මහේක් චාහල්
මහේක් චාහල් (උපත 1 පෙබරවාරි 1979) යනුවෙන් හැඳින්වෙන්නේ බොලිවුඩ් චිත්‍රපටවල පෙනී සිටින නෝර්වීජියානු නිළියක සහ නිරූපණ ශිල්පිණියකි. මහේක් බිග් බොස්හි තරගකාරිණියක ද වූවා ය.
මහේක් චාහල් | |
---|---|
![]() INIFD දේශීය ඇකඩමිය ඇරඹි දින මහේක් චාහල් | |
උපත | 1 පෙබරවාරි 1979[1][2] |
රැකියාව | නිළියක, නිරූපිකාවක |
සක්‍රීය වසර | 2002—වර්තමානය |
වෙබ් අඩවිය | mahekchahal.com/ |
වෘත්තියසංස්කරණය
චාහල් ඇගේ බොලිවුඩ් ආගමනය සිදු කළේ නායී පදෝසන් නැමැති 2003 වර්ෂයේ තිරගත වූ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමිනි.[4] මීට අමතරව ඇය චමේලි නැමැති 2004 තිරගත වූ චිත්‍රපටයේ ගීතයකට ද පෙනී සිට ඇත.[5] ඉන්පසුව චාහල් පන්ජාබි චිත්‍රපටයක් වූ දිල් අප්නා පන්ජාබි නැමැති 2006 වර්ෂයේ තිරගත වූ චිත්‍රපටය සඳහා ද දායක වූ අතර,[6] 2009 වර්ෂයේ තිරගත වූ Wanted සහ මේන් ඕර් මිසිස් ඛන්නා යන චිත්‍රපටවල සහායක චරිත නිරූපණයෙන් ද දායක වී තිබේ.[7] ඇය යාම්ලා පාග්ලා දීවානා චිත්‍රපටයේ ද ගීත දර්ශනයක් සඳහා පෙනී සිටියා ය.[8] චාහල් 2011 වර්ෂයේ දී නෝර්වීජියානු රියැලිටි රූපවාහිනී වැඩසටහනක් වූ Fristet සඳහා සහභාගී වූවා ය. මීට අමතරව ඇය Karar: The Deal නැමැති 2014 වර්ෂයේ තිරගත වූ හින්දි චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතයක් නිරූපණය කළා ය. චාහල් ඇගේ ඇඳුම් ව්‍යාපාරය මහේක් චාහල් ක්ලෝතිං යන නාමයෙන් නෝර්වේහි දියත් කළා ය.[9] මහේක් චාහල් 2011 වර්ෂයේ විකාශය වූ බිග් බොස් 5 සහ 2015 වර්ෂයේ විකාශය වූ බිග් බොස් හල්ලා බෝල් යන රියැලිටි රූපවාහිනී වැසටහන් සඳහා තරගකාරිණියක සහභාගී වූවා ය.[10] මීට අමතරව චාහල් 2016 වර්ෂයේ කලර්ස් ටීවී රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වූ කවච්...කාලි ශක්තියොන් සේ නැමැති බාලාජි ටෙලිෆිල්ම්ස් ආයතනය විසින් නිෂ්පාදිත රූපවාහිනී කතාමාලාවේ මංජුලිකා නම් චරිතය නිරූපණය කළා ය. නමුත් ඇයගේ හැසිරීම් විලාසය හේතුවෙන් පසුව එම කතාමාලාවෙන් ඇයට ඉවත් වන්නට සිදු විය. පසුව එම චරිතය සඳහා සාරා ඛාන් නම් නිළිය දායක කරගන්නා ලදී.
මහේක් සිය රංගන සහ නර්තන දායකත්වය සැපයූ චිත්‍රපට අතර නීතෝ, නායී පදෝසන්, චමේලි, අන්ජාන්, දිල් අප්නා පන්ජාබි, ඡෝදොන් නා යාර්, ජයි වීරු, Wanted, මේන් ඕර් මිසිස් ඛන්නා, මරේගා සලා, මුම්බායි කටිං, කේඩි, යාම්ලා පාග්ලා දීවානා, බික්‍රම් සිංහා, ජාට් එයාර්වේස්, කරාර් — ද ඩීල්, මිස්ටර් අයිරාවතා සහ ගේතු යන චිත්‍රපට වැදගත් වේ. මීට අමතරව ඇය C.I.D., බිග් බොස් 5, Fristet, කහානි කොමඩි සර්කස් කි, බිල් බොස් හල්ලා බෝල්, කිලේර් කරාඔකේ අත්කා තෝ ලත්කා, Power Couple, දාර් සබ්කෝ ලග්තා හේ, කවච්...කාලි ශක්තියොන් සේ සහ කොමඩි නයිට්ස් බචාඕ වැනි විවිධ රූපවාහිනී කතාමාලා සහ වැඩසටහන් සඳහා සහභාගී වී ඇත.
නිර්මාණ දායකත්වයසංස්කරණය
- චිත්‍රපට
වර්ෂය | චිත්‍රපටය | චරිතය | භාෂාව |
---|---|---|---|
2002 | නීතෝ | ශාලිනී | තෙලිඟු |
2003 | නායේ පදෝසන් | පූජා ඉයේන්ගර් | හින්දි |
2004 | චමේලි | "සජ්නා වේ සජ්නා" ගීතයේ දර්ශනයක් වෙනුවෙන් | හින්දි |
2005 | අන්ජාන් | මේනකා | හින්දි |
2006 | දිල් අප්නා පන්ජාබි | ලීසා කොවුර් | පන්ජාබි |
2007 | ඡෝදොන් නා යාර් | "තාල්වාර් රේ" ගීතයේ දර්ශනයක | හින්දි |
2009 | ජයි වීරු | "අග්රේ කා ඝග්රා" ගීතයේ දසුනක් වෙනුවෙන් | හින්දි |
2009 | Wanted | ෂායිනා | හින්දි |
2009 | මේන් ඕර් මිසිස් ඛන්නා | ටියා රොබට්ස් | හින්දි |
2009 | මරේගා සලා | පූජා | හින්දි |
2010 | Mumbai Cutting | N/A | හින්දි |
2010 | කේඩි | "මු මු මුධාන්ටේ" ගීතයේ දර්ශනයක | තෙලිඟු |
2011 | යාම්ලා පාග්ලා දීවානා | "චම්කි මස්ත් ජීවානි" ගීතයේ දර්ශනයක | හින්දි |
2012 | බික්‍රම් සිංහා | "නා චම්පා නා චමේලි" ගීතයේ දර්ශනයක | බෙංගාලි |
2013 | Jatt Airways | "Ok Report" ගීතයේ දර්ශනයක | පන්ජාබි |
2014 | කරාර් — ද ඩීල් | නිකිතා | හින්දි |
2015 | මිස්ටර් අයිරාවතා | "කා තල්කට්ටු" ගීතයේ දර්ශනයක | කන්නඩ |
2016 | ගේතු | ගීතයක | දෙමළ |
- රූපවාහිනිය
වර්ෂය | වැඩසටහන | චරිතය | භාෂාව |
---|---|---|---|
2009 | C.I.D. | විශේෂයෙන් ඕනෑකර ඇති තැනැත්තිය | හින්දි |
2011 | Bigg Boss 5 | අනුශූරිය | හින්දි |
2011 | Fristet | ඇය ලෙසම | නෝර්වීජියානු |
2012 | කහානි කොමඩි සර්කස් කි | ඇය ලෙසම | හින්දි |
2015 | බිග් බොස් හල්ලා බෝල් | ඇය ලෙසම - 17වන දිනයේ (2015 ජනවාරි 21) ඉවත් විය | හින්දි |
2015 | කිලේර් කරාඔකේ ආත්කා තෝ ලත්කා | ඇය ලෙසම | හින්දි |
2015 | Power Couple | ඇය ලෙසම අශ්මිත් පටෙල්ගේ සහයෝගයෙන් | හින්දි |
2016 | දාර් සබ්කෝ ලග්තා හේ (කථාංගය 27) | සුකන්‍යා | හින්දි |
2016 | කවච්...කාලි ශක්තියොන් සේ | මංජුලිකා | හින්දි |
2016 | කොමඩි නයිට්ස් බචාඕ | ඇය ලෙසම | හින්දි |
ආශ්‍රේයයන්සංස්කරණය
- ↑ Jha, Sumit (3 February 2012). "Mahek Chahal gets birthday surprise". The Times of India. Retrieved 24 April 2016.
- ↑ Indo-Asian News Service (22 January 2015). "Mahek Chahal now sets sight on dance shows". The Indian Express. Retrieved 24 April 2016.
The 35-year-old, who was the runner-up of “Bigg Boss 5”
- ↑ Singh, Gurvinder (21 May 2014). "Fit 'n' fine". The Tribune (Chandigarh). Retrieved 24 April 2016.
- ↑ "Mahek Chahal evicted from 'Bigg Boss'". Daily News and Analysis. 11 December 2011. Retrieved 24 April 2016.
- ↑ Shukla, Richa (18 February 2014). "Mahek Chahal wants a non-Bollywood dulha". The Times of India. Retrieved 24 April 2016.
- ↑ Gajjar, Manish. "Dil Apna Punjabi". BBC Online. Retrieved 24 April 2016.
- ↑ "Mahek: If I was that close to Salman, I'd be the lead in all his films". Rediff. 12 December 2011. Retrieved 24 April 2016.
- ↑ "Dharam Paajis item girl". Mid Day. 19 November 2010. Retrieved 24 April 2016.
- ↑ Joshi, Tushar (2 May 2014). "Mahek Chahal and Danish Khan — It's over!". Daily News and Analysis. Retrieved 24 April 2016.
- ↑ "Bigg Boss Halla Bol: Mahek Chahal eliminated in mid-week eviction". India Today. 22 January 2015. Retrieved 24 April 2016.
බාහිර සබැඳිසංස්කරණය
- මහේක් චාහල් සඳහා IMDb හි ඇති තොරතුරු