෝදය සහ තොරතුරු ලබා දෙමි යාවත්කාලින කිරීමේ මාධ්‍ය වගකීම සහ මෙහෙවර ඉටු කරමින් සිටි. එතැනින් නොනැවතුණ මෙරට මධ්‍යයේ පෙරගමන් කරු වන ජාතික රූපවාහිනිය සැටලයිට් තාක්ෂනය උපයෝගී කර ගනිමින් විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් වෙතද ගොස් සිටි.
මෙරට රූපවාහිනි ඉතිහාසයේ නව ගමනක් යමින් ජාතික රූපවාහිනිය මේ වන විට මැද පෙරදිග සහ යුරෝපයේ රටවල් ආවරණය කොට ගනිමින් විකාශය වේ. ඒ අනුව euetelsat hotbird-13dචන්ද්‍රිකාව ඔස්සේ අදාළ රටවල විකාශය වෙයි.
ඒ සේම මැද පෙරදිග සහ යුරෝපයහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට ජාතික රූපවාහිනිය නැරබිය හැක්කේ 11,179 MHz (Horizontal) ඔස්සේය. ඒ අනුව විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් සදහා මෙරට සිදුවන කාලීන සිදුවීම් මෙන්ම සංස්කෘතික අගනකම්ද තම දරුවන් වෙත රැගෙන යාමේ හැකියාව පවතී.
ජාතික රූපවාහිනිය, ජාතික නාලිකාව ලෙස දැයේ දරුන් දැනුමෙන් පෝෂණය කරන්නාසේම රටෙන් පිට සිටින දරුන්ගේ අනාගතය ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුලින් පෝෂණය කිරීමට ජාතික රූපවාහිනීය කටයුතු කරයි.
ජාත්‍යන්තර වශයෙන් ජාතික රුපවාහිනිය තමන්ගේ සම්ප්‍රේෂණය විසුරුවා හැරීමට කටයුතු කරනවා සේම ශ්‍රී ලංකාව තුලද සිදු කෙරෙන සම්ප්‍රේෂණ කටයුතු ඉහළ මට්ටමක පවත්වාගෙන යාමටද කටයුතු කරමින් සිටි.
සහෝදර නාලිකා
සංස්කරණයශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන නාලිකාව වන ජාතික රූපවාහිනියට අමතරව, නේත්‍රා නාලිකාව (Nethra Tv) (දෙමළ මාධ්‍යයෙන් විකාශන කටයුතු මෙහෙයවන) හා අයි නාලිකාව (Channel Eye) (ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශන කටයුතු මෙහෙයවන) පවතී. 2008 ජනවාරි 01 දින සිට නේත්‍රා නාලිකාව (Nethra Tv) හා අයි නාලිකාව (Channel Eye) එකම විකාශන සංඛ්‍යාතය හුවමාරු කර ගනිිිමින් තම විකාශන කටයුතු සිදුකරගෙන යන ලදි. එකම විකාශන සංඛ්‍යාතය හුවමාරු කර ගනිිමින් විකාශය වූ මෙම නාලිකාව Nethra Eye ලෙස හදුන්වනු ලැබීය. වර්තමානයේ, සියලු ජාල සේවාවන් ඇනලොග් සම්ප්‍රේෂණයෙන් පමණක් ලබාගත හැකිය. එහෙත් ඩිජිටල් විකාශනය වෙත යාවත්කාලීන කිරීමට සැලසුම් තිබේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 2011 සිට Kokawil හීදී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය සඳහා DVB-T2 ඩිජිටල් සම්ප්‍රේෂණය ආරම්භ කරයි. 2015 දී දිවයින පුරා DVB-T2 ඩිජිටල් සම්ප්‍රේෂණය සම්ප්‍රේෂණය කිරීමට සැලසුම් කර තිබිණි.
පරිපාලනය සහ අරමුදල
සංස්කරණයIt is an autonomous corporation run by a board of directors appointed by the president. Management of the corporation is in the hands of a Director-General appointed by the president. Until 1998 there was a subscription system to earn funds by having a subscription system, so that every television owner with VHF reception has to pay government a fee yearly. After a parliament act its programming and broadcasts fundings made by television advertising and government grants.
මේ අඩවිත් බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණයඅඩවියෙන් බැහැර පිටු
සංස්කරණය- Official Site
- Rupavahini and Eye Schedules සංරක්ෂණය කළ පිටපත 2008-06-16 at the Wayback Machine