මරගත වීණෛ (දෙමළ කතාමාලාව)

මරගත වීණෛ යනු සන් ටීවී ඔස්සේ විකාශය වන 2014 ඉන්දියානු දෙමළ-භාෂා සෝප් ඔපෙරාවකි. 2014 ජනවාරි 27 විකාශය ඇරඹි මෙය සඳුදා සිට සෙනසුරාදා දක්වා ප.ව. 12:30ට විකාශය විය. 2016 ඔක්තෝබර් 24 දින වැඩසටහවේ විකාශන වේලාව පෙ.ව. 11:30 (IST) ලෙස වෙනස් කෙරිණි.[1][2][3] මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සන්තෝෂි, කුමාර්, සංගීතා, රාජා, ම‍නෝකරන් සහ දීපා විසිනි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ සිනෙ ටයිම් එන්ටර්ටේන්මන්ට් ආයතනය විසින් වන අතර, අධ්‍යක්ෂණය කරන ලද්දේ එල්. මුතුකුමාරස්වාමි සහ පී. සෙල්වම් විසිනි. ශ්‍රී ලංකාව තුළ දෙමළ නාළිකාවන් වන ශක්ති ටීවී ඔස්සේ මෙය විකාශය වේ.

මරගත වීණෙ
மரகத வீணை
ප්‍රභේදයදෙමළ සෝප් ඔපෙරා
පවුල
නාට්‍ය
රචනය කලේමුතුකුමාරස්වාමි
දෙබස්:
වසුභාරතී
අධ්‍යක්ෂණය කලේමුතුකුමාරස්වාමි
පී. සෙල්වම්
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)එස්. සිද්දික්
මධූ මෝහන්
රඟපෑමසන්තෝෂි
කුමාර්
සංගීතා
රාජා
මනෝකරන්
දීපා
තේමා සංගීත නිර්මාණකරුදිනා
ඇරඹුම් තේමාව"ආරාරෝ තාලාට්ටේ"
හරිහරසුදාන් (ගායනය)
යුගභාරතී (පද)
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)දෙමළ
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන1068
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)සිනෙ ටයිම්ස් එන්ටර්ටේන්මන්ට්
සංස්කාරක(යන්)වී. සින්ජෙයි රාජු
තමිල්මණි ශංකර්
ස්ථානය(න්)තමිල් නාඩු
සිනෙමාරූපණයසුධීර්බාබු
ධාවන කාලයආසන්න. මිනිත්තු 20-22
නිෂ්පාදන සමාගමසිනෙ ටයිම්ස් එන්ටර්ටේන්මන්ට්
ප්‍රචාරණය
මුල් නාලිකාවසන් ටීවී
මුල් ධාවනය27 ජනවාරි 2014 (2014-01-27) – වර්තමානය

කථාපුවත සංස්කරණය

මරගත වීණෙ මගින් නිරූපණය වන්නේ තමන් වටා ඇති පීඩාකාරි දිවියෙන් ස්වාධීන වීමට උත්සාහ දරන දිව්‍යා (සන්තෝෂි) නම් කාන්තාවකගේ කථා පුවතයි.

චරිත නිරූපණය සංස්කරණය

ප්‍රධාන චරිත සංස්කරණය

  • සන්තෝෂි, දිව්‍යා ලෙස
  • කුමාර්
  • සංගීතා
  • රාජා

ආවර්තී චරිත සංස්කරණය

  • මනෝකරන්
  • දීපා
  • දිව්‍යා භාරතී
  • කුමරේසන්
  • ශිව රංජනී/ ගංගා, රේඛා ලෙස
  • කුරින්ජි නාතන්
  • දුරෛ රාජ්
  • රමියා
  • ජෙනූයා
  • සුන්දරපාණ්ඩියන්
  • සුබ්‍රමණි
  • නීමා, දිව්‍යා ලෙස
  • රේෂ්මා පසුපුලේති, දිව්‍යා ලෙස
  • උදයි
  • සුදර්සන්
  • සෛලශ්‍රී

මුල් ධ්වනිපථය සංස්කරණය

තේමා ගීතය සංස්කරණය

තේමා ගීතය රචනා කරන ලද්දේ සුපකට පද රචක යුගභාරතී විසිනි. සංගීත නිර්මාණය සංගීත අධ්‍යක්ෂ කිරාන් විසින් ද, ප්‍රති-පටිගකරණය දිනා විසින් ද සිදුකරන ලදී. මෙය ගායනා කරන්නේ හරිහරසුදාන් විසිනි.

ධ්වනිපථය සංස්කරණය

පථ ලැයිස්තුව
අංකය. ගීතයගී පදවැලගායක(යින්) කාලය
1. "ආරාරෝ තාලාට්ටේ යාරාලේ යාරාලේ
(ஆராரோ தாலாட்டே யாராலே யாராலே)"  
යුගභාරතීහරිහරසුදාන් 3:30

අන්තර්ජාතික විකාශය සංස්කරණය

2014 ජනවාරි 27 දින සිට මෙම කතාමාලාව සන් ටීවී නාළිකාවෙන් මෙන්ම සන් ටීවී HD තුළින් ද විකාශය වේ. නාළිකාවේ අන්තර්ජාතික බෙදාහැරීම ඔස්සේ මෙය ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, මැලේසියාව, අග්නිදිග ආසියාව, මැද පෙරදිග, එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපය, ඕෂනියාව, දකුණු අප්‍රිකාව සහ උප සහරානු අප්‍රිකාව තුළ සන් ටීවී තුළින් විකාශය කරනු ලබයි. මෙහි කථාංග යූටියුබ් නාළිකාවක් ඔස්සේ සිනෙ ටයිම්ස් ලෙස මුදාහැර ඇත. ශ්‍රී ලංකාවේ දෙමළ නාළිකාවක් වන ශක්ති ටීවී ඔස්සේ ද මෙය විකාශය කෙරේ.

විකාශන ඉතිහාසය සංස්කරණය

2014 ජනවාරි 27 දින මෙම වැඩසටහන සන් ටීවී ඔස්සේ විකාශය ඇරඹි අතර, එය සඳුදා සිට සෙනසුරාදා දක්වා ප.ව. 12:30ට (IST) විකාශය විය. පසුව, එහි කාල පරාසය වෙනස් වූ අතර, 2016 ඔක්තෝබර් 24 සඳුදා සිට පෙ.ව. 11:30ට (IST) විකාශය වන්නට විය. ප.ව. 12:30 (IST) කාල අවකාශය සඳහා නිජංගල් නම් නව වැඩසටහනක් ඇතුළත් කෙරිණි.

විකාශන දිනය වේලාව (IST) කථාංග
2014 ජනවාරි 27 – 2016 ඔක්තෝබර් 22 සඳුදා - සිකුරාදා (පසුව සෙනසුරාදා) ප.ව. 12:30 1-823
2016 ඔක්තෝබර් 24 - වර්තමානය සඳුදා - සෙනසුරාදා පෙ.ව. 11:30 824- වර්තමානය

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "சன் தொலைக்காட்சியில் மரகத வீணை புதிய நெடுந்தொடர்". m.dinakaran.com.
  2. "Maragatha Veenai New Serial On Sun TV". cinema.dinakaran.com.
  3. "Category Maragatha Veenai Serial Page". sunnetwork.in.

බාහිර සබැඳි සංස්කරණය