1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය
1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය යනු ත්‍රස්ථවාදී සංවිධානයක් වූ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින්, එම වසරේ ජනවාරි මස 31 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුව ගොඩනැගිල්ල අසල ක්‍රියාත්මක කරන ලද දැවැන්ත බෝම්බ ප්‍රහාරයකි.
මහ බැංකු බෝම්බය Central Bank bombing | |
---|---|
ස්ථානය | කොටුව, කොළඹ, ශ්‍රී ලංකාව |
දිනය | 1996 ජනවාරි 31 (UTC+5:30) |
ප්‍රහාර මාදිලිය | බෝම්බ ප්‍රහාර |
මරණ | 91 |
තුවාලකරුවන් | 1400 |
සැකකෙරෙන අපරාධකරුවා | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
මෙම බෝම්බ ප්‍රහාරය සහ එම වසරේම ජුලි මසදී 70 දෙනෙකුට මරු කැඳවමින් පුපුරා ගිය දෙහිවල දුම්රිය බෝම්බය, හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ සංචාරක ආගමනයද 40% කින් බිඳ වැටුණි.
සිදුවීම
සංස්කරණය1996 ජනවාරි 31 වන දිනදී, කොළඹ පිහිටි, ආර්ථික මරමස්ථානයක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගේට්ටුව වෙත වේගයෙන් පැමිණි, කිලෝ ග්රෑම් 200 ක පමණ පුපුරණද්‍රව්‍ය තොගයක් පටවාගත් ට්‍රක් රථයක් (42-6452), මහ බැංකු ගොඩනැගිල්ල තුලට ධාවනය කිරීමට උත්සාහ කරන ලදී. නමුත් ගොඩනැගිල්ල ඉදිරිපසින් සවිකොට තිබූ නව යකඩ වැටක් හේතුවෙන් රථය ගොඩනැගිල්ල තුලට ධාවනය කරවාගෙන යාමට රියදුරුට අවස්ථාව නොලැබුණු අතර, රථය කිහිප විටක් වේගයෙන් වැටෙහි හප්පවා එය බිඳීමට කල උත්සාහයද අසාර්ථක වූ නිසා බෝම්බකරු විසින් එම ස්ථානයේදී පුපුරණද්‍රව්‍ය තොගය සහිත ට්‍රක් රථය පුපුරුවා හැරීම සිදු කරන ලදී. ප්‍රහාරය නිසා මහ බැංකු ගොඩනැගිල්ලට දැඩි විනාශයක් සිදුවූ අතර, අසල පිහිටි ප්‍රධාන ගොඩනැගිලි අටකටද දැඩි අලාභහානි සිදුවිය.[1] බෝම්බ පටවා ගත් රථය පසුපසින්, ත්‍රීවිල් රථයකින් පැමිණි තවත් කොටි ත්‍රස්ථ සාමාජිකයින් දෙදෙනෙකු, ස්වයංක්‍රීය රයිපලයකින් සහ රොකට් විදිනයකින් (RPG) සන්නද්ධව පැමිණ මේ ප්‍රහාරයට සම්බන්ධ වෙන ලදී.
මෙම දැවැන්ත ප්‍රහාරය හේතුවෙන් ජීවිත 91 මරු වැළඳගත් අතර තවත් 1,400 කට තුවාල සිදුවිය.[2][3] මීට අමතරව ප්‍රහාරයේ බලපෑම නිසා 100 කට තරම් පිරිසකගේ දෘෂ්‍ය පෙනීමට හානි සිදුවිය.[4] තුවාල ලැබූ පිරිස අතර අමෙරිකානුවන් දෙදෙනෙක්, ජපන් ජාතිකයන් සය දෙනෙක් සහ, ලන්දේසි ජාතිකයෙක්ද වූහ.[5] ප්‍රහාරයෙන් විපතට ලක්වූ බොහෝ දෙනෙකු බැංකුව අසල සිටි සාමාන්‍ය ජනතාව විය.
පුපුරණද්‍රව්‍ය සහිත රථය පුපුරුවා හැරීම සිදුකල රාජු නැමැත්තා එවෙලේම මරණයට පත්වූ අතර, පසුපසින් ත්‍රීවිල් රථයක නැගි ආ සුබ්‍රමණියම් විග්නේශ්වරම් සහ, සිවසාමී ධර්මේන්ද්‍ර යන අය, ජනතාවගෙන් ලත් තොරතුරු මත ඉක්මනින් අත්අඩංගුවට ගන්නා ලදී.[6]
පොලීසිය සහ ආරක්ෂක අංශ මෙම ත්‍රස්ථවාදී සිදුවීමට සම්බන්ධ පිරිස් සොයා තව දුරටත් පරික්ෂණ පැවැත්වූ අතර, ප්‍රහාරය සිදු කල ප්‍රධාන බෝම්බකරු යාපනය සිට පැමිණි අයෙක් බවට හෙළි කර ගන්නා ලදී.[7]
ත්‍රස්ථවාදීහූ
සංස්කරණයදෙමළ කොටි ත්‍රස්ථවාදීන් තිදෙනෙකු විසින් මූලික ප්‍රහාරය දියත් කිරීම සිදුකල අතර, ඉන් එක් අයෙක් ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදීම ජීවිත්ක්ෂයට පත්විය. ඉතිරි ත්‍රස්ථවාදීන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්විය.
- රාජු (Raju) = ප්‍රධාන බෝම්බකරු
- සුබ්‍රමනියම් විග්නේශ්වරම් හෙවත් කිට්ටු (Subramanium Vigneswaram alias Kittu)
- සිවසාමි ධර්මේන්ද්‍ර හෙවත් රාජු (Sivasamy Dharmendra alias Raju)
ප්‍රහාරය සිදු වී මෙහෙතකට පසු සමහර දේශීය සහ විදේශීය සංචාරක ඒජන්සි වෙත, එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ හමුදාවක් වූ Ellalan Force වෙතින්, ශ්‍රී ලංකාව වර්ජනය කරන ලෙස ඉල්ලා තර්ජන පණිවිඩ ලැබී තිබුණි.[6][8]
අපරාධ චෝදනා
සංස්කරණයබෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ එකෙළොස් දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, ඉන් දසදෙනෙකුම ගොනුකරන ලද චෝදනා 712 කට අධිචූදිතයෝ වූහ. ගොනු කරන ලද චෝදනා අතර ඝාතන සිදු කිරීමේ අරමුණු සහිත වීම, ඝාතන සිදු කිරීම, රජයේ දෙපල විනාශ කිරීම, සහ ගැටුම් උත්සන්න කිරීම යන ඒවා විය.[9]
2002 වසරේදී විනිසුරු සරත් අඹේපිටිය මහතා විසින්, එල්ටීටීඊ ත්‍රස්ථ නායක, වේළුපිල්ලේ ප‍්‍රභාකරන්, 1996 මහ බැංකු බෝම්බය සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලදී.[10] ගොනු කරන ලද චෝදනා 51 කට වැරදිකරු වූ ප්‍රභාකරන් හට, විනිසුරුවරයා විසින් වසර 200 ක සිර දඬුවම් තීන්දුවක්ද නියම කරන ලදී.[9][11]
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ http://news.bbc.co.uk/onthisday/hi/dates/stories/january/31/newsid_4083000/4083095.stm
- ^ http://news.bbc.co.uk/onthisday/hi/dates/stories/january/31/newsid_4083000/4083095.stm 1996: in Sri Lanka suicide bombing, bbc.co.uk
- ^ http://news.bbc.co.uk/2/low/south_asia/51435.stm Timeline of the Tamil conflict, BBC NEWS
- ^ http://news.bbc.co.uk/2/hi/south_asia/51435.stm
- ^ http://www.sinhaya.com/explosion.htm සංරක්ෂණය කළ පිටපත 2021-01-08 at the Wayback Machine LTTE Lunatics Explodes Massive Truck Bomb in Central Colombo
- ^ a b Sri Lanka's Ethnic Crisis & National Security by රොහාන් ගුණරත්න, ISBN 955-8093-00-9
- ^ http://www.cnn.com/WORLD/9601/sri_lanka_bomb/index.html
- ^ (K) Appendix B: Background Information on Terrorist Groups, http://www.state.gov/s/ct/rls/crt/2000/2450.htm, ප්‍රතිෂ්ඨාපනය 2006-04-03
- ^ a b Central Banking Publications Ltd
- ^ සංරක්ෂිත පිටපත, http://www.spur.asn.au/LTTE_Atrocities_Central_Bank_in_Colombo.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-03-04
- ^ සංරක්ෂිත පිටපත, http://www.spur.asn.au/News_2002_Nov_03_to_04.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-03-04