මහා ඇලෙක්සැන්ඩ' රජ
මහා ඇලෙක්සැන්ඩර්, 3 වැනි ඇලෙක්සැන්ඩර් ලෙසද හැඳින්වේ. මැසිඩෝනියාව පාලනය කළ පුරාණ ග්‍රීක රජෙකි. ඔහු යුද්ධයේ දී අනභිභවනීය මෙන්ම අති සාර්ථක රණ ශූර සෙන්පතියෙකු ලෙස ඉතිහාසගත වී ඇත. ඔහුගේ මරණය සිදුවන විට පුරාණ ග්‍රීසීය විසින් හඳුනා ගැනුණු ලෝකයේ අති විශාල ප්‍රදේශයක් ඔහු යටත් කර ගෙන සිටියේය.
මහා ඇලෙක්සැන්ඩර් | |||||
---|---|---|---|---|---|
Basileus of Macedon, Hegemon of the Hellenic League, Shahanshah of Persia, ඊජිප්තුවේ පාරාවෝ, Lord of Asia | |||||
King of Macedonia | |||||
රාජ්‍ය සමය | 336–323 BC | ||||
පූර්වප්‍රාප්තිකයා | Philip II | ||||
අනුප්‍රාප්තිකයා | Alexander IV පිලිප් III | ||||
ඊජිප්තුවේ පාරාවෝ | |||||
රාජ්‍ය සමය | 332–323 BC | ||||
පූර්වප්‍රාප්තිකයා | Darius III | ||||
අනුප්‍රාප්තිකයා | Alexander IV පිලිප් III | ||||
King of Persia | |||||
රාජ්‍ය සමය | 330–323 BC | ||||
පූර්වප්‍රාප්තිකයා | Darius III | ||||
අනුප්‍රාප්තිකයා | Alexander IV පිලිප් III | ||||
King of Asia | |||||
රාජ්‍ය සමය | 331–323 BC | ||||
පූර්වප්‍රාප්තිකයා | New office | ||||
අනුප්‍රාප්තිකයා | Alexander IV පිලිප් III | ||||
උපත | 20 or 21 July 356 BC Pella, Macedon | ||||
මරණය | 10 or 11 June 323 BC (aged 32) බැබිලන් | ||||
වල්ලභයා | Roxana of Bactria Stateira II of Persia Parysatis II of Persia | ||||
දරුවන් | Alexander IV | ||||
| |||||
ග්‍රීක |
| ||||
රාජවංශය | ආර්ගේඩ් රාජවංශය | ||||
පියා | Philip II of Macedon | ||||
මව | Olympias of Epirus | ||||
ආගම | Greek polytheism |
ඔහුගේ පියා වූ මැසිඩෝනියාවේ II පිලිප් රජුගේ මරණයෙන් පසු ඇලෙක්සැන්ඩර් මැසිඩෝනීයාවේ රජු බවට පත් විය. II පිලිප් රජු ග්‍රීසීය සතු ප්‍රධාන භූමියේ තිබූ නාගරික රාජ්‍යයන් (League of Corinth) මැසිඩෝනියන් පාලනය යටතේ ඵක්සත් කළේය. ඔහු දකුණු ග්‍රීක නගර රාජ්‍යයන්හි ඇතිවූ කැරළි මැඩ පවත්වා ඉන් පසු උතුරු මැසිඩෝනියාවේ අසල්වැසි පෙදෙස්වලට දරුණු ආක්‍රමණයක් ඵල්ල කොට ඵම පෙදෙස් ද යටත්කර ගත්තේය. ඵසේ කිරීමෙන් මැසිඩෝනියාවේ බලය තහවුරු කරගත් පසු නැගෙනහිර බලා ගමන් ගත්තේය. ඵහිදී ආකිමෙනිඩ් පර්සියානු අධිරාජ්‍යය යටත් කර ගත්තේය. ඔහු ඇනටෝලීයාව, සිරියාව, ටිනීෂියාව, ජුදේ, ගාසා, ඊජිප්තුව, බැක්ට්‍රියාව සහ මෙසපොතේමියාව යනාදී රටවල් ජයගෙන අවසානයේ ඔහුගේ අධිරාජ්‍යයේ සීමාව ඉන්දියාවේ පන්ජාබය දක්වා පුළුල් කළේය.
ඔහුගේ මරණයට ප්‍රථම සංග්‍රාමිකව හා වාණිජ අංශවලින් ඔහුගේ බලය අරාබි අර්ධද්වීපය දක්වා පුළුල් කිරීමේ සැලසුම් ඔහු සකස් කර තිබුණේය. ඉන් පසුව ඔහු බටහිර දෙසට හමුදාවක් (කාර්තේජ්, රෝමය සහ අයිබීරියන් අර්ධද්වීපය කරා) මෙහෙයවූයේය. ඔහු මුලින් අදහස් කර සිටියේ පෙර දිගට යාමටයි. ඵහෙත් ඔහුගේ ළමා කාලයේ ගුරුවරයා ඵය විස්තර කර තිබුණේ “ලෝකයේ අවසානය දක්වා සහ සයුරෙනුත් ඔබ්බට” ලෙසිනි.
ඇලෙක්සැන්ඩර් තම හමුදාවට විදේශිකයන් ද ඵක් කළේය. සමහර උගත්තු ඔහුට මෙම “මිශ්‍ර කිරීමේ පිළිවෙත” සම්බන්ධයෙන් ප්‍රසංශා කළේය. ඔහු තම සෙබළුන්ට විදේශීය කාන්තාවන් හා විවාහ වීමට දිරි දුන්ණේය. ඔහුද විදේශීය කුමරියන් දෙදෙනකු සරණ කර ගත්තේය.
ඇලෙක්සැන්ඩර් දොළොස් අවුරුද්දක් පුරා කළ අනවරත යුද්ධ ව්‍යපාරයකින් පසුව මිය ගියේය. මරණයට හේතුව මැලේරියාව, වසදීම, උණ සන්නිපාතය, මොළය ඉදිමීම හෝ මත්පැන්වලින් ඇතිවූ අහිතකර තත්වය යනාදී කරුණක් විය හැකිය. ඔහුගේ උරුමයන් හා විජයග්‍රහණවල ප්‍රතිඵල ඔහුගේ මරණයෙන් පසුව ද බොහෝ කාළයක් පැවතුණේය. ග්‍රීක ජනාවස තුළ ශත වර්ෂ ගණනාවක් පුරා පැතිරුණේය. මේවායින් ඇතිවූ සංස්කෘතික බලපෑම දුර බැහැර පෙදෙස්වලට ද බලපෑවේය. මෙම යුගය ‘හෙලනිස්තික යුගය’ යනුවෙන් හැඳින්වෙන අතර එහි ග්‍රීක, මැදපෙරදිග සහ ඉන්දියානු සංස්කෘතික ගුණාංග විදහා දැක්වීය. ඇලෙක්සැන්ඩර් චරිතය ග්‍රීක හා ග්‍රීක නොවන සංස්කෘතීන් තුළ පවා ඵෙතිහාසික මෙන්ම මිත්‍යා කථාවල ද ප්‍රධාන චරිතයක් විය. ඔහුගේ වික්‍රමයන් පරම්පරාගත සාහිත්‍යය ප්‍රබෝධමත් කළේය. ඵ් තුළ ඔහු දර්ශනය වන්නේ ඇචිලස් (පුරාණ ග්‍රීක වීරයෙකි-ඔහුට හානි කිරීමට අපහසුය) සම්ප්‍රදායේ පුරාණ කථාවල ඵන වීරයෙකු ලෙසිනි.
යෞවනය
මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයේ වඩාත් පුළුල් වූ සිතියමක්. ළමා කාලය ඇලෙක්සැන්ඩර් යනු දෙවන පිලිප් රජුගේ සහ එපිරස්හි ඔලිම්පියා කුමරියගේ පුත්‍රයාය.[4] කෙසේ වෙතත්, ඇලෙක්සැන්ඩර් පසුව කියා සිටියේ ඔහුගේ සැබෑ පියා සියුස් දෙවියා බවයි.[4] ඔලිම්පියා හරහා ඇලෙක්සැන්ඩර් එපිරස්හි රාජකීය නිවසට සම්බන්ධ වූ අතර එය අචිලස් සහ ඇන්ඩ්‍රොමාච්ගෙන් පැවත එන බව කියනු ලැබේ. ඔහුගේ පියා හරහා ඔහු හර්කියුලිස් සමඟ සම්බන්ධයක් ඇති බව කියනු ලැබේ. ඔහුගේ ජීවිතයේ පසුකාලීනව, ඇලෙක්සැන්ඩර් ඔහුගේ හැසිරීම මගින් ඔහුගේ පැරණි මුතුන් මිත්තන් සමඟ ඔහුගේ ඥාතිත්වය අවධාරණය කිරීමට උත්සාහ කළේය.[5] ක්‍රිපූ 342 සිට.[6] ඇලෙක්සැන්ඩර්ගේ ගුරුවරයා වූයේ දාර්ශනික ඇරිස්ටෝටල් වන අතර, පිලිප් මැසිඩෝනියාවට ඔහුගේ පුතාට සහ මැසිඩෝනියානු වංශවත් දරුවන්ට ඉගැන්වීමට ආරාධනා කර ඇත. ඇරිස්ටෝටල් තරුණ කුමාරයාට වාචාලකම සහ සාහිත්‍යය ඉගැන්වීය. ඇරිස්ටෝටල් තරුණ ඇලෙක්සැන්ඩර් කෙරෙහි විශාල හැඟීමක් ඇති කළේය.[6] ඇරිස්ටෝටල් විසින් Mieza අසල ඇකඩමියේ කුඩා ආකෘතියක් ආරම්භ කරන ලදී. ඇරිස්ටෝටල් තරුණ ඇලෙක්සැන්ඩර්ට සහ ඔහුගේ අනෙකුත් සිසුන්ට ඉගැන්වූයේ කුමක්දැයි හරියටම නොදනී. ප්ලූටාර්ක් පවසන්නේ ඔහු ඇරිස්ටෝටල්ට අවම වශයෙන් දේශපාලනය සහ ආචාර ධර්ම ඉගැන්වූ බවයි.[7] විශේෂයෙන්ම හෝමර්ගේ ඉලියඩ් ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රියතම පොත විය.[8] පිණ්ඩරෝස් ද ඔහුගේ ප්‍රියතමයන් අතර විය.[8] ඇලෙක්සැන්ඩර් යුරිපිඩීස්ගේ කෘතීන් හදවතින්ම දැන සිටි බවත් ඉතිහාසඥ ෆිලිස්ටෝස්ව ඉතා ගෞරවයෙන් සැලකූ බවත් කියනු ලැබේ. මීට අමතරව, ඔහු Telestos සහ Philoxenos හි dithyrambs වලට කැමති වූ බව පැවසේ.[7] ඇලෙක්සැන්ඩර්ට කුඩා කාලයේ ඔහුගේ අශ්වයා බුකෙෆලෝස් සිටි බව කියනු ලැබේ, එය ඔහු පසුපසින් ඈත හයිඩස්පෙස් ගඟට පැමිණෙනු ඇත.
මහා ඇලෙක්සැන්ඩ' රජ ආර්ගේඩ් රාජවංශය උපත: ක්‍රි.පූ. 356 මරණය: ක්‍රි.පූ. 323
| ||
පූර්වප්‍රාප්තිකයා පිලිප් II |
මැසිඩෝනියාවේ රජ ක්‍රි.පූ. 336–323 |
අනුප්‍රාප්තික පිලිප් III සහ ඇලෙක්සැන්ඩර් IV |
පූර්වප්‍රාප්තිකයා ඩේරියස් III |
පර්සියාවේ මහා රජ (ෂා) ක්‍රි.පූ. 330–323 | |
ඊජිප්තුවේ පාරාවෝ ක්‍රි.පූ. 332–323 | ||
පූර්වප්‍රාප්තිකයා නැත (නව පදවිය) |
ආසියාවේ රජ ක්‍රි.පූ. 331–323 |