මාවරගල ආරණ්‍ය සේනාසනය

ශ්‍රී ලංකාවේ මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දඹාන ගම්මානයේ පුරාණ මාවරගල ආරණ්‍ය සේනාසනය පිහිටා තිබේ. එය මහියංගන රජමහා විහාරයේ සිට කිලෝ මීටර් 15 ක්‌ පමණ දුරින් පිහිටයි.

මාවරගල ආරණ්‍ය සේනාසනය
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

ඉතිහාසය සංස්කරණය

මෙම ආරණ්‍ය සේනාසනයෙහි ඉතිහාසය වළගම්බා රජ සමය දක්වා දිවයන බව පැවසෙයි. ජනප්‍රවාදයන්ට අනූව මෙරට අවසන් රහතන් වහන්සේ සේ සැළකෙන මළියදේව රහතන් වහන්සේ හා තවත් භික්ෂූන් වහන්සේලා 60 නමක් මෙම ආරණ්‍ය සේනාසනයෙහි වැඩවිසූ බව විශ්වාස කෙරේ.[1] එසේම පුරාණ සිංහල භාෂාවෙන් සහ පූර්ව බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් රචිත ලෙන් ලිපි මෙම ස්ථානයෙන් වාර්තා වී තිබේ.[2]

ආරණ්‍ය සේනාසනය සංස්කරණය

ආරණ්‍ය සේනාසනයට අයත් භූමිපරිශ්‍රයෙහි බවනගල නම් සමතලා ගල් තලාවක් දැකගත හැකිවේ. පැරණි තොරතුරු වලට අනූව මළියදේව රහතන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා එහි භාවනා වැඩූ බව සඳහන් වේ. මීට අමතරව ගල් තලාව මත ඉදිකොට තිබූ පැරණි කුටියකට යොදාගත් ගල්කණු සිටු වූ පාදම් සලකුණු කිහිපයක් වර්ථමානයේද දැකගත හැකිවේ.[3]

රූගත කිරීම් සංස්කරණය

සම්මානනීය සිනමා පටයක් වූ සූරිය අරණ චිත්‍රපටයෙහි සමහර කොටස් මෙම ආරණ්‍ය සේනාසනය ආශ්‍රිතව රූගත කොට තිබේ.[4]

මූලාශ්‍ර සංස්කරණය

  1. "මාවරගල ෆොරෙස්ට් හර්මිටෙජ් - වෙයා සයිලන්ස් ඇන්ඩ් සෙරනිටි ප්‍රිවේල්". Sundayobserver. 18 මැයි 2014. සම්ප්‍රවේශය 6 පෙබරවාරි 2016.
  2. "මාවරගල ආරණ්‍ය සේනාසනය (දඹාන)". www.lankapradeepa.com. 23 April 2018. සම්ප්‍රවේශය 25 November 2023.
  3. "පුරාවිදු ඇස නොගැසුණු මහියංගන මාවරගල ආරණ්‍ය සේනාසනය". දිවයින. 22 ජුනි 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 පෙබරවාරි 2016.
  4. "දි මූවී ඉන් ද මේකිං". සන්ඩේ ඔබ්සවර්. සම්ප්‍රවේශය 6 පෙබරවාරි 2016.
"https://si.wikipedia.org/w/index.php?title=මාවරගල_ආරණ්‍ය_සේනාසනය&oldid=606293" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි