මැලේසියා එයාර්ලයින්ස් 17 පියාසැරිය
මැලේසියා එයාර්ලයින්ස් පියාසැරි 17 (MH17/MAS17)[a] යනු මැලේසියා ගුවන් සේවයට අයත් අන්තර්ජාතික මගී ප්‍රවාහන ගුවන් යානාවක් වූ අතර, එය 2014 ජූලි 17 වන දින ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළෙහි සිට ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා පියාසර කරමින් සිටියදී, භූමියේ සිට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකට (බක් මිසයිල) ගොදුරු වීම නිසා යුක්රේනයට අයත් ප්‍රදේශයකදී විනාශයට පත්විය.[4] ගුවන්යානයේ ඒ අවස්ථාවේ ගමන් ගනිමින් සිටි 283 ක් වූ සියළුම මගී සංඛ්‍යාව සහ කාර්ය මණ්ඩලයේ සිටි 15 දෙනෙකු මෙම ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත්විය.[5][6] යුක්රේන–රුසියානු දේශසීමාවේ සිට කිලෝ මීටර 50 ක් පමණ දුරින් පිහිටි යුක්රේනයට අයත් Donetsk Oblastහී Hrabove වලට නුදුරු ප්‍රදේශයේදී මෙම බෝයිං 777-200ER මගී ගුවන් යානයේ සියළුම සංනිවේදන සම්බන්ධතා ඇණහිට තිබෙන අතර ගුවන්යානය යුක්රේන–රුසියානු දේශසීමාවේ සිට කිලෝ මීටර 40 ක් පමණ දුරින් පිහිටි Torez ප්‍රදේශයට කඩා වැටී තුබුණි.[7] ගුවන් යානය කඩා වැටුණු ප්‍රදේශය වර්ථමානයේ කැරැල්ලක් ක්‍රියාත්මක ඩොන්බාස් නම් ජනතා හමුදාවක් (Donbass People's Militia) යටතේ පාලනය වන ගැටුම් බහුල ප්රදේශයකි.
ප්‍රහාරයකින් බිම හෙළූ ගුවන් යානය පිළිබඳව | |
---|---|
දිනය | 17 ජූලි 2014 |
කෙටි විස්තරය | 2014 ජූලි 17 වන දින ගුවනේදී එල්ල වූ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ගුවන් යානය කඩා වැටුණි. (පරික්ෂණ සිදුවෙයි)[1][2] |
ස්ථානය | Hrabove ආසන්නව, Donetsk Oblast, යුක්රේනය 48°8′17″N 38°38′20″E / 48.13806°N 38.63889°Eඛණ්ඩාංක: 48°8′17″N 38°38′20″E / 48.13806°N 38.63889°E |
මගීන් ප්‍රමාණය | 283 |
කාර්ය මණ්ඩලය | 15 |
මරණ ප්‍රමාණය | 298 (සියළු දෙනාම) |
දිවි බේරාගත් ප්‍රමාණය | 0 |
ගුවන්යානා වර්ගය | බෝයිං 777-2H6ER |
ක්‍රියාකරු | මැලේසියා එයාර්ලයින්ස් |
ලියාපදිංචිය | 9M-MRD |
පටන් ගැන්ම | Amsterdam Airport Schiphol |
ගමනාන්තය | ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ |
කඩා වැටීම
සංස්කරණයඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළෙහි (Amsterdam Airport Schiphol) G03 ප්‍රවේශය හරහා පැය 10:14 (ජාත්‍යන්තර සම්මත වේලාව)[8] ට ගමන් ඇරඹූ ගුවන් යානය ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතට පැය 22:00 වන විට පැමිණීමට නියමිතව තිබුණි.[b]
කලාපයෙහි සියළුම ගුවන් මාර්ගගත කිරීම්හී වගකීම දරණ යූරෝකන්ට්රෝල් (Eurocontrol) විසින් පවසන අන්දමට අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානය 330 ක පමණ පියාසැරි මට්ටමක (අඩි 33,000 හෝ මීටර 10,060) පැවති බව සඳහන්ය.[14]
මැලේසියානු ගුවන් සේවය පවසන ආකාරයට විනාශයට පත්වූ ගුවන් යානය සමග තිබූ යුක්රේනියානු ATC සම්බන්ධතාවය පැය 14:15 ට (ජාත්‍යන්තර සම්මත වේලාව) ඇණ හිට තිබෙයි.[c] මේ අවස්ථාව වන විට ගුවන් යානයෙහි පිහිටීම 47°51′24″N 39°13′6″E / 47.85667°N 39.21833°E, ලෙස සඳහන්ව තිබී ඇති අතර,[15][16] ගුවන් යානයෙහි හදිසි අවස්ථා පිහිටුම 48°07′23″N 38°31′33″E / 48.12306°N 38.52583°E ලෙසද සටහන්ව තිබී ඇත.[17] පැය 13:21 ට ෆ්ලයිට්රේඩාර්24 (Flightradar24) මගින් ග්‍රහණය කොට ගෙන තිබූ ගුවන් යානයෙහි අවසන් සම්ප්‍රේෂ ප්‍රතිචාරක පිහිටුම 48°02′25″N 38°46′22″E / 48.0403°N 38.7728°E ලෙස සඳහන් වෙයි.[18][19][20]
එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් ගුවන් යානය නැගෙනහිර යුක්රේනයේ Donetsk Oblast හී Torez වලට ආසන්න Hrabove ප්‍රදේශයට කඩා වැටුණු අතර,[7] ඊට අයත් යැයි විශ්වාස කෙරෙන දර්ශන, රූපරාමු ගතව ඇති බවටද තොරතුරු සඳහන් වෙයි.[21]
ෆ්ලයිට්රේඩාර්24 වාර්ථාවන්ට අනූව සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 777-200ER සහ එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 යන වර්ගවල ගුවන් යානා ද්විත්වයක්ද, මැලේසියානු ගුවන් යානය විලුප්ත වූ අවස්ථාවේදී කිලෝමීටර 25 ක් පමණ එකිනෙකට දුරින් ගමන් කරමින් තුබූ බව පැවසෙයි.[22]
ගුවන් යානය කඩා වැටීමට ලක්වූ භූමියේදී ලබාගත් ඡායාරූපයන්හී, ගුවන් යානයේ සුන්බුන්, එන්ජින් කොටස්, මල සිරුරු, සහ විදෙස් ගමන් බලපත්‍ර යනාදිය සටහන්ව තිබූ බව වාර්ථා වෙයි.[23] ඊට අමතරව ගුවන් යානාවෙහි සමහරක් සුන්බුන් හා මලසිරුරු Hrabove හී නිවෙස් අසලට හා තුලට වැටී තුබූ බව සඳහන්ය.[24][25]
යානයේ ගමන් ගත් මගීන් සහ කාර්ය මණ්ඩලය
සංස්කරණයජාතිකත්වය | මගීන් ප්‍රමාණය |
---|---|
ඕස්ට්‍රේලියාව | 27 |
බෙල්ජියම | 4 |
කැනඩාව[d][28] | 1 |
ජර්මනිය[e] | 4 |
ඉන්දුනීසියාව | 12 |
මලයාසියාව | 43[f] |
නෙදර්ලන්තය[g] | 193 |
නවසීලන්තය | 1 |
පිලිපීනය | 3 |
එක්සත් රාජධානිය[h] | 10 |
එකතුව | 298 |
යානයේ ගමන් ගත් මගීන් 283 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිටි 15 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 298 දෙනෙකු මින් ජීවිතක්ෂයට පත්විය.[29][30][31] කාර්ය මණ්ඩලයේ වූ සියළුම දෙනා මලයාසියානු ජාතිකයින් වූ අතර මගී ප්‍රමාණයෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවක පිරිසක් නෙදර්ලන්ත ජාතිකයෝ වූහ.[26][32][33] 2014 ජූලි 19 වන දිනදී, ගුවන් යානයේ ගමන් ගත් මගීන් සහ කාර්ය මණ්ඩලයේ සියළු දෙනාගේම අනන්‍යතාවය සහිත විස්තර මුදා හරින ලදී.[26]
අනතුර සිදුවූ අවස්ථාවේ ගුවන් යානය තුල අවම වශයෙන් පවුල් 20 ක පමණ සංඛ්‍යාවක සාමාජික සාමාජිකාවන් පිරිසක් සිටින්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, මිය ගිය මගී සංඛ්‍යාවෙන් 80 දෙනෙකුම කුඩා දරුවන් බව සඳහන්ය.[34][35]
මේවාද බලන්න
සංස්කරණයබාහිර සබැදි
සංස්කරණයඋපන්යාස සටහන
සංස්කරණය- ^ MH is the IATA designator and MAS is the ICAO designator. The flight is also marketed as KLM Flight 4103 (KL4103) through a codeshare agreement.[3]
- ^ The Wall Street Journal cited a report from FlightAware which stated that 17 July was the first day in July that Flight 17 flew so far north over eastern Ukraine; on the previous 16 days it "appeared to fly just south of the restricted airspace, according to FlightAware".[9] FlightAware has no coverage over Ukraine;[10] and all of the track reported for MH17 on the previous day's flight beyond 51°10′23″N 24°23′55″E / 51.17306°N 24.39861°E is based on estimates.[11] Another tracking site, Flightradar24, shows that MH17 consistently flew over separatist held areas, between Donetsk and Horlivka, in the previous 16 days.[12] Nico Voorbach, president of the European Cockpit Association, believed that poor weather on the usual southerly route on 17 July prompted the diversion.[13]
- ^ The time stated by Malaysia Airlines is erroneous; the correct time should be 13:15 (UTC) or 14:15 (WEST).
- ^ Dual Canadian-Romanian citizen boarding with Canadian passport.
- ^ Including:
- 1 dual German-Dutch citizen
- ^ Including 15 crew
- ^ Including:
- 1 dual Dutch-Belgian citizen;
- 1 dual Dutch-Israeli citizen;
- 1 dual Dutch-Italian citizen;
- 1 dual Dutch-American citizen
- ^ Including:
- 1 dual British-South African citizen; and
- 1 dual British-New Zealand citizen.
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Doomed flight likely downed by pro-Russian separatists; at least 1 American aboard, says Obama". ෆොක්ස් නිව්ස්. 18 July 2014. සම්ප්‍රවේශය 18 July 2014.
- ^ Shear, Michael D.; Sengupta, Somini; Tavernise, Sabrina (18 July 2014). "Obama Points to Pro-Russia Separatists in Downing of Malaysia Airlines Plane". ද නිව් යෝර්ක් ටයිම්ස්. සම්ප්‍රවේශය 18 July 2014.
- ^ "Statement Malaysia Airlines MH17". KLM. සම්ප්‍රවේශය 18 July 2014.
- ^ Malaysian airliner crashes in E. Ukraine near Russian border, over 280 people on board. RT. 17 July 2014.
- ^ "Malaysia Airlines flight MH17 shot down over Ukraine, 298 dead". The Sydney Morning Herald. සම්ප්‍රවේශය 17 July 2014.
- ^ de Carbonnel, Alissa (17 July 2014). "Malaysian passenger plane crashes in Ukraine near Russian border -Ifax". රොයිටර්ස්. සම්ප්‍රවේශය 17 July 2014.
- ^ a b Alexander, Harriet (17 July 2014). "Malaysia Airlines plane crashes on Ukraine-Russia border – live". The Daily Telegraph. 18 July 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 July 2014.
- ^ Ludovica Iaccino (17 July 2014). "First Photos of Malaysia Airlines MH17 Boeing 777 Crash in Ukraine [GRAPHIC IMAGES]". International Business Times. සම්ප්‍රවේශය 17 July 2014.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Nicas20140717
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "Feeder Statistics; Top countries". FlightAware. සම්ප්‍රවේශය 23 July 2014.
- ^ "Flight Track Log; MAS17; 16-Jul-2014". FlightAware. සම්ප්‍රවේශය 22 July 2014.
- ^ "Full flight history for Malaysia Airlines flight MH17". FlightRadar24. සම්ප්‍රවේශය 22 July 2014.
- ^ "Pilots' group president says MH17 shot down after attempt to avoid storms". theguardian. Guardian News and Media. 19 July 2014. සම්ප්‍රවේශය 22 July 2014.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;eurocontrol-20140717
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "TAMAK Waypoint Information". openNav. සම්ප්‍රවේශය 18 July 2014.
- ^ "Flight plan". SkyVector. සම්ප්‍රවේශය 21 July 2014.
- ^ "Media Statement & Information on Flight MH17". Malaysia Airlines. 17 July 2014.
- ^ Flightradar24 (17 July 2014). "Last positions of #MH17 directly from Flightradar24 database". Twitter. සම්ප්‍රවේශය 26 July 2014.
{{cite web}}
: CS1 maint: numeric names: authors list (link) - ^ "Crash en Ukraine. Les séparatistes ont-ils pu abattre le vol MH17 ?". Ouest France. 17 July 2014.
- ^ "Gab der ukrainische Separatist Igor Girkin den Abschuss des Flugzeuges MH 017 zu?". Yess.de. 24 July 2014.
- ^ "Malaysia Airlines crash: video believed to show moment of plane's impact". The Telegraph. 17 July 2014. සම්ප්‍රවේශය 17 July 2014.
- ^ "An Air India Plane was 25 km away when Flight MH17 crashed". news.biharprabha.com. සම්ප්‍රවේශය 17 July 2014.
- ^ Nelson, Sara C (17 July 2014). "Malaysia Airlines Flight MH17 'Shot Down in Ukraine Near Russian Border'". The Huffington Post. United Kingdom. සම්ප්‍රවේශය 17 July 2014.
- ^ "Maleisisch passagiersvliegtuig in Oekraïne neergestort". De Telegraaf (Dutch බසින්). 17 July 2014. සම්ප්‍රවේශය 17 July 2014.
{{cite web}}
: Unknown parameter|trans_title=
ignored (|trans-title=
suggested) (help)CS1 maint: unrecognized language (link) - ^ Cahal Milmo (19 July 2014). "Malaysia Airlines MH17 crash: No forensic investigators, co-ordination or body bags as Ukraine locals are left to scour gruesome scene". The Independent. සම්ප්‍රවේශය 19 July 2014.
- ^ a b c "Saturday, July 19, 07:30 PM GMT +0800 Media Statement 7 : MH17 Incident". Malaysia Airlines. 19 July 2014. සම්ප්‍රවේශය 19 July 2014.
- ^ "Passenger manifest" (PDF). Malaysia Airlines. 19 July 2014 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ Alamenciak, Tim; Gerster, Jane. "Canadian killed in MH17 crash ambitious, bright medical student from Ajax". Toronto Star. No. 20 July 2014. සම්ප්‍රවේශය 20 July 2014.
- ^ "Malaysia Airlines flight MH17 crash: 'Six Britons, 23 US citizens and 80 children' feared dead after Boeing passenger jet 'shot down' near Ukraine-Russia border". The Independent. 17 July 2014. සම්ප්‍රවේශය 17 July 2014.
- ^ Jacquelin Magnay (18 July 2014). "28 Australians among 298 killed on MH17 crash in Ukraine". The Australian.
- ^ Walker, Shaun; Branigan, Tania (17 July 2014). "Malaysia Airlines flight MH17 crashes in east Ukraine". The Guardian. සම්ප්‍රවේශය 17 July 2014.
- ^ "Malaysia Airlines plane brought down in Ukraine". Big News Network.com. සම්ප්‍රවේශය 17 July 2014.
{{cite news}}
: Italic or bold markup not allowed in:|publisher=
(help) - ^ "MH17 hit by missile from rebel-held Ukraine – Obama". BBC News. British Broadcasting Corporation. 18 July 2014. සම්ප්‍රවේශය 18 July 2014.
- ^ "Malaysia Airlines MH17 crash: 20 families gone in one shot". The Straits Times. 21 July 2014. 31 July 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 July 2014.
- ^ Miranda, Charles; Wockner, Cindy; McPhedran, Ian; Magnay, Jacquelin (22 July 2014). "MH17 train in Kharkiv as Tony Abbott says MH17 aftermath is evidence tampering on industrial scale". News Corp Australia. 24 July 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 July 2014.